ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 15, 2015

අද නළුවෝ ජනප්‍රිය වුණාට විරයෝ නොවෙයි....! ලයනල් වික්‍රමගේ

ලයනල් වික්‍රමගේ කියන්නේ කවුද කියන එක

හඳුන්වලා දෙන්න ඕන කොහොමද...?

මෙහෙමයි. මම මීට පෙර පුවත්පත් සාකච්ඡා ගණනාවකට මේක කියලා තියෙනවා. මම මහනුවර කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලේ ඉගෙනුම ලැබුවේ. මගේ ගම් පළාතත් මහනුවරයි. පස්‌සෙ කාලෙක මම මහාමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියකු හැටියට සේවයට බැඳෙනවා. ජාවත්තේ තමයි මගේ පළමු රැකියා ස්‌ථානය පිහිටා තිබුණේ.එතැන ගබඩා පාලකවිදියට වැඩ කළා" "සෝමසිරි දෙනිපිටිය"...... මම අදටත් පිළිගන්නවා ඔහු විශිෂ්ට රංගන ශිල්පියෙක්‌ කියලා. දවසක්‌ ඔහු මට කිව්වා "මල්ලි උඹට තියෙනවා නළුවකුට හරියන ගතියක්‌. මොනවට හරි මම කතා කළොත් එනවද" කියලා. මම "හා" කිව්වා. මට රඟපාලා පුරුද්දක්‌ තිබුණෙත් නෑ. මට මුල්ම වතාවට රඟපාන්න ලැබුණේ තිස්‌ස අබේසේකරගේ.... චිත්‍රපටයේ. ඒ "බේබි මහත්තයා" කියලා සුළු චරිතයකට තමයි මම පෙනී සිටියේ. ඒක තමයි ආරම්භය.

ඊට පස්‌සේ දිගටම රංගනයට සම්බන්ධ වුණාද?

මෙහෙමයි මම අර බේබි මහත්තයාගේ චරිතය කරන්න සති දෙකක්‌ රස්‌සාවේ නිවාඩු දාගෙන කලුතර ගිහින් නතර වුණා. ඒ දර්ශන දෙකකට ඉන්න විතරයි. ඊටපස්‌සේ මට දිගටම චිත්‍රපට ලැබුණා.

ඔබට ගාමිණී ෆොන්සේකා සමගත් වැඩ කරන්න ලැබෙනවා.

ඔව්..... සෝමසිරි දෙනිපිටිය මා ගාමිණීටත් හඳුන්වලා දුන්නා. මට "සාගරයක්‌ මැද" "සක්‌විති සුවය" වගේ චිත්‍රපටවල රඟපාන්න ලැබුණා. ගාමිණී මාව හොයලා තිබුණා "කොටි වලිගය" චිත්‍රපටයට. හැබැයි මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා.

ඒ කියන්නේ රංගනය අතහැරෙන්න පටන් ගන්නවද?

නෑ...... ඒත් රස්‌සාවත් එක්‌ක මට තිබුණේ සීමිත කාලයක්‌...... නුවර හිටපු මගේ හොඳ මිත්‍රයෙක්‌ තමයි "ධර්මසේන පතිරාජ". හැබැයි එයා මම රඟපානවා කියලා දැනගෙන හිටියේ නෑ. "සාගරයක්‌ මැද" චිත්‍රපටය බලලා එයා මට කතා කළා. "විකී මම දැනගෙන හිටියේ නෑ..... චිත්‍රපටවලට සම්බන්ධ වෙලා කියලා." මම එතකොට කිව්වා ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්‌ කියලා. මට වර්තමාන ක්‍ෂේත්‍රයේ අය හුඟක්‌ ලයනල් කිව්වට පරණ අය මට කතා කරන්නේ "විකී" කියලා. පස්‌සේ කාලෙක මම පතිරාජ එක්‌කත් එකට වැඩ කළා.

1986 දී මම රස්‌සාවෙන් විශ්‍රාම ගත්තට පස්‌සෙ ධර්මසේන පතිරාජ මට කිව්වා "ෆුල්ටයිම්" වැඩ කරන්න එන්න කියලා. එදා ඉඳලා අද වෙනතුරු මම ක්‍ෂේත්‍රයේ ඉන්නවා.

හැබැයි ඒ නළුවෙක්‌ විදියටම නෙවෙයි. ඔබ ක්‍ෂේත්‍රයේ වෙනත් අංශවලටත් සහභාගි වෙනවා.

