ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 11, 2015

මළ පෙරේතයො ටිකක්‌ පක්‍ෂයට දමාගෙන පක්‍ෂය විනාශ කරලා....!!! චෞර රැජිණගේ පිංවත් වදන්...!!!

මහජන නියෝජිතයන් වශයෙන් උත්තරීතර පාර්ලිමේන්තුවට යෑවිය යුත්තේ උගත් බුද්ධිමත් අවංකවම රටට ජනතාවට ආදරය කරන මහජන මුදල් ආරක්‍ෂා කරමින් රටේ සංවර්ධනයට යොදන වගකීම ගැන අවබෝධයක්‌ ඇති පිරිසක්‌. එහෙත් අද පාර්ලිමේන්තුවෙ ඉන්න සමහරු අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයවත් සමත් නැති ඉගෙනගන්න බැරි දේශපාලනය දඩමීමා කරගෙන ඉහළම මට්‌ටමින් මහජන මුදල් ගසා කන, එතනෝල්, කුඩු ජාවාරම් කරන ස්‌ත්‍රී දූෂණය කරන ඉතාම පහත් පිරිසක්‌. දරුවන්ට අනාගත පරපුරට ආදරය කරනවානම් එළඹෙන මැතිවරණයේදී එවන් පහත් වැඩ කරන්නවුන්ට ඡන්දය දෙන්න එපා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  එම අදහස්‌ පළ කළේ 09 දා නිට්‌ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක්‌ අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය මෙසේද පැවසුවාය.
පැවැති දුර්දාන්ත පාලනයෙන් රට බේරාගත්තාට පසු මාස හයක්‌ තුළ විශාල වැඩකොටසක්‌ දැනටමත් කර තිබෙනවා. තවත් කරන්න වැඩ තිබෙනවා. මහින්ද මහත්තයගෙ ගෝල බාලයන් පාර්ලිමේන්තුවේදී අරක්‌කු බොමින් කාමරවලට වෙලා කරපු දේවල් කැමරාවල සටහන්වී තිබෙනවා. සමහරු දැනටමත් නීතියට හසුකර ගෙන තිබෙනවා. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක්‌ යටතේ එවා විභාග කෙරෙන ක්‍රමවේදයක්‌ තිබෙනවා. ගෝල බාලයෝ පසුගිය කාලෙ විදේශ බැංකුවල හංගපු සල්ලි දැනටමත් සොයා ගෙන තිබෙනවා. මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරලා. බලශක්‌ති අමාත්‍යාංශය නියෝජ්‍ය අමාත්‍යවරයෙක්‌ කරපු ගසාකෑම්වලට විරෝධය පළ කළ අධ්‍යක්‍ෂවරු අට දෙනෙක්‌ පමණ ඉල්ලා අස්‌වුණා. තෙල් සංස්‌ථාව එන්න එන්නම පාඩුයි. ඒ වුණත් අඩුම මිලට තෙල් ලබාගෙන දෙතුන් ගුණයක්‌ වැඩි මිලට තමයි ජනතාවට දෙන්නේ. ඉන්ධන මිල වැඩි නිසා හැම භාණ්‌ඩයකම මිල වැඩියි. ගසා කාල දැන් බබා වගේ කතා කරනවා.

අධිවේගී මාර්ගවලින්, නොරොච්චෝල බලාගාරයෙන් ගසා කාල තියෙන්නෙ කෝටි දහස්‌ ගණනින්. නොරොච්චෝල බලාගාරයෙන් පමණක්‌ ගසා කාපු මුදල රුපියල් කෝටි එක්‌ දහස්‌ පන්සියයක්‌. මේවා හෙළිවෙතැයි බියෙන් තමයි යළිත් පාර්ලිමේන්තුවට එන්න දඟලන්නේ. මිනීමරලා හරි සල්ලි හම්බ කිරීම තමයි මෙයාලගේ අරමුණ.

මගේ කාලෙදී රජයේ සේවකයන්ගේ වැටුප වසර හතක්‌ ඇතුළත පස්‌ වතාවක්‌ වැඩිකළා. මහින්ද මහත්තයගෙ අවුරුදු නමයක්‌ ඇතුළත ශත පහක්‌වත් වැඩි කළාද මම ජනාධිපතිනියව සිටි කාලෙ තුන්වෙනි වතාවටත් ජනාධිපතිකමට ඉල්ලන ලෙස එදා මට පක්‍ෂයෙන් මොනතරම් බල කළාද? ඒවාගෙ කැත වැඩ මම කළේ නැහැ. කරන්නෙත් නැහැ. රාජපක්‍ෂ ආණ්‌ඩුව රට සංවර්ධනය කළේ එතනෝල්වලින්, කුඩුවලින්, ගසාකෑමෙන් කප්පම් ගැනීමෙන්, ස්‌ත්‍රි දූෂණයෙන්. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කරලා. මගේ පියා ඇති කරපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අද නැහැ. මළ පෙරේතයො ටිකක්‌ පක්‍ෂයට දමාගෙන පක්‍ෂය විනාශ කරලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.