ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

රනිල් දුරකතනයෙන්.. අමතයි...!!!

මට අද (අගෝස්තු 8 ) හවස 3.54.ට 0117807400 දුරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණි. එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයයෙන් විය යුතුයි. මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයට චන්දය දී රනිල් වික්‍රමසිංහ ගේ අංකයද සඳහන් කර ඔහුට මනාපයක් දී ඉහළින්ම ජයග්‍රහණය කිරීමට කැප වන ලෙස ඒ ඇමතුමෙන් ඉල්ලා සිටියාය. ඒ සඳහා ඔහු මෙවර නම් (දුරකථන පණිවුඩ දීමට) කොල්ලෙකු වෙනුවට රළු පරළු නොවන කටහඩක් ඇති කාන්තාවක් තෝරාගෙන තිබුණි.
මා ඇගෙන් ඇසුවේ රනිල් වික්‍රමසිංහට චන්දය දී බලයට පත්කළ යුත්තේ කුමක් සඳහාද යන්නයි. එවිට ඇය පැවසුවේ එජාප රජයක් යටතේ රට සංවර්ධනය කිරීමට බවයි. එවිට මා පැවසුවේ ඊට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බවයි. එවිට ඇය පැවසුවේ රනිල් කියන්නේ කිසිම චෝදනාවක් නැති පිරිසිදු දේශපාලන නායකයෙක් යනුවෙනි. එවිට මා ඇසුවේ එතකොට බටලන්ද කියන්නේ එතුමාට මොනම සම්බන්දයක් වත් නැති තොප්පිගල වගේ බට තිබෙන කැලයක්ද යන්නයි. (බට + ලන්ද )

සුහදව වුවද වේගවත් අදහස් හුවමාරුවක් වූ මෙම දුරකතන සංවාදයේ දී මම මට කියන්න පුළුවන් සිල්ලලම පාහේ විනාඩි කිහිපයකදී සංෂිප්තව කියා දුන්නේය. 2002-2003 රජය ආයතන විකුණමින් රනිල් රට කල හැටි , කොටින්ට ගිවිසුමකින් ලියා දුන් හැටි, අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් හමුවේ බටහිරට සුවච කීකරු සුරතලෙකු වූ හැටි කියා දුන්නේය. ජනවාරි 8 න් පසුවද බෙදුම්වාදී පියවර ශක්තිමත් කරන තැනට කටයුතු කල බව මතක් කරදුන්නේය. එනිසා රනිල් පරාජය කිරීමට අපට කල හැකි සෑම දෙයක්ම කරමින් සිටිනබව කීවේය. මේ පාරිශුද්ධ රනිල්ගේ යහපාලනය තුල දින 60 ක් යන්නටත් මත්තෙන් මහබැංකුවත් සුද්ද කළ බව මතක් කර දුන්නේය. දේශපාලනය පිලිබඳ වැඩි දැනුමක් නොතිබූ නිසා උගුර හිරවෙන ගතියක් දැනුනද ඇය අවසානයේ කිවේ රනිල් යනු බලලෝභී නායකයෙක් නොවෙන බවයි. මා ඊටත් යමක් කියන්නට හදනවිට ඕවා මාත් එක්ක කියවලා වැඩක් නැහැ මම කරන්නේ මට කියපු වැඩේ යනුවෙන් පවසා දුරකතය විසන්ධි කළේය. දැන් නැවත එම අංකයට ඇමතුම් ගැනීමට නොහැකිය.

ප.ච.රණවක මහතා නම් දැනට sms 2ක් ම එවා ඇතත් ඔහුගේ මෙහෙයුම් කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් එනතෙක් රනිල්ගෙන් ආ අමතුමටත් වඩා උනන්දුවෙන් පසුවෙමි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි.


 විහිළුවක් ....!!!
මෙහෙම කියන්නේ රවී කරුණානායක. මෙයා කෝට්ටේ රවී වෙන්න බැහැ. අපි දන්නා රවී නම් කලේ ආර්ථිකය දන ගස්සපු එක තමයි. මේ කියන්නේ සතොස දන ගස්සපු රවී නම් මෙතරම් විහිලු තව තියේද . මහබැංකුව දින 60න් දන ගස්සපු බැදුන්කර සුදාලගේ විහිළුවක් දාන්න හිතුනා කට්ටියට පොඩ්ඩක් හිනාවෙන්නත් එක්ක. රක්ෂණ සංස්ථාවේ කලමනාකර අධ්‍යක්ෂ ධුරයට රුපියල් ලක්ෂ 06 ක මාසික වැටුපකට තම මස්සිනා පත්කර ගත්තෙත් දන ගැස්සු ආර්ථිකය හරි ගස්සන්න වෙන්න ඇති ....  




 රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව රටට කියා දෙන පාඩම...!

රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව නැවත එජාපයට ගොස් රනිල් අගමැති කිරීමේ සටනට වාඩි වී තිබේ. මේ තිදෙනා ම ඒ සඳහා එජාපය සමඟ එක් වූයේ ජනවාරි 08 වැනි දා පැවති ජනාධිපතිවරණය සමඟ ය. එහෙයින් මෙහි ඇති කිසිදු අපූර්වත්වයක් ද නැත. ජනාධිපතිවරයෙන් පසු පැමිණ කෙටි කලක් ලැගුම් ගත් ශ්‍රීලනිපයේ ඇත්තේ ඔවුන්ට එරෙහිම භාවිත කළ58 ලක්ෂයක් ඡන්ද ය.

