ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

අම්මා නොහොත් පීඩිතයන්ගේ සැඟවුන සැඟවුන මානසිකත්වය..!!!

සිංහල සක්විතිගේ මහානර්ඝ සහ සිය බිඳීගිය ආත්මයේ පශ්චාත්තාපය වන, තමන්ගෙන් මගහැරීගිය සහ අමතකවගිය යුතුකමක, වගකිමක වේදනාව සමාජය වෙත බෙදාහල සහ ඒ මගින් තමන්කල වරද පාපොච්චාරණය කිරීම අරඹයා සමාජය දිනාගැනීමේ ශිෂ්ට / අශිෂ්ට ප්‍රයත්නය කියවීමි. ඒ කතාංගය තුලින් මට පසක්කලා වූ සත්‍යයක් විය, එනම් මහත්වූ දුක් කම්කටොලු මැද නිදහස් අධ්‍යාපනය තුලින් ජිවය ලැබූ බොහෝදෙනෙකුගේ සඟවාගත් මානසිකත්වයයි...

මත්තල ගුවන්තො‍ට වී ගබඩාවක් කරන්න ‍දෙන්නේ නෑ...!!!


හම්බන්තොට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ වසා දමා එය වී ගබඩාවක් කිරීමට ඉඩ නොදෙන බව හිටපු කතානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ  පවසයි. ආණ්ඩුව එවැනි දැඩි තීරණයක් ගතහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කර ඊට එරෙහිව පියවර ගන්නා බවද  කීය.

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා- ප්‍රභා උඹ වීරයෙක් මරුන උන් මලා බං ...!!!

ප්‍රභා ඔබ රටේ කොණ කන්න කැසකැවූ
දහස් ගණනක් මරා ජාතියට විස පෙවූ
ලේ ගඟක පීනලා විමුක්තියෙ මග සෙවූ
හීනයක් වගේ විය ලෝකයම ඔබ මැවූ

දෑත් ශක්තිමත් කල ඔබේ ගෝලයන් සේ
හිටියනම් අදත් ඔබ රජුන්ගෙත් රජුසේ
ඔබ පැතූ ලෝකයම ඔබේවේ රිසිසේ
වැළද ඔබ සිබින්නට සිංහයොත් සැරසේ

රාජපක්ෂලා බෙදෙති. චමල් ආණ්ඩුවට මහින්ද නාමල් විපක්ෂයට....!!!

එක්සත් ජාතික පක්ෂය හා ශ‍‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට නියමිත ජාතික ආණ්ඩුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත‍‍්‍රීවරුන් 96 දෙනාගෙන් 70 දෙනකු කැමැත්ත පළ කර ඇති අතර රාජපක්ෂවරුන්ගේ කැමැත්ත එහිදී දෙකඩ වී ඇතැ’යි වාර්තා වේ.
එහිදී චමල් රාජපක්ෂ  ජාතික ආණ්ඩුවට සිය කැමැත්ත ප‍‍්‍රකාශ කර ඇති අතර ඔහුට ජාතික ආණ්ඩුව තුළ අමාත්‍ය ධුරයක්ද හිමිවීමට නියමිතය. මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ජාතික ආණ්ඩුවකට කැමැත්ත ප‍‍්‍රකාශ කර නැත.

බුදුන්ගේ සිරස හැඩයේ ඉටිපන්දම් පෝදා පන්සලේ දල්වලා ...!!!

බුදු හිමියන්ගේ හිස සහිත ආකෘතියකින් යුත් ඉටිපන්දම් බෝධීන් වහන්සේ අසල දල්වා සිරස දියවෙන්නට සළස්වමින් තිබියදී ඉකුත් නිකිණි පොහෝ දා 29 විහාරස්ථානයකින් සොයා ගත්තා.ඒ දොරපේ ශ‍්‍රී පරමානන්ද විහාරස්ථානයේ බෝධීන්වහන්සේ අභියස දැල්වෙමින් තිබියදීයි. විහාරස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදු කර ඇති මෙම ක‍්‍රියාව අදාළ විහාරස්ථානයේ හිමිවරුන් විසින් දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් පසුවයි.

අපතයනට සැපත සඳහා මසාජ් පාලර් ඵකක් නොමිළේලු....!!!

 මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා මැතිසබෙන් සපුරයි..
නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මැති ඇමතිවරුන් සඳහා අවශ්‍යකරන සම්භාහන අවශ්‍යතා සපුරා දීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව දැන ගන්නට ලැබේ.ඒ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප‍්‍රතිකාර මෙන්ම රූපලාවන්‍ය ආදී කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව උදා වී තිබේ.

කේපීට එරෙහිව කිසිම අපරාධ චෝදනාවක් අනාවරණය වෙලා නැතිලූ..

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන්ට එරෙහිව කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් රජයට නියෝගයක් පනවන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් ජනවාරියේ දී නඩුවක් ගොනු කර තිබුණි.

කොටි නීති උපදේශකයා සහ රමපෝසා කටුනායක ගුවන් තොටේදී රහස් සාකච්චාවක.. !!! මෙන්න දැන් රටේ අරාජික තත්වය

කොටි සංවිධානයේ නීති උපදේශකවරයෙකු හා නීතීඥවරයෙක් ලෙස එකල කටයුතු කල  දෙමළ ජාතික සන්ධානයේ ක්‍‍්‍රියාකාරිකයෙකු වන නීතීඥ රත්නවේල් පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා හමු වී සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.ඒ වෙනුවෙන් ඔහුට ගුවන් තොටුපලේ විශේෂ ප‍‍්‍රභූ පර්යන්තෙයෙන් අතුලූ වීමටද ඉඩ ලැබී තිබේ.

එජාප සහ ශ‍්‍රීලනිප ඇමතිකම් ලැබෙන අය ගැන අලූත්ම ආරංචි මෙන්න..


රවීට භාණ්ඩාගාරය..
සුසිල්ට තෙල් සංස්ථාව..
චම්පිකට කොළඹ සිංගප්පූරුවක් කරන්න මෙගා පොලිස්..

මහ මැතිවරණය හමාර වී දැනට සති දෙකකි. ඉන් බිහිවන ආණ්ඩුවේ ඇමති තනතුරු ගැන තවම ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි. ගෙවී ගිය දෙසතියේම මාධ්‍ය ඔස්සේ වරින් වර ඇමතිධූර ලැබෙනාහැටි වාර්තා විය. පසුගිය සතිඅන්තය ඇමති මණ්ඩලය දිවුරුම් දෙන්නට පෙර ආසන්නයේම එළඹි සති අන්තය විය හැකිය. සන්ඬේ ටයිම්ස්ල පුවත්පතේ දේශපාලන විශ්ලේශක පවසන පරිදි ඇමති මණ්ඩලය එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ බෙදාගනු ඇත.

අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් හලාවත


අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් හලාවත කරවිටාගාරය ප්‍රදේශයේ ගෙවත්තක තිබී හමුවී ඇත.
31 වැනිදා අළුයම මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
මිය ගොස් ඇත්තේ කරවටාගාර - කබැල්ලෑවල පදිංචිව සිටි මානික්කුගේ සිසිල් ද සිල්වා (අවු:66) නම් අයෙකි.ඔහු දෙදරු පියෙකි.

Sunday, August 30, 2015

සුසිල් ප්‍රේමජයන්ත මාරුවෙලා

සුසිල් ප්‍රේමජයන්ත ඇමෙරිකාව බලා ගොස් ඇතැයි අපට ආරංචි ලැබී ඇත.වොෂිංටනයේ ගුවන් තොටුපලින් ඔහු පිටතට ගොස් ඇත.

ප‍්‍රභාකරන් සිය දිවි නසාගත්තා.. අත්අඩංගුවට පත් වූයේ නෑ.. පුල්ලි මාරු කළ දිවියාගේ පාපෝච්ඡාරණය....!!!

කොටි සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මෙරට හමුදා නිලධාරීන්ගේ භාරයට නොගත් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරළිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, කොටි නායක ප්‍රභාකරන් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවයි.එහෙත්, ඔහුගේ බිරිය සහ දියණිය හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය බව කරුණා අම්මාන් අවධාරණය කරයි.

