ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 25, 2015

පුත්තලම් පුවත්....!!!


 එක්සත් ජතික පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂක අශෝක ප්‍රියන්තට අයත් බව කියන නාත්තන්ඩිය - තුම්මෝදර පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවකට සහ සැරසලි වලට කිසියම් පිරිසක් විසින් හානි සිදු කර ඇත.
24 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බව අශෝක ප්‍රියන්ත කියයි.
කාර්යාලය ඉදිරිපිට සවි කර  තිබූ අශෝක ප්‍රියන්තගේ ඡායාරූපයක් සහිත පුවරුවකටද හානි සිදු කර ඇත.කාර්යාලය ඉදිරිපිට සරසා තිබූ කොඩි වැල් කීපයක් කඩා දමා ඇති බවක්ද දක්නට ඇත.පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක මිල්රෝයි ප්‍රනාන්දු ගේ පෝසටර් අලවමින් සිටි බව කියන පුද්ගලයෙකුව කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
24 වැනිදා රාත්‍රී 11.45 ට පමණ පුත්තලම - තබ්බෝව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව - මුරියාකුලම පදිංචි ජයසේකර මුදියන්සේලාගේ කරුණානායක (අවු:37) (ජා.හැ.අංකය:- 780520930 V)
සැකකරු සතුව තිබූ බව කියන මිල්රෝයි ප්‍රනාන්දුගේ ඡායාරූපය රැගත් පෝස්ටර් 70 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.ඔහු ‍පෝස්ටර් ඇලවීම සදහා ගමන් කළ බව කියන යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 
 එක්සත් ජතික පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂක අශෝක ප්‍රියන්තට අයත් බව කියන නාත්තන්ඩිය - තුම්මෝදර පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවකට සහ සැරසලි වලට කිසියම් පිරිසක් විසින් හානි සිදු කර ඇත.
24 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බව අශෝක ප්‍රියන්ත කියයි.
කාර්යාලය ඉදිරිපිට සවි කර  තිබූ අශෝක ප්‍රියන්තගේ ඡායාරූපයක් සහිත පුවරුවකටද හානි සිදු කර ඇත.කාර්යාලය ඉදිරිපිට සරසා තිබූ කොඩි වැල් කීපයක් කඩා දමා ඇති බවක්ද දක්නට ඇත.
මෙම සිද්ධය වන විට කාර්යාලය තුළ කිසිවෙකුත් සිට නැත.

තුම්මෝදර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ අශෝක ප්‍රියන්ත ට අයත් කාර්යාලයක් ඇති බවට ලියාපදිංචි කිරීමටක් හෝ තමන්ට දැනුවත් කිරීමක් කර නොමැති බව කොස්වත්ත පොලීසිය කියයි.මෙම කාර්යාලය පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ ලියාපදිංචිකරන ලද්දේ පසුගිය 24 වැනිදා බවත්,ඒ සම්බන්ධ ලියකියවිලි පොලීසියට ලබා දීමේ  ප්‍රමාදයක්  සිදුවී ඇති බව පිලිගන්නා බවද මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අශෝක ප්‍රියන්ත  පැවසීය.
නාතතන්ඩිය - තුම්මෝදර පදිංචි ජනිත් සංජීව ප්‍රනාන්දු යන අයගේ ඉඩමේ මෙම කාර්යාලය පිහිටා ඇත.
කොස්වත්ත පොලීසය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි. 

බෝතලයක බහා තිබූ ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සහ ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සොයා ගැනීමට හැකි වී ඇති බව පල්ලම පොලීසිය කියයි.
25 වැනිදා දහවල් පල්ලම පොලිස් වසමේ නාගවිල ප්‍රදේශයේ ඉඩමක තිබී මෙම ජීව උණ්ඩ සහ අත් බෝම්බය සොයා ගෙන ඇත.
ජීව උණ්ඩ තොගය සහ අත් බෝම්බය වීදුරු බෝතලයක බහා තිබී ඇත.වත්තක් පිරිසිදු කරමින් සිටි කාන්තාවකට මෙම ජීව උණ්ඩ සහ අත් බෝම්බය බහා තිබූ බෝතලය මුළින්ම හමුවී ඇති අතර පසුව ‍ ඇය විසින් මේ බව පල්ලම පොලීසියට දන්වා ඇත.
කව්රුන් විසින් කුමන හේතුවක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මේ ආකාරයට සගවා තිබුනේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
පල්ලම පොලීසය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 
 පුත්තලම - ජුඩ් සමන්ත.
 
   

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.