ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 31, 2015

තුන් වේලම බණ අහන චිකාගෝව...!!! හොර දේශපාළුවන්ගේ පාරාදීසය....!!!

අකමැත්තෙන් වුව දැනගත යුතු ප්‍රවෘත්ති දෙකක්‌ වෙනුවෙන් පසුගිය සතිය අවසන් වනවිට පුවත්පත්වල මුල් පිටු වෙන්ව තිබිණි. විද්යුත් මාධ්‍යවලද එය ප්‍රධාන පුවතක්‌ විය. අකමැත්තෙන් වුව දැනගත යුතු පුවතක්‌ යෑයි එම සිද්ධීන් අප හැඳින් වූයේ දැන් දැන් නිරන්තරයෙන්ම එවැනි පුවත් වැඩි වශයෙන් අසන්නට ලැබෙන නිසාය.
එක්‌ පුවතක්‌ බදුල්ල ප්‍රදේශයෙනි. සිය බිරිය සමග අනියම් සබඳතාවක්‌ පැවැත්වූවා යෑයි සැක පහළ කරමින් එක්‌ පුද්ගලයකු අතිශය අමානුෂික අන්දමින් කපා කොටා දමන තැනැත්තෙකු ගැන එක්‌ ප්‍රවෘත්තියකි.
අනෙක්‌ ප්‍රවෘත්තියේ වූයේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ගමන් මල්ලක දෙකට නවා අසුරා තිබූ කාන්තා මළ සිරුරක විස්‌තරයයි.

ඊයේ කරුපයියාට කැන්වසින් ගිය පාතාල ‘ආමි සම්පත්’ තුවාල පිටින් අතුරුදහන්...!!!පාතාලයන් වටකරගත් කරුපයියා අනුකම්පා ඡන්ද ගන්න අහිංසකයන් මරයි...!!!

ඊයේ දිනයේ කොළඹ කොටහේනේදී සිදු වූ වෙඩි තැබීම ගැන පොලීසිය විසින් මේ දක්වා හෙළිකරගෙන ඇති කරුණු අනුව එය දේශපාලන ප‍්‍රශ්නයක් නොව පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදු වූවකි.
රවි කරුපයියා ගේ ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්’ නමැති අයකුට වෙඩි තැබීමට අදාළ පිරිස පැමිණ ඇතැයිද පොලීසිය සැක කරයි.

මහින්ද හිටියේ කුඩු කාරයන්ගේ කරේ අත දාගෙන ...!!!

මහින්ද රාජපක්ෂ කුඩු කාරයන් සමග කරට අත දමාගෙන කටයුතු කළ නිසා අදත් සන්ධාන ලැයිස්තුවට කුඩු කාරයන් ඇතුළත්ව ඇති බව ඔහු ජෝසෆ් මයිකල් පෙරේරා  පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
මහින්ද රාජපක්ෂ විසින් ඉලක්ක කරනු ලැබුවේ ඔහුගේ පවුල පමණක් බවත් එජාපය විසින් මේ රටේ සියලුම පවුලක්ම භාර ගන්නා