ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 11, 2015

“රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්”

විශිෂ්ට වයලීන් වාදකයකු, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වූ එම්.කේ. රොක්සාමි ජීවිතයෙන් සමුගෙන නොවැම්බර් 30  වසර 26 සපිරෙයි. ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානි දුරකතනයෙන් ඒ බව මට දැනුම දුන්නාය. වත්තල, හැඳල බලගල පාරේ, මේෆෙයාර් පටුමගේ පදිංචිව සිටින ඉන්ද්‍රානි එස්. ද එලායස් රොක්සාමිගේ බිරිඳය.

“රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්” නම් ආදරණීය නම්වලින් හඳුන්වන ලද මරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි උපන්නේ 1932 සැප්තැම්බර් 13 වෙනිදා ඇල්පිටියේදීය. ‍පොන්ඩිචෙරි සිටි රොක්සාමිගේ පියා දරුවන් 6 දෙනෙකු සිටි බවත්, ඔවුන් යුද්ධ කාලයේ කොම්පඤ්ඤ වීදියේ පදිංචියට ආ බවත්, රොක්සාමි කොම්පඤ්ඤවීදියේ ඇන්ඩර්සන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බවත්, ඔහු පාසල් සමයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකුව සිටි බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න ලියන ලද “ගාන්ධර්ව අපදාන” කෘතියේ සඳහන් කරයි.
මා “රොක් අයියා” හඳුනා ගත්තේ 1972 දී පමණ චිත්‍රපට නළු අප අතරින් වියෝ වූ සේනාධීර රූපසිංහගේ මාර්ගයෙනි. රොක්සාමිත්, සේනාධීරත් වත්තල පදිංචිව සිටි නිසා, සේනාධීරගේ නිවසේදී ඇතැම් හවස් කාලවල අපට සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාව ලැබිණ. ඇඟපතින් තරබාරු වුවද, පුංචි ළමයකුට හිමි අහිංසක හදවතකට උරුමකම් කී අව්‍යාජ මිනිසා කොතරම් සුන්දර දැයි ඒ සෑම අවස්ථාවකම අපට සිතුණ දෙයකි.
රොක්සාමිගේ ළමා කාලය සංගීතයෙන් පිරීගිය බවත්, මවගේ අභාෂය නිසාත් පියාගේ වයලීන් වාදනය ඇසීම නිසාත් තමාගේ සංගීත ඇල්ම වැඩුණු බව සංගරලිංගම් නම් සංගීත ගුරුවරයා නිසා වයලීනය ප්‍රගුණ කළ බවත් පැවසේ.
සුසිල් ප්‍රේමරත්නගේ ගීතයක් සඳහා ගිටාර් වාදනය කිරීමට ගුවන් විදුලියට ගිය රොක්සාමිට එතැන් සිට දිගින් දිගටම ගුවන් විදුලියේ දොර විවෘත වී ඇත. රොක්සාමිගේ සොහොයුරු ඇන්තනි සාමි ද වාදනයේ නිපුණත්වය හේතුවෙන් මේ දෙදෙනාටම ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ අනුග්‍රහය ලැබිණි.
රොක්සාමිට චිත්‍රපට සංගීත ක්‍ෂේත්‍රයට දොර ඇරෙන්නේ සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුසාමි නිසාය. මුත්තුසාමි සංගීත අධ්‍යක්ෂණය යටතේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ වයලීනය වාදනය කළ රොක්සාමිට සංගීත අංශයෙන් ඉදිරියට යාමට අතහිත දුන් අය අතර තබ්ලා වාදක එම්. ආරියදාස, Roksamiජේ.ඒ. සත්‍යදාස, ටී.එෆ්. ලතීස් ද වෙයි. ඔහු 1962 වසරේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ “සංසාරේ” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ බි.එස්. පෙරේරා ගේ හදිසි වියෝව නිසාය. ඉන්පසු ඔහු මිය යන තෙක් චිත්‍රපට 55ක සංගීත අධ්‍යක්ෂණය කර ඇත. ඒවා අතර ධීවරයෝ - චණ්ඩාලි, මහ රෑ හමු වූ ස්ත්‍රිය - සිඟිති සුරතල්, සූරයන්ගෙත් සූරයා - ආත්ම පූජා, හාර ලක්ෂය, ඔහොම හොඳද - හාර ලක්සෙ, සිරිල් මල්ලී - කවුද රජා - නීලා - සකුන්තලා - දෙවියනි ඔබ කොහිද - චිං චිං නෝනා - සිරිපතුල - ටිකිරා - සැලී - අප්සරා - රෑ මනමාලි - චිත්‍රපට කැපී පෙනෙයි.
“‍පොඩි කා‍ලේ අපි දෙන්නා - සිතුම් පැතුම් ‍පොඩි ආදරේ - ගමනේ ගිම් නිවූ එදා - සකල ලොව බොදු බැතියෙන්,  ජීවන විල මැද - ගීත  නිර්මාණය කළේ ඔහුයි.
