ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 8, 2015

15 කලින් සියළුම ඡන්ද හිඟන්නන්ගේ ප්‍රචාර ගලවා දැමිය යුතු යැයි හලාවතදී මැකෝ කියයි....!!!

රටපුරා ඇති සියළුම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ලබන 15 වැනිදා පෙරවරු 8.00 වන විට ගලවා ඉවත් කළ යුතුව ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  පැවසීය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා වයඹ පළාතේ සියළුම උසස් පොලිස් නිලධාරීන්  දැණුවත් කිරීම සදහා පැවති වැඩ මුළුවකදී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩ මුළුව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පසුගිය 07 වැනිදා පැවැත්වුණි.‍

එහිදී තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  මෙසේද පැවසීය.
සියළුම අපේක්ෂකයින්ට අවසර ලබා දී තිබෙනවා තමන්ගේ දිස්ත්‍රික්කය තුළ එක ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පවත්වා ගෙන යාමට.ඊට අමතරව තමන්ගේ නිවසේ ප්‍රචාරක කටයුතු සිදු කළ හැකියි.සෑම පක්ෂයකටම දිස්ත්‍රික්කය තුළ එක් මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පවත්වාගෙන යා හැකියි.සෙසු සියළුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල වල ඇති පුවරු ලබන 15 වැනිදා පෙරවරු 8.00 වන විට ගලවා ඉවත් කළ යුතුයි.මෙම මැතිවරණ ප්‍රචාරක පුවරු ගලවා ඉවත් කරන විට එම පුවරු වල සිටින අපේක්ෂකයින්ට අගෞරවයක් සිදු නොවන ලෙස කටයුතු කිරීමටත් එම කටයුතු දිවා කාලයේදී පමණක් සිදු කිරීමටත් අපි වග බලා ගත යුතුය.
වර්තාම‍නයේ ක්‍රියාත්මක වන්නේ එදා සිටි පොලීසිය නම්,එදා තිබූ මැතිවරණ දෙපාර්තමේන්තුව නම් කොහොද එදා නරත් වෙලා අද හොද වෙන්නේ.19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන සංස්කෘතිය වෙනස් වීමේ යම් බලපෑම් තිබෙනවා.මේ වෙනස් කම එක් දිනකින් සිදුවූ දෙයක් නෙමෙයි.එය දීර්ඝකාලීනව සිදුවූ දෙයක්. ඒවාගේම අධිකරණය විසින් තීන්දු දෙකක් ලබා දී තිබෙනවා මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ අවලංගු කිරීමේ බලය ලබා දීලා. එමෙන්ම සිවිල් සංවිධාන වලින් මේ සදහා ලැබී ඇති දායකත්වය අති විශාලයි.
අද තියන ලොකුම චෝදනාව තමයි පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනවා වැඩියි කියලා. නිතරම කියන දෙයක් තමයි අන්න මාගේ වාහනයක් ඇල්ලුවා.‍එහෙම නැත්නම් කාවහරි අත්අඩංගුවට අරගෙන කියලා.නමුත් අපි නීතිය නොකර බැහැ.අපිට සිදුවී තිබෙනවා කිසිවෙකුට ද්වේශයකින් තොරව මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට.මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම දෙනා අපිට එකයි.ප්‍රධාන පක්ෂ වල අය මෙන්ම ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වී සිටින අයත් අපට එකයි.ඒ සෑම කෙනෙකුටම අපි එක හා සමානව සැළකිය යුතුයි.
අපිට තියෙන්නේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමයි.නීතිය ක්‍රියාත්මක කරන විට පොලිස් නිලධාරීන්ට යම් වරදක් වුනොත් ඒ වෙනුවෙන් සහාය වන්නට පොලිස්පතිවරයා,පොලිස් කොමිෂම, මෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවත්,මානව හිමිකම් කොමිෂන් සභාවත් ඉන්නවා.මැතිවරණය කැදවීමෙන් අනතුරුව ස්ථානමාරු කරන ලද සියළුඹ දෙනා සම්බන්ධයෙන් අපි මේ වන විට පියවර ගෙන තිබෙනවා.කිසිදු පොලිස් නිලධාරියෙකුට අවසියක්,අගතියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.වෙනදට වඩා අද නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙනවා.යම් කටයුත්තක් කරන විට සද්භාවයෙන් වරදක් වුනොත් ඒද අපිට හදා ගන්න පුළුවන්.චේතාන්විතව යම් දෙයක් නොකර සිටීම හෝ වැරදි දෙයක් කිරීම තමයි වැරදි වන්නේ.ඒ නිසා අපි කිසිදු කරුණකට බිය වීමට අවශ්‍ය වන්නේ නැහැ.

