ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 3, 2015

භික්ෂුත්වයට නොහොබිනා සමාජ ක්‍රියාකාරකම්... !!!

සුදෝසුදු වතින් සැරසුනු දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ එදා මෙන් අද පුණ්‍ය භූමිවල පමණක් නොව නගර මධ්‍යයේ සුවිසල් මැදුරු වල ගාලු මුවදොර පිටියේ (ගෝල්ෆේස්) සත්තු වත්තේ  රොද බැද සිල් රකිති , දන් වළදිති. හිරු නැගෙන සීත යාමේ හිරු බසින සෑදැ සමයේ හන්දියක් හන්දියක් පාසා නගරයක් නගරයක් පාසා පිරිත් දෙසුම් විසුරුවා හරති. ගුවන් විදුලි රූපවාහිනි සේවා වල නිරන්තරයෙන්ම ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , සෙත් පිරිත් ශාන්ති ආදිය විසුරුවා හරිති. බෞද්ධ පොත පතින් බෞද්ධ සලකුණු වලින් ශෝභාමත් කරති. රාජරාජ මහා මන්දිර විටෙක ධර්ම ශාලා සිරි ගනියි.
බුදු සරණයි, තෙරුවන් සරණයි , දෙවි පිහිටයි , සෙත් වේවා , මෙත් වේවා ආදී පැතුම් ජන මුවග සැරසූ සුමිහිරි වදන් වැල්ය. නිතිපතා අසිරිමත් පූජා, වන්දනාමාන , සංදර්ශන , දන්සැල් , දන්පැන් , සංග්‍රහ සිරිත් නෙත් සිත් තොස් කෙරේ. සරල චාම් නැතහොත් අල්පේච්ඡ දිවි පැවැත්ම , පඤ්චශීල ප්‍රතිපත්තිය, සදාචාරාත්මක ජීවන පැවැත්ම , ධාර්මික ධන පරිභෝජනය , නිසි කළමනාකාරිත්වයද , ලද දෙයින් තොස් වීම ආදී පුරුෂාර්ථ අනූව දිවි පැවැත්මට ලබා දෙන මිණි ඔවදන් නිරන්තරයෙන් ජප කරති, කරවති ආදී වශයෙන් සිතත් සිතත්ම අපූර්ව බෞද්ධ ප්‍රබෝධයකින් අද ලක් දෙරණ ඔකද වී ඇතැයි සිතේ.

බැලූ බැල්මටම මෙම තත්ත්වය සත්‍යයක් වෙතත් සතර අගතියෙන් ඈත්ව බෞද්ධ චින්තනය මත පිහිටා විපරම් කරන විට පසක් වන කරුණක් නම් ආධ්‍යාත්මික වශයෙන් ශීඝ්‍ර නායා යෑමක් පවත්නා බවයි. කෙටියෙන් පැවසුවොත් සමස්ථ සමාජයම බිද වැටී ඇත. විනය පිරිහී ගිය මනුෂ්‍යත්වය නිගාවට පත්ව ඇත. ඊට හේතුව කුමක් විය හැකිද ? ඒ පිළිබදව විමසීම සංසාරයේ මුල සොයන්නා සේය. එතරම්ම සංකීරණය. කෙසේ වුවත් හේත්ඵලවාදී බලන කල එක්තරා මූලයක් මතු කරගත හැකිය. එනම් උක්ත ප්‍රබෝධය වාණිජ්‍යකරණය මත පිහිටා ඇති බවයි. එම නිසා කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර අත්තුක්කන්සනය ( තමා උසස් කොට තැබීම ) පරවම්බනය ( අනුන් හෙලා දැකීම ) ආදී වංචනික සිතුවිලි මත ගොඩ නැගී ඇත. මෙයින් සැබෑ ප්‍රබෝධයක් බලාපොරොත්තු විය නොහැක. එම නිසා බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සාධාකය වූ භික්ෂු නායකත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.

