ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

පැහැදිලි බහුතරයක් නොලැබෙන ප්‍රධාන පක්ෂ දෙක...!!!

මහ පක්ෂ දෙකම තවමත් වැට උඩ - සමීක්ෂණ වාර්තා හෙළි කරයි !ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හෝ පැහැදිලි බහුතරයක් නොලැබෙන බව බුද්ධි අංශ සහ වෙනත් කණ්ඩායම් විසින් සිදුකළ සමීක්ෂණවලින් හෙළිවී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු ආසන 113 ලබාගැනීමට නොහැකි වන බව වාර්තා වේ. ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ අවදානම් සහගත ඉරණමකට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ලැබේයැයි දැඩි විස්වාසයකින් මැතිවරණ සටනට අවතීර්ණ වී සිටින අතර මහින්ද රාජපක්ෂ  (09) උදෑසන පැවති රැස්වීමකදී ද පවසා ඇත්තේ තමන්ට පැහැදිලි බහුතර ආසන ප්‍රමාණයක් ලැබෙන බවයි. එහෙත් බොහෝ සමීක්ෂණවලින් හෙළිවී ඇත්තේ එජාපය මැතිවරණයෙන් ජයග්‍රහණය කළද ඔවුන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පැහැදිලි බහුතරය නොලැබෙන බවයි. 


ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ  අතර පවතින එකඟතාවයට අනුව එජාපය, එජනිසයට වඩා එක් ආසනයක් හෝ වැඩිපුර ලබාගන්නේ නම් අගමැතිධූරය රනිල් වික්‍රමසිංහට හිමිවිය යුතුය. ආණ්ඩුව පවත්වාගෙන යාමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී සිටී. එහෙත් මේ වනවිට ජනාධිපතිවරයාට ඔහුගේ උපදේශකයන් පෙන්වා දී ඇත්තේ රනිල් අගමැති වුවහොත් ජනාධිපතිවරයාට එම ආණ්ඩුව පාලනය කිරීමට අපහසු වන බවයි. ඒ නිසා ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවා ජනාධිපතිවරයාට පාලනය කිරීමට පහසු පුද්ගලයෙක් අගමැතිධූරයට පත් කළයුතු බව උපදේශකයන් පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන්ගේ තේරීම වන්නේ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාය. 


මේ අතර කුමන තත්ත්වයක් යටතේ හෝ මහින්ද රාජපක්ෂ ට අගමැතිධූරය ලබානොදීමේ තීරණය මෙතෙක් වෙනස් වී නොමැත. ඔහුට අවශ්‍ය නම් පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළහැකි අතර අවශ්‍ය නම් දේශපාලනයෙන් ඉවත්ව යාමේ අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා සූදානමින් සිටී. 


ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මේ වනවිට එජාප ජයග්‍රහණය අඩපන කිරීමේ තැතක් සම්බන්ධයෙන් වාර්තා වන අතර ඒ සඳහා මේ වනවිට යටගොස් තිබෙන එජාප නායකත්ව අර්බුදය නැවත කරලියට ගෙනඒමට සූදානම් වේ. ඒ අනුව සජිත් ප්‍රේමදාසට හිතවත් මාධ්‍ය භාවිතා කරමින් ඔහු ඔසවා තැබීමේ උත්සාහයක් වාර්තා වේ. ඔවුන් බලාපොරොත්තු වන්නේ නායකත්ව ගැටුම මතුකර එයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසියක් ලබාගැනීමටයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.