ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 27, 2015

හලාවත සතොස සිත් සේ ජරාව බෙදා මාට්ටු.....!!!


 සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් බෙදා දීමට නියමිතව තිබූ ‍මිනිස් පරිභෝජනයට නුසුදුසු පෝෂණ මළු 06 ක් තම බාරයට ගෙන ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සමුපාකාර සමිතියට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් පාලනය කරන කන්ජික්කුලිය ප්‍රාදේශීකය විසින් ගැබිණි මව්වරුන්ට බෙදා දී ඇති පෝෂණ මළු වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ඇති බවට ලැබී තිබූ ‍තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එක් පෝෂණ මල්ලක රතු කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 03 ක්,හාල් මැස්සන් ග්‍රෑම් 986 ක්,කඩල ග්‍රෑම් 250 ක්,පරිප්පු කිලෝ ග්‍රෑම් 1 ½ ක්, කුරක්කන් පිටි ග්‍රෑම් 200 ක් සහ බිත්තර 10 ක් බැගින් තිබී ඇත.එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 2000 කි.‍
එම පෝෂණ මළු වල තිබූ සහල් දුගක් හමන කෘමී සතුන් මිශ්‍ර ඒවා බවත්,බිත්තර භාවිතයට නුසුදුසු කුණු වී තිබූ ඒවා බවත්,හාල් මැස්සන් අපිරිසිදු මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවද සෞඛ්‍ය නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම ආහාර නිකුත් කළ බව කියන සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ ගබඩාවද සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.නමුත් ඒ වන විට නිකුත් කිරීමට නියමිත පෝෂණ මළු සියල්ල මුදා හැර තිබී ඇත.සමුපාකාරයේ නිලධාරීන් පවසා ඇත්තේ මෙම පෝෂණ මළු වල ඇති ආහාර පසුගිය අප්‍රියෙල් මාසයේ අසුරන ලද ඒවා බවය.නමුත් එහි තිබූ කුරක්කන් පිටි ඇසුරුම් කර ඇත්තේ පසුගිය ජුලි මස 30 වැනිදා බවට ලේබල් වල සදහන් වන බැවින් සමුපාකාර සේවකයින්ගේ ප්‍රකාශ සෞඛ්‍ය නිලධාරීන් විසින් බැහැර කර ඇත.
හලාවත විවිධ සේවා සමුපාකාර සමිතිය යට‍තේ පාලනය වන සෙසු ප්‍රාදේශීක කීපයක්ද පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඒ වන විට ඒවායේ තිබූ පෝෂණ මළු බෙදා හැර තිබී ඇත.ඒ අනුව පෝෂණ මළු ලබා ගත් ගැබිණි මව්වරුන්ගේ නිවෙස් වලට ගොස් ඒවා පරීක්ෂා කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය සන්ධ්‍යා හේරත් මහත්මියට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන කේ.එස්.ඩී.ජයවික්‍රම සහ පී.එස්.මාරසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.  
ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.