ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 21, 2015

මැකී නොයන රූපස්වරය...!!!

සදාකාලික තාරකා දීප්තිය විහිදුවන්නේ අඳුර දසත වෙළාගත් පසුව ය’ යනුවෙන් වන කියමනක් අප අසා තිබේ. මතකයේ අත කොනක වැළලී නමුත් නොනිවී පැවැති මේ මතකය ඉකුත් දිනක යළිත් ආලෝකවත්ව පණ ලැබුවේ තිස්ස අබේසේකරයන්ගේ අභාවයත් ඉන් අනතුරුව නිර්මාණය වූ රික්තයක් යළි විමසන අතරේ ය.
‘මරණය’ නැතහොත් ‘අභාවය’ පුද්ගලයකුට සියල්ල අහිමි කරන්නකියි අපි සිතමු. එහෙත් ජීවිත කාලයේදී සිහිනයකින් හෝ නොසිතූ නොපැතූ අවස්ථා කීර්ති ප‍්‍රශංසා මරණය විසින් ඇතැම් පුද්ගලයනට හිමිකර දෙනු ලබන අවස්ථා ද තිබේ. එහෙත් ඒ තාවකාලිකව ය.’මරණය’ විසින් පුද්ගලයකුගේ නැති ගුණ ඉස්මතු කර, නුගුණ අකාමකා දමනු ලබන්නේ එය සිදු වූ අවස්ථාවේදී ය.
මළගමක දි මිය ගිය පුද්ගලයාගේ නැති ගුණ හුවා දැක්වීමට මිනිස්සු නිර්ලෝභී වෙති, දෙතුන් මසකට පසුව ද ඔහුගේ ගුණ ගැයෙන්නේ සැබැවින් ම ඔහු තුළ යම් සාධනීය ගුණයක් පැවතුණේ නම් පමණි. දීර්ඝකාලීනව ගුණ සැමරෙන්නේ යුග පුරුෂයකුට ළංවූවකුගේ ය. නැතහොත් යුග පුරුෂයකු ගේ ය.
මේ ටිකාව ලියන්නට අප යොමුවූයේ මේ වනවිට තුන් මසක් සපිරෙමින් ඇති තිස්ස අබේසේකරයන් ගේ වියෝවෙන් පෑදුණු රික්තයත්, ඔහුගේ සමාජ භූමිකාවත්, සංවේදී හදවතත් පිළිබඳව පසුවිපරමක යෙදීම සඳහා ය.
තිස්ස අබේසේකරයන්ගේ කලා, සිනමා, සාහිත්‍ය හා සමාජ මෙහෙවර ඔහුගේ හුස්ම පොදත් සමඟින් සැඟවී ගිය බව සැබෑ ය. එහෙත් අප මේ උත්සාහ කරන්නේ සිනමා ක්ෂේත‍්‍රයේ, කලා ක්ෂේත‍්‍රයේ හෝ සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ඒ හා සමාන වූ ප‍්‍රශස්ත මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කිරීමට සමත් වන අන් කිසිවකු නොවන බව පැවසීමට නොවේ. කලාවේදීහු, සාහිත්‍යවේදීහු මෙන් ම විචාර කලාව ප‍්‍රගුණ කළ අය ද එදා මෙන් ම අදත් ලෝකයේ සිටිති. එහෙත් මේ සකලවිධ වූ කුසලතා මිටින්ගෙන උපන් විශිෂ්ටයන් අප අතර සිටින්නේ කීයෙන් කී දෙනා ද? මේ හැරුණු විට තිස්ස අබේසේකරයන් අද්විතීය ලෙස, සුවිශිෂ්ට ලෙස කැපී පෙනුණේ පරිවර්තන කාර්යයේදී යයි සිතමු. ‘තිස්ස නම් තිස්සම ය’ ඔහු නැති තැන හිස් තැනක් ඇති වූයේ ම ය’ යි අපට සැකබියකින් තොරව කතා කළ හැකි ක්ෂේත‍්‍රය ද වී ය. අප එසේ කියන්නේ අපගේ පෞද්ගලික අත්දැකීමක් ද පාදකව ය.
තිස්ස අබේසේකර නම් වූ සිනමාවේදියා, සාහිත්‍යවේදියා හෝ කලාවේදියා ගැන කතා කරන්නට පෙර තිස්ස නම් වූ සහෘදයා, පාඨකයා හා පෙ‍්‍ර්ක්ෂකයා පිළිබඳව කතා කිරීමට අපට සිදුවන්නේ මේ නිසා ය. කුතුහලය මිටින් ගෙන උපන් ඔහු, අවට ලෝකය හඳුනාගැනීමේ නොතිත් පවසකින් පෙළුණේ ය. ජීවිතයට එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පවා ඔහු පිදුම් ලද්දේ ඒ සහෘදයා, පාඨකයා හා පෙ‍්‍ර්ක්ෂකයා විටින් විට එක්කාසු කරගත් රන් කුඩු වැනි වූ ඒ අත්දැකීම් සම්භාරය ඔස්සේ ය.
