ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 24, 2015

අකුරැස්සේ සිද්ධියට මැදි වූ පුද්ගලයා කතා කරයි.. !!!.

‘මහින්ද මහත්තයා රැස්වීමේ වේදිකාව දෙසට යන විට මගේ පිටුපසින් සිටි බීමත් පුද්ගලයෙකු ඔහුගේ අතින් ඇල්ලූවා.ඔහු එසේ කළේ මගේ කිහිල්ල යටින් අත දාලයි.ඒ සමගම දැඩි මහින්ද මහත්තයාගේ අත තෙරපීමක් ආවා.එවිට නොහැර තෙරපීමට පිටුපසින් සිටි පුද්ගලයා අසුවුණා.එවිට මහින්ද මහත්තයා තමන්ගේ අත ඇදලා ගත්තා’යැයි අකුරැස්ස නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලියේදී ඇතිවූ සිද්ධිය පිළිබදව අදහස් දැක්වූ තෙලිජ්ජවිල වෙළදගොඩ ග‍්‍රාමනිලධාරී ඩබ්ලිව්.විජේසිංහ  (43) පැවසීය.

මේ සිද්ධිය පිළිබදව විකාශය වී ඇති වීඩියෝ දර්ශන හා ඡයාරූපවලට අනුව බොහෝ දෙනෙකු සිතාගෙන සිටින්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අල්ලා ගෙන සිටින්නේ තමා බව යැයි කී විජේසිංහ මේ නිසා සිද්ධිය පිළිබදව තොරතුරු විමසා තමාගේ ජංගම දුරකථනයට දේශීය සහ විදේශීය ඇමතුම් ගලාගෙන ඒමට පටන් ගෙන ඇතැයි කීය.
ඊට අමතරව පොලීසිය හා රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවන් ද ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත.
ඉකුත් 21 වැනිදා අකුරැස්ස නගරයේ පැවැති සන්ධාන රැලියේදී ඇතිවූ සිද්ධිය පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ විජේසිංහ  මෙසේ ද කීය.
මම යතුරු පැදියට ඉන්ධන ගන්න අකුරැස්ස නගරයේ ඉන්ධන පිරවුම්හලට ගියා.එදා මගේ නිවාඩු දවස.එවිට විශාල වර්ශාවක් කඩාගෙන වැටුණා.සුළු වේලාවකදී මහින්ද මහත්තයා එන බවට ආරංචි වූ නිසා ඔහු සියසින් දැක බලා ගන්න මට හිතුණා.මා සිටි තැන විශාල සෙනගක් හිටියා.
ඒ සමගම මහින්ද මහත්තයා වේදිකාව දෙසට යන්න ආවා.ජනතාව ඔහුගේ අතින් අල්ලා ගෞරව දැක්වූවා.මහින්ද මහත්තයා මා අසලට එනවිට මගේ පිටිපස්සෙන් සිටි බීමත් අයෙකු මගේ කිහිල්ලට යටින් අතදමා මහින්ද මහත්තයාගේ අතින් අල්ලා ගත්තා.මුදු දමා තිබූ ඇගිලි වලින් තමයි ඔහු ඇල්ලූවේ.එවිට විශාල තෙරපීමක් ආවා.මහින්ද මහත්තයා පිටුපසට පැන අත ගලවා ගත්තා.මා ළග සිටි කුමාර මල්ලී ඒ පුද්ගලයාට ගහන්නත් ගියා.එතැනින් සිද්ධිය අවසන් වුණා.
ඊට පසුව මෙය අන්තර්ජාලය ඇතුළු මාධ්‍යවල ප‍්‍රචාරයවුණා.පත්තරවලත් පළවුණා.බොහෝ අය හිතාගෙන ඉන්නේ මම මහින්ද මහත්තයාගේ අතින් අල්ලාගෙන ඉන්නවා කියලයි.මගේ ඡයාරූපයයි එතැන පේන්නේ.මට පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.හැමෝම අහන්නේ මොකද වුණේ කියලා’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.