ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 13, 2015

එජාපය අද මහනුවරින් ඡන්ද වැඩ අරඹයි.

එක්‌සත් ජාතික පක්‍ෂය අද (14 දා) එම පක්‍ෂයට සහාය දක්‌වන සෙසු පක්‍ෂ නියෝජිතයන් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියසදී යහපාලනයක්‌ සඳහා කැපවන බවට ප්‍රතිඥ දී පසුව සිය මංගල රැලිය මහනුවර වෙළෙඳ පොළ අසලදී පවත්වමින් මෙවර මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.


ඊට පෙර එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එම නායකයන් අස්‌ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමට නියමිතය.

එජාපය සමග එක්‌ව අලියා ලකුණ යටතේ පෙරමුණක්‌ වශයෙන් තරග වැදීමට නාමයෝජනා ලබාදුන් සියලුම පක්‍ෂ නායකයන් ද එම අවස්‌ථාවට සහභාගී වීමෙන් පසු සවස දෙකට පමණ පැවැත්වෙන මංගල රැලියේ වේදිකාවට එක්‌වන බවද එජාප ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

එම රැළිය www.UNP.lk එම පක්ෂයේ නිළ වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට ද කටයුතු සුදානම් කර ඇත.

අද මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන එජාපය අගෝස්‌තු 14 වැනිදා දක්‌වාම විවිධ අයුරින් එම ප්‍රචාර කටයුතු සිදු කිරීමට සැලසුම් කරන අතර එජාප නායකයා සහභාගී වන ප්‍රධාන රැස්‌වීම් හතරක්‌ පමණ දිනකට පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

ඒ අනුව එජාප නායක ප්‍රමුඛ එම පක්‍ෂ ක්‍රියාකාරීන් සහභාගී වන ප්‍රධාන රැලි හතරක්‌ හෙට (15 දා) සවස කලවාන, අගලවත්ත, බුලත්සිංහල සහ මතුගම නගරයේදීද පැවැත්වීමට නියමිතය.

එජාපය අනිද්දා (16දා) නිකවැරටිය, නාත්තණ්‌ඩිය, කටාන, නිට්‌ටඹුව යන නගරවලද ඊට පසුදින (17 දා) පිටිගල, බද්දේගම, කරන්දෙණිය, බලපිටිය යන නගරවලද ප්‍රධාන ජනරැලි සංවිධානය කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.