ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

නඩුවේ වාර්තා අතුරුදන් වෙලේ සුදා නිදහස් ‍වෙන ලකුණු....!!!


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදාට' එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවේ පොලිස් පරීක්ෂණ වාර්තා අතුරුදන් වීම හේතුවෙන් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය නීතිපතිවරයාට ඊයේ (16දා) නියෝග කර ති‍බේ.
හෙරොයින් ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදා නමැති විත්තිකරුට එරෙහිව සටහන් යොදා තිබූ ගල්කිස්ස පොලිසියේ තොරතුරු පොත් අතුරුදන් වී ඇති නිසා අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බව දන්වා සිටි විත්තියේ නීතිඥවරයා ඒ අනුව විත්තිකරු අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස මීට ඉහත නඩු වාරයේදී ඉල්ලීමක් කර තිබිණි. මේ සිද්ධියට අදාළ
නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණය වෙත දන්වා සිටියේ එම තොරතුරු සටහන් පොත් අතුරුදන් වීම පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවයි. මේ සිද්ධිය පිළිබඳව ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී ජනක ගුණතිලක මහතා කොළඹ මහාධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ දන්වා සිටියේ නඩුවට අදාළ වූ තොරතුරු පොත ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම ගැන විමර්ශනයක් ආරම්භ කළ බවයි.
මේ නඩුවට අදාළ වැටලීම් සටහන් පොත ආරක්ෂා සහිතව සහකාර පොලිස් අධිකාරී-ගල්කිස්ස  භාරයේ තබා ඇති බව දන්වා සිටින ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජනක ගුණතිලක එහෙත් පරීක්ෂණ වාර්තා ඇතුළත් අදාළ තොරතුරු සටහන් පොත් අස්ථානගත වීමට වගකිව යුතු විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. සේනානායක නිලධාරියා හට ඉදිරියේදි ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳ නීති කොට්ඨාසයේ උපදෙස් ලබා ගන්නා බව දන්වා සිටියේය.
2000 මැයි 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 6.7ක ප්‍රමාණයක් සන්තතකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
ලබන සැප්තැම්බර් මස 16 වැනි දින තෙක් නඩු විභාගය කල් තබන ලෙසද මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියම කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.