ඔව්. පූර්ණකාලීනව වැඩ කරන්න පටන් ගත්තට පස්‌සේ. "පතී" ගේ හැම ටෙලිනාට්‍යයකම හැම ෆිල්ම් එකකම විධායක නිෂ්පාදක හැටියට කටයුතු කළා. හැබැයි මෑතකදී මම "කම්පිත විල" නිර්මාණයේ විධායක නිෂ්පාදක විදියටත් වැඩ කළා රඟපාන ගමන්..... ඊට පස්‌සේ මම කිව්වා තවදුරටත් මට මේක කරන්න අපහසුයි කියලා. මට ටෙලිනාට්‍යවලට එන්න ලැබුණේ පතිගේ "ගඟුලෙන් එගොඩට" ටෙලිනාට්‍යය තුළින්. ඒකට ජාත්‍යන්තර සම්මාන ලැබුණා. මා එක්‌ක "ලක්‍ෂ්මන් මෙන්ඩිස්‌", "සිරිල් වික්‍රම", "චාන්දනී සෙනෙවිරත්න", "රම්‍යා වනිගසේකර" වගේ විශාල පිරිසක්‌ ඒ නිර්මාණයෙන් ටෙලිනාට්‍යවලට පිවිසුණා. මම පළමු වතාවට "හාමු" කෙනෙක්‌ගේ චරිතයක්‌ රඟපෑවේ පතීගේ "ඇල්ල ළඟ වලව්ව" ටෙලිනාට්‍යයේයි.

මේ වෙනකොට ටෙලිනාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?

මම හිතන්නේ "පතී" ගේ ඇරුණු කොට ටෙලිනාට්‍ය 150 කට විතර සම්බන්ධ වුණා.

ටෙලිනාට්‍ය එකසිය පනහක හිටියට ඔබ වඩාත් ජනප්‍රිය වුණේ "බට්‌ටි" ටෙලිනාට්‍යය තුළින්.

ඔව්....... ඒක තමයි ඇත්ත....... මම කොයිතරම් සැලකිය යුතු චරිත කළත් ජනප්‍රිය වුණේ බට්‌ටි ටෙලිනාට්‍යයේ "ආටි හාමුගේ" චරිතය. මම හිතන්නේ ඒක දිනපතාම වගේ විකාශය වීමයි. අනෙක්‌ ටෙලිනාට්‍යවල මම පෙනී හිටින චරිත මුණගැහුණේ සතියකට එක්‌වරයි..

බට්‌ටි "චිත්‍ර කතාව" රස විඳපු පිරිසට තමන්ගේ හිතට වැදුණු චරිතයම ටෙලිනාට්‍යයෙන්a මුණගැහුණා කිව්වොත් හරිද?

ඔව්..... ඒකත් වෙන්න පුළුවන්. අදටත් මට මොන තරම් ටෙලිනාට්‍ය රසිකයන් හිටියත් ඈත ගමකට පවා ගියාම කට්‌ටිය කතා කරන්නේ "ආටි හාමු" චරිතය ගැන කියලයි.

ඔබ ක්‍ෂේත්‍රයට ආ කාලය හා වර්තමාන කාලය අතර වෙනස ගැන මොකද හිතෙන්නේ.

ඇත්තටම ඕකට කෙටි පිළිතුරක්‌ දෙන්න හරි අමාරුයි. ඒ කාලයේ සිනමාව කියන එක තමයි මිනිස්‌සුන්ට තිබ්බ ආකර්ෂණීයම රූපමය විනෝදාස්‌වාද අත්දැකීම. නමුත් රූපවාහිනිය ආවට පස්‌සේ ඒකෙ පොඩි වෙනසක්‌ ඇති වුණා කියන එක පිළිගන්න වෙනවා. නැතිනම් ඇත්තටම ඉස්‌සර නළුවෙක්‌ව වීරයෙක්‌ හැටියට නේ සැලකුවේ. ඒ ජනප්‍රියත්වය බොහෝම වැදගත්.

ඒ කියන්නේ අද ලැබෙන්නේ නොවැදගත් ජනප්‍රියත්වය තියෙන එකද?

මම අදහස්‌ කරන්නේ මේකයි........ ඒ කාලයේ නළු නිළියෝ කියන්නේ දේවත්වයෙන් පුදන තරමටම සමීප චරිතයක්‌. ඒ ජනප්‍රියත්වය එච්චරකටම බලගතුයි. අපි නිකං කතා කළොත් ගාමිණී, විජය වගේ අයට තිබ්බ ගෞරවනීය පිළිගැනීම, ජනප්‍රියත්වය අද ඉන්න අයට තියෙනවද?