ලංකා ඉතිහාසය පිළිබද විමර්ශනය කරන්නෙකුව දැනගත හැකි සංස්ථිතික නැතහොත් සමාජ පැවැත්මෙ ලක්ෂණයක් නම් යම් වකවානුවක භික්ෂූන් වහන්සේගේ පරිහානියක් ඇති වූයේ නම් එය සකල සමස්ථ සමාජයේම බිද වැටීමට ලක්වූ බවයි. සග සසුනේ සාමඝ්‍රියතාවය යම්තාක් දුරට රැකුනේ නම් සකල සමාජයේ සෑම අංශයකම ප්‍රගතියක් ඇතිවූ බව ප්‍රත්‍යක්ෂ වේ. මෙසේ බලන විට නූතන ශාසනික පැවැත්මේ යම් යම් ගැටුම් පවතින බව රහසක් නොවේ. ඒවා ධර්මය විනය වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. විශේෂයෙන්ම ධර්මය විවරණය කිරිමේදී අතිශය අධර්මවාදී ස්වරූපය බුදු සසුනේ ඉදිරි පැවැත්මට විශාල හානියකි. අන්‍යාගමික බලපෑම් මෙන්ම බුදු දහමේ ව්‍යාප්තිය නාමයෙන් පෙනී සිටින අප්‍රබෞද්ධයින්ගේ අත්තනෝමතික ධර්ම විවරණ මේ ප්‍රස්තුතයේ ප්‍රබල හානියකි. ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් ද තමන්ගේ රුචි අරුචිකම් අනූව බුද්ධ වචනය ආකූල ව්‍යාකූල කිරීම සුලභ ප්‍රවණතාවයකි. උදාහරණයක් වශයෙන් බෞද්ධයාගේ නිත්‍ය ශීලය පඤ්ච ශීලයයි. එය කාමභෝග ගෘහස්ථ ජිවිතයකට කිසිසේත්ම බාධාවක් නොවේ. යමෙක් යම්තාක් දුරට පඤ්ච ශීලයේ පිහිටා අභුසැමියන් වශයෙන් සදාචාර භ්‍රහ්මචරිය ජීවිතයක් ගත කරන්නේ නම් ඔවුන්ගේ ගෘහ ජීවිතය භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශෑන්ද පෝෂණය වන්නේය.

පඤ්ච ශීලයෙහි එන කාමේසු මිච්ඡාචාරා කාමයන්හි වරදවා හැසිරීම යනු පවකි. එය නොකටයුත්තකි. එයින් කාමයෙහි නිසි සේ හෑසිරීමට අඹුසැමියන්ට බාධාවක් නොවේ. මෙයින් තව දුරටත් පැහැදිලි කරන්නේ ස්ව යුවතිපති භූමිකාවෙන් සංතෘප්තිව ජීවත්වීම බෞද්ධ පිළිවෙතට පටහැනි නොවන බවයි. එහෙත් එහි ඇති සමාජික මෙන්ම ආධ්‍යාත්මික ගැඹුරු අර්ථය නොවටහාගත් ඇතැම් භික්ෂුවක් පඤ්ච ශීලය වෙනුවට දෛනික අෂ්ඨාංග ශීලය භවාංග උපදේශනය සමාදන් කරවති, මෙයින් පැහැදිලි වන්නේ ධර්මයෙහි පවත්නා සර්වකාලීන අර්ථය නොවටහා ගැනීමයි. තවද කෙනෙක් මාංශ භක්ෂණය පිළිබද දැඩි මෝක්ෂ ප්‍රතිපදාවක් දේශනා කරති. එහෙත් මාංශ භක්ෂණය පිළිබද මුල් බුදු සසුනේ ඉගැන්වීම කෙමබු දැයි ඔවුන් දන්නේ නැත. බුදුන් වදාළ ධර්ම දේශනා අද හදි හූනියම් යන්ත්‍ර බවට පරිවර්තනය කරමින් පවතී. විවිධ මාධ්‍යයන්ගෙන් උදේ හවස ඇතැම් සූත්‍ර ජප කරන්නට උපදෙස් දෙයි. මෙවැනි සංකල්ප පැරණි බෞද්ධ සමාජයේ නොතිබුනි. මේවැනි කරුණු මත දහම කුමක්දැයි විසදා ගැනීමට විමසන සුලු බෞද්ධ සමාජයට අද උහතෝකෝටික ප්‍රශ්නයක් වී ඇත. බුදු රජාණන් වහන්සේගේ සමයේ කලාම වරුන්ට වූ තත්ත්වයම උදා වූ සේක.

