ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 16, 2015

මහළු මරණ දැන්වීම් සඳහා තරුණ කාළෙ ෆොටෝ.....!!!

පසුගිය දිනවල මීගමුව ප්‍රදේශයේ තැන තැන අලවා තිබූ සුරූපී තරුණියගේ අවමඟුල් දැන්වීමක් දෙස කාගෙත් නෙත සිත යොමු වන ආකාරයක් දක්නට ලැබිණ. කාගේ කවුරුන්දැයි නොදන්නා මුත් එවන් සොඳුරු යෞවනියකගේ අකල් මරණයක් පිළිබඳව පැවසෙන එවන් අවමඟුල් දැන්වීමක් වෙත ඕනෑම අයෙකුගේ අවධානය යොමු වීම අරුමයක් නොවේ. දැන්වීමේ පළව තිබූ සුන්දර රූපයෙන් නෙත මෑත් වූ වහාම ඇය කිනම් වර්ෂයක උපන් තැනැත්තියක දැයි දැන ගැනීමට කාගෙත් සිතට නැගුණු කුකුස මට ද එලෙසින්ම දැනෙන්නට විය.

 එහෙත් එම අවමඟුල් දැන්වීමේ ඇය උපන් වර්ෂය ලෙස 1928 සඳහන් වීම මොහොතකට පෙර පැවැති මනෝ භාවය ක්ෂණයකින් වෙනස් කරන්නට හේතුවක් විය. නව යොවුන් තරුණියකගේ සේයා රුව අවමඟුල් දැන්වීමේ පළ වී තිබුණ ද ඇය මිය යන විට වසර අසූහතක් ආයු වළඳා සිටි මහළු කාන්තාවක බව මට වැටහිණ.
   වියපත්ව මියයන බොහෝ අයගේ අවමඟුල් දැන්වීම්වල ඒ පුද්ගලයා මිය යන්නට ආසන්නතම යුගයක ගත් ඡායාරූප පළ වුවද ඉඳහිට පෙර පරිදි තරුණ අවධියේදී ගත් ඡායාරූප යොදන අවස්ථා ද දැකගත හැකිය. මෙවැනි සිද්ධීන් බොහෝ අයගේ කතා බහට මෙන්ම සමහර අවස්ථාවලදී සිනහවට ද ලක්වන අවස්ථා තිබේ. එහෙත් එය එසේ විය යුතුද ? වයස්ගතව මියයන අයෙකුගේ මරණ දැන්වීමට යෙදිය යුතු වන්නේ එම පුද්ගලයා මියයන්නට ආසන්න අබල දුබලව දිවි ගෙවූ යුගයේ ජායාරූපයක්ම ද?
මියයන විට කායික මානසික වශයෙන් දුබල ජීවිතයක් ගත කළ ද ඒ බොහෝ පුද්ගලයන්ගේ ජීවිතයේ ඉතා සක්‍රීය ප්‍රභාමත් යුගයක්ද තිබිය යුතුය. වයස් ගත වීමත් සමග අබල දුබලව සමාජයෙන් බොහෝ දුරස්ව නිහඬ ජීවත ගත කළ ද පෙර කී සක්‍රිය යුගයේදී ඔවුන් අතිශය සමාජශීලීව බොහෝ අය ඇසුරේ ජීවත් වූ අය විය හැකිය. ඕනෑම පුද්ගලයෙකු බොහෝ අයගේ මතකයේ රැඳුණු යුගය වන්නේ ද එලෙස සක්‍රියව ජීවත් වූ යුගයයි. එසේ නම් එවන් පුද්ගලයෙකු මිය පෙරලොව ගිය පසුව සකසන අවමංගල්‍ය දැන්වීමකට යෙදීමට වඩාත්ම සුදුසු ඡායාරූපය විය යුත්තේ ඒ ජීවිතයේ ස්වර්ණමය යුගයේදී ගත් එකක් නෙවේද? මියයන විටදී ඒ යුගයට වඩා සහමුලින්ම වෙනස් ස්වරූපයකින් යුතු අයෙකු වුවද  එය ද එම පුද්ගලයාගේම ජීවිතයේ යම් අවධියකි. එබැවින් එම යුගයේ ඡායාරූපයක් යෙදීම අප කිසිවකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැක.
අවමංගල දැන්වීමක් යන්නද මියගිය අයට සිදුකරන අවසන් ගෞරවයේම එක් අංගයකි. එම අවමංගල දැන්වීම මියගිය පුද්ගලයාගේ ජීවිතයේ සුන්දරම අවධියකදී ගත් සේයාරුවකින් නිර්මාණය කිරීම ද එම පුද්ගලයාට දක්වන ගෞරවයකි. අවමංගල දැන්වීම මෙන්ම මියගිය පුද්ගලයා වෙනුවෙන් නිර්මාණය කරන ස්මාරක සොහොන් කොත් සඳහා ද ඒ තැනැත්තා වෙනුවෙන් පළකරන අවමංගල දැන්වීම සඳහාද ඒ අයගේ ජීවිතයේ ප්‍රභාමත්ම යුගයකදී ගත් සේයාරුවකින් නිර්මාණය කිරීම තුළ අනාගත පරපුර අතරට ද මියගිය අය පිළිබඳ ප්‍රබල හා ප්‍රසන්න මතකයක් එක්වනු නිසැකය.

වියපත්ව දුබලව තමන්ටම තමන් පාලනය කර ගත නොහැකි අඳුරු යුගයකදී ගත් සේයාරුවකින් අවමංගල දැන්වීම නිර්මාණය කරනවාට වඩා මියගිය අය සුන්දරව ගත කළ යුගයක මතකය රැඳි සේයාරුවකින් එය නිර්මාණය කිරීම මියගිය අයට කරන සැබෑම ගෞරවය නොවේද? පසුව මට සිතිණ.

උත්පලා සුභාෂිනී ජයසේකර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.