ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 24, 2015

මුතුකුඩ ආරච්චිගේ ෆ‍්‍රැන්සස් ඇනස්ලි ඩයස් ...!!!

ඩසියවසකටත් වැඩි කලක් පුරා ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව ඈ මාධ්‍යත‍්‍රය හාස්‍ය රසයෙන් ඔකඳ කළ යුගයක පිළිබිඹුවක් වූ කලාකරුවකුවූ ඇනස්ලි ඩයස් නම් වූ ඔහු මෙරට හාස්‍ය නළුවෙහි සුපෝෂණය උදෙසා ඉටු කළ මෙහෙවර අමරණීය වේ.
මුතුකුඩ ආරච්චිගේ ෆ‍්‍රැන්සස් ඇනස්ලි ඩයස් කැලණිය දළුගම දී ජන්ම ලාභය ලැබුවේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගෙන් හා එක් සහෝදරියකගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙසිනි. දළුගම ශාන්ත ෆ‍්‍රැන්සිස්, වරාගොඩ ශාන්ත පාවුළු, මරදානේ ශාන්ත ජෝසප් යනාදී විද්‍යාලවලින් හේ සිප්සතර හැදෑරුවේය.

ඇනස්ලි කතෝලික බැතිමතකු වුවත් කැලණිය විද්‍යාලංකාර පිරිවෙණට ඇතුල් වී පාලි, සකු හදාළේය. එහිදී යක්කඩුවේ ප‍්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ ප‍්‍රඥාකිත්ති, කොස්ගොඩ ධම්මවංශ යනාදී කීර්තිමත් යති ප¾ඩිවරුන්ගේ සෙවණෙහි ශිල්ප ලැබීමට තරම් ඔහු භාග්‍යවන්ත වූයේ ය.
ඇනස්ලිගේ සමකාලීන හාස්‍ය නළු ශිල්පියකු වූ ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ඔහුගේ පාසල් මිතුරෙකි. එකල ඔවුහු පාසලේ එකට නාට්‍ය රඟදැක්වූහ. ඇනස්ලි - ඇල්ෆ‍්‍රඩ් දෙදෙනාට විද්‍යාලංකාර පිරිවෙණේදී තවත් මිතුරන් තිදෙනෙක් එක්වූහ. එච්.ඩී. විජේදාස, සැමුවෙල් රුද්‍රිගෝ හා බර්ටි ගුණතිලක එම මිතුරන් ති‍්‍රත්වයයි.
මෙකී පස් කණ්ඩායමට ප‍්‍රථම එනම් ග‍්‍රැමෆෝන් යුගයේත් අනතුරුව එළඹුණු ගුවන් විදුලියේ දාරක සමයේදීත් විකට වැඩසටහන් ඉදිරිපත් කළ ශිල්පීන් අතර එඩී ජයමාන්න, එඩී යාපා, ජෝසප් සෙනෙවිරත්න, කි‍්‍රස්ටි ලෙනාඩ් පෙරේරා ආදීහු කැපී පෙනුණහ. මේ විකට වැඩසටහන් බොහොමයක දක්නා ලැබුණේ බටහිර සිතුම් පැතුම් ඔස්සේ මතු වූ හාස්‍යයකි.
මෙබඳු පසුබිමක 50 දශකයේ මුල් භාගයේ කලා ක්ෂේත‍්‍රයට පිවිසුණු ඇනස්ලි ඇතුළු පස් කණ්ඩායම ගුවන් විදුලි හාස්‍ය නළුවට දේශීය සිතුම් පැතුම් එක් කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව වෙසෙසින් සඳහන් කළ යුත්තකි. මෙකී පස් කණ්ඩායමේ පොදු ලක්ෂණ ද්වයක් දක්නට ලැබිණි.
1. ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, විජේදාස හා ඇල්ෆ‍්‍රඩ් කැලණියේ පදිංචිකරුවන් වීම.
2. අප‍්‍රමාණ ලෙස හාස්‍යයට ඇලුම් කිරීම.