මේ අවස්ථාවේ ආත්ම ගරුවත්වයක් ය
ැයි කිසිවක් ඔවුන්ට තිබිණි නම් එය ද ටොමියාට දමා රනිල් සමඟ හිට ගැනීම මේ තිදෙනා දේශපාලන වශයෙන් ඉතා ම දුරදිග බලා ගත් තීරණයකි. මේ තුන් කට්ටුව ම ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් මහ මැතිවරණයට තරඟ කළේ නම් ජයග්‍රහණයට වඩා පරාජය ලැබීමට ඉඩ තිබිණි. විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් තමන්ගේ ශක්තිමත් ආණ්ඩුව පෙරලා රනිල් අගමැති කළ සිය පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් කර අනෙකෙකු ජනපති කිරීමට කුමන්ත්‍රණය කළ පිරිසකට ශ්‍රීලනිප සන්ධාන පාක්ෂිකයින් මනාප ලබා නොදීමට ඇති ඉඩ වැඩි ය.

මේ වන විට ශ්‍රීලනිප සන්ධානය වටා රොද බදින ඡන්ද දායකයින් මහින්ද කෙරෙහි විශ්වාසය තබන හෙයින් බොහෝ විට මහින්ද වෙනුවෙන් පෙනී සිටි පිරිස් සන්ධානය තුළ රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුවට වඩා මනාප ලබා ගැනීම ඒකාන්ත ය. කොළඹින් විමල්, දිනේෂ්, සුසිල් පෙරමුණ ගනු ඇති අතර පාඨලිට පසු බැසීමට සිදු වනු ඇත. කළුතරින් වෙල්ගම, රෝහිත ඉදිරියට පැමිණෙනු ඇති අතර ගිය වරදත් යන්තම් සන්තම් දිනූ රාජිත පසු බසිනු ඇත. ෆීල්ඩ් මාර්ෂල්ගේ විලක්කුවෙන් අලියා මතට කරණමක් ගැසූ අර්ජුන සිය සහෝදරයා වන ප්‍රසන්න ලබන මනාපවලින් අඩක් හෝ නොලබනු නියත ය. එහෙයින් ලංකාවේ අමන දේශපාලඥයින් කුණු බක්කියට විසිවීමට මොහොතකට පෙර ලැගුම් ගන්නා එජාපය නම් නගර සභා කුණු ලොරියට සිය ආත්ම ආරක්ෂාව පිණිස මේ තුන් කට්ටුව නැඟ තිබේ.

මේ කරණම මගින් මේ තුන් කට්ටුව කිසියම් ආරක්ෂාවක් ලැබුව ද එජාපයේ ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රබලයින් සිය මනාප එජාප නොවන මේ වවුල් කල්ලියට යෑමට ඇති ඉඩ ඍජු සහ වක්‍ර ක්‍රියා මාර්ග ඔස්සේ වසා දමනු ඇත්තේ අනභියෝගීව සිය ආධිපත්‍ය ආරක්ෂා කර ගනු පිණිස ය. එහෙයින් දෙලොවක් අතර රඟන රාජිත, පාඨලි, අර්ජුන වැන්නෝ ගෙදර ගියත් තෝ නහී, මඟ හිටියොත් අඹු නහී තත්ත්වයට පත්ව සිටිති. එමෙන් ම පාඨලි සිය සැබෑ වෘක සම වැසෙන සේ පොරවා ගෙන බැටළු සමට රැවටී සිංහ කොඩිය උස්සා ගෙන ඔහු පසුපස ඒකීය රාජ්‍යය ආරක්ෂා කරනු පිණිස පසු ගමන් ගිය ජාතිකවාදීන් යැයි කියා ගන්නා ඊනියා දේශප්‍රේමීන් මෙවර පාඨලීට රනිල් වික්‍රමසිංහ සමඟ පඨිසෝතගාමීව ෆෙඩරල් රාජ්‍යයක් කරා යෑමට ගොම්පස් ඇල්ලිය හැකි ය. කෙසේ වුව ද අනපේකෂිත මහින්ද පුනරාගමනය නිසා එජාපය සමඟ පයුරු පාසානමකට යාම හැර සිය ආත්ම ආරක්ෂාව සඳහා මොවුන්ට වෙන කිසිඳු විකල්පයක් රටට ආදරය කරන ජනතාව ඉතිරි කර නොමැත. මේ වන විට සිරිසේන ජනාධිපතිවරයා මෙන් ම ඔහුට සහාය දැක්වූ ශ්‍රීලනිප කණ්ඩායම ද ජනපදනමක් නොමැති අනාථ බවට පත් කිරීමට ජනතාව නිවැරදි ලෙස කටයුතු කර තිබේ. රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව මේ උපාය මාර්ගය තේරීම සඳහා යොමු කරන්නේ එම යථාර්ථය විසිනි. මෙය එක්තරා ආකාරයකට දිට්ඨ ධම්මවේදනීය කර්ම ඵල දීමකි. මෙතෙක් එළිදැක ඇති ශ්‍රීලනිප සන්ධාන මහ මැතිවරණ අපේක්ෂක කටවුඩ්වලට සිරිසේනගේ රුව වෙනුවට මහින්දගේ රුව පැමිණීමෙන් සංකේතවත් කරන්නේ එය නොවෙද?

නාමල් උඩලමත්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.