ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

හලාවත ආපන ශාලා පරීක්ෂා කිරීම ....!!!

හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය සමය වෙනුවෙන් පවත්වා ගෙන යන පළතුරු සහ රසකැවිලි අලවි සැල් මෙන්ම ආපන ශාලා පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් 24 වැනිදා දහවල් සිදු කරන ලදි.
විශේෂයෙන්ම දේවාලයේ පුජාවන් සදහා යොදා ගන්නා පළතුරු වට්ටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  අවධානයට ලක් විය.
මෙම මෙහෙයුමේදී පළතුරු සහ රසකැවිලි අලවි කළ ස්ථාන 60 ක් සහ ආපන ශාලා 20 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ පරීක්ෂාවට ලක්වී ඇත. මෙහිදී පරිභෝජනයට නුසුදුසු පළතුරු පූජාවන් සදහා අලවි කිරීම සදහා ප්‍රදර්ශණය කර තිබූ ව්‍යාපාරිකයින් විශාල පිරිසකට අවවදා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එවැනි  පළතුරු අලවි කළ ස්ථාන 12 ක තිබූ පළතුරු විනාශ කිරීමට කටයුතු කරන ලදි.

මීට පෙර අවවාද කළ මේ වන තුරු මිනිස් පරිභෝජනයට නුසුදුසු පළතුරු සහ රසකැවිලි අලවි කළ  ව්‍යාපාරික ස්ථාන 02 කට නඩු පවරා ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අයිස් ක්‍රීම් අලවි කිරීමේ ස්ථානයක අලවි කටයුතු තහනම් කර ඇත.

මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය සමයේ පුජාවන් සදහා පැමිනෙන බැතිමතුන් විසින් මිළදී ගන්නා පළතුරු සහ ආහාර ද්‍රව්‍ය වල සුරක්ෂිත තාවය ආරක්ෂා කිරීම සදහා මෙම වැටලීම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි.මංගල්‍ය සමය ආරම්භ කිරීමට පෙර සියළුම ව්‍යාපාරික ස්ථාන ලියාපදිංචි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති අතර ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යන ආකාරය සම්බන්ධයෙන්ද ඔවුන්ට උපදෙස් ලබා දී ඇත.

හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය සන්ධ්‍යා හේරත් ගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.ආර්.විජේකුමාර,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අයි.ඒ.පී.ප්‍රනාන්දු,පී.ටී.ඒ.ආර්.ප්‍රනන්දු,එම්.එම්.සී.මංචනායක සහ පී.එස්.මාරසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.