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා ....!!! හිතන්නට මොලේ නැති ජන කැලක අරුමේ

--ගීතාට එපා වූ සුවිස්ටරලන්තය--
• සුන්දර සුවිස්ටරලන්තය මනරම් දසුන් පිරි

මුවපුරා සිනා රැදී මිනිසුන් සුවෙන් පිරි
වසන්තය මල් දරා රැදී අසිරි සිරි පිරි

දිවිගෙවනු හැකිනම් පෙර පිනක් වේ සපිරි
• ගීතාට එපාවූ සුරපුරක අසිරි
තම රටට ඇති ඇල්ම පැනනැගුණි පිපිරී
ගුටි කෙලන් ඉදින්නට ඉන්ට තැන පිපිරී
කුණුහරුප පලන්නට ආසාව විසිරී

Saturday, August 29, 2015

ආණ්ඩුව ජනතාව රවටමින් ඇමරිකා කුමන්ත‍්‍රණයේ..

ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුවද ජනතාවද රවටමින් සහාය දෙමින් සිටින්නේ යයි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත, ආචාර්ය දයාන් ජයතිලක  පවසයි.හඬ පට සහිතයි

සංගා දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. ඒත් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් වෙන්න සුදුසුකම් නැභැලු...!!!

කුමාර සංගක්කාර  දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් බව සැබෑ නමුත් ඔහුට බි‍්‍රතාත්‍ය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට ආරාධනා කිරීම ප‍්‍රශ්නකාරී බව එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා හිටපු නියෝජිත තමාරා කුනනායකම්  පවසයි.

මෛත‍්‍රී යන්නේත් ඒකාධිපති ගමනක්..

ජනාධිපති මෛත‍්‍රිපාල ගේ නායකත්වය යටතේ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාධිපති ගමනක යන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක  පවසයි.
විපක්ෂ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වැනි තනතුරු සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමෙන් එම ඒකාධිපති ස්වරූපය පෙන්නුම් කරන බව මන්ත‍්‍රිවරයා කියා සිටී.භඬ පටය සහිතයි

ගීතා ගෙදර යයි...පියසේනට පින පෑදේ.....!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීමේ ඉඩක් ඇතැයි ගාල්ලේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊට හේතු වී ඇත්තේ ඇය ස්යිට්සරලන්තයේ හා මෙරට  ද්විත් පුරවැසිභාවය ලබා තිබීමයි.

හොර යහපාලනය සහ ඇත්ත යහපාලනය

ආණ්ඩු බලය ලබා ගැනීමට දීප ව්‍යාප්ත ව දියත් කළ 'අන්න හොරා' - ජාතික ව්‍යාපාරය සහ 'මරං කමු' - විකල්ප බලවේගය, දැන් දියාරු වී ගොසිනි. ඡන්දය අවසන් වීමෙන් පසු, කිසිදු පක්ෂයකට වැඩි බලයක් හිමි නොවුණු අතර, ආණ්ඩු පිහිටුවීම සඳහා තනි පක්ෂයකට ශක්තියක් අත් වී නො තිබිණි.
ජාතික ආණ්ඩු උප්පරවැට්ටිය ආවේ එ් අර්බුදයෙන් ගොඩ ඒමට ය. ජාතික ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගැනීමේ මනාප පොරය ඇරඹුණේ ඉන් පසුව ය. ඇමති ධූර සංඛ්‍යාව 30ක් වන බව දැනගත් විට, රටට හිතැති දේශපාලුවන් ගේ ඉහමොළ රත් වෙන්නට පටන් ගැනිණි. 19වැනි සංශෝධනයේ හරස් පොල්ල වැටී තිබුණු හෙයින් කට්ටියට යහපාලනයේ තිත්ත ද දැනෙන්නට විණි.

Friday, August 28, 2015

නාමල් බේබි ගේ සී.එස්‌.එන්. හි මූල්‍ය අක්‍රමිකතා සෙවීමට අධිකරණයෙන් අවසර

සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන පරීක්‍ෂණවලට සහාය ලබා ගැනීම සඳහා එම ආයතනය හා සම්බන්ධතා පැවැත්වූ බැංකු තුනක ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ වාර්තා ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කරන ලද ඉල්ලීමකට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල  (26 දා) අවසර දෙන ලදී.

