ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 4, 2015

ජෙප්පෙකුගේ අලකලංචියත් මානව හිමිකම් කොමිසමට....!!!

හලාවත මහා රෝහල තුළදී තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 14 ව්‍යවස්ථාවන්ට අනුව තම මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන කණ්ඩායම් නායන සමන්ත කෝරලේආරච්චි  මානව හිමිකම් කොමිෂමට පෙත්සමත් බාර දී ඇත.

03 වැනිදා පෙරවරුවේ මානව හිමිකම් කොමිෂම වෙත නීතිඥ පාලිත විජේසිංහ  සමග පැමිණි සමන්ත කෝරලේආරච්චි  මෙම පෙත්සම බාර දී ඇත.


පෙත්සමේ  වග උත්තරකරුවන් ලෙස හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු,හලාවත පොලීසියේ උප පොලිස් පරීක්ෂක අමරසිරි,කොස්තාපල් ප්‍රියන්ත සහ ගුණසේන නම් කර ඇත.

හලාවත මහා රෝහලට අනවරසයෙන් ඇතුළු වී එහි මැතිවරණ රැස්වීමක් පැවැත්වීම සහ ඡන්ද අත් පත්‍රිකා බෙදා දීම යන චෝදනා යටතේ සමන්ත කෝරලේආරච්චි  සහ තවත් කාන්තාවක් පසුගිය 30 වැනිදා සවස හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.මෙම දෙදෙනාව එදිනම හලාවත දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක් බැගින් වන ශරර ඇප මත මුදා හරින ලදි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලද්දේ දංකොටුව - ගෝනාවිල පදිංචි බටගොඩ මුදියන්සේලාගේ රම්මැණිකා නම්වූ කාන්තාවක්ය. කළුබෝවිල මහා රෝහලේ හෙදියක ලෙස සේවය කරන ඇය සමස්ථ ලංකා සුව සේවා සංගමයේ භාණ්ඩාගාරික බවද කියති.

ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරීයෙකු වන තමන් මෙවර මැතිවරණය සදහා පුත්තලම දිස්ත්‍රික්කයට ඉදිරිපත් කර ඇති කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම සමස්ථ ලංකා සුව සේවා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවද සමන්ත කෝරලේ ආරච්චි  කියා සිටී.

තමන් පසුගිය 30 වැනිදා හලාවත මහා රෝහල වෙත ගියේ එහි සේවය කරන සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවද හෙතෙම කියා සිටී.තමන් රෝහලට පැමිණ සේවකයින් සමග සාකච්ඡා කරන බව රෝහලේ අධ්‍යක්ෂකවරියට ෆැක්ස් පණිවිඩයක් මගින් දන්වා ඇති බවද ඔහු කියා සිටී.රෝහලේ සේවකයින්ට පාලනාධිකාරිය විසින් අඩම්තේට්ටම් කිරීම,ස්ථාන මාරු කීරීම් ලබා දීම, ඇතුළු රෝහල් සේවකයින්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පමණක් තමන් එහි ගිය බවද සමන්ත කෝරලේ ආරච්චි  කියා සිටී.

පොලීසිය විසින් දක්වා ඇති පරිදි තමන් රෝහලට අනවසරයෙන් ඇතුළු වී නොමැති බවත්,රෝහල තුළ කිසිදු ඡන්ද රැස්වීමක් පවත්වා නොමැති බවත්,තමන් අත් පත්‍රිකා බෙදා හැරීමක් නොකළ බවද හෙතෙම කියා සිටී.පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසන්නේ මැතිවරණ අත් පත්‍රිකා 04 ක් පමණක් බවත්,මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයෙකුට මැතිවරණයට සම්බන්ධ අත්පත්‍රිකා බෙදා හැරීමක් සිදු කළ නොහැකි බවද හෙතෙම කියා සිටී.
ඒ අනුව 12 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන පරිදි සර්ව සාධාරණ අයිතිය තමන්ට අහිමි වී ඇති බවත්,14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෘත්තීය සමිති පිහිටුවීම,ඊට සම්බන්ධ වීම සහ ක්‍රියාකාරීන් වශයෙන් කටයුතු කිරීමට ඇති අයිතියට වග උත්තරකරුවන් බාධා කර ඇති බවද සමන්ත කෝරලේ ආරච්චි  විසින් මානව හිමිකම් කොමිෂම හමුවේ කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ. 

පුත්තලම - ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.