ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 6, 2015

දෙමළ ජාතික සන්ධානය පිහිටුවේ ප්‍රභාකරන් ...!!!

දෙමළ ජාතික සන්ධානය යනු, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ දේපලකි. කොටි සංවිධානයේ නායක වී.ප්‍රභාකරන් මෙම සන්ධානය පිහිටුවන ලදි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය යනාදිය සම්බන්ධ කර දෙමළ ජාතික සන්ධානය පිහිටුවන ලදි.එහි නායකයා ඇතුළු පක්‍ෂයේ තනතුරු වලට පුද්ගලයින් පත්කිරීම කොටි නායකයා විසින් සිදුකරන ලදි. තවද, දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින්ව ‍තීරණය කලෙත් කොටින්ය. කොටින්ගේ දේශපාලන බලකාය ලෙස දෙමළ ජාතික සන්ධානය ගොඩනැගුණි. නායක ප්‍රභාකරන් වරින් වර ඔවුන්ව කැඳවා උපදෙස් සහ මගපෙන්වීම් ලබාදීම පුරුද්දක් කරගෙන තිබුණි.
ඔවුන්ද ප්‍රභාකරන් හමුවීමට යන සෑම අවස්ථාවකදීම අත් බැඳගෙන, මුව වසාගෙන සිට ඇත. මොවුන්ගේ බුද්ධිය පිළිබඳව ප්‍රභාකරන්ට වැඩි විශ්වාසයක් තිබුණේ නැත. එබැවින්, ප්‍රභාකරන් කියන දෙයට අනුව මොවුන්ට කටයුතු කල යුතුව තිබුණි. තවද, මොවුන්ට අවවාධ කරන, දඬුවම් කරන අයිතිය ප්‍රභාකරන්ට තිබුණි.

ඒ අතරම, දෙමළ ජනතාවගේ එකම නියෝජිත කොටින් බවත්, ජාතික නායකයා ප්‍රභාකරන් බවත්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව යනාදී රටවල තානාපතිවරු හමුවී කතා කල අවස්ථා වලදී එකහඬින් ප්‍රකාශ කර තිබුණි. දෙමළ ජාතික සන්ධානය කොටින්ගේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව පමණක් නොව, ජාත්‍යන්තරයත් බලන ලදි. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියේජිතයින් සමහරෙකුට වීසා ලබාදීම ඇමරිකාව ප්‍රතික්ෂේප කළේ මේ හේතුවෙන්ය.

එනමුත්, 2009 වසරේ කොටි සංවිධානය අක්‍රීය වීමෙන් පසු, දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාමාර්ගයන්හි වෙනසක් පැහැදිලිව දැකගැනීමට ඇත. කොටි සංවිධානය විනාශ කිරීම පිළිබඳව ප්‍රශංසා කරමින් සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී කතාකර තිබුණි. කොටි සංවිධානය විසින් ද්‍රෝහීන්, සතුරන් සහ අනතුරුදායක පුද්ගලයින් ලෙස සැලකූ සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යනාදීන්ට වත්මන් දෙමළ ජාතික සන්ධානය මැතිවරණයේදී සහයෝගය දක්වයි. ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයට සම්බන්ධන් සහ සුමන්දිරන් යනාදීන් සහභාගි විය.

ආභරණ පැළඳගෙන කාන්තාවකට තනිව මධ්‍යම රාත්‍රියේ මහමග යා හැකි වාතාවරණය සැබෑ නිදහසේ සලකුණ යනුවෙන් මහත්මා ගාන්ධි වරක් ප්‍රකාශ කර තිබුණි. එම තත්වය පසුගිය කාලයේ වන්නි ප්‍රදේශයේ දැකගැනීමට තිබුණේය යන්න සියළු පාර්ශවයන් පිළිගනී. නමුත්, මාවෙයි සේනාධිරා ඇතුළු වත්මන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විසින්ම දෙමළ කාන්තාවන්ගේ පිරිසිදුකම, ගෞරවය, චරිතය යනාදිය සම්බන්ධයෙන් ගණදෙනු කතා කරයි. දෙමළ ජාතික සන්ධානයේ පුද්ගලයින් දෙමළ තරුණියන් යොදාගෙන නිල් චිත්‍රපට සකස් කරයි.

කොටින් විසින් වන්නිය පාලනය කල කාලයේ එකම මත්පැන් අලෙවි සැලක්වත් නොතිබුණු බව ප්‍රකාශ කල හැකිය. නමුත්, අද උතුරේ බොහෝ ස්ථාන වල මත්පැන් අලෙවිසැල් විවෘත කර ඇත. ඒවා සඳහා වන අනුමැතිය දෙමළ ජාතික සන්ධානය විසින් ලබාදී ඇත.

කොටින් විසින් බිහිකල දෙමළ ජාතික සන්ධානය කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින්ව මර්ධනය කර, ප්‍රතික්ෂේප කර කටයුතු කරයි. මැතිවරණ කාලයන්හි පමණක් හිටපු කොටින් සහ මහවිරු පවුල් යොදාගෙන පසුව නොසලකා හරියි.

තවද, එදා ප්‍රභාකරන් විසින් පිහිටවූ දෙමළ ජාතික සන්ධානය තුල අද සමගියක් නැත. බෙලි කැපීම්, පාවාදිම් පමණක් දැකගත හැකිය. තනතුරු, ආසන, වාහන, තානාන්තර, මල් මාලා යනාදිය වෙනුවෙන් මොවුන්ගේ දේශපාලන කටයුතු සිදුවේ. වැරදි මාවතේ ගමන් කරමින් සිටින දෙමළ ජාතික සන්ධානයට නාස් ලණුව දැමීමට දෙමළ බුද්ධිමතුන් බොහෝ දෙනෙකු උත්සාහ කරමින් සිටින නමුත්, එය කල නොහැකි කටයුක්තක් බව සිතෙයි.


එවැනි පසුබමකදී, මෙතෙක් කාලයක් නිහඬව සිටි හිටපු කොටි සාමාජිකයින් වත්මන් මැතිවරණ වාතාවරණයේදී දැඩි තීරණයකට පැමිණ සිටියි. පාර්ලිමේන්තු මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට දන්වා ඇත. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයින්ගෙන් වැඩි දෙනෙකු හිටපු කොටි සාමාජිකයින් විය යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීමයි. නැත්නම්, කොටින් විසින් පිහිටවූ මෙම සන්ධානය කොටින්ටම භාරදී ඉවත්වන ලෙසට ඔවුන් අද අයිතිවාසිකම් ප්‍රකාශ කරයි.

පුරන්තිරන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.