ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 26, 2015

මිථ්‍යාව නිසා අකාලයේ මරු වැළඳ ගත් පවුලක්...!!!

ලෝකයේ විද්‍යාව කෙතරම් දියුණු වුවත් ඇතමුන් තවමත් මිථ්‍යා මත කෙරෙහි එල්ඹ ගෙන සිටීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද...?ඒ නිසාම තවමත් ඇතමුන් නොපෙනන බලවේග පසුපස යමින් තමන්ගේ ගැටළු වලට විසදුම් සොයා ගන්නට උත්සහ කරති.ඇතමුන් සෙතක් ශාන්තියක් ලබන බව පැවසුවද බොහෝ දෙනෙකු සදහන් කරන්නේ තමන් කාගේ හෝ ගැටයකට අසුවූ බවකි.

ඒ ආකාරයට තමන්ගේ නිවසේ පවතින බව කියන භූත දෝෂයක් ඉවත් කර ගැනීම සදහා දෙවොලකට ගිය පියෙකුට සහ දියණියකට ආපසු තමන්ගේ නිවසට යහතින් පැමිනෙන්නට නම් සිදු වූයේ නැත. මේ අවාසනාවත්ත සිද්ධිය වාර්තා වන්නේ අණමඩුව - කොට්ටුකච්චිය ප්‍රදේශයෙනි.


සීදුව - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  එම්.ලයනල් ප්‍රනාන්දු (අවු:60)ට සහ ඔහුගේ දියණිය වන එම්.තුෂාරි ප්‍රනාන්දු(අවු:36) ට මෙසේ දිවි අහිමි වී ගියේ කාගේ වරදින්ද යන්න අප නොදන්නා කරුණකි.නමුත් කාගේ හෝ කොතැනක හෝ සිදුවී ඇති වරදක් හේතුවෙන් මේ දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.

ලයනල් ප්‍රනාන්දුට සහ ඔහුගේ බිරි වන හසසින්ත් කොන්සි ප්‍රනාන්දුට දරුවන් තිදෙනෙකි.ඒ දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු වශයෙනි.දියණියන් දෙදෙනා විවාහ වී සීදුව ප්‍රදේශයේම පදිංචිවී සිටින අතර පුතා රැකියාවක් සදහා විදේශ ගත වී සිටී.

තමන්ගේ නිවසට කිසියම් පුද්ගලයෙකු විසින්  හූනියමක් කර ඇති බව ලයනල් ප්‍රනාන්දුට දැන ගන්නට ලැබී ඇත.කඩිනමින් එකී හූනියම ඉවත් කර නොගතහොත් විවිධ කරදර වලට මුහුණ පෑමට සිදු වන බවද තොරතුරු ලබා දුන් පුද්ගලයා පවසා ඇත.ඒ අනුව එතෙක් කලක් තමන් පදිංචිව සිටි සීදුව - රාජපක්ෂපුර නිවස අතහැර සීදුව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ  පදිංචි තම දියණියේ නිවසට යාමට මේ දෙන්නා දෙමහල්ලෝ තීරණය කරති.

එසේ තම දියණියගේ නිවසට ගිය මේ දෙන්නා දෙමහල්ලන්ට ආණමඩුව - සේරුකැ‍ලේ ප්‍රදේශයේ පදිංචිව සිටින තම ඥාතියෙකුගෙන් අපූරු පණිවිඩයක් ලැබෙන්නේය.ඒ ලැබුණු පණිවඩය තමන්‍ගේ ජීවිතයේ ඉරණම විසදාවි යන්න ඔවුන් සිහිනෙක් හෝ සිතන්නේ නැත.


ඉන් කියවෙන්නේ ආණමඩුව - කොට්ටුකච්චිය ප්‍රදේශයේ ඇති දේවාලයක් සම්බන්ධයෙනි.මෙම දේවාලයට දිනපතා විශාල පිරිසක් පැමිනෙන බවත්,ඔවුන් බහුතරයක් දෙවියන්ගේ පිහිටාධාරයෙන් ප්‍රතිඵල ලබා ඇති බවද එකී පණිවිඩයේ වැඩිදුරටත් කියවේ.
වහාම ක්‍රියාත්මක වන ලයනල් ප්‍රනාන්දු ඇතුළු පවුලේ අය සීදුවේ සිට ආණමඩුවේ කොට්ටුකච්චිය බලා පිටත් වෙති.මේ නඩයට පවුලේ අය 08 දෙනෙකු පමණ ඇතුළත් වේ.කොට්ටුකච්චියට පැමිනෙන පිරිස දේවාලය පවත්වා ගෙන යන බාරකරු වන කපිල කුමාර හමුවී තමන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරති‍.සිදුවන්නට යන වින්නැහිය ගැන දේව බලයෙන් පිළිතුරු ‍ලබා දෙන දේවාලය පවත්වා ගෙන යන අය මුලින්ම දියණියගේ සහ පියගේ ශරීරයේ තිබෙන විෂක් ඉවත් කිරීමට ඇති බව සදහන් කරති.

