ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 12, 2015

රාජපක්ෂලා අහසෙනුත් පොළොවෙනුත් මුහුදෙනුත් ගසා කෑවා...!!! ඒවා අදටත් ඔප්පු කරන්න බැහැ....!!! සජිත් ප්‍රේමදාස

රාජපක්ෂලා අහසෙනුත්, පොළොවෙනුත් මුහුදෙනුත්, ගසා කෑ බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස 
පැවැසීය.
 මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙමින් උඩ බැරගම ජන රැලිය අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
එක්සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට දස දහස් ගණනින් අප වටා රොක්වෙමින් සිටිනවා. මා මේ වන විට රැස්වීම් 1000කට වැඩි ගණනකින් ඔබ අමතා තිබෙනවා. කිසිවකුට නැවැත්විය නොහැකි ආකාරයේ ජයග්‍රාහී ජන රැල්ලක් අද එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කර තිබෙනවා.

වසර නවයහමාරක කාලයක් තුළ ධුර කාල දෙකක් මුළුල්ලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ජනාධිපතිවරයකුගේ සේවය භුක්තිවිඳ තිබෙනවා. මා ඔබෙන් අසන ප්‍රශ්නවලට හෘද සාක්‍ෂියට එකගව පිළිතුරු දෙන්න. මේ දිස්ත්‍රික්කය නියෝජනය කළ පුද්ගලයකු වසර නවයහමාරක් තිස්සේ මේ රටේ ජනාධිපති ධුරය දැරුවා නම් අදටත් මේ දිස්ත්‍රික්කයේ ජනතාව හරි ආදායම් මාර්ගයක් නැතිව, නිවෙස තනා ගන්නට බැරිව, ගොවිතැනක්, ස්වයං රැකියාවක් කරගන්නට බැරිව ඉන්නේ කොහොමද? ඕනෑම නිවෙසකට ගියොත් ඇසෙන්නේ, ඔවුන් දුක් අඳෝනා නඟමින් කියන්නේ "අනේ අපේ ගේ හදාගන්න බැරිවුණා. දරුවට රස්සාවක් ගන්න, අපට හොඳ ජීවන තත්ත්වයක් උදාකර ගන්න බැරි වුණා. පාරවල්, ගුවන් පාලම්, වරායවල්, ගුවන් තොටුපොළවල් නම් හැදුණා. ඒත් අපේ ජීවිත එහෙමමයි" කියායි.
මේ දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙක් පත්වන විට ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රමාණවත් ආදායම් මාර්ග, උසස් ජන ජීවිතයක් ලැබේ යැයි කියායි. ඒත් ඒ එකක්වත් ජනතාවට ලැබුණේ නැහැ. ජනතාවගේ අතමිට සරු කරන්නට කිසිවක්ම කළේ නැහැ. ඒ වෙනුවට කාපට් සහ කොන්ක්‍රීට් පාරවලින්, ගුවන් පාලම්වලින් ගසාකෑවා. වරායෙනුත්, ගුවන් තොටුපොළෙනුත්, ක්‍රීඩාංගණයෙනුත් ගසාකෑමයි කළේ. අහසෙනුත්, පොළොවෙනුත්, මුහුදෙනුත් කළේ ගසාකෑමයි. යුද්ධයෙනුත් ගසාකෑ පුද්ගලයන් ඉන් පසු ජනතාවට යුද ජයග්‍රහණය පෙන්වමින් නැවැතත් ජයටම ගසාකෑවා. යුද්ධයෙන් ඉතිරි වුණු මහා මුදල් සම්භාරයට කුමක්ද වුණේ? රටේ ජනතාව බඳපටි තද කරගෙන යුද්ධය නිම වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියා. අපේ ගොවි, කම්කරු, ධීවර දුප්පත් ජනතාවගේ දූ පුතුන් යුද පෙරමුණට ගොස් ඇස්, ඉස්, මස්, ලේ දන් දෙමින් ජය ගත්, දිනාගත් යුද්ධයෙන් පසුව ජනතාව අපේක්‍ෂා කළේ තමන්ට සහන ලැබෙන සුබසාධන රාජ්‍යයක්. ඒත් ඒ වෙනුවට ලැබුණේ කුඩා රාජ්‍යයක්. එතනෝල් රාජ්‍යයක්. කැසිනෝ රාජ්‍යයක්. පසුගිය ආණ්ඩුව ජනවාරි 8 වැනිදා වැටෙනතුරු චීනුන් ලවා හම්බන්තොට වරාය අසල මුහුද ගොඩකර දූපතක් හැදුවා. ගිවිසුමට අනුව ඒ දූපතේ බිමෙන් 1/3 චීනයට සින්නක්කර අයිතියට විකිණෙනවා. ඉතිරි 2/3ට ශ්‍රී ලාංකිකයන්ට යෑම තහනම්. 2009දී රට කොටින්ගෙන් මුදාගෙන හම්බන්තොට මුදා නොගත් දූපතක් හැදුවා. විෂමාචාර ජීවිත ගත කරන සුද්දන්ට - සුද්දියන්ට හා ගණිකාවන්ට පමණක් යා හැකි ඒ දූපතේ කැසිනෝ ඇතුළු වෙනත් අපචාර පවත්වාගෙන යෑමටයි සැලැසුම් කළේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව බලාපොරොත්තු වුණු සංවර්ධනයද මේ....?
පාලකයන් කටයුතු කළේ බලයෙන් මත්වූ උන්මත්තකයන් පිරිසක් හැටියටයි. මොවුන් ජනතාවගේ මුදලින් කොපමණ සුඛෝපභෝගී ජීවිත ගත කළාද කියා සියැසින් දැක බලා ගන්නට මෙවර මහ මැතිවරණයෙන් පසුව මා ඔබව අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය නැරැඹීමට රැගෙන යනවා. රජ පවුලේ අයටම වෙන්වුණු පිහිනුම් තටාක ඒවායේ ඉදිකරගෙන තිබෙනවා. එපමණක් නොවෙයි. ලෝකයේ තරු හතේ හෝටවල්වල පමණක් තිබෙන "ජැකුසි" නාන කාමර කට්ටල සවි කරගෙන තිබෙනවා. "ජැකුසි" නාන කාමරයේ ඇති විශේෂත්වයක් නම් වතුරෙන් ඇඟ මසාජ් කරගත හැකි වීමයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව නියං කාලයේ බීමට වතුර පොදක් නැතිව සුසුම් හෙළනවා. ඔවුන් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණය කර ගැනීමට රජයේ රෝහල්වල පහසුකම් නැහැ. මසකට වරක් ඒ සඳහා පෞද්ගලික රෝහලකට රුපියල් 30,000ක් ගෙවිය යුතුයි. රජයේ රෝහලකින් හෘද සැත්කමක් කර ගැනීමට අවුරුදු 3ක් පෝලිමේ සිටිය යුතුයි. එයද සිදු කරන්නේ සම්පූර්ණයෙන් නොමිලේ නෙවෙයි. උපකරණ, බේත් හේත් ෆාමසියෙන් රැගෙන එන ලෙස දන්වනවා.
පාලකයන් මන්දිරයේ "ජැකුසි" නාන කාමර කට්ටල සවි කරගන්නවා. හම්බන්තොට නැව් නොඑන වරායවල්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළවල් ඉදිකරනවා. පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයක් පාසා ගමින් ගමට යමින් වරායේ, ගුවන් තොටුපොළේ රැකියා දෙන බව කියමින් අයැදුම්පත්‍ර පෝරම බෙදා තරුණ තරුණියන් මුළා කරනවා. නිල් බළකාය යැයි කියාගෙන තරුණ තරුණියන් මුළාකළ ඔටුන්න අහිමි කුමාරයා රගර් ගහන්න ගියෙත් හෙලිකොප්ටරයෙන්.
පසුගිය පාලන සමයේ මේ රටේ පැවැතුණේ මිනීමරු සංස්කෘතියක් සහ වධකාගාර සංස්කෘතියක් කියා කිව හැකියි. පාලකයන් විවේචනය කරන්නට බැහැ. එසේ කළොත් සුදු වෑන් එක නිවෙසට එනවා රැගෙන යන අය ආපසු ඒම සැක සහිතයි. ආවත් බාගෙට මැරිලයි එන්නේ. ජනතාව සන්ත්‍රාසයෙන් ජීවත් වුණා.
පාතාලයන්, කුඩු ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් රැකබලාගෙන පෝෂණය කළේ ආණ්ඩුවෙන්. ජනතාව ඇමැතුම් ගන්නා දුරකතන පවා ටැප් කළා. ජනතාවට දේශපාලන නිදහසක් තිබුණේ නැහැ. ඔබ නිකමට මෙන් හිතන්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තවමත් පැවැතුණා නම් අද ඔබ අපට උඩබැරගම මේ රැස්වීම පවත්වන්නට හැකිවේවිද කියා. කී පාරක් මේ රැස්වීමට වෙඩි තබයිද? බෝම්බ ගහයිද? ඒ අසාධාරණ, ම්ලේච්ඡ පාලන සමය පසුගිය ජනවාරි 8 වැනිදායින් අවසන් වුණා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අප නැවැතත් ජනතාවට ලබාදුන්නා. දැන් කැමැති මතවාදයක් ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස ජනතාව සතුයි.