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා - වෙලේ සුදෝ උඹ නාඬන්... දුමින්දයත් නැහැ අල්ලන්....!!!

සුරයන්ව යට ගොසින් අසුරයෝ මතුවෙච්ච
යුගයකදී සුදා නුඹ ලොවේ නම බැබලිච්ච
කුඩු ගසේ අංකුරක් නුඹ සැපට පීදිච්ච
ලොකු ගස් තියෙනවා නැලවිලා හැංගිච්ච

#රුපියල් විස්ස හොරකම් කර අහුවෙච්ච
මිනිහෙක් කුසගින්නේ දවසක් කරවෙච්ච
හිරගෙට යැව්වේ මෑතක දින පහුවෙච්ච
කෝටි ගණන් ගැන ගන්නට බැරිවෙච්ච

Thursday, August 27, 2015

කුක්කන්ගේ විගඩමේ ඇතුල් පැත්ත....

ඊළඟ සතිය වනවිට අලුත් ආණ්‌ඩුවට සති දෙකක්‌ පිරේ. එතරම් කලක්‌ ගතවී තිබියදීත් තවමත් ඇමැති මණ්‌ඩලය දිවුරුම් දී නැත. පනතක්‌ ගෙන ඒමේදී හෝ යම් තීරණාත්මක කාරණයක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ප්‍රමාදයක්‌ මතුවීම අපට තේරුම් ගත හැකි වුවද ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට ප්‍රමාද වීම ගැන තේරුම් ගැනීම අපහසුය. මේ බාලගිරි දොaෂයට හේතුව රාහු කාලය නොවේ. නැකත් නැති වීමද නොවේ. අත්සන් ප්‍රශ්නයක්‌ ද නොවේ. ඇත්තේ බෙදා ගැනීමේ ප්‍රශ්නයකි. හරියටම කිව්වොත් "ෂයිලොක්‌ ව්‍යාපෘති" ක්‍රියාත්මක වීමය. දැන් අපට සිතෙන්නේ ජාතික ආණ්‌ඩු හැදීම මෙපමණ අමාරු නම් හැදූ පසු කරගෙන යැම කොතරම් අමාරුවේද යන්නය.

ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි


නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම යළිත් කල් යන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම කලින් ප්‍රකාශ කළත් එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
ජාතික රජයක ඇමැති මණ්ඩලය සාමාජිකයන් 30දෙනකුට වැඩි වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුව ඇත.

සුදාගේ යස සුද.....

වසර  දෙකක කුඩු  ජාවාරමෙන්  රුපියල්  කෝටි විස්සකට  අධික මුදල්  හා  දේපළ උපයා  ගත් බවට  වෙලේ  සුදාටත් , ඔහුගේ  බිරියට හා  ඥාති  සහෝදරියටත් එරෙහි මුදල්  විශුද්ධිකරණ පනත යටතේ  පවරා  ඇති  නඩුව ලබන දෙසැම්බර්  මාසයේ  සිට විභාග කිරිමට  කොළඹ  මහාධිකරණ විනිසුරු  දේවිකා  ද ලිවේරා  තෙන්නකෝන්  අද (27) නියෝග කළාය.

වංචා දූෂණ කොමිසමට පැමිණිලි ගලයි

බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි 800කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එහි ලේකම් ලැසිල් ද සිල්වා  පැවසීය.
මෙම කොමිසම ස්ථාපිත කළ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ගෙවුණු මාස හතරකදී එම පැමිණිලි ලැබී ඇත....

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -

චන්දය මොකට හොරු ගෙදරම යවනු බැරි
නඩු හබ මොකට වරදට දඩුවමක් බැරි
නායකයන් මොකට හරි තීරණය බැරි
ජහ මනයන් මොකට මේ දේ සිතනු බැරි

රට ගැන නොසිත ඕනෙම ජඩකමක් කල
දෙනෝ දාහක් මැද ගිනි අවි පත්තුකළ
උන් කර අඹන්නට කතිරය මහා බල
මොනවා කරන්නද නීතිය කෙහෙල්මල

මහින්දට කබ්රාල්ට අර්ජුන් මහේන්ද‍්‍රන්ට බෑණාට එරෙහි නඩු ඉවත්කර ගනියි...