කුමන ආකාරයකට හෝ තමන්ගේ දුක් කරදර අහවර කර ගැනීමට කැමැත්ත පල කරන සීදුවෙන් පැමිණි නඩය දේවාලය පවත්වා ගෙන යන අයගේ බහට අවනත වෙති.මේ අතර දේවාලයේදී දියණියට කිසියම් දිෂ්ඨියක් ආරූඩ වන්නේය.ඇය ආරූඩයෙන් පවසා සිටින්නේ තව දින කීපයකින් තමන් මෙලොව හැර යන බවත්,තවත් ජීවිත කීපයක්ම ඒ ආකාරයට මෙලොව හැර යාමට නියමිතව ඇති බවත්ය.

තත්ත්වය උග්‍රවී ඇති බවට විශ්වාස කරන ලයනල් ප්‍රනාන්දු  ඇතුළු පිරිස දේවාලයේ බාරකරුගේ පිහිට තව දුරටත් අපේක්ෂා කරති. ඒ අනුව මුලින්ම දේවාලය පවත්වා ගෙන යන අය විසින් තැඹිලි ගෙඩි 07 ක් මතුරා දියණිය වන තුෂාරිට පානය කරන්නට ‍ ලබා දෙයි.තැඹිලි වතුර ඇති පදමට පානය කරන දියණිය ‍වැඩි වේලාවක් යන්නට පෙර රෝගී තත්ත්වයක් පෙන්නුම් කරයි.වහාම ඇයව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන්නට ඥාතීන් කටයුතු කරති.නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය 18 වැනිදා තුෂාරි ප්‍රනාන්දු මෙලොව හැර යන්නේය.

ඇයගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වනු ලබන්නේ පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමලවීර  ඉදිරියේය.ඒ පුත්තලම මූලික රෝහලේදීය.එහිදී අනාවරණය වන්නේ ඇය ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටි අයෙකු බවත්,අධික ලෙස තැඹිලි වතුර පානය කිරීමට දීමෙන් ඇයගේ සෙම තත්ත්වය ඉහල ගොස් ඇති බවත්ය.



මේ අතර පියාගේ ශරීරයේ ඇති බව කියන විෂක් ඉවත් කිරීම සදහා දේවාලයේ බාරකරු විසින් අන්නාසි මිරිකා යුෂ කෝප්ප 05 ක් ඔහුට පානය කිරීමට ලබා දෙයි.අන්නාසි යුෂ පානය කළ පියා වන ලයනල් ප්‍රනාන්දු ද රෝගී වන්නේය.ඔහුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් නොකර කෙලන්ම හලාවත මහා රෝහලට ඇතුළත් කරන්නට දේවාලය පවත්වා ගෙන යන අය කටයුතු කරන්නේය. නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය 21 වෙනිදා ඔහුද මෙලොව හැර යන්නේය.

හලාවත මහා රෝහලේදී මිය ගිය ලයනල් ප්‍රනාන්දු ගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වනු ලබන්නේ හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක වසන්ත කුමාර ගීකියනගේ  විසිනි.

එහිදී අනාවරණය වන්නේ මිය ගොස් ඇති ලයනල් ප්‍රනාන්දු ගේ ශරීරයේ සීනි ඝනත්වය 505 දක්වා ඉහල ගොස් ඇති බවය.එමෙන්ම ඔහු පානය කළ අන්නාසි යුෂ ආමාෂයෙන් පිටතට පැමිණ පෙනහළු වලට ඇතුළු වී ඇති බවය.නමුත් මරණයට නිශ්චිත හේතුවක් පැවසීමට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද හලාවත මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කටයුතු නොකරයි.ඒ වෙනුවට මිය ගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට තමන් තීරණය කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සදහන් කරයි.

මිය ගොස් ඇති දෙදෙනාගේ ශරීරයේ තිබූ බව කියන විෂක් ඉවත් කිරීම සදහා තැඹිලි සහ අන්නාසි යුෂ පානය කිරීමට දුන් බව කියන දේවාලය පවත්වා ගෙන ගිය පුද්ගලයා සමග කථා කරන්නට අපට අවස්ථාව හිමි විය.කපිල කුමාර නම් ඔහු නිකවැරටිය - රස්නායකපුර පදිංචිකරුවෙකි.කලක් ගඩොල් කැපීමේ නිරතව සිට ඇති ඔහු පසුව දේව වරමක් ලද බව පවසා විවිධ යාථිකා කටයුතු කරන්නට පටන් ගෙන ඇත.

ආණමඩුව - කොට්ටුකච්චිය ප‍්‍රදේශයේ නිවසක් කුලී පදනම මත තමන් ලබා ගන්නේ දෙවියන්‍ගේ පිහිටාධාර පතා පැමිනෙන බැතිමතුන්ගේ පහසුව සදහා බවද කියා සිටියේය.තවද තමන්ට මතු බුදු වන බව කියන නාථ දෙවියන්ගෙන් වරමක් ලැබී ඇති බවද ඔහු කියා සිටී.තමන් ප්‍රතිකාර කටයුතු කරන්නේ ආදායමක් බලාපොරොත්තුවෙන් නොව පින් තකා පමණක් බවත්,මිය ගොස් ඇති දෙදෙනා තමන්ගේ නිධන් ගත රෝග තත්ත්වයන් ‍සගවා ගෙන සිටීම මෙවැනි අවාසනාන්ත සිදුවීමක් වූ බවද ඔහු කියා සිටී.එමෙන්ම මෙය හොද අත්දැකීමක් බවද ඔහු කියා සිටී.තමන්ට ලියාපදිංචි සහතිකයක් නොමැති බව පිළිගන්නා බවත්,අදාල ලියාපදිංචිය ලබා ගැනීමට කිසියම් අයෙකු සහාය දක්වන‍්නේ නම් එය පුන්‍යකර්මයක් බවද හෙතෙම කියා සිටී. ‍

කෙසේ වෙතත් සිදුවිය  යුතු දේ මේ වන විට සිදුවී අවසානය.තමන්ගේ නිවසේ තිබෙන බව කියන හූනියමක් ඉවත් කර ගැනීමට පැමිණ කුසේ තිබෙන බව කියන විෂක් ඉවත් කිරීමට ගිය පියෙකු සහ දියණියක් අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගොස් ඇත.

 දේවාලය පවත්වා ගෙන ගිය කපිල බණ්ඩාර

පියාගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණ‍යෙන් අනතුරුව හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පසුගිය 23 වැනිද සවස පුත්තලම පොලීසියට නියෝගයක් කළේය.දේශීය,බටහිර හෝ හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සදහා ර‍ජයේ ලියාපදිංචියක් ලබා ගෙන නොමැති දේවාලය පවත්වාගෙන ගිය පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශණයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එම නියෝගයේ සදහන් වේ.ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කළ පුත්තලම පොලීසියේ නිලධාරීන් සැකකරු හෙවත් දේවාලය පවත්වා ගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළේය.මෙම ලිපිය ලියන මොහොත වන විටත ඔහු අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත ව සිටියේය.

මේ අතර 23 වැනිදා සවස මාධ්‍යයන් වෙත අදහස් දැක්වූ පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්ද විමලවීර  කියා සිටියේ මිය ගොස් ඇති දියණියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ තමන් විසින් බවත්,එහිදී සැකකාර දේවාලය පවත්වා ගෙන ගිය පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම පොලීසියට නියෝග කළ බවත්ය.නමුත් හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පුත්තලම පොලීසියට නියෝගයක් නිකුත් කරන තුරු ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවූයේ මන්ද යන්න ගැටළුවකි.

කෙසේ වෙතත් සිදුවිය යුතු සියල්ල මේ වන විට සිදුවී අවසානය. තමන්ගේ නිවසේ ඇති බව කියන ‍දෝෂයක් ඉවත් කිරීමට දේවාලයකට ගිය පියෙකු සහ දියණියක් මේ වන විට අවසන් ගමන් ගොස් ඇත.දේවාල ඇති තාක්,මිථ්‍යාව විශ්වාස කරන මිනිසුන් ජීවත් වන තුරු මෙවැනි කථා තව කොපමණ අපට ලියන්න සිදුවේවිද යන්න පමණක් ගැටළුවක්ව ඇත.   ලංකානිව්ස් විශේෂාංගය වාර්තා කලේ
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.