ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 31, 2015

Bond Scam ....බැඳුම්කර වංචාව.....!!!

ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ මහා, මහබැංකු බැදුම්කර මුදල් වංචාව, ඉතාමත් සරල බසින්........... ඔබ සැමම බැලිය යුතු විඩියෝවකි .........
ආසියාව බඩ ගාද්දි තමයි අපි මහවැලිය හැදුවේ’ - සුජීව සේනසිංහ
මේ රටේ ඈත හෝ මෑත ඉතිහාසය පිළිබඳ ව මෙලෝ දෙයක් නොදන්නා අලුත් පරපුරට (?) බොරු කියමින් ඔවුන් ගොනාට අන්දන්නට, සුජීව සේනසිංහලා කෙබර කෙළිමින් සිටිති.
එහෙත් එක්සත් ජාතික පක්ෂය සැමදාම සිදු කළේ අනුන් ගේ දේවල් මංකොල්ල කෑම ය. එසේ මංකොල්ල කා, සංවර්ධනය හබක් කිරීම ය.
1976දී, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද මහවැලි සංවර්ධන වැඩ සටහන, මුලින් නියමිත ව තිබුණේ වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට ය. එය එපමණ සංකීර්ණ සංවර්ධන වැඩ සටහනකි. මේ ක්‍රියාවලිය, 1977 ආණ්ඩු පෙරළියෙන් පසු, ‘පස් අවුරුදු සැලැස්ම’ බවට පත් කළෝ, එජාපයේ ‍මෝල් නායකයෝ ය.
‘පස්’ අවුරුදු යන්නෙන් 5 සංකේතවත් විය හැකි වුවත්, එජාපයේ ‘පස්’ යනු පස් ය. දැන් මහවැලි ජනපදිකයන්ට සිදු ව ති‍බෙන්නේ පස් කන්නට ය.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ මුල් සැලැස්මට අනුව, එය අවසන් කිරීමෙන් පසු රජරට නියඟයක් ඇති විය නොහැකි ය. එහෙත් අදටත් රජරට නියං සිදු වන බව ප්‍රකට ය‍‍. එයින් කදිමට පැහැදිලි වන්නේ මහවැලියෙන් අපේක්ෂිත ප්‍රධාන ඉලක්ක සපුරා ගැනීමට නොහැකී වී තිබෙන බව ය. එය අදටත් මෙරට පරිසර පද්ධතියට නො ගැලපෙන ආකාරයෙන් ගොඩ නගන ලද, කොන්ක්‍රීට් ඇළවලට දිනපතා පාහේ වැටෙන අලියන් ගෙන් ද සංකේතවත් වන බව සඳහන් කළ යුතු ය. අලි-මිනිස් ගැටුම යනු, අසාර්ථක කඩිනම් මහවැලියේ ප්‍රධාන සමාජ පාරිසරික ගැටලුවකි. සංවර්ධනය යනු, මෙවැනි අලුත් සමාජ සහ පාරිසරික අර්බුද නිර්මාණ කිරීම නො වේ.
1977දී, අවුරුදු 5කින් අවසන් කරන බවට, එජාපය, තප්පුලෑ නමුත්, එහි අවසන් අදියර නිම කෙරුණේ 2014 වර්ෂයේදී ය. ඒ අනුව අවු.5කින් අවසන් කෙරෙන බවට පම්පෝරි ගැසූ එජාපයේ ඊනියා කඩිනම් මහවැලිය අවසන් කරන්නට අවු.30කට අධික කාලයක් ගත කර තිබේ. (සබාවේ සිනා)
මෙහිලා වටහා ගත යුතු කරුණක් නම්, මහවැලියෙන් ජල විදුලි බලයට දායකත්වයක් ලැබී ඇතත්, එයින් සමස්ත සංවර්ධන වැඩ සටහන ආවරණ වී නොමැති බව ය. මෙරට විද්වතුන් විසින් වික්ටෝරියා වේල්ල ඉදි කෙරෙන ස්ථානය යට, අදටත් තිබෙන ස්වාභාවික පැල්ම පිළිබද අවදානම යොමු කළත්, එජාපය ඒ පිළිබඳ ව නොසලකා හරිමින් වි‍දේශීය සමාගම්වලට අවශ්‍ය ආකාරයෙන් එකී වේල්ල ඉදි කරන්නට ඉඩ දුන් බව ප්‍රකට ය. යම් කිසි දිනක මේ පැල්මේ විවරය පළල් වීමේ අනතුරක් තිබෙන බව ශ්‍රී ලාංකික විද්වතුන් ගේ මතයයි.
කෙසේ වෙතත්, එජාප කඩිනම් මහවැලියේ තරම, මුල් පරම්පරාවෙන් ම අවබෝධ විණි. එනම් දෙවැනි පරම්පරාවට වගා කරන්නට ඉඩම් නොමැති ව කාලකණ්ණි විම ය. අද යුනියන් පෙදෙසේ දූවිලි මැද වසා තිබෙන මහවැලි නිෂ්පාදන අලෙවිසල සංකේතවත් කරන්නේ, එජාප කඩිනම් මහවැලියේ පම්පෝරියයි. අද මහවැලි නිෂ්පාදන නමින් ප්‍රකට ව තිබෙන්නේ ‘මහවැලි බ්‍රොයිලර් චිකන්’ (සබාවේ උස් හඩින් සිනා) ය. ‘මහවැලි සහල්’ නමින් ප්‍රකට වූ අඩු මිල සහල් වර්ග අපේ රටේ අහන්නට දකින්නට නැත. ඒ වෙනුවට ඇත්තේ, කලක් මහවැලි අමාත්‍ය ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේනලා ගේ, සිරිසේන පවුලට අයත්, ‘අරලිය’ වැඩිමිල සහල් ඒකාධිකාරය ය.
මෙවැනි අලකලංචිවලින් ගහණ මහවැලි ඉතිහාසයේ සැබෑ මුහුණුවර ඇත්තේ, 88/89 භීෂණ සමයේ ය. එජාප ඊනියා කඩිනම් මහවැලියට පැමිණ මුළා වූ පවුල්වල දෙවැනි පරම්පරාවේ තරුණ තරුණියෝ සමාජයීය වශයෙන් අනාථ වීමෙන් පසු, ඔවුහු ජවිපෙ ක්‍රියාත්මක කළ කැරැල්ලට බහුල වශයෙන් සම්බන්ධ වූහ.
එජාප ම්ලේච්ඡ නායක හැත්ත බුරුත්ත ඊට පිළිතුරු ලබා දුන්නේ ටයර් සෑයෙනි.
සුරංගනා කතා කියා, ආරම්භ කළ කඩිනම් මහවැලිය, මිනීමරු කොළ කොටියන් ගේ වධකාගාරයක් බවට පත් වූයේ, බටහිර ගැති සංවර්ධන මිථ්‍යාවට සාප කරමිනි.
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.