ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

බොරු චෝදනාවන්ට උත්තර දෙන්න මා සූදානම් නෑ....!!!කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්නත් පුළුවන්...!!! මරා කිියයි



මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ  ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති සන්ධාන මංගල රැලියේ දී මහින්ද රාජපක්ෂ  කතා කළේ නැත. රටේ ජනතාව මා සමග සිටින තුරා කිසිම කෙනෙකුගේ බොරු චෝදනාවන්වලට උත්තර දෙන්න මා සූදානම් නෑ. ජනතාව ඊට උත්තර දෙයි යනුවෙන් හිටපු එහිදී කීවේය. පක්ෂයේ සභාපතිධූරය තමාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් බාරදුන් බවත්, ශ්‍රීලනිපය රැක ගැනීමට ඕනෑම පරිත්‍යාගයක් කරන බවත්, හෙතෙම කීවේය. තමන් පරාජයට පත්වි ඔවුන්ට බලය ලබාදුන් අවස්‍ථාවේදී අගවිනිසුරු  හා නීතිපතිවරයා ගෙන්වාගෙන කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ බවත්, එසේ කළේ ලෝකයා ඉදිරියේ අප අපකීර්තියට පත් කිරීමට බවත්, හෙතෙම ප්‍රකාශ කළේය.
තමන්
 ලබාදුන් අටපිරිකර, සිල් රෙදි ගැනද පොලීසිය විසින් ප්‍රශ්න  කළ බවද, මෙය යහපාලනයදැයි රාජපක්ෂ  ප්‍රශ්න නැගුවේය. සජිත් ප්‍රේමදාස  දැන් කෑ ගසන බවත්, කොටින්ට අවි ආයුධ දුන්නා මතකදැයි කියා සිටි ඒ  පොලීසියේ 600ක් ඝාතනය කළා අමතකදැයි ද විමසා සිටියේය.

තමන් මවුබිමට හෝ ජනතාවට ද්‍රෝහි වී නැති නමුත් තමන්ට ඇඟිල්ල දිගු කරන බවත් හෙතෙම පැවසීය. විදේ‍ශ බලවේග හමුවේ කොන්ද නොනැමු නිසා මෙවැනි චෝදනා නගන බවත්, කණ්ණාඩිය ඉදිරියට ගිහින් බැලුවොත් ද්‍රෝහියා කවුදැයි පෙනෙනු ඇති බවත්, ඇඳුම් ඇඳගෙන කණ්ණාඩිය ළඟට ගිහින් බලන ලෙසත්, රාජපක්ෂ  ඉල්ලා සිටියේය. අගමැතිට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් යැයි පැවසීය.
තේ මිල, වී මිල, රබර් මිල අඩු වී ඇති බවත්, ආර්ථිකය කඩා වැටී ඇති බවත්, මාස 6ක් සිටි මෙම කණ්ඩායම අවුරුදු 5ක් සිටියොත් කෙසේ වේදැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
මෙම රැලිය සඳහා එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත්, ශ්‍රීලනිප මහලේකම් අනුර යාපා, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න ඇතුළුව පක්ෂ හා සංවිධාන රැසක නියෝජිතයින් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.