ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 1, 2015

මිය ගිය අයගේ මරණයට හේතුව හෘදයාබාධයක්....!!!


හලාවත - කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකු‍ගේ ගෙවත්තේ තිබූ හමුවූ මිය ගිය අයගේ මරණයට හේතුව හෘදයාබාධය රෝගය උත්සන්න වීම යැයි ඒ සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
පසුගිය 31 වැනිදා අළුයම මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.
මිය ගොස් ඇත්තේ හලාවත - කරවිටාගාරය,කබැල්ලෑවල පදිංචිව සිටි මානික්කුගේ සිසිල් ද සිල්වා (අවු:66) නම්වූ තිදරු පියෙකි.ඔහු පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.

හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවස පිහිටි ගෙවත්තේ මුළුතැන්ගෙට ආසන්නයෙන් තිබී මෙම මළ සිරුර හමුවී තිබුණි.මිය ගිය අය මෙම පොලිස් නිලධාරියාගේ නිවසට නිතර ආ ගිය අයෙකු බවත්,ඔහු හා පොලිස් නිලධාරියාගේ බිරි අතර මුදල් ගණු - දෙණුවක් පවා සිදුවී ඇති බව මූලික විමර්ශණ වලදී පොලීසිය විසින් හෙලි කරගෙන තිබුණි.
සිද්ධිය වූ පසුගිය 31 වැනිදා රාත්‍රීයේ පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ  සිට ඇත්තේ ඔහුගේ බිරි,දරුවන් තිදෙනා සහ වෙනත් තරුණයෙකු පමණි.එම තරුණයා හා මිය ගිය අය අතර අමනාපයක් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
එම තරුණයාව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් අතර මළ සිරුර තිබූ ඉඩම හිමි පොලිස් නිලධාරියා සහ ඔහුගෙ පවුලේ අයගෙන්ද හලාවත පොලීසියේ නිලධාරීන් දැඩි ලෙස ප්‍රශ්ණ කර ප්‍රකාශ ලබා ගන්නා ලදි.
හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල්  මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.මිය ගොස් ඇති අයගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී අතිරේක දිසා විනිසුරුවරයා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.
ඒ අනුව හලාවත මහා රෝහලට මළ සිරුර ගෙන යන ලදි. හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. විජයවර්ධන  විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදි. එහිදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් ඇති අය කාලයක සිට හෘදයාබාධය වැලදෙන අයෙකු බවත්,මරණයට හේතුව හෘදයාබාධය උත්සන්න වීම බවත්ය.
ඒ අනුව මෙම මරණය ඝාතනයක් නොව හෘදයාබාධය වැළදීමෙන් සිදුවූ එකක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිගමනය කළේය.
ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවද මුදා හැරීමට පොලීසිය කටයුතු කර ඇත.
නමුත් මිය ගිය අය රාත්‍රී කාලයේ මෙම නිවසට පැමිණ ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැති කරුණකි.
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.