ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

සනත් එජාපයට එක්වෙයි ...!!! මාතරට වැඩ කරන්න බැරිවුණා; කලකිරීම නිසා මම ඉවත් වුණා....!!!

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායක හා එජනිස හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සනත් ජයසූරිය  එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායකට සහය දීමට ඉදිරිපත් විය.

සාගල රත්නායකගේ මාතර කාර්යාලට සනත් ජයසූරිය පැමිණි අවස්ථාව මෙම ඡායාරුපයෙන් දැක්වේ.

  මාතරට වැඩ කරන්න බැරිවුණා; කලකිරීම නිසා මම ඉවත් වුණා...

සාගල රත්නායකට සහාය පළකරමින් හිටපු ඇමැති සනත් ජයසූරිය කියයි
"මාතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට සේවය කරන්නේ කොහොමද කියන කලකිරීම මට තිබුණා. දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් වැඩක්‌ කරන්න බැරිවීම ගැන කලකිරීමකින් මම හිටියේ" යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය  (11 වැනිදා) සවස මාතර දිස්‌ත්‍රික්‌ එජාප අපේක්‍ෂක සාගල රත්නායක මහතාගේ පඹුරන ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.
අද දවසේ සාගල රත්නායකගේ දේශපාලන ව්‍යාපාරයට සහාය දක්‌වන්න මම තීරණය කළා. සාගල කියන්නේ මගේ සහෝදරයෙක්‌ වගේ කෙනෙක්‌.
මාතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට හොඳ දේශපාලනඥයෙක්‌ අවශ්‍යයි. මට දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට හරි දේ කරන්න බැරිවූ නිසා මම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉල්ලා අස්‌වුණා.
අස්‌වෙන්න තීරණය කළේ මමමයි. පසුගිය අවුරුදු පහක කාලයේදී මට පුළුවන් ආකාරයට ජනතාවට සේවය කළා. ආයෙත් ජනතාව රවට්‌ටලා යළිත් ඡන්දය ඉල්ලන්න මම සූදානම් නෑ. දේශපාලන පක්‍ෂයක්‌, පාටක්‌ නොබලා හොඳ අය පාර්ලිමේන්තුවට යවන්න. ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතාවගේ මුදල් කොල්ල නොකන අය පාර්ලිමේන්තුවට යවන්න. මාතර දිස්‌ත්‍රික්‌කයේ සිටින ඊට සුදුසුම පුද්ගලයා සාගල රත්නායකයි.
මාව පසුගිය මැතිවරණයේ ප්‍රථමයා කළා වගේම සාගල වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවන්න.
සනත් ජයසූරියගේ මව වන බියට්‍රා ජයසූරිය මහත්මියද මෙම අවස්‌ථාවට සහභාගි වූවාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.