පසුගිය මැතිවරණ වලදී නිකුත් කරන ලද නියෝග කිසිවක් මේ වන විට මැතිවරණ දෙපාර්තමේන්තුව අවලංගු කර නැහැ.පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති බලය ඒ ආකාරයටම තියනවා.ඡන්ද පොලේදී ඡන්ද පෙට්ටියක් පැහැර ගෙන යන්න කව්රු හරි ආවොත් උපරීම බලය පාවිච්චි කිරීමට හැකියාව තිබෙනවා.අවශ්‍ය තැනදී අවම ලෙසත්,උපරීම ලෙසත් බලය පාවිච්චි කිරීමට ඒ නිසා පොලිස් නිලධාරියාට හැකියාව ඇති බව අප මතක තබා ගත යුතුයි.එහිදී පක්ෂ හෝ පුද්ගල බේදයක් නොමැතිව අගති විරහිතව ක්‍රියාත්මක කිරීම තමයි අපේ වගකීම වී තිබෙන්නේ.
මැතිවණයක් පැවැත්වීමේදී ඇයි මේ උපරිම බලය පාවිච්චි කරන්නේ කියලා මගෙන් දවසක් ඇහුවා.නීති හදන්නේ පාර්ලිමේන්තුව නම්, පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත් කර ගන්න පවත්වන මැතිවරණයකදී ඒ හදපු නීති පාවිච්චි කරන්න බැරි ඇයි කියලා මම එතකොට ඇහුවා. 
අපි නීතියෙන් පිට කිසිවක් සිදු කරන්නේ නැහැ.මේක දේශපාලකයිනට විරුද්ධව කරන දෙයක් නෙමෙයි.බොහෝ දෙනෙක් හිතනවා දේශපාලකයෝ හොරු,එහෙම නැත්නම් යක්කු,එහෙමත් නැත්නම් බෝ වන රෝග තියන දුරින් දුරු කටයුතු කළ යුතු අයයි කියලා ඒක වැරදියි.ඒ අය තමයි අපේ ව්‍යවස්ථාදායකයේ නීති හදන අය.කිසිදු දේශපාලකයෙකු  සම්බන්ධයෙන් අපි ද්වේශයෙන් වැඩ කරන්නේ නැහැ.අපි කළ යුත්තේ මැතිවරණ පනතෙන්,පොලිස් ආඥා පනතින්,සහ දේශපාලන පක්ෂ වල ලේකම්වරුන්ගේ එකගතාවයෙන් ඇති කර ගත් නීති රීති සියල්ල ක්‍රියාත්මක කිරීමයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා,වයඹ ජේෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යන මහත්වරුන්ද මෙහිදී කථා කළ අතර පුත්තලම සහ කුරුණෑගල තේරීම් බාර නිලධාරීන්ද, වයඹ පළාතේ උසස් පොලිස් නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.
 ජූඩ් සමන්ත

(මැතිවරණ කොමසාරිස්වරයා පොලිස් නිලධාරීන් ඇමතූ ආකාරය සහ ඊට සහභාගි වූ පොලිස් නිලධාරීන්ගෙන් කොටසක් ඡායාරූප වලින් දැක්වේ)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.