රොක්සාමිගේ මියුරු චිත්‍රපට ගීතාවලිය දිගු එකකි. “ධීවරයෝ” චිත්‍රපටයේ “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා”, “වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා”, “සතුට සෝකේ ජය පරාදේ”, “අගාද සාගරයේ”, “නිලට නි‍ලේ විහිදි යයි”, ගීතද, “චණ්ඩාලි” චිත්‍රපටයේ “මැණිකක් රකිනා නා රජිඳකුසේ”, “සඳෙහි සඳුන් වනේ”, “පාලුයි තනි මට මේ ලෝකේ”, “ඈත ආකාසෙ ආලෝකෙ නෑසෙයි”, “සැකය” චිත්‍රපටයේ “වීණාවෙ සත්සර රාවේ”, “සඳ රැජිනියනේ”, “මහ රෑ හමුවූ ස්ත්‍රිය චිත්‍රපටයේ “ජීවන විල මැද වැජඹෙන කැකුළකි”, “සරවන බව කඳ සුරිඳුගෙ තෙද බ‍ලේ”, “සිහින ගඟෙහි පීනා පීනා”, “සිඟිති සුරතල්” චිත්‍රපටයේ “නිදහස් කාහල නාදේ රැව්දේ”,  “සුවඳ කැකුළු වැනි රන් බදුනේ” “සකුන්තලා” චිත්‍රපටයේ “හර්ද රජ මාලිගේ” - සීතල රටේ මීදුම වැටේ” “දෙවියනි ඔබ කොහිද” චිත්‍රපටයේ “ආදර පූජාසනේ” “සිරි පතුල” චිත්‍රපටයේ “සකල ලොවම බොදු බැතියෙන්” “මිනිහාමයි ලොව දෙවියන් වන්නේ” ආදිය මේ චිත්‍රපට ගීත අතර කැපී පෙනෙයි.
1974 දී රොක්සාමි ‘සැකය’ චිත්‍රපටයේ සමූහ ගායනයට පැමිණි ඉන්ද්‍රානි එලායස් සමග විවාහ විය.
රොක්සාමි සංගීතවත් කළ ජනප්‍රිය සරල ගී අතර මිල්ටන් පෙරේරා ගැයූ “‍පොඩි කා‍ලේ අපි දෙන්නා සුදු වැලි පාරේ” ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගැයූ “බුදු සාමිනී සිරිපා පියුම්” මිල්ටන් මල්ලවාරච්චි ගැයූ “සිතුම් පැතුම් ‍පොදි ආදරේ”, “ගමනේ ගිම් නිවූ එදා” ගීත ද කැපී පෙනෙයි.
හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රොක්සාමිගේ සමීප මිතුරෙකි. ඒ මිතුරුදම ඇරඹුනේ ගාමිණී සිනමාවට පිවිසීමට පෙර 1955 දී පමණ ප්‍රකට නර්ථන ශිල්පී බෙංගාලී ජාතික සුකේන්ද්‍ර දත් ගේ නිවසේදීය. එහිදී ප්‍රේමනාත් මොරායස් (චිත්‍රපට අධ්‍යක්ෂ) සමග රොක්සාමි ගාමිණීව හමුවී ගත කළ කාලය ගාමිණී ඉතා සතුටින් සිහිපත් කළ අන්දම අපට අමතක නොවන සිහිවටනයකි.
Roksami1“රොක්සාමි දිව්‍යමය ගාන්ධර්වයෙකි. ඔහු අද අප අතර නැතත් චිත්‍රපට ගණනාවකට ඔහු විසින් නිර්මාණය කළ ගී තනු, පසුබිම් සංගීතය, ගායක ගායිකාවන් සඳහා නිර්මාණය කළ ගීත රැසක් තවමත් අප සමග තිබේ.
මොහොතකට දෑස පියාගත් කළ ඔහුගේ සුමිහිරි වයලීන් වාදනය පිළිබඳ මතකය අදත් අප දෙසවන පාරයි. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා” ගීතය විවිධ හ¾ඩින් අපි අසා ඇත්තෙමු. එහෙත් රොක්සාමිගේ වයලීනයෙන් නැගෙන සංගීතය සමග ඒ පැරණි ගීය ඇසෙත්ම මගේ දෑසට කඳුළු පිරෙයි. එසේ නම් රොක් මිය ගියේ යැයි කෙසේ සිතමුද ?”
ගාමිණී ෆොන්සේකා විසින් මේ අදහස් පැවැසුවේ රොක්සාමි මියගොස් පස් වසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ ගුණ සමරුවට (1993) ලියූ සටහනකය.
රොක්සාමිට අසීමිත ලෙස ආදරය කළ ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානිත්, ඇනා, ඇන්ජලා දියණියන් හා ජීවන් පුතුණුවන් ද තවමත් ඔහු සිහිකරන්නේ ආදරයෙනි.
1993 රොක්සාමිගේ පස්වන අනුස්මරණය වෙනුවෙන් ධර්මසිරි ගමගේ සූරීන් ලියූ සටහනින් මම මේ ලිපිය අවසන් කරමි.
“යම් යහපත් දෙයක් ලොවට දීමට පාරමී දම් පුරන ගුණවත් මිනිසුන්ට හමුවන බාධක හා කම්කටොලු නිකම්ම ජීවත්වන මිනිසුන්ට වඩා බෙහෙවින් වැඩිය. ‘රොක්’ සිය ජීවිත කාලය පුරාම මේ අන්දමින් බාධක සිනාවෙන් ඉවසා සිටියේය.
සංගීත අසපුවේ මේ මුනිවරයා දැන් අප අතර නැත. එහෙත් ඔහු වයලීනයේ වෙණ තත් පාරා නින්නාද කළ රටාවන් මුළු විශ්වයට ‍පොදු ධර්ම පාඨයන්සේ අප සිත් සනසාලයි.
මීට වසර 26 කට පෙර 1988 නොවැම්බර් 30 වෙනිදා අපෙන් සමුගත් ‘රොක්සාමි’ තවමත් අප හදවත් තුළ නොනැසී බොහෝ කාලයක් ජීවත් වෙනු ඇති.

ඒ.ඩී. රන්ජිත් කුමාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.