ඇතැම් භික්ෂුවක් භික්ෂූත්වයට කිසිසේත්ම නොහොඹිනා සමාජික දේශපාලනික න්‍රියාකාරකම්වල නියැලෙති. රාජ්‍ය පාලනය භික්ෂුවට අවැසි නොවුවත් රාජ්‍ය පාලකයෙකුට උපදෙස් දීම උන්වහන්සේගේ කාර්යය විය, අද භික්ෂුව අගතිගාමී පක්ෂ භාවිතයේ මහජන නියෝජිතයන් වශයෙන් ප්‍රාදේශීය මන්ත්‍රී කමේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරයි. මේ යන ක්‍රමය අනූව නොබෝ කලෙකින් ග්‍රාම සේවක තනතුරට පවා භික්ෂූන් පෙනී සිටිය හැක. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය හැර කිසිම තනතුරක් මින් පෙර භික්ෂුව නොදැරීය. එහෙත් අද අධිකරණ අමාත්‍යාංශය , ධීවර කටයුතු අමාත්‍යාංශය ආදියේ සෑම තැනකම රැකියාවන් දරති. පොලිස් අධිකාරී තනතුරකට මෑතක භික්ෂුවක් ඉල්ලුම් කළේය. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට මේ වනවිට අධිකරණ ක්‍රියාදාමයන්ට පවා භික්ෂුව යොමු වී ඇත. රාජ්‍ය පරිපාලනය නිලධාරීන් හැටියට ඉල්ලුම් කිරීමට උත්සාහ කරයි. මේ විදියට බලන විට ගෘහස්ථ සමාජයේ සිදු කෙරෙන සියළුම කර්තව්‍යයන් සදහා භික්ෂු නියෝජිතයෝ ඉදිරියේදි පෙනී සිටිති.

භික්ෂුව ආධ්‍යාත්මික මෙන්ම භෞතික සංවර්ධනය කිරීමෙහිලා පුරෝගාමී නායකත්වය පාරිවේණික අධ්‍යාපනය තුළින් ලැබිණි. මේ වනවිට එය නිලධාරී වාදයට යටත්ව බටහිර අධ්‍යාපන දර්ශනය මත ගොඩනැගෙමින් පවතී. මෙයින් වන හානිය පිළිබද කිසිවක් කතා නොකරති. බෞද්ධ පොතපත පමණක් චිත්‍රපට නාට්‍යාදිය විසින් විශාල හානියක් සංස්ථිතික ශාසනික පැවැත්මට සිදු කරයි. මේවා පිළිබද විධිමත් අධ්‍යයනයක් කොට එළි දැක්වීමට මාධ්‍ය බෞද්ධ මණ්ඩලයක් පිහිටුවිය යුතු යැයි 1956 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉදිරිපත් වී තිබුනත් අද වෙනතුරු එවැනි කිසිවක් ක්‍රියාත්මක වූ බව නොපෙනේ

බෞද්ධ ඉදිකිරීම් පිළිබද විධිමත් සැලැස්මක් නැත. තැන නොතැන බුදු පිළිම ඉදි කෙරේ. මේවා ඉදිකිරීමේ පරමාර්ථ ඇතැම් විට පටු පරපාර්ථ විය හැක. එසේම පදික වේදිකාවල විකිණීමට තබා ඇති බුදු පිළිම වලට නිසි ගෞරවය නොලැබෙයි. ඇතැම් කලාකරුවන් යැයි කියා ගන්නා පිරිස් නිර්මාණය කරන පිළිම අශෝභනයි. ප්‍රමිතියක් නැත. මේවා පිළිබද යම් සම්මුතියකට එළඹිය යුතුයි. විදේශීය වශයෙන් කෙරෙන බෞද්ධ විරෝධී ක්‍රියාකලාප පිළිබදව විදේශීය රාජ්‍යයන්හී නායක කම් දරන හෝ ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදෙන භික්ෂූන්ගේ විධිමත් දූරදර්ශී සැලැස්මක් නැත. මේ නිස විවිධාකාරයෙන් භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් පිළිබදව ගැටළු උද්ගත වෙමින් පවතී. එම නිසා පරමාදර්ශී නායකත්වයක් තුළුන් මේවා හැඩ ගස්වාගත හැක. ඒ සදහා අවශ්‍ය කරන පසුබිම නම් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් මූලිකව සැදුම්ලත් යම් සම්මුතියකට එළඹීමයි. එය කතිකාවතක් විය හැක. එවැනි කතිකාවතකින් බෞද්ධ සමාජයේ බිද වැටීම යම් තාක් දුර වළක්වා ගත හැක.

ලිව්වේ:


රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.