ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 16, 2015

අරුන්දික ප්‍රනාන්දු සහායෙන් ගෙනවිත් ඇති බව කියන මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය....!!!


මැතිවරණයේ මනාප බලාපොරොත්තුවෙන් මාර්ගයක් ප්‍රතිස්සංකරණය කිරීම සදහා ගෙනවිත් තිබූ (අංක EPXA 1140දරණ ) මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් පල්ලම පොලීසියේ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

16 වැනිදා සවස පල්ලම පොලිස් වසමේ ඉබ්බන්වල යාය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපෙක්ෂකයෙකුගේ (අරුන්දික ප්‍රනාන්දු ) සහායෙන් ගෙනවිත් ඇති බව කියන මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් යොදා මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන බවට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ සමග මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයේ ක්‍රියාකරු ලෙස සේවය කළ බංගදෙනිය - දෙමටපටිය පදිංචි කේ.බී.සුනිල් සහ සහායකවරයා හලාවත - සිත්තම්පලම් වත්ත පදිංචි කේ.ඩී.පද්මසිරි යන දෙදෙනාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම යන්ත්‍ර ක්‍රියාකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ ඉබ්බන්වල යාය ගොවි සමිතියේ  ඉල්ලීම පරිදි තමන් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සදහා පැමිණි බවකි.ඒ අනුව ඉබ්බන්වල යාය ගොවි සමිතියේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

එක්තරා පුද්ගලයෙකු විසින් තම පුද්ගලික වියදමින් ‍අබලන්වී ඇති තම ගමේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සදහා මෙම යන්ත්‍රය ලබා දුන් බව ගොවි සමිතියේ නිලධාරීන් පවසා ඇත.මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය සදහා මුදල් ගෙවීම් කළ බව කියන පුද්ගලයා කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ අයෙකුද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.

යම් ආකාරයකින් දේශපාලන වාසි අපේක්ෂාවෙන් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කර ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.