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන තිබේ.බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත‍්‍රී...රේණුක පෙරේරා විසින් ගොනු කර තිබුණු මෙම පෙත්සම අද  27 පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කැබිනට්ටුව 45යි..ශ‍‍්‍රීලනිපයට ඇමැති ධූර 15ක් දී එජාපය 30ක් ගනී...!!!

ලබන 02 වැනිදා දිවුරුම් දීමට නියමිත එජාප*ශ‍‍්‍රිලනිප හවුල් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර 15 ක් පමණ ශ‍‍්‍රීලනිපයට ලබ දීමට එකගතාවයට පැමිණ තිබේ.තවත් ඇමති කම් 30ක් එජාපයට ලෙස කැබිනට් ඇමතිවරුන්...45ක් පත් කිරීමට නියමිත යයිද දැනගන්නට ඇත.

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -

චන්දය මොකට හොරු ගෙදරම යවනු බැරි
නඩු හබ මොකට වරදට දඩුවමක් බැරි
නායකයන් මොකට හරි තීරණය බැරි
ජහ මනයන් මොකට මේ දේ සිතනු බැරි

රට ගැන නොසිත ඕනෙම ජඩකමක් කල
දෙනෝ දාහක් මැද ගිනි අවි පත්තුකළ
උන් කර අඹන්නට කතිරය මහා බල
මොනවා කරන්නද නීතිය කෙහෙල්මල

හලාවත සතොස සිත් සේ ජරාව බෙදා මාට්ටු.....!!!


 සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් බෙදා දීමට නියමිතව තිබූ ‍මිනිස් පරිභෝජනයට නුසුදුසු පෝෂණ මළු 06 ක් තම බාරයට ගෙන ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සමුපාකාර සමිතියට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් පාලනය කරන කන්ජික්කුලිය ප්‍රාදේශීකය විසින් ගැබිණි මව්වරුන්ට බෙදා දී ඇති පෝෂණ මළු වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ඇති බවට ලැබී තිබූ ‍තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ ...!!! Case Close....!!!

ගෝඨාගෙයි තව හතරකගෙයි රට ගමන් තහනම ඉවතට
නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන්
පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට පනවා තිබූ නියෝගය අද (27) ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර  තීරණය කළාය.

අමාත්‍යාංශ පෙරළි රැසක්....!!! මුදල් අමාත්‍යාංශය නැවත හොර කරුපයියාට....!!!

උසස්‌ අධ්‍යාපන - සමෘද්ධි - කෘෂිකර්ම

වාරිමාර්ග - මහා මාර්ග ඛනිජ තෙල් ශ්‍රීලනිපයට
අමාත්‍යාංශ රැසක විෂයපථයන් ද වෙනස්‌ වේ


* චම්පිකට මෙගා පොලිස්‌
හොර කරුපයියාට මුදල්
* කබීර්ට බැංකු හා මූල්‍ය
* මලික්‌ට විදේශ ආයෝජන
* රුවන්ට මහජන සාමය

සජීවී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කල සැකකරු දිවි නසා ගනී...!!!

සජීවී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනා ඝාතනය කළ සැකකරු දිවි නසා ගනී...අමෙරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේ මොනීටාහිදී සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර Virginia WDBJ7
නාලිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබේ. සජීවී රූපවාහිනී වාර්තාවක් ගෙන එමින් සිටි අමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු...අදාළ දර්ශන පෙළ පහතින්...

Wednesday, August 26, 2015

සන්ධාන සෙසු පක්‍ෂ බුලත් කොලය අතහැර නව සන්ධානයක් හදයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර පක්‍ෂ කිහිපයක් ඒකාබද්ධව නව සන්ධානයක් ආරම්භ කිරීමට සාකච්ඡ ආරම්භ වී ඇත.
මෙම පිරිස ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අලූත් සන්ධානයකින් තරග කිරීමටද සූදානමින් සිටී.

මත්තල උපකරණ ගලවා ඉවත් කරයි.. වී ගබඩා කරන්න සියල්ල සූදානම්..

