ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 14, 2015

බබාලන්තයේ ...ටෙලි බබෙකුගේ රතිකෙළිය මාට්ටුවීම....!!! නමින් නම් සුදාරී....!!!

මේ රටේ ජනතාව සිටින්නේ බබාලන්තයේය.එනම් ටෙලි බබාලාගේ තොඳොළ් ටෝක්ස් පත්තර වල බලමින්..උන්ගේ උපන්දින සාද බලමින්....උන් සැබෑ බබාලා  යැයි සිතා රැවටෙති.පබාට රැවටුනේ එසේය...මිනිස්සු අවදිවී බලන කළදී ඒකී පාර්ළිමේන්තුවටද ගිහින් අවසන් ය....මේ කථාව අමුතු ආරූඨ නමකින් පෙනී සිටි තවත් සටකපට ටෙලිගණිකාවක් ගැනයි....
කෝටි 15 මූල්‍ය වංචාව:
අක්ෂා සුදාරිගේ පෙත්සම නිසා
විවාහක ඉන්දියන් ජාතිකයා සමග
අනියම් සම්බන්ධයේ
පැටිකිරිය එළියට.....

පසුගියදා කෝටි 15 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණ කටඋත්තර ලබාදුන් ටෙලි නාට්‍ය නිළි අක්ෂා සුදාරි ඊයේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඇය විසින් තමා අත්අඩංගුවට ගැනීම වළකාලන ලෙස ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබුනේ පැමිණිල්ල කළ ඉන්දියන් ජාතිකයා සමග ඇය පැවැත්වූ අනියම් සම්බන්ධයේ සියලූ තතු විස්තර කරමිනි.
වෘත්තියෙන් ගණකාධිකාර කෝටිපතියෙකු වන ඉන්දීය ජාතික කේ.වී. ගෝපිරාජ් නමැත්තෙකු
රහස් පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව ඔහු සතු රුපියල් දාහතරකෝටි විසිනව ලක්ෂයක් අක්ෂා වංචාකර ඇති බවත් සාපරාධි ලෙස විශ්වාසය කඩකර ඇති බවත් දැක්විණි.
මෙම පැමිණිල්ලට අදාළව තමන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යන බව පවසමින් බොරලැස්ගමුවේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි මෙනෙවිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත අපේක්ෂිත ඇපයක්ද ඉදිරිපත් කර තිබිණි.
තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමිණිලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් ඇය

කියා සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්. බි. පෙට්‍රෝලියම් ආයතනයේ ප‍්‍රධාන ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කරන ඔහු කෝටිපතියෙකු බවත් ඇය කියයි.
ඔහු විවාහක පුද්ගලයකු බවත්, විවාහයෙන් පීඩාවට පත්ව සිටින නිසා එකී විවාහයෙන් දික්කසාද වී තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ඔහුගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලූ වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක නිවහනක් වෙන්කර ඊට අදාළ සියලූ පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් කියා සිටී.

තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැුසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමුණින් යුතුව තමා ඔහුට තමන්ට අවශ්‍ය කරන සියලූ සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් ඇය කියයි.
තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු නිසා ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියා.

තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලූ වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් සදහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි ඒ අනුව තමා පෙම්වතා ඉල්ලූ සියලූ දේ නොපිරිහෙළා ලබාදුන් බවද කියා සිටී.
2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් කියන ඇය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, මෙම විරසකය ඇරඹුනේ එතැන් පටන් බවත් කියා සිටී.
මෙම අවස්ථාවේ පැමිණිලිකරු වෙනුවෙන් පොලිසිය කරුණු දැක්වූ අතර සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්ෂයක් (14,29,00,000* ලබාදී ඇති බවත් පැමිණිලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියා.
සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියා.


ටෙලි නාට්‍ය නිළි ”ආක්ෂා සුදාරි” නමැත්තිය රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් කෝටි 3 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ 13 නියෝග කරා. සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත‍්‍රාත්වරයා අමතර ඇප කොන්දේසි වශයෙන් සෑම ඉරුදිනකම පෙරවරු 9 ත්, 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසටද නියෝග කරා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.