මෙවර මහ මැතිවරණයේදී සන්ධානයේ දේශපාලනඥයන් විශාල අමාරුවක වැටී සිටිනවා. ඔවුන්ගේ රැස්වීම්වලට සෙනඟ අද්දවා ගන්නට බැහැ. සමෘද්ධිය කපන බවට තර්ජනය කර ජනතාව බලහත්කාරයෙන් බස්වල පටවාගෙන රැස්වීම්වලට ඇදගෙන යන්නට අද හැකියාවක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමට ගියොත් සමෘද්ධිය කපනවා කියා තර්ජනය කර බියගැන්වීමේ හැකියාවකුත් නැහැ. සමෘද්ධි නිලධාරීන්ට දේශපාලනයේ නිරත වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. රජයේ ජනමාධ්‍ය අයුතු ලෙස යොදාගැනීමේ හැකියාවකුත් නැහැ. අද සන්ධානය පූර්ණ බංකොලොත්භාවයට පැමිණ තිබෙනවා. ඔවුන් කෙරෙහි ජනතා විශ්වාසය දිනෙන් දින තව තවත් පිරිහෙනවා. අද කිසිම බලපෑමකින් තොරව මේ ස්ථානයට ස්වේච්ඡාවෙන් පැමිණ සිටින ජනතාවට මා කෘතඥ වෙනවා. අප ජනතාවට තව තවත් සහන ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නවා. ඔබේ දියුණුව පිණිස අප හා අත්වැල් බැඳගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.