ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

ජෙප්පො කිව්වට අප්පොගෙ ගාඩ් එක අඩු කරන්න බැහැ....!!! මැකෝ කියයි...!!!

හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්‍ෂාව ඔවුන් වෙනත් දේකට සම්බන්ධ වූ පමණින් එම ආරක්‍ෂාවේ අඩු කිරීමක්‌ සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය  පැවැසීය. කෙසේ නමුත් ආරක්‍ෂකයන් තමන්ගේ ආරක්‍ෂාවට හැර වෙනත් කටයුතුවලට නොයොදවන ලෙස මහ මැතිවරණයට තරග කරන හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබවද මැතිවරණ කොමසාරිස්‌වරයා ඊයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්‌වරයා මේ පිළිබඳව තමාට පැමිණිල්ලක්‌ ලැබුණු බවත් මීට පෙර මෙවන් අවස්‌ථාවක්‌ උදා වී නොමැති බවත් යම් ජීවිත තර්ජනයක්‌ ඇති බවට තහවුරු කරමින් යම් පක්‍ෂ නායකයකු ආරක්‍ෂාව ඉල්ලා සිටියහොත් එම ආරක්‍ෂාව
ලබාදීමට කටයුතු කළ යුතු බවත් කොමසාරිස්‌වරයා කියා සිටියේය. පාර්ලිමේන්තුව විසිරුවා හැරියද ඇමැතිවරුන්ට පමණක්‌ එහි වරප්‍රසාද ලබාගත හැකි බව කී කොමසාරිස්‌වරයා සෙසු සියලු දෙනාට සමසේ සලකා කටයුතු කිරීමට කටයුතු කරන බව කීය.
එමෙන්ම කථානායක, නියෝජ්‍ය කථානායක, විපක්‍ෂ නායක හා ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් වන ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න හා ආර්. සම්බන්ධන් යන අයගේ රාජකාරි අවශ්‍යතා සලකා බලා වරප්‍රසාද ලබාදීමටද ක්‍රියා කළ බව කීය.
මේ අතර මහින්ද රාජපක්‍ෂ  හිටපු ජනාධිපතිවරයකු සතු හිමිකම් සහ වරප්‍රසාද සහිතව මැතිවරණයට ඉදිරිපත් වීම තුළින් අනෙකුත් අපේක්‍ෂකයන්ගේ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණ අද (17 දා) හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.
1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන ඉක්‌මවා යමින් දැනටත් හිටපු ජනාධිපතිවරයා වරප්‍රසාද ලබන බව පවසන ජවිපෙ මෙම තත්ත්වය තුළදී අනෙකුත් අපේක්‍ෂකයන්ට දැඩි අසාධාරණයක්‌ වන බව ප්‍රකාශ කර සිටී.
නීතිඥ සුනිල් වටගල, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත්  මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.