ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 31, 2015

පිරිත් පොත් සමග මැතිවරණ අත් පත්‍රිකා ....!!!

විහාරස්ථානයක සිල් සමාදන් වී සිටි බැතිමතුන් පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත් පත්‍රිකා බෙදා දුන් බව කියන සය (06) දෙනෙකුව රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාහිර්  31 වැනිදා සවස නියෝග කළේය.
නවගත්තේගම - රඹකනයාම අභිනවාරාම විහාරස්ථානයේ සිල් සමාදම් වී සිටි පිරිසකට පිරිත් පොත්,බුද්ධ වන්දනා පොත් සමග මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාගේ ඡායාරූපය ඇතුළත් අත් පත්‍රියා බෙදා දෙමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත් වී ඇත.ඔවුන් සතුව අපේක්ෂකයාගේ ඡායාරූපය ඇතුළත් පොස්ටර්,ටී ෂර්ට් සහ හිස් වැසුම් තොගයක්ද තිබී පොලිස් බාරයට ගෙන ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන නියෝමාල් පෙරේරා ගේ අධාරකරුවන් හය (06) දෙනෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩගුවට ගෙන ඇත.
ඇසල පොහොය යෙදී ඇති අද (31) දිනයේ නවගත්තේගම - රඹකනයාගම ගම්මානයේ අභිනවාරාම විහාරස්ථානයේ සිල් සමාදම්  සිටින බැතිමතුන් පිරිසකට පිරිත් පොත්,ආගමික පොත්  සහ මැතිවරණ අත් පත්‍රිකා බෙදා හරිමින් සිටින විට මෙම පිරිස අත්අඩංගුවට පත් වී ඇත.

අත්අඩංගුවට ගෙන සිටින අය සතුව තිබී පිරිත් පොත් 08 ක්,බුද්ධ වන්දනා පොත් 80 ක්, අපේක්ෂකයාගේ ඡායාරූපය,ලාංඡනය සහ අංකය සදහන් පෝස්ටර් 356 ක්,අත් පත්‍රිකා ‍තොගයක්ද,ටී ෂර්ට් 10 ක්,හිස් වැසුම් 08  පොලිස් බාරයට  ගෙන ඇත.සැකකරුවන් පැමිණි බව කියන අංක WP NB 2202 සහ 51 – 9608 දරණ වෑන් රථ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පළුකැන්දවැව  - නවගත්තේලම පදිංචි වර්ණකුලසුරීය මුදියන්සේලාගේ රොශාන් ඉන්දික වර්ණකුලසූරිය (831594977 V ), මහමැද්දෑව - නවගත්තේගම පදිංචි මොරතොටාලගේ ධම්මික සමන්ත(ජාතික හැදුණුම්පතක් නැත), මහමැද්දෑව -නවගත්තේගම පදිංචි සේනානායක මුදියන්සේලාගේ රසික සම්පත්  සේනානායක,(901633851 V) වාසනා නිවස, 1 කණුව, උස්වැව පාර, ආණමඩුව පදිංචි උඩුපිල ආරච්චිගේ සුනිල් දිසානායක (ජාතික හැදුණුම්පතක් නැත) සෞන්ධර්යා අඩිප්පල -  හලාවත පදිංචි සූරිය මුදියන්සේලාගේ ධර්මසේන(610923578 V)පහලගම - ආණමඩුව ලිපිනයේ පදිංචි ලෝකුඩුවතු විතානලාගේ නිරංග ඉරෝෂන් අබේරත්න  (931822441 V) යන අය අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.
මෙම අය අතරින් එස්.එම්.ධර්මසේන යන අය නියෝමාල් පෙරේරා ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

පුත්තලම - ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.