විද්‍යාලංකාර පිරිවෙණේ හා විවිධ උත්සවවල විකට වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටියදී විජේදාසයන් සහන නිවේදකයකු ලෙස ගුවන් විදුලියට බැඳුණේ ය. ඔහු තම සගයන් එකතු කොට ගෙන “විහිළු තහළු” නමින් විකට වැඩසටහනක් එහි ආරම්භ කළේ ය. ඊබ‍්‍රාහිම් නමැති ප‍්‍රකට ග‍්‍රැමෆෝන් ගායන ශිල්පියා තනුව නිමවා ගැයූ “දිනක නදින් දිනා” මෙහි තේමා ගීතය ලෙස ප‍්‍රචාරය විය.
මෙසේ විජේදාසයන් ලියූ ප‍්‍රථම වැඩසටහන 1952 සැප්තැම්බර් 15 වැනිදා ‘ඉස්කෝලයක්’ නමින් මුල්වරට ප‍්‍රචාරය වූ අතර ඒ වැඩසටහනෙන් ම පස් කණ්ඩායම ශ‍්‍රාවක ප‍්‍රසාදයට බඳුන් වූ බැව් පෙනේ. ප‍්‍රකට කාටූන් ශිල්පියකු වූ හෙන්රි තෙන්නකෝන් ද මෙහි පිටපත් ලීවේ ය. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලින් මතු වන හාස්‍ය මේවාට වස්තු විෂය වුණි. විජේදාසයන් ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති නිලධාරියකු බවට පත්වීමත් සමඟ මෙහි රචනය ඇල්ෆ‍්‍රඩ් පෙරේරා භාර ගත් අතර ඔහු එය “විනෝද සමය” ලෙස නම් කළේය.
මඳ කලකින් ඇල්ෆ‍්‍රඩ් මැනිලා ගුවන් විදුලියේ තනතුරකට පත් වූ හෙයින් මෙහි රචනය ඇනස්ලි ඩයස්ට පැවරිණි. ඇනස්ලි - සැමුවෙල් - බර්ටි විකට ති‍්‍රත්වය නොඑසේ නම් තුන් කට්ටුව ‘විනෝද සමය’ ඉදිරියට ගෙන ගියේ එතැන් සිට ය. පැය භාගයක වැඩසටහනක් සඳහා ඔවුහු මාස ගණනාවක් පුහුණු වූහ. ‘විනෝද සමය’ හි සාර්ථකත්වයට හේතු වූයේ මේ ශිල්පීන්ගේ කැපවීම බව අමුතුවෙන් කිව යුතු නැත. අනෙක් අතට ඔවුන් එකිනෙකා පරයා කැපී පෙනීමට වෙර දැරුවේ නැත.
එදා රු. 5 ක මුදලක් එක් වැඩසටහනක් සඳහා එක් ශිල්පියකුට ලැබිණි. 1982 රූපවාහිනි සංස්ථාව ආරම්භ වීමත් සමඟ මේ විකට රජුන් ති‍්‍රත්වය පුංචි තිරයට නැතිවම බැරි විය. අබේවර්ධන බාලසූරිය අධ්‍යක්ෂණය කළ ‘නන්දන වින්දන’ වැඩසටහනට ඔවුන්ගේ හාස්‍යමය අංගයක් එක් කෙරිණි. මේ අනුව ඇනස්ලි - බර්ටි - සැමුවෙල් ති‍්‍රත්වය මෙරට රූපවාහිනී හාස්‍ය නළු කලාවේ පුරෝගාමීන් ලෙසින් ඉතිහාස ගත වේ.
කිසිදු කාන්තා චරිතයක් යොදා නොගෙන දශක ත‍්‍රයක කාලයක් ගුවන් විදුලියේ ඔවුහු විනෝද සමය පවත්වා ගෙන ගියහ. කාන්තා චරිතයක් (මර්සි එදිරිසිංහ) ඊට එක් වූයේ 80 දශකයේ ඔවුන්ලේ රූපවාහිනි ප‍්‍රවිෂ්ටයත් සමඟිනි. ස්වර්ණ ශී‍්‍ර සරත්වීර, ධර්ම ශී‍්‍ර මුණසිංහ හා ගැමුණු විජේසූරිය ද මේ වැඩසටහන් පෙළට එක්වූහ.