තමා අවට ලෝකය නිරීක්ෂණය කිරීම සඳහා මිනිසකුට අත්‍යාවශ්‍ය වන සාධකයක් ද තිබේ. ඒ විටෙක බුද්ධිය ය. තිස්සට මෙන් ම තිස්සගේ පරපුරේ බහුතරයකටත්, ඉන් පෙර පරපුරටත් මේ වරම හිමිව තිබුණේ ය. පොතපත පරිශීලනය කිරීම මෙන් ම අදහස් හුවමාරු කරගැනීම සඳහා ද අවශ්‍ය පරිසරයක් එකල නිර්මාණය වී තිබුණේ ය. මේ පිළිබඳව තිස්ස බොහෝවිට අවධාරණය කර තිබේ. පෙ‍්‍ර්මරංජිත් තිලකරත්න, වික‍්‍රම බෝගොඩ ඇතුළු සගයෝ, සහෘදයෝ එදා ඔහුගේ කුඩා කාමරය තුළ එක්රැස් වී විවිධ විෂයයන් ප‍්‍රස්තුත කරගනිමින් අදහස් හුවමාරු කරගත්හ. දහසක් මත ගැටුණේ ය. දහසක් මල් ද පිපුණේ ය. අද අප සුවඳ විඳගන්නේ ඒ මල් උයනේ ය.
අද්‍යතන තරුණයාට, අහිමි වී ඇත්තේ ඔහුට අහිමිකර ඇත්තේ මේ අපූරු වින්දන අවකාශය ය. වාණිජකරණය වූ ලෝකයේ කාලයට මිලක් නියම වී තිබීම මේ ඛේදවාචකයට මූල ය. නව නිර්මාණ බිහිවීමේ අඩුවක් ඇතැයි යමකු කියන්නේ නම් විමසිය යුත්තේ ද මෙතැන ය.
වැඩිහිටියන්ගේ විරෝධතා මධ්‍යයේදී ද වැඩිහිටියනට රහසින් තමා බොහෝ සිනමා නිර්මාණ නැරඹූ බව තිස්ස කියයි. කුඩා කල සිටම එය ඔහුගේ විනෝදාංශයක් මෙන් ම පුරුද්දක් ද වී තිබිණ. ඒ සියල්ල මුවහත් කළේ ඔහුගේ රූපඥානය ය.
උසස් හෝ බාල වශයෙන් වර්ගීකරණයකින් තොරව කුඩා කල සිට ම අඛණ්ඩවම සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි චිත‍්‍රපට නැරඹීමෙන් තමා ලද පන්නරය පිළිබඳව සුගතපාල ද සිල්වා නම් වූ අසහාය නාට්‍යවේදියා වරක් අවධාරණය කළ අයුරු අපට මතක තිබේ. සිනමාවේ හොඳ නරක පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් කෙනෙකු තුළ ඇඳී යන්නේ, සිනමාව අතැඹුලක් වන්නේ විවිධ මාදිලියේ සිනමා සිත්තම් දිගින් දිගටම නැරඹීමෙන් ලබන ආස්වාදය හා අවබෝධය තුළින් මිස වැඩිහිටි වයසේදී කැමරාවේ කෝණමාන ගැන නිර්ණායක ගැන උගන්වන වැඩමුළුවලට සහභාගිවීමෙන් හෝ පතපොතින් ඉගෙන ගැනීමෙන් ම නොවන බව පැහැදිලි ය. තිස්ස අබේසේකර ද මේ දුර්ලභ වූ අත්දැකීම් දීර්ඝකාලීනව උරගා බැලූවෙකි.
කුඩා කල සිට ම විවිධ දුෂ්කරතා මැදදීත් ගැලරියේ සිට හෝ චිත‍්‍රපට නැරඹීමට යොමුවීම උසස් සිනමාවක් කරා ඔහු මෙහෙයවනු ලැබූ ප‍්‍රබල සාධකය වූවේ ය. ඔහුගේ සිනමාඥානය තියුණු වූයේ ද ඒ ඔස්සේ ය. ‘සඳට ගිය පමණින් සඳ කුමක් දැයි වටහාගත නොහැකි ය. එය අවබෝධ කරගත හැක්කේ සඳ බවට පත්වීමෙනි’ යන කියමන තිස්ස අබේසේකරයෝ බොහෝවිට උධෘත කර දක්වති.
කලාලෝකයේ අප දකින, අපට හමුවන බහුතරය අතරේ තිස්සගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස අපට පෙනී යන්නේ කවදත් ඔහු තුළ පැවැති, සාකල්‍යයෙන් ම ඔහු වැනි ප‍්‍රතිභාපූර්ණ කලාකරුවකු තුළ පැවතිය යුතු අභිමානයයි. තිස්ස අබේසේකර යනු ‘ලක්සෙට කොඩි දැමූ මිනිසකු’ නොවන බව නොදන්නා කෙනකු නැත. ඔහු ධනසම්පත්, වස්තු සම්පත් කෙරෙහි දැඩි ලෙස ලොල් වූවකු නොවේ. එහෙත් තාන්න මාන්න සොයා, බලය පසුපස හඹා නොගිය කලාකරුවකු වශයෙන් ඔහුට ඉතිහාසයේ ඉතා රමණීය තැනක් හිමිවෙයි.