ඇයි ඉතිං එහෙම වුණේ......

මෙහෙමයි. ඒ කාලයේ නළුවෙක්‌ නිළියෙක්‌ වෙනවා කියන එකත් ලේසි නෑ. මට ලැබුණේ අහම්බ අවස්‌ථාවක්‌ වුණත් මම අද ඉන්න තත්ත්වයට එන්න විශාල කැපකිරීමක්‌ කළා. ඒක රසිකයන්ගේ හදවතට දැනෙනවා. ජෝ, සිරිල්, ගාමිණී, විජය මේ වගේ අය කවදාවත් ජනප්‍රියත්වය වෙනුවෙන් බාල වැඩ කළේ නෑ. මිනිස්‌සු ඒ අය දැක්‌කම කතා බහ කළේ වැළඳ ගත්තේ හෘදයාංගමවයි. ඒකට වයස්‌ බේදයක්‌ තිබුණේ නෑ. ඒත් අද එහෙම තත්ත්වයක්‌ තියෙනවාද?

මේ කතා කරන්නේ කොයි පරම්පරාව ගැනද?

නෑ... මම එහෙම කණ්‌ඩායමක්‌ ඉලක්‌ක කරගෙන කතා කරනවා නෙවෙයි. නමුත් ඔබ කල්පනා කරලා බලන්න සිනමාවේ "ජීවන්", "සනත්" යුගයෙන් පස්‌සේ "මෙන්න සිනමා නළුවා" කියන්න කෙනෙක්‌ බිහි වුණාද කියලා.

එතකොට නිපදවෙන චිත්‍රපටවල ඉන්න අලුත් පරම්පරාව......

අලුත් අය එන එක හොඳයි...... ඒ අයගෙන් කවුද අර මම කිව්ව ගාමිණි - විජය වගේ ප්‍රතිරූපයක්‌ හදාගෙන ඉන්නේ............... මම මේ කියන්නේ "ෆයිට්‌ කරන වීරයා" ගැන නෙවෙයි. සිනමාත්මක පෞරුෂයක්‌ ගොඩනඟාගත්ත රංගනයේ හැකියාවක්‌ තිබෙන අය ගැනයි. මට අලුත් පරම්පරාවේ එහෙම චරිත දෙක තුනක්‌ පමණක්‌ පේනවා........ උදාහරණයක්‌ හැටියට "පුබුදු", "ගයාන් වික්‍රමතිලක" වගේ තරුණයෝ............ ඒ අය තමන්ගේ චරිතය වෙනුවෙන් කැප වෙන එක දකිනකොට මට අපේ පරණ අය මතක්‌ වෙනවා. මේක විවේචනයක්‌ නොවෙයි. හැබැයි මේ ක්‍ෂේත්‍රයට එන කිසිවකුත් අපිට අවතක්‌සේරු කළ හැකි අය නොවෙයි.

එතකොට "රංගන පෞරුෂය" ගොඩනැඟෙන්න තරම් සිනමාපට හැදෙනවාද කියන ප්‍රශ්නයකුත් මට තියෙනවා.

ඒක හරියටම හරි... ඉස්‌සර ෆයිට්‌ තියෙන, සිංදු තියෙන චිත්‍රපටවලට මිනිස්‌සු බැන්නා. විචාරකයෝ අමු අමුවේ විවේචනය කළා. ඒත් අද වෙනකොට සිංදු µයිට්‌ තියෙන එක නළුවෙක්‌වත් මිනිස්‌සු ගණන් ගන්නේ නෑ. කෝටි ගණන් වියදම් කරලා හැදුවත් නළුවකුට ඒකෙ කරන්න දෙයක්‌ නෑ. සමහර වෙලාවට නළුවා නිකංම නිකං පෙනී හිටිනවා විතරයි.

ඔහොම කියනකොට ඔබට ඔබේ රංගන පෞරුෂය ගොඩනඟාගන්න හැකියාවක්‌ ලැබී නැද්ද කියන ප්‍රශ්නෙත් එනවා.

මම ඉතාම සතුටින් කියන්නේ මට මුල ඉඳලම ලැබුණේ ඒකට හරියන චරිත........ මොන හේතුවක්‌ උඩ හරි මම ඒ අතින් වාසනාවන්තයි.

උදේශ සංජීව ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.