ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 15, 2015

මැතිවරණයත් සමග දැවැන්ත ‘රෝ‘ මෙහෙයුමක් ඇරඹේ.. දමිළයන් බඳවා ගන්නට හදිසි අයදුම්පත් කැඳවේ..!!!

පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමග ඉන්දීය ‘රෝ‘ ඔත්තු සේවය මෙරට තුළ පුළුල් බුද්ධි මෙහෙයුමක්‌ අරඹා ඇතැයි ශ‍්‍රී ලංකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.ඉකුත් මාස හයක පමණ කාලය තුළ සංචාරක වීසා මගින් හා විවිධ ක‍්‍රම ඔස්‌සේ මෙරටට පැමිණි ඉන්දීය ‘රො‘ ඔත්තු සේවයේ දෙසීයක පමණ කණ්‌ඩායමක්‌ උතුර නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විසිරී යමින් මෙම මෙහෙයුමට සක‍්‍රීය ලෙස දායක වී සිටින බවද වාර්තාවී ඇත.


ඉන්දියාවේ අභිමතය පරිදි ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මෙහෙයවිය හැකි යාන්ත‍්‍රණයක්‌ ඇති කිරීම මෙහිදී ‘රෝ‘ ඔත්තු සේවයේ ඉලක්‌කය වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ‘රෝ‘ ඔත්තු සේවා නිලධාරින් විවිධ වෙස්‌ ගෙන තොරතුරු රැුස්‌ කරමින් මෙහෙයුමේ නිරතව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර උතුරේ සිටින හින්දි භාෂාව හැසිරවිය හැකි ඒ පිළිබඳ දැනුම තිබෙන දෙමළ තරුණ තරුණියන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ මේ වන විට ඉන්දීය මහ කොමසාරිස්‌ මගින් ආරම්භ කර තිබේ.

දෙමළ තරුණ තරුණියන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය ආදර්ශ අයෑදුම් පත‍්‍රයක්‌ද මේ දිනවල ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලය සිය වෙබ් අඩවිය ඔස්‌සේ පළ කර ඇත.

හින්දි භාෂාව හැසිරවිය හැකි දෙමළ තරුණ තරුණියන්ට එම අයදුම්පත සම්පූර්ණ කර ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාල ඊමේල් ලිපිනයට එවීමෙන් හෝ 0212220503 යන ෆැක්‌ස්‌ අංකයට යොමු කිරීමෙන් ලියාපදිංචි විය හැකි බවද එහි සඳහන් වේ.

ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය මෙවන් වැඩසටහනක්‌ ක‍්‍රියාත්මක කළ ප‍්‍රථම අවස්‌ථාව මෙය වන අතර ලියාපදිංචි වන දෙමළ තරුණ තරුණියන් යොදාගෙන උතුරේ ජනතාවගේ බිම් මට්‌ටමේ තොරතුරු ලබා ගැනීමේ ජාලයක්‌ ඇති කිරීම මෙහිදී ඉන්දීය තානාපති බලධාරීන්ගේ අරමුණ විය හැකි බවද මෙරට බුද්ධි අංශ සඳහන් කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.