ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

සන්ධාන ලැයිස්තු‍වෙන් මාව කැපුවා - කරුණා අම්මාන්


පැවති යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. පරාජය කිරීම සඳහා ජීවිතය පරදුවට තබා රජයට ප්‍රබල සහායක් දුන් තමාට සන්ධාන නායකයන් පොරොන්දු වූ පරිදි

තමාගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර නැතැයි හිටපු නැවැත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්)  පවසයි. සුසිල් ‍ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් දෙදෙනාම සන්ධාන ජාතික ලැයිස්තුවේ අවස්ථාව ලබාදෙන බවට සහතික වූ නමුත් අවසානයේ තමා ජාතික ලැයිස්තුවේ නොසිටීම කනගාටුවට කරුණක් බව පවසන මුරලිදරන්  පවතින දේශපාලන තත්ත්වය දෙස බලා යම් තීරණයකට එළැඹෙන බව කීවේය.

යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ ගෝඨාභය රාජපක්‍ෂත්, ලක්‍ෂ්මන් හුලුගල්ලත් තමා හමුවී රජයට උදවු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ තමා රට වෙනුවෙන් ඉහළම තීන්දුවක් ගත් බවත්, තමා ගත් තීරණය ඇතැම් දෙමළ කොටස්වල පවා විරෝධයට ලක්වූ බව තමා මේ අවස්ථාවේ මතක් කර සිටින බවත් හෙතෙම පැවැසීය.
 වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. මුලින්ම කියන්න ඕනෑ පවතින දේශපාලන තත්ත්වය ගැන මම සතුටු නැහැ. ඉදිරි මහ මැතිවරණයට තරග කරන්න අවස්ථාව ලබාදීමට සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්තත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශනත් පොරොන්දු වුණා. නමුත් නැඟෙනහිර ප්‍රදේශයේ පවතින තත්ත්වයත්, කැඩීබිඳී ගිය සන්ධානය නැවැත ගොඩනඟන්නත් අමාරු කාරණයක් විදියට සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපාටත් මම පැහැදිලි කර දුන්නා.
මේ තත්ත්වය සමඟ පක්‍ෂ මහලේකම්වරුන් මට පොරොන්දු වුණා ජාතික ලැයිස්තුවෙන් තරග කරන්න අවස්ථාව දෙන බව. නමුත් මගේ නම ලැයිස්තුවේ තිබුණෙ නෑ. ඒ වගේම මම මීට ප්‍රථම සන්ධානය දිනවන්න ඡන්ද 50,000කට වැඩි ප්‍රමාණයක් ලබා දුන්නා. මේ සන්ධාන බෙදීම නිසා නැවත සන්ධානය ගොඩනඟන්න කාලයක් ගත වේවි. ඒ නිසා මම නාම යෝජනා ප්‍රතික්‍ෂේප කළාට පසුව මහලේකම්වරු ජාතික ලැයිස්තුවට මගේ නම ඇතුළත් කරන බවට සහතික වුණේ. සන්ධානයෙ තීරණය මොකක්ද කියලා මම බලා ඉන්නවා. ඉන්පසුව දේශපාලන තීරණයකට එළැඹෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.