ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

අද ලංකාවේ ප්‍රධාන මාධ්‍ය හසුරවන්නේ කවුද..? ලංකානිව්ස් කතුවැකිය

ලංකාවේ මාධ්‍ය පිටුපස සිටින ධනකුවේරයන් ........

රටක ජනතාවගේ ආකල්ප ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය කරනුයේ විශාල මෙහෙවරකි.නමුත් මාධ්‍ය හැසිරවීම සඳහා ඒ පිළිබඳව විශාල අධ්‍යනයක් ඇති , ඒවගේම මාධ්‍ය භාවිතය ගැන ප්‍රවීනයන් සහ දැනුමක් ඇති පිරිසටයි මාධ්‍ය අයිති විය යුත්තේ.  විදේශ රටවල නම් මාධ්‍යය ආයතනයකට බලපත්‍ර නිකුත් කිරීමට පෙර  අයිතිකරු හට මාධ්‍යය ගැන මනා දැනුමක් තිබීම අත‍්‍යාවශ්‍යය  කරුණක්.අවාසනාවකට අපේ රටේ එතනෝල් ගෙන්වපු එකෙකුටත් ගුවන් විදුලි බලපත්‍රයක් ලබාදී ඇත.මෙම ආයතන තුල මාධ්‍ය වේදී පිරුවට පොරවාගෙන ඉන්නේ අමන රැළක් අඩුම තරමේ අ පො ස සාමාන්‍යය පෙළවත් සමත් නැහැ.

අද ලංකාවේ ප්‍රධාන මාධ්‍ය හසුරවන්නේ කවුද...?
නමුත් බලන්න ලංකාවේ අද ප්‍රධාන මාධ්‍ය අයිති වෙන්නේ කාටද කියලා.එක රූපවාහිනී මාධ්‍යක් අයිති වෙන්නේ ලංකාවට කෘමිනාශක ගෙන්වීමේ කොම්පැණියක් අයිති පුද්ගලයෙකුට (තහනම් කෘෂිරසායන කන්ටේනර් ගණනින් ගෙනවිත් අහිංසක ගොවියන් මරාදමන මහරජෙක් ).ඔහු එමගින් ලංකාවේ විවිධ පක්ෂවලට ජනප්‍රියතාවය මත  හෙංචයියන් මුදල් මත දේශපාලනයට තල්ලු කර යවලා රටේ දේශපාලනය හැසිරවීමට උත්සාහ දරන්නෙක් .ඔවුන්ට අයත් වන්නේ විශාල මාධ්‍ය ජාලයක්.
තවත් මාධ්‍ය ජාලයක් අයත් වන්නේ ලංකාවේ අංක එකේ නම ගිය කුඩු ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙකුට. එහෙම බලන විට ලංකාවේ කුඩු ගෝඩ්ෆාදර්ටත් අයත් විශාල මාධ්‍ය ජාලයක් තියෙනවා.
අනිත් මාධ්‍ය ජාලය අයත් වන්නේ ලංකාවේ අංක එකේ ප්‍රධාන උගස්බඩු අයිති ආයතනයක් තැනැත්තියකට සහ පවුලකට යි.මෙහිදී වන්නේ ලංකාවේ එදාවේල සරි කර ගන්නට ක්‍රමයක් නැති දුප්පතුන්ගේ කණකර බඩු සින්න කර ගෙන එමගින් ජිවත්වන අම්මණ්ඩි කෙනෙක් යටතේ පාලනය වන තවත් මාධ්‍ය ජාලයකි.
තවත් මාධ්‍ය ජාලයක් අයත් වන්නේ ලංකාවට සුදුව වපුරවන ,අශ්වයින්ගේ රේස් ඔට්ටු පොළවල් අයිති පුද්ගලයෙකුට.ඉතින් මෙවන් අය ඔවුන් එකිනෙකාගේ විවිධාකාර වූ දේශපාලන හස්ත මත ඔවුන්ට අවශ්‍ය පරිදි මේ මාධ්‍ය හැසිරවීම නිසා මාධ්‍යකරුවන්ට අවශ්‍ය පරිදි නොව තමුන්ගේ හාම්පුතුන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය හැසිරවීමයි.මේ තමයි අද ලංකාවේ මාධ්‍යය.මේ නිසා ලංකාවේ කිසිම ප්‍රධාන ස්වාධින මාධ්‍යක් නොමැති බව අපට පෙනී යනවා.ඒ ගැන කරුණාකර අවධානයෙන් සිතා බලන්න.

මේ මැතිවරණයේදී මාධ්‍ය මගින් ගෙන යන විවිධ උපක්‍රම වලට නොරැවටෙන්න කියා අප ඉල්ලා සිටින්නේ ඒ නිසායි.

දැන්වීම් ආයතන පවා ඈත ගම්වල ජිවත්වන තරුණියන්ගේ ජායාරූප කොළඹ හතේ ඉපදී පියරු උලා ගත් පියරු බබාලාගේ පොටෝ දමමින් ඒ හා සංසන්දනයේ යෙදෙන්නේ කෙතරම් අවනීත , අවිචාර ,අසංවර ලෙසද...?

ඒ වගේම පිටරටවල ඇති රූපවාහිනි වැඩසටහන් ලංකාවට ආදේශ කරමින් ලංකාවේ ඈත ගම්වල දුප්පත් තරුණ තරුණියන් කැඳවා ඔවුන්ගේ දිග කොණ්ඩය කපා, අඩනිරුවත්කර හැසිරීම් , පැළදීම් වෙනස් කර සුක්ෂම ලෙස ලංකාවේ අපේ සංස්කෘතියට හානි වන පරිදි පහර ගැසීමට යොදා ගන්නවා.

රෙක්සෝනා සබන් වෙළඳ දැන්වීමෙහි අම්මත් දුව වගේ වෙනවා කියා අපේ අම්මලාගේ ගෞරවයට සුක්ෂම ලෙස පහර ගසන ලදී.ඒ වගේම ලංකාවේ  ඵසේම තවත් මහළු රූප රැජිනක් කලේද එවැනිම වැඩකි. තමුන්ගේ දරුවන්ට මවුකිරි පොවා අනිත් දරුවන්ට ගොන්කිරි බොන ලෙස දැන්වීමක පෙනීසිට දැන් දෙවුරේ සිට වසා දේශපාලනයට රිංගා පත්තිනි අම්මාගේ චරිතයට පණපොවයි. 
උන් මාකට් නොකරන්නේ කුමක්ද ...???  දරු උපතක පටන්  පිරිත දක්වාද  ,නත්තලේ සිට රාමසාන් , වෙසක් දක්වාද , වැලන්ටයින් සිට  ඩිවෝස් දක්වාද  මාකට් කරති. දක්‍ෂ මාධ්‍ය වේදීහූ ජීවත් වීම සඳහා ස්වකීය හාම් පුතුන් රකින්නේ මුර බල්ලන්සේය .
අපේ පාරම්පරික උත්සවයක් වන සිංහල අවුරුදු උත්සවය ලං වන විට අවුරුදු උත්සව සංවිධාන කරන්නේද මාධ්‍ය මුදලාලිලාය.

 ඊළඟට අප සිතා බැලිය යුත්තේ රටේ රාජ්‍යය මාධ්‍යයයි .ස්වාධීන මාධ්‍යයක් ඇති කරනවා යනුවෙන් දසඅතේ පොරොන්දුවී බලයට පැමිණෙන දේශපාළු හැතිකරය ආ විගස කරනුයේ උන්ගේ හෙංචයියන් රොත්තම මුල්පුටුවලට රිංගවීමය. හරිනම් කළ යුත්තේ ඒ ආයතන තුළම සිටින ජේෂ්ඨයන් එම තනතුරු වලට දැමීමය.අන් රටවල නම් එසේය.
මේ ගැනත් මෙවර මැතිවරණයේදී මේ කපටි දේශපාළු හරකුනට ඡන්දය දීමට පෙර සිතන්න.
පසුගිය යහපාලනය යන බෝඩ් ලෑල්ල මතින්ද  සෑම රාජ්‍යය මාධ්‍යය ආයතනයකම මුල් පුටුවලට උන්ගේ යූ .එන්.පී යැයි කියා ගත් කසළ ශෝධකයන් පත් කරන ලදුව තවමත් සිටින්නේ උන්‍  ය...
ඉතින් අපේ රටේ මාධ්‍යය සංස්කෘතිය කියා  යමක් තිබේද....???

ලංකානිව්ස්  කතුවැකිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.