වරක් ඔහු චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී සිය නිල රථය ද එහිම තබා චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් ගොස් බස් රථයකට ගොඩවැදී හිස් අතින් ගෙදර එන්නට තරම් අභිමානවත් වූවේ ය. ලේඛකයකු, තිර පිටපත් රචකයකු හෝ කෘතහස්ත පරිවර්තකයකු වශයෙන් තිස්ස තමාගේ හැකියාව තුට්ටුවට දෙකට අලෙවි කිරිමට සූදානම් නො වූ බව දන්නෝ දනිති.
එහෙත් ඇතැම් අවස්ථාවලදී මධ්‍යස්ථව සිතා බලා ඔහු ඒ පිළිවෙත පවා සැලකිය යුතු ආකාරයෙන් ලිහිල් කළේ ය. තිස්ස සතුව පැවති වෙනත් ශක්‍යතා හා කරට කර සිටින ඔහුගේ අනෙක් අසාමාන්‍ය කුසලතාව ලෙස දැක්විය හැකි වන්නේ ගම්භීර වූ කටහඬ ය. එය බොහෝ දේ සඳහා සාර්ථක ලෙස උපයෝගී කරගත හැකි වූ අසාමාන්‍ය ස්වරයකි. වරක් හඬකැවීමකට සහභාගි වූ තිස්ස හිස් අතින් ම ගෙදර පැමිණි බවත්, ඒ ගැන විමසූ විට ඔහු සිනාමුසුව දුන් පිළිතුරක් අසංකා සිහිකරන්නේ මෙසේ ය.
‘ප‍්‍රමාණවත් විදිහේ මුදලක් ගෙවන්න තරම් ඒ අයට පුළුවන් කමක් නෑ. ඒ නිසා ඒ අයට ලංසුවක් තියන්න මං කැමැතිත් නෑ. මං නොමිලේ ම වැඩේ කරල දුන්නෙ ඒ නිසා.’
බොහෝ පතපොත පරිශීලනය කළ විවිධාකාර ප‍්‍රකාශන එළි දැක්වූ ද්විභාෂික උගතකු වන තිස්ස අබේසේකර අතින් අවසන් වරට ලියැවුණු ග‍්‍රන්ථය ලෙස නම් කළ හැකිවන්නේ The Parliment of Sri Lanka ය. එය සම්පාදනය කිරිම සඳහා තිස්ස මහත් වෙහෙසක් හා කාලයක් වැය කළ බව අසංකා කියයි.
තිස්ස ගේ මරණයට ටික කලකට පෙර ‘දෙසතිය’ සඟාවේ කවරයේ කතාව වෙනුවෙන් අපි ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවෙමු. ‘දෙසතිය’ කවරයේ කතාවට අපට යෙදූ ශීර්ෂ පාඨය වූයේ ‘නො නවතින තිස්ස’ යන්න ය.
ඒ සැබැවින් ම ඔහු දුරගමන් යනු ඇතැයි අපට සිතුණු නිසා ය. ඔහුගේ ශක්‍යතා මේ කුඩා දිවයිනට පමණක් සීමා නොවන බව මෙන් ම ඒවා අන්තර්ජාතික තලය වෙත ගෙනයාමට ඔහු තුළ පැවැති ශක්‍යතාව පිළිබඳව ද අප තුළ විශ්වාසයක් පැවතිණ.
ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික කීර්තියට පත්විය යුත්තේ කී‍්‍රඩාවකින් පමණක් නොවේ ය යන හැඟීම, විශ්වාසය අප තුළ පැවතුණේ බොහෝ කලක සිට ය. බුද්ධිමය වශයෙන් ශ‍්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කරදීමට තිස්ස ද කිසියම් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇතැයි අපට සිතුණේ ඒ අනුව ය. ඒ ධනවතකු නොවූව ද බුද්ධිමය ධන සම්භාරයක් ඔහු සතුව පැවති නිසා ය. තිස්ස ගේ මරණයෙන් ඉතිරි වූ රික්තයක් අප දකින්නේ ද ඒ අනුව ය.
මේ යුගයේ බරපතළ ලෙස ඉස්මතු වී පෙනෙන්නේ, කැපී පෙනෙන්නට අලුතින් සිතන්නට දන්නා මිනිසුන්ගේ අඩුව මිස උගතුන්ගේ, උපාධිධරයන් ගේ ඌනතාව නොවේ. ‘සදාකාලික තාරකා දීප්තිය විහිදුවන්නේ අඳුර දසත වෙළාගත් පසුව‘ යයි අපට යළි යළිත් කියන්නට සිදුව ඇත්තේ මේ නිසා ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.