ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් හලාවත


අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් හලාවත කරවිටාගාරය ප්‍රදේශයේ ගෙවත්තක තිබී හමුවී ඇත.
31 වැනිදා අළුයම මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
මිය ගොස් ඇත්තේ කරවටාගාර - කබැල්ලෑවල පදිංචිව සිටි මානික්කුගේ සිසිල් ද සිල්වා (අවු:66) නම් අයෙකි.ඔහු දෙදරු පියෙකි.

මෙය ඝතනයක් බවට සැකකර ඇති හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.
මිය ගොස් ඇති අයගේ මළ සිරුර තිබී ඇත්තේ හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවස අසලය.මිය ගොස් ඇති අය ඒ ආසන්නයේ පිහිටි පොල් ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.
සිද්ධිය වූ දින නිවස හිමි පොලිස් කොස්තාපල්වරයා රාත්‍රී රාජකාරියේ නිරතව සිට ඇත.ඔහුගේ නිවසේ සිට ඇත්තේ පොලිස් කොස්තාපල්වරයාගේ බිරි,දියණියන් දෙදෙනා,පුතා සහ තවත් පිරිමි ළමයෙකි.මිය ගොස් ඇති අය නිතර මෙම නිවසට ආ ගිය අයෙකු බවත්,ඔහුගෙන් පොලිස් කොස්තාපල්වරයාගේ බිරි රුපියල් 30,000 ක මුදල් ගණුදෙණුවක් සිදු කර ඇති බවද මූලික විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය වූ දින රාත්‍රීයේ කරවිටාගාරය - යෝධ ඇල ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයෙකු  මෙම පොලිස් නිලධාරියාගේ නිවසට පැමිණ සිට ඇත.ඔහු සහ පොලිස් නිලධාරියාගේ බිරි රාත්‍රීයේ නිවසට ආසන්නයෙන් පිහිටි මුළුතැන් ගෙය තුළ තල් රොටී නම් ආහාරයක් සකස් කර ඇති අතර,පසුව ඇය නිවස තුළට ගොස් නිදා ගෙන ඇති බව කියති.මුළුතැන් ගෙයි සිට ඇත්තේ ආගන්තුක තරුණයා පමණි.
තමන් අළුයම 2.00 ට පමණ අවදිවී බලන විට මුළුතැන් ගෙය ආසන්නයෙන් කිසියම් අයෙකු කෙිරි ගාන ශබ්දයක් ඇසුණු බවත් විදුලි පන්දම දල්වා බලන විට මුළුතැන්ගෙට ආසන්නයෙන් කිසියම් අයෙකු වැටී සිටිනවා දැක ඒ බව මුළුතැන් ගෙයි සිටි තරුණයාට දැණුම් දී පසුව මේ බව රාජකාරියේ නිරතව සිටි තම ස්වාමිපුරුෂයාට දැණුම් දුන් බව නිවස හිමි පොලිස් කොස්තාපල්වරයාගේ බිරි පොලීසිය හමුවේ පවසා ඇත.

මිය ගොස් ඇති අයගේ මළ සිරුර ඇති ස්ථානයේ පා පැදියක් සහ පිහියක්ද තිබී ඇත.පා පැදිය දැනට පොලිස් අත්අඩංගුවට ගෙන සිටින තරුණයාට අයත් බවට හදුනා ගෙන ඇත.
මිය ගොස් ඇති අය සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත්තේ කුමන වේලාවකද....?ඝතනය සිදුවී ඇත්තේ කුමන ආකාරයකටද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරියාගේ නිවසට පැමිණ සිටි තරුණයාව බව පොලීසිය කියයි. ඔහු සහ මිය ගොස් ඇති අය අතර ආරවුලක් තිබී ඇති බවටද පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.එම ආරවුලට හේතුව අනාවරණය වී නැත.
හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත  ද මෙල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.
හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය ගේ උපදෙස් මත හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත්  ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.