ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

අධික වේගයෙන් ගියොත් හෙට සිට නඩු ...!!!

අධික වේගයෙන් ධාවනය කරන වාහන සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව හෙට (11 වැනිදා) සිට කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ඒ. ඒබී සහ බී (A, AB සහ B) යන මාර්ගවල වේග සීමා පුවරු නිසිලෙස සවිකර තිබෙන බවත් එම නිති නොපිළිපදින රියදුරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස්‌දී ඇති බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර  පැවසීය. මේ වනවිට වේග සීමා යන්ත්‍ර පොලිස්‌ ස්‌ථාන වෙත ලබා දී තිබෙන බව හෙතෙම කීය.

නගරබද ප්‍රදේශවල මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද රථ) මෝටර් ට්‍රයිසිකල් වෑන් (ත්‍රීරෝද රථ වෑන්) විශේෂ කාර්ය වාහන කන්ටේනර් වැනි වේගය පැයට කිලෝ මීටර් 40 කි. ඉහත සඳහන් වාහන හැර අනෙකුත් සියලුම වාහන සඳහා වේගය පැයට කිලෝමීටර් 50 කි.

ග්‍රාමීය ප්‍රදේශවල මෝටර් කෝච් රථ හා සියලුම ලොරි රථ සඳහා වේගය පැයට කිලෝමීටර් 60 කි. මෝටර් ට්‍රයිසිකල්, මෝටර් ට්‍රයිසිකල් වෑන්, විශේෂ කාර්ය වාහන (කන්ටේනර් වැනි) වේග සීමාව පැයට කිලෝමීටර් 40 කි. ඉහත වාහන හැර අනෙකුත් සියලුම වාහන සඳහා වේගය පැයට කිලෝමීටර් 70 කි.
 

උපරිම වේග සීමා පහළ දැමීමෙන් රියෑදුරෝ අසීරුවේ

රථ වාහන ධාවනය සඳහා උපරිම වේග සීමාවන් තවදුරටත් පහළ දැමීම නිසා රියෑදුරෝ දැඩි අසීරුතාවනට පත්ව සිටිති.

මීට පෙර සැහැල්ලු වාහන සඳහා ක්‍රියාත්මක වූ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 72 ක්‌ වූ අතර මෙවර එය පැයට කිලෝ මීටර් 70 දක්‌වා කිලෝමීටර් දෙකකින් අඩු කර තිබේ. විශාල මුදලක්‌ වැය කර රටපුරා නවීනතම මාර්ග පද්ධති ඇති කර සුපිරිතම වාහන මෙරටට ගෙන්වා තිබියදීත් වේග සීමා මෙසේ අඩු කිරීම විශාල ගැටලුවක්‌ වී තිබේ.

නාගරික සීමාවල වේග සීමා තවදුරටත් අඩු කිරිම නිසා මාර්ග තදබදය තවදුරටත් වැඩිවීමේ අවදානමක්‌ ද පවතී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.