සුරියවැව මත්තල ගුවන් තොටේ වී ගබඩා කිරීමට ගෙන ඇති තීරණය අනුව එහි සවිකර තිබෙන සංවේදී උපකරණ ගලවා ඉවත් කරගන්නා ලෙස උපදෙස් ලැබී ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

පැරදුණ දේශපාළු අපතයන්ගේ ලිපිය....!!!

දේශපාලන කුමන්ත‍්‍රණකරුවන්ගෙන් සහ කල්ලිවාදයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගත් පිරිසකට ජැතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව වඩාත් නිවැරදි තීන්දුවක් බව සදහන් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මෙසේය.

මගේ රට නම් හොදයි ඔබ සැම නැතුවානම් ....!!!- නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා- කියයි...!!!

මහතුණි කදුළු කලතන මනරම් දෙසුම
ඇසුවෙමි කනට හද එකතුව එකසේම
හිතයට නැගෙන පොඩි පොඩි කටු කුටු ගෑම
කතිකා කරුණු හොදයැයි සිතුනා බෝම

ජූනියස් රිචාඩ් ගරුතර මැති උතුමා
පැල කල ගසේ අද පල නෙලන සේමා
මහ ජාතියක මහ මුල රැක ගනු සේමා
සුළු ජාතියේ වැරපට ඇවසී බෝමා

මිථ්‍යාව නිසා අකාලයේ මරු වැළඳ ගත් පවුලක්...!!!

ලෝකයේ විද්‍යාව කෙතරම් දියුණු වුවත් ඇතමුන් තවමත් මිථ්‍යා මත කෙරෙහි එල්ඹ ගෙන සිටීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද...?ඒ නිසාම තවමත් ඇතමුන් නොපෙනන බලවේග පසුපස යමින් තමන්ගේ ගැටළු වලට විසදුම් සොයා ගන්නට උත්සහ කරති.ඇතමුන් සෙතක් ශාන්තියක් ලබන බව පැවසුවද බොහෝ දෙනෙකු සදහන් කරන්නේ තමන් කාගේ හෝ ගැටයකට අසුවූ බවකි.

ඒ ආකාරයට තමන්ගේ නිවසේ පවතින බව කියන භූත දෝෂයක් ඉවත් කර ගැනීම සදහා දෙවොලකට ගිය පියෙකුට සහ දියණියකට ආපසු තමන්ගේ නිවසට යහතින් පැමිනෙන්නට නම් සිදු වූයේ නැත. මේ අවාසනාවත්ත සිද්ධිය වාර්තා වන්නේ අණමඩුව - කොට්ටුකච්චිය ප්‍රදේශයෙනි.

හලාවත ධීවර අනතුරක්....


මසුන් මැරීම සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු අතුරුදහන්වී ඇති අතර එහි සිටි
තවත් ධීවරයෙක් ජීවිතය බේරා ගෙන ඇත.
අතුරුදහන්වී ඇත්තේ හලාවත - වට්ටක්කල්ලිය පදිංචිව සිටි සංජීව ලෝව් (අවු:43)නම් විවාහකයෙකි.
අනතුරට පත්වූ බෝට්ටුවේ සිටි සුජීව තමෙල් යන ධීවරයා ජීවිතය ගලවා ගෙන ඇත.
පසුගිය 25 වැනිදා සවස මසුන් මැරීම සදහා එක් දින යාත්‍රාවකින් මෙම ධීවරයින් දෙදෙනා මුහුදු ගොස් ඇත.මසුන් මැරීමෙන් අනතුරුව ඔවුන් ආපසු එමින් සිටින විට රාත්‍රී 9.15 ට හලාවත මෝය කට ආසන්නයේදී බෝට්ටුව පෙරලී ගොස් අනතුර සිදුවී ඇත.අනතුරට පත් බෝට්ටුවේ සිටි එක් ධීවරයෙකු ජීවිතය බේරා ගෙන ඇති නමුත් අනෙක් ධීවරයා අතුරුදහන්වී ඇත.

Rain can play a mobile phone

වැස්සේදීත් ඔබගේ ජංගම දුරකථනය නොතෙමා ගේම් ගහන්නෙ මෙහෙමයි....

බ්‍රසීලයේ ඩුප්ලිකේට් හල්ක්....!!!

 ලංකාවේ බොහෝ දෙනෙකුට මතක ඇති ඉස්සර ජනප්‍රියවූ රූපවාහිනී වැඩසටහනක් ඉන්ක්‍රෙඩිබල් හල්ක් කියලා.ඒ මනඃකල්පිත කථාවේ හල්ක් මෙන් අවශ්‍යයවූ විට සිරුරේ මාංශ පේෂීන් වර්ධනය කර ගත හැකි අපූරු කෙනෙක් බ්‍රසීලයේ ජීවත්වෙනවා.
වයස අවුරුදු 25 වන මොහුගේ නම රොමාරියෝ ඩොස් සැන්ටෝස් අල්වේස් ( Romario Dos Santos Alves ) .තම ශරීරයට ඵන්නත් කොට ඇති කෘතිම රසායනික ද්‍රව්‍යයක් නිසා මෙසේ සිදුවී තිබෙනවා.
සෙසු ඡායාරූප පහතින්

Tuesday, August 25, 2015

‘ජීවිතවලින් ගෙවන්න බැරි ණය’ ගැන විමල් ගේ අදහස්....!!!

ආදි මානවයා ජීවත් වූ බවට සාක්‍ෂි සහිත බිමක් මේ අපේ මව් පොළොව. අපි තවමත් ආදි මානව ලෙන් සියල්ල පරික්‍ෂා කරලා නැහැ. එහෙම කළොත් ලොවම නොදන්නා ඉතිහාස කතාවක් මතු වේවි. වෙන කොතැනකවත් නොරැකුණු ආගමක් වසර 2500ක් තිස්සේ මේ පොළොවේ රැුකෙනවා. වෙන කොතැනකවත් නිර්මාණය නොවුණු භාෂාවක් මෙතැන නිර්මාණය වෙනවා. වෙනත් භාෂාවන්හි නොමැති ගුණාංග මේ භාෂාවෙහි තිබෙනවා.

වසීම් තාජුඞීන් සිරුර හමුවූ නාරාහේන්පිට පාක් රෝඞ් සෝදිසි කෙරේ....!!!

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ රිය අනතුරට පත්වූ නාරාහේන්පිට, පාර්ක් පාරේ ශාලිකා ක‍්‍රීඩාංගණය අසළ අද දින රහස් පොල අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සමග පරීක්ෂා කර ඇත.

ක්වන්ධ මළසිරුරක් නාත්තන්ඩියේ....!!!

 නාත්තන්ඩිය - වලහාපිටිය ප්‍රදේශයේ හොර වංගුව මාර්ගයේ 25 කණුව අසල තිබූ හමුවූ  හිස ක‍‍දෙන් වෙන්
කරන ලද මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරු ‍කල්හාරි සී.ලියනගේ  හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට 24 වැනිදා සවස නියෝග කලාය.

පසුගිය 24  වැනිදා සවස මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.

අපතයෙකු වන මර්වින්ට නොතීසි...!!!

මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු අතුරුදන් වීමේ සිද්ධියකට අදාළව පවත්වනු ලබන මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ සඳහා සාක්‍ෂි ලබා ගැනීමට හිටපු මහජන උපයෝගිතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට නොවැම්බර් 11 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය  ඊයේ (25 දා) නියෝග කළේය.

ඇමැති මණ්‌ඩලය පත් කිරීම අදියර දෙකකින්....!!!

නව ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරුන් හෙටත් (27 දා) නියෝජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අනිද්දාත් (28 දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්‌  පැවැසීය.

බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් පදවිය භාර ගැනීම ගැන සංගාගේ පිලිතුර

 ටෙස්ට් පිටියෙන් සමුගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාරට
බි‍්‍රතානයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාර ගන්නා මෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ආරාධනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඒ ගැන සංගාගේ පිළිතුර කුමක්දැයි ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විමසා තිබුණා.

සුසිල් ගහපු ගේම් එක ?..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට යතියි ආරංචි වූ බවත්, මැතිවරණයේ දී ඔහු ගැසුවේ ඩබල් ගේම් එකක්ද නැතහොත් ට‍්‍රිබල් ගේම් එකක්දැයි නොදන්නා බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ලියුම් ලිවුවේත්, ලේකම්වරුන් අස්කලේත් සන්ධානය දිනන බවට ලද වාර්තා නිසා

ජනපති කියයි
හිටපු ජනපති මහින්දට අගමැතිකම නොදෙන බවට ලිපියක් මගින් ලියා දැන්වුවේත්, සන්ධානයේ හා ශ‍්‍රීලනිපයේ ලේකම්ලා ධුරයන්ගෙන් ඉවත් කලේත් සන්ධානය මැතිවරණයෙන් ජයගන්නා බවට බුද්ධි තොරතුරු ලද පසු බව ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන  පවසා තිබේ.

Monday, August 24, 2015

පැරදුණු ඇමතිගේ ‘පුතයි ලේලියි‘ හොරෙන් පඩි අරන් මාට්ටු...!!!


මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු ඇමැතිවරයකුගේ පළාත් සභා මන්ත‍්‍රී පුත‍්‍රයා සහ ලේලිය නීති විරෝධී ලෙස මේ මාසය දක්‌වා රුපියල් ලක්‍ෂ ගණනින් වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.

කරුපයියාට බිංදුව....!!!

කරුපයියා ගේ විරෝධය මැද
මුදල් ඇමතිකම හර්ෂට..

එජාප - ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය කරුපයියා ට ලබා නොදීමටත් ඒ වෙනුවට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වාට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමීය ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ප‍්‍රංශ දුම්රියක් බේරයි..

දුම්රියේ ගමන් ගත් අමෙරිකානු
සෙබලූන් දෙදෙනෙකු නිසා
විශාල ජීවිත ගණනක් රැුකේ..


බෙල්ජියමේ සිට ප‍්‍රංශය දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියකට 22  එල්ල වන්නට ගිය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වලක්වා ගැනීමට හැකිව තිබේ.
ඉස්ලාමීය ත‍්‍රස්තවාදියෙකු මෙම දුම්රිය තුළ මහා ජන සංහාරයක් සිදු කිරීමට සූදානමින් සිට ඇති අතර ඔහුව තම ග‍්‍රහණයට ගෙන විශාල ජීවිත ගණනක් බේරා ගැනීමට දුම්රියේ ගමන් ගත් අමෙරිකානු සෙබලූන් දෙදෙනෙකු සහ සිවිල් අමෙරිකානුවෙකු සමත් වී ඇත.
වීඩියෝ සහිතය

හලාවත ආපන ශාලා පරීක්ෂා කිරීම ....!!!

හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය සමය වෙනුවෙන් පවත්වා ගෙන යන පළතුරු සහ රසකැවිලි අලවි සැල් මෙන්ම ආපන ශාලා පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් 24 වැනිදා දහවල් සිදු කරන ලදි.
විශේෂයෙන්ම දේවාලයේ පුජාවන් සදහා යොදා ගන්නා පළතුරු වට්ටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  අවධානයට ලක් විය.
මෙම මෙහෙයුමේදී පළතුරු සහ රසකැවිලි අලවි කළ ස්ථාන 60 ක් සහ ආපන ශාලා 20 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ පරීක්ෂාවට ලක්වී ඇත. මෙහිදී පරිභෝජනයට නුසුදුසු පළතුරු පූජාවන් සදහා අලවි කිරීම සදහා ප්‍රදර්ශණය කර තිබූ ව්‍යාපාරිකයින් විශාල පිරිසකට අවවදා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එවැනි  පළතුරු අලවි කළ ස්ථාන 12 ක තිබූ පළතුරු විනාශ කිරීමට කටයුතු කරන ලදි.

ඊශ්වර දේවාලයේ ගිනි පෑගීම 24 ....!!!

හලාවත - මුන්නේෂ්වම පිහිටි ඊශ්වර දේවාලයේ ගිනි පෑගීම 24 වැනිදා සවස සිදු කරන ලදි.මෙම ගිනි පෑගීම සදහා සහභාගි වීම සදහා හින්දු බැතිමතුන් උඩප්පුවේ සිට දුර කතර ගෙවාගෙන මුන්නේෂ්වරම දේවාලය කරා පැමිනෙන ආකාරය ඡායාරූපයේ වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.