ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 13, 2015

ළඟ - ළඟම එන භීෂණ සමය...!!!


(13 දා) දහවල් 12 ට එක යුද්ධයක්‌ අවසන් විය. ඒ වූ කලී මනාප යෝජනා යුද්ධයයි.


මේ ලංකා ඉතිහාසයේ නාමයෝජනා වෙනුවෙන් දේශපාලන පක්‍ෂ තුළ මෙපමණ කලබලයක්‌ හටගත් පළමුවැනි අවස්‌ථාව මෙය විය යුතු ද? මුල්ම කලබලය පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා ලබා ගනු පිණිස ය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඔහුට නාමයෝජනා නොලැබෙන බවට ආරංචි පැතිර ගියේය. ඒ අනුව ඔහු සිය කණ්‌ඩායම සමඟ වෙනම ලකුණකින් සහ වෙනම පක්‍ෂයකින් තරග කරන බවට ආරංචි ලැබිණ. ඔහු මල් පොහොට්‌ටුවෙන් එන බව අයෙක්‌ කීය. තවකෙක්‌ කීයේ ඔහුගේ ඡන්ද ලකුණ කොඩිය බවය. එහෙත් අන්තිමේදී ඔහු බුලත් කොළයෙන් සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් නාමයෝජනා භාර දුන්නේය.

මේ අතර තව කලබලයක්‌ ඇති විය. ඒ වූ කලී මහින්ද රාජපක්‍ෂගේ අනුගාමිකයන්ට නාමයෝජනා ලබා ගැනීමය. අන්තිමේදී නාමයෝජනා නොලැබෙතැයි සිතූ රැසකට ඒවා ලැබිණි. ලැබෙතැයි සිතූ අයට නොලැබිණි. මහින්දට නාමයෝජනා දීමට විරුද්ධව රාජිත, චම්පික, අතුරලියේ රතන හිමි වැනි අය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අත්හැරියහ.

සන්ධානයේ නාමයෝජනා සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා අතර පැහැදිලි වෙනසක්‌ තිබේ. සන්ධානයේ නාම යෝජනාවලට, ඩාර්ලි පාරේ ශ්‍රී ල. නි. ප. මූලස්‌ථානය පසු කර යන හැම දෙනාම ඇඟිල්ල බැගින් ගැසූහ. එහෙත් එ.ජා. ප. යේ නාමයෝජනාවලට එසේ කිරීමට බැරි විය. හේතුව එය ඉතාම සංවිධානාත්මක වීමය. කාගෙත් සුන්දරියක නොවීමය.

ඒ යුද්ධය අවසන් වූ පසු, එනම් ඊයේ දහවල් දොළහෙන් පසු සියල්ල සන්සුන් වනු ඇතැයි ඔබ කල්පනා කරනවා විය යුතුය. නැත. කරදරවල කෙළවරක්‌ නැත. ඊයේ දහවල වනතුරු කරදර තිබුණේ දේශපාලන පක්‍ෂවලට පමණි. එහෙත් ඊයෙන් පසු කරදර එන්නේ මහජනතාවට ය.

ඒ කෙසේද? මෙසේය....

දැන්, අපේක්‍ෂකයන් කවුද යන්න ස්‌ථිරය. ඒ අපේක්‍ෂකයෝද, ඒ අපේක්‍ෂකයන්ගේ ගැත්තන්ද, ඒ ගැත්තන්ගේ ගැත්තෝ ද, ඒ ගැත්තන්ගේ ගැත්තෝ ද ඉලෙක්‌ෂන් කැම්පේන් සඳහා පාරට බහින්නට පටන් ගත්තේ ඊයේ දහවල් 12 න් පසු ය. මෙතෙක්‌ දිනක්‌ අංකයක්‌ නැතිව පක්‍ෂයේ සලකුණ යටතේ පමණක්‌ "රන් එක" දුන් අපේක්‍ෂකයන්ට ඊයෙන් පසු අංකයක්‌ ලැබෙන්නේය. ඒ වූ කලී මනාප අංකයයි. එක ඡන්ද දායකයකුට මනාප අංක 3 ක්‌ හිමිය. ඒ තුන රත්තරන් හා සමානය. හැම අපේක්‍ෂකයෙක්‌ම ඉල්ලන්නේ මේ මනාප තුනෙන් එකකි. එය ලබා ගැනීමට නම් ජනතාව අතරට යා යුතුය. පෝස්‌ටර් ගැසිය යුතුය. ඡන්ද රැස්‌වීම් පැවැත්විය යුතුය. පොකට්‌ මීටින් සංවිධානය කළ යුතුය. වතුවලට, ගෙවල්වලට පුද්ගලිකව බැසිය යුතුය. මේ අතර විරුද්ධ අපේක්‍ෂකයාගේ හෝ මනාපකාරයාගේ පෝස්‌ටර්වල තාර ගෑ යුතුය. ඔහුගේ කොඩිවැල් කැපිය යුතුය. ඔහුගේ ඡන්ද රැස්‌වීම් කඩාකප්පල් කර, කාර්යාලවලට බෝම්බ ගසා ස්‌ටේඡ්වලට ගිනි තැබිය යුතුය. 'විරුද්ධවාදියාට මරණය' යන්න මේ මොහොතේ පවතින දේශපාලන උධෘත පාඨයයි.

අද සිට, එනම් ඊයේ දහවල් 12 න් පසු පටන් ගත්තේ ඒ යුද්ධයයි. එය නාම යෝජනා යුද්ධයට වඩා බෙහෙවින් දරුණු බව සිහි තබාගෙන ප්‍රවේශමෙන් කල්ගත කරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.