ඔවුන්ගේ හාස්‍ය වැඩසටහන්වලින් දේශපාලන සංස්ථාව උපහාසයට ලක් නොකිරීම විශේෂත්වයකි. ගැමි හා නාගරික මධ්‍යම පන්තියේ ජීවිතය ඔවුන්ගේ හාස්‍යයට බඳුන් විය. එය උපහාසයේ සීමාව තුළ ම පිහිටා තිබූ අතර කවර විටකදීවත් අපාහසය තෙක් නොගියේ ය. පුහු ආටෝපය, මාන්නය, බටහිර ගැතිබව, එකිනෙකා පරයා යෑමට වෙරදරන තරගකාරීත්වය, පුරාජේරුව වැනි එදිනෙදා මිනිස් ජීවිතවල දුබලතා ඔවුන්ගේ සදය උපහාසයට භාජනය විය.
ඔවුහු අනුන්ට සේම තමන්ට ද සිනාසුණහ. කිසිවිටක හාස්‍යයේ නාමයෙන් අසභ්‍ය වචන නොබිණූහ. සැබෑ හාස්‍ය කැටි වී තිබුණේ ඔවුන්ගේ දෙබස්වල ව්‍යංග්‍යයෙහිය. මෙය අසා හෝ නරඹා සිනාසෙන සැවොම හරවත් සමාජ පණිවුඩයක් මතු නොව ආදර්ශයක් ද උකහා ගත්හ.
ඇනස්ලි ඩයස් ‘හාමු මහත්තයා’ ලෙසින් ද සැමුවෙල් රුද්‍රිගු Qඅමාරිස් අයියා’ ලෙසින් ද මෙහි මැවූ භූමිකා සහෘද මනසේ තවමත් ජීවමාන ය. අමාරිස් නමැති මුඛරි, පුරාජේරු දොඩන අහිංසක ගැමියා හා ඉහළ පැළැන්තියේ වලව්වක ඉපිද තම පැළැන්තියේ ගෞරවය රැක ගැනීමට ව්‍යාජ ලෙස උත්සාහ කරමින් බොහෝ දේ අහිමි කරගන්නා හාමු මහත්තයා අතර ඇතිවන සංවාදවල යටි පෙළෙහි සියුම් සමාජ විවරණයක් ගැබ් වී තිබිණ.
කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස ද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස ද නාගරික සංවර්ධන අධිකාරියේ මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙස ද කලක් කටයුතු කළ ඇනස්ලි 1957 ඔක්තෝබර් 16 වැනිදා නොයෙලින් ඩයස් සමඟ විවාහ වූ අතර ඔහු දූ දරුවන් සයදෙනෙකුගේ දයාබර පියෙකි.
1968 තිරගත වූ “අබුද්දස්ස කාලේ” චිත‍්‍රපටයේ රුක්මණී දේවිය සමඟ ප‍්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පිවිසි ඇනස්ලි එහි තිර නාටකය ද ලීවේ ය. සමාජ සතුරෝ, (1969), බිනරමලී (1969), ලක්සෙට කොඩිය (1970), මරුවා සමඟ වාසේ (1977), කෝලංකාරයෝ (1981), වතුර කරත්තය (1982), ආසයි බයයි (1991), දෙවියනි සත්‍ය සුරකින්න (1995), රෑ දනියෙල් දවල් මිගෙල් 2 (2000) යන චිත‍්‍රපටවල හාස්‍යයට නැඹුරු චරිත රඟපෑ ඔහු, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “කෝලංකාරයෝ” චිත‍්‍රපටයේ කතාව, දෙබස් හා තිර රචනයෙන් දායක වූයේ ය.
මිනිස්සු හිනස්සන්න පුළුවන් නළුවාට ඕනෑ ම චරිතයක් රඟපෑ හැකි බව ඇනස්ලි නිතර කීවේ ය. විමලරත්න අධිකාරි ගේ “666” ටෙලි නාටකයේ ජනදාස නමැති කාරුණික, උපේක්ෂා සහගත පියකු ලෙස ඔහු රඟපෑ චරිතය සහෘදයාට අමතක නැත. ප‍්‍රංශ නාට්‍යයක් ඇසුරු කොට ‘ලුසින්දේ’ නාට්‍යය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඇනස්ලි විසිනි. ප‍්‍රකට ප‍්‍රංශ නාට්‍යකරු මොලියර්ගේ ”ඹ්ර්‍ණඍඡ් ධ්ඉ ඊඩ්ඡ් ඕඡ්ඉඊ ච්ර්‍ණඛ්ඊර්‍ණඅ නාට්‍යයෙහිද සිංහල පරිවර්තනය ඔහුගේය.
ඇනස්ලි ලියූ ”විනෝද සමය 1” හා “විනෝද සමයේ හාමු මහත්තයා” යන ග‍්‍රන්ථ 2005 දී එළිදුටුවේ ය. ඇනස්ලි, සැමුවෙල් දෙපළට මෙරට චිරන්තන සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳවත් දෙස් විදෙස් කලාත්මක නාට්‍ය මෙන්ම විශ්ව සාහිත්‍ය අරභයාත් පෘථුල දැනුමක් තිබූ බව වරක් සැමුවෙල්ගේ පුත් ප‍්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්නයන් ලියූ ලිපියක දැක්විණ.
හාස්‍යයේ නාමයෙන් බහුල ව අපහාස හෝ ග‍්‍රාම්‍ය, නිසරු, ප‍්‍රලාප ඇසෙන දකින මෙවන් සමයක ඇනස්ලිලා, බර්ටිලා, සැමුවෙල්ලා හාස්‍ය නළුවට ඉටු කළ මෙහෙවර, ඔවුන්ගේ සුවිශේෂත්වය නව පරපුර හැදෑරිය යුත්තේ මෙරට හාස්‍ය¤ත්පාදක නළු කලාව කාලානුරූපව සකස් විය යුත්තේ කෙසේදැයි වටහා ගැනීමට ඔවුන්ට එමඟින් සදුපදේශ සැපයෙන බැවිනි.
ඇනස්ලි ලියූ ග‍්‍රන්ථයක දක්නා ලැබෙන මහඟු කියුමක් මා හට සිහිපත් වේ.
”රුසියන් ගත් කතුවර ලියෝ තෝල්ස්ටෝයි කියා තිබෙන්නාක් මෙන් නරකය කියා සම්මත හෝ පිළිකුල් දෙයක් නිරන්තරයෙන් අසන විට හෝ දකිනවිට එය සාමාන්‍ය දෙයක් හෝ සමාජය පිළිගන්නා දෙයක් බවට පත්වේ. පොදු ජනතාවට බන්දේසියක තබා ඉදිරිපත් කරනු ලබන මෙවැනි දේ මෙලෙස නිදහසේ විඳින්නට දිගින් දිගටම ඉඩ හැරියොත් මුළු සමාජය ම වැරදි මඟට වැටී විනාශවීම නතර කිරීමට කිසි දිනක හැකිවන්නේ නැත.”
ගුවන් විදුලි විකට වැඩසටහනක ඇනස්ලි මතු කළ හාස්‍යයට එක් නිදර්ශනයක් උපුටා දක්වමින් මේ සැමරුම නිම කළ යුතු යැයි හැඟේ. පොදු ළිඳක බාල්දිය සොරකම් කිරීමට එන සොරකු අල්ලන්නට නිදිවර්ජිත ව සිටිනා පුද්ගල චරිතයක් මීට පාදක විය. ‘නිදිවර්ජිතයාට රාති‍්‍රය දිගය’ යන ප‍්‍රකට කියුම මේ හාස්‍ය නාටකයෙන් මතු කෙරේ.
”මං කළුවරේ දැන් බලාගෙන ඉන්නවා පොල්ලක් අතේ තියාගෙන. ඔහොම ඉන්නකොට ඉන්නකොට ඔන්න”
”හොරා ආවා”
”නෑ ඕයි. ඔර්ලෝසුවේ 12 වැදුණා. 12 වැදිලා පැයක් විතර යනකොට”
”ඒ පාර නම් හොරා ආවා”
”නෑ ඕයි. එක වැදුණා. එක වැදිලා පැයක් හිටියා. පැය 2 ක් හිටියා. පැය 3 ක් විතර යනකොට”
”ඒ පාර එන්නැති”
”නෑ ඕයි එක වැදිලා පැය 3 ක් විතර යනකොට 2 වැදුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.