ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

අපගේ වරද නිවැරිදි කිරීමක්....!!!

 අපගේ වරද නිවැරිදි කිරීමක්.ඒ තුළින් නීල් රූපසිංහ සහ ඔහුගේ හිතවතුන් සහ පවුලේ උදවියට යම් අපහසුතාවයක් වූයේ නම් ලංකානිව්ස් අප කණගාටුවෙමු.
එමෙන්ම අපගේ දේශීය පුවත් වාර්තා ඉදිරිපත් කරන අප හිතාදර ජූඩ් සමන්තටද අපගේ කණගාටුව මෙසේ ප්‍රකාශ කරමු. නිවැරදි කළ පුවත පහතින් පළකොට ඇත.



කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් වීරසිංහ වස පානය කිරීම හේතුවෙන් නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඉකුත් 08 වැනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇත.

හිටපු සභාපතිවරයා කරුවලගස්වැව ප්‍රදේශයේ දී වස පානය කර ඇත. මිතුරන් පිරිසක් විසින් හිටපු සභාපතිවරයාව පුත්තලම නගර‍යේ පිහිටි පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට උත්සහ කර ඇතත් එම රෝහලේ පාලනාධිකාරිය විසින් ඔහුව බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.තම පුද්ගලික රෝහල ඉදිරිපිට පිහිටි පුත්තලම මූලික රෝහල වෙත හිටපු සභාපතිවරයාව ඇතුළත් කරන ලෙස පුද්ගලික රෝහලේ පාලනාධිකාරිය ඔහුගේ මිතුරන්ට උපදෙස් ලබා දී ඇත.


නමුත් හිටපු සභාපතිවරයාගේ මිතුරන් ඔහුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරනවා වෙනුවට නිකවැරටිය මූලික රෝහල වෙත ගෙන ගොස් ඇතුළත් කර ඇත.

රෝහල් ගත කර ඇති කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් වීරසිංහ  1997 වසරේදී දිවංගත අමාත්‍යවරයෙකු වන ද.මු.දසනායක ගේ සහායෙන් දේශපාලනයට පිවිසි අයෙකි.

අවස්ථා දෙකකදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගිය 29 වැනිදා ආණමඩුවේ පැවති රැස්වීමකදී පොදු ජන එක්සත් පෙරමුණ අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු විය.ඒ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.
අවස්ථා කීපයකදීම බීමතින් ගොස් රාජ්‍ය නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන ඇති හිටපු සභාපති නීල් වීරසිංහට අධිකරණය විසින් ඇප නියම කර ඇත්තේ දැඩි ඇප කොන්දේසි මතය.

හිටපු අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක පියංකර ජයරත්න  හෝ රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේබණ්ඩාර  හෝ තමන්ට නොසලකා සිටීම වස පානය කිරීමට හේතුව බව රෝහල් ගත කර ඇති හිටපු සභාපතිවරයා තම මිතුරන්ට පවසා ඇත.
ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
 ජුඩ් සමන්ත








ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.