ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 19, 2015

වෙලේ සුදා සබඳකම් පැවැත්වූ ෂෙහාරා ජයවීර...!!!

වෙලේ සුදා සබඳකම් පැවැත්වූ
ෂෙහාරා ජයවීරගේ ගල්කිස්සේ නිවස
කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්....!!!

 කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා පසුගිය සතියේ උසාවිය හමුවේ තමන් සමග ගනුදෙනු කළ නිළියක ලෙස හෙළිදරව් කළ වැඩිහිටි චිත‍්‍රපට නිළි ෂෙහාරා ජයවීර වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමටද උදව් කළ කාන්තාවක බව මේ වනවිට සිදු කර ඇති පොලිස් පරීක්ෂණ අනුව හෙළිව ඇත.

දෙහිවල සරණංකාර පාරේ පදිංචිව සිටි සුරාජ් අහමඞ් නමැති වෙලේ සුදාගේ මුදල් පරිපාලක ලෙස කටයුතු කළ පුද්ගලයා පසුගිය මාර්තු මාසයේ රහස් පොලිසිය හමුවේ පැවසූ කට උත්තර අනුව ඔහු වෙලේ සුදාගේ උපදෙස් මත මිතුරියක ලෙස හඳුනාගත් සිනමා නිළි ෂෙහාරා ජයවීරට
අයත් ගල්කිස්ස නිවස මත් කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා.
සුරාජ් පවසා තිබෙන ආකාරයට 2009 වසරේදී වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය විශාල පරිමාණයෙන් මෙරටට ගෙන්වා ගල්කිස්ස ප‍්‍රදේශයේ ෂෙහාරා ජයවීරගේ නිවසේ සිට ඒවා බෙදාහැර ඇත.  ඒ සඳහා තවත් කුඩු බෙදාහරින්නන් හතර දෙනෙකු වන දෙහිවල කවුඩාගේ අමිල, වුඞ්ලන්ඞ් මාවතේ ප‍්‍රදීප්, වැල්ලවත්තේ කුමාර, දෙහිවල නැදිමාල නලීන් යන අය සහභාගි කරගෙන ඇති බවටත් කරුණු හෙළි වී ඇත. එම
කටයුත්තේදී කළමනාකාරවරයා හැටියට සිට ඇත්තේ සුරාජ්ය. ඔහු සියලූ මුදල් පරිහරණය කිරීම ඒ මුදල් එකතු කිරීම සහ අදාළ ජාවාරම සංවිධානය කිරීම සිදු කර ඇත.


ෂෙහාරා නිළියක වීම නිසා ඇයගේ නිවස හෝ ඇය ගමන් කරන වාහන ගැන පොලිසිය සැකයෙන් නොබැලූ බවත් ඒ නිසා මෙම ජාවාරම හසුවන්නේ නැති ආකාරයට කරගෙන යන්නට ඔවුනට හැකිවූ බවත් පවසා තිබෙනවා.
මේ ජාවාරම කරගෙන යාමට නිවස ලබාදීම හා ආරක්ෂාව සැපයීම වෙනුවෙන් වරින් වර විශාල මුදල් වෙලේ සුදා විසින් ෂෙහාරාට ලබාදී ඇත.
කෙසේ වෙතත් අධිකරණයේදී ඔහු පසුගියදා කියා සිටියේ තමන් ඇයට ලබාදුන් මුදල් ප‍්‍රමාණය ගණනය කර නැති බවත් මතක නැති බවත්ය.

වැඩිහිටියන්ට පමණක් නරඹන්නට සුදුසු චිත‍්‍රපටවල රගපෑ සිනමා නිළි ෂෙහාරා සමග පැවති සම්බන්ධය ගැන වෙලේ සුදා අධිකරණයේදී හෙළි කළ හැටි ...

 කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් 13 අධිකරණයේදී අනාවරණය කරා.
මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත‍්‍රපට ගණනාවක
සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක රගපා ඇති ෂෙහාරා ජයවීර නමැත්තෙකි.

සීත , තිසරාවී, උණුසුම් මොහොත ආදී වැඩිහිටි චිත‍්‍රපටවල ඇය රගපා ඇති අතර ඇගේ සැමියාද කිසියම් වරදකට හසුවී බන්ධනාගාරගතවී සිටියදී වෙලේ සුදාගේ මිතුරෙකු බවට පත්වීමෙන් පසු ෂෙහාරා ගැන වෙලේ සුදාට දැනගන්නට ලැබී ඇත.

පසු කාලීනව ඇය ඔහුගේ මිතුරියක බවට පත්වී ඇත. ඇය සමග සබඳතා පවත්වන වකවානුවේ තමා ඇයට මුදල් දුන් බව වෙලේ සුදා ඊයේ අධිකරණයේදී පිළිගත්තා. නමුත් එම මුදල් ප‍්‍රමාණය තමන්ට මතක නැති බවද ඔහු කියා සිටියා.
ෂෙහාරා වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ උදයන්තිගේද මිතුරියකි.

ෂෙහාරා පෙනී සිටි ඡයාරූප කිහිපයක් පහතින්...






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.