ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 21, 2015

තරුණයෙකු දුටු මෙවර මැතිවරණය....!!!


මෙහි අන්තර්ගත වන  භාෂාව  ඔහු සතුය.ඒ කිසිවක් අප සංස්කරණය කොට නොමැත...
 

ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය. මුතුහෙට්ටිගමද ගියේය. ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි. මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි. ගම ගාල්ලේද? අසයි...
ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්‍රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි. ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ. ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි. ගීතා කට ඇරියොත් මෝඩය. නමුත් ක්‍රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය. නමුත් චන්ද වලින් දිනුම්ය. මුතුහෙට්ටිගමට බස් ඇත
. උඩුගමට ඔහු සේවය කරඇත. ඔහුට තේ වතු ඇත. ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය. ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි. පාර්ලිමේන්තුවට නුසුදුසුය...
ගාල්ල රටේ බහුතරයකට සංවෙදී වූයේ මොවුන් දෙදෙනා පාර්ලිමේන්තු ගිය නිසාය. ගීතාගේ හෙලුව ගැන කතාකරයි, ඇයගේ ඇඟලුම්හල් ගැන කතා නොකරයි. රන්ජන් ගීතාගේ ප්‍රතිබිම්බයකි. රන්ජන් නලුවෙකි ගීතා නිලියකි. චිත්‍රපටවලදී ගීතා නලුවන් සමඟ යහන්ගත වූවා සේම රන්ජන්ද නිලියන් සමඟ යහන්ගත වන දර්ශන ඇත. ගීතා චිත්‍රපටවල කැමරාවට පුක පෙන්වා නැත. රන්ජන් පෙන්වා ඇත. ඒ චිත්‍රපටිය. ඒ අතින් ගීතා සංවරය. රන්ජන් ගම්පහින් වැඩිම මනාපය. රන්ජන් අමතකය ගීතා මතකය. ගම්පහ ගොන්නු නැත. ගාල්ලේ ඇත. "මාල හොරෙක්" කෝටි 45 කට දූෂණ චෝදනා ලැබුවෙක් කලුතරින් පාර්ලිමෙන්තුවට යයි. ඔහුව අමතකය මුතුහෙට්ටිගම මතකය. "සල්ලාල භාශාව" ඇති ගැලරියට ආතල් දෙන්නා කලුතරින් වැඩිම මනාප ගනිද්දී ඔහුව අමතකය. ගාල්ලේ මැටි හරක් ඇත කලුතර නැත. දෙක දෙකෙන් බෙදූවිට බිංදුවය. කොළඹට අනුව එය එසේය. එසේ කී පුද්ගලයා කොළඹින් 1ය. කොළඹ බුද්දිමත් චන්ද දායකයන් ඇත. ගාල්ලේ නැත. රත්නපුරෙන් "පකයා" පාර්ලිමෙන්තු ගිය බව අමතකය ගාල්ලේ දෙදෙනා මතකය. රත්නපුර මැණික්ය ගාල්ල ගෙවුඩය. නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් පුද්ගලයා මහනුවරින් පාර්ලිමෙන්තුවටය. මහනුවර බුද්ධිමත්ය ගාල්ල අනුවණය. එතනෝල් කරු කුරුණෑගලින් පාර්ලිමෙන්තුවටය. ඒව නොදකියි. ගාල්ල දකියි. ගාල්ල රටටම සංවේදී වන්නේ ඵල ඇති රුකට බොහෝ දෙනෙක් ගල් ගැසූ නිසාය. ඇතමුන් ගීතාගේ පියයුරු පෙනෙන චායාරුවක් පෙන්වා "ලැජ්ජයි යකෝ" කියයි. ඔවුන්ට අනුව සීගිරි ලළනාවගේ පියයුරු රටේ අභිමානයකි. කලාත්මක දෙයකි. ගීතාගේ පියයුරු ගාල්ලට නින්දාවකි. අශෝභන දෙයකි. ඔවුන්ට අනුව ඔවුන් බුද්ධිමත්ය. ගාල්ල මෝඩය...
ලංකාවෙන්ම ජවිපෙට ආසන 6කි. දූශන චෝදනා ලද්දන් 25කට අධික ගනනක් පාර්ලිමෙන්තු අසුන් රත් කරන්නට සැරසෙයි. "ඒ උඹ ගාල්ලෙද බන්..?" යැයි අසන්නවුන්ගෙන් අසන්නට දෙයක් ඇත. ඒ උඹ කුරුණෑගලද, කලුතරද කොළඹද, ගම්පහද, මහනුවරද කියා නොව "උඹ ලංකාවෙද බන්...?" කියාය...!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.