ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

ක්‍රීඩාංගනයේ ආරක්ෂක තාප්පය කඩා පුද්ගලික ඉඩමකට ගේට්ටුවක්....!!!


වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ආරක්ෂක තාප්පය කඩා පුද්ගලික ඉඩමකට ගේට්ටුවක් සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර ඇතත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

පසුගිය 19 වැනිදා රාත්‍රීයේ මෙම තාප්පය කඩා දැමීම සිදුවී ඇත.

ඇල්බට් ඇෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරියාව බිය කර ඔහුව බිම වාඩි කර ඇති පිරිසක් තාප්පය බලහත්කාරයෙන් කඩා ඊට ගේට්ටුවක්ද සවි කර ඇත.


වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන ඇල්බට් ඇෆ් පීරිස් ක්‍රීඩාංගනයට ආසන්නයෙන් මෙම


ගෘහස්ථ ක්‍රීඩාංගනය පිහිටා ඇත.

ගෘහස්ථ ක්‍රීඩංගනයේ ආරක්ෂාව සදහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් මෙම තාප්පය ඉදි කර ඇත.වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරාගෙන්  මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම තාප්පය ඉදි කරන විට මටත් තර්ජන ආවා. නමුත් ක්‍රීඩාංගනේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදි කිරීම් කලා.නමුත් දැන් ඒ තාප්පය කඩා දමලා.එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ අයෙකු විසින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවටයි මම විශ්වාස කරන්නේ. මේ තාප්පයට මීට පෙරත් අදාල පුද්ගලයා හානි කරන්න උත්සහ කලා.ඒ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විසින් විමර්ශණයක් කලා.එතැනදී අදාල පුද්ගලයා පොලීසිය හමුවේ කියා සිටියා තමන් නැවතත් මෙම තාප්පයට හානියක් සිදු නොකරන බව. නමුත් දේශපාලන වෙනස් වීමත් සමගම ඔහු තාප්පය කඩා දමා ඇති බවයි මා විශ්වාස කරන්නේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ කොමසාරිස් නිහාල් පෙරේරා  මෙසේ කියා සිටියේය.රජයේ දේපලකට හානි සිදු කිරීම සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක වේවි කියා අපි විශ්වාස කරනවා.මෙතැන සිදුවී ඇත්තේ කුමක්ද යන්න බැළු බැල්මට පේන්න තියනවා.නමුත් කිසිවක් නිසි පරිදි වේ වන තුරුත් සිදුවී නැහැ.එයයි ගැටළුව.

වෙන්නප්පුව පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරන නමුත් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.