ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 14, 2015

මහින්ද නැති හම්බන්තොට....!!! පවුල් වාදය නැවතත්....!!! රස වැටුණු දේශපාලණය....!!!


මෙවර මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුගේ පුත්තු දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් කරට කර සටනට එක්ව සිටිති.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයෙන් සහ හිටපු ජනාධිපති පුතු නාමල් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

දෙදෙනාම සිය මැතිවරණ ප්‍රචාරක සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ රුව හා නම් යොදා ගනිති.
සන්ධාන ලැයිස්තුවේ එකම පවුලේ තිදෙනෙක් ද  සිටිති . ඒ කණ්ඩායම් නායක හිටපු කථානායක චමල් ජයන්ත රාජපක්ෂ, නිරූපමා දීපිකා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වේ. ලඟම ඥාතී නොවූවද අජිත් නිශාන්ත රාජපක්ෂ ද  සන්ධාන ලැයිස්තුවේ සිටී. හම්බන්තොට නගරාධිපති ව සිටි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු  ද මෙවර හම්බන්තොටින් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.
තිස්සමහාරාම ආසනයෙන් වැඩි පිරිසකට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස, තෙන්නෙකෝන් ගමගේ සෙනාරත්න, ටී. වී ගාමිණී, සමරසිංහ ආරච්චිගේ සුජීවා,සුජිත් මුතුකුමාරණ යන අය වෙති.
ජවිපෙන්  ජානිපේට ගිය පසුව එජාපයට ගිය සූරිය වැව හිටපු ප්‍රාදේශිය සභාපති සුජිත් මුතුකුමාරණ ද මෙවර එ. ජ. පයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටී.
මහත් ආන්දෝලනයට ලක් වූ දකුණු පළාත් සභාවේ ඇමති වරයකු වූ ඩී. වී උපුල්ගේ පුත් ඩී. වී චානක දිනුෂා ද  මෙවර සන්ධානයෙන් නාම යෝජනා ලබා දී ඇත. ඒ අතර තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ ජයවීර ට ද සන්ධානයෙන් නාම යෝජනා ලැබී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පසුගිය රජයේ ඇමැතිවරයකු වන මහින්ද අමරවීරට සන්ධාන ලැයිස්තුවේ දෙවැනියාට  නම් කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂය සහ සන්ධානය නම් කර ඇති ප්‍රබල චරිත හමුවේ මෙවර මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  දේශපාලන පොර පිටියේ දැඩි උණුසුම්කාරී වතාවරණයක් පක්ෂ තුළ මෙන්ම පක්ෂ අතරත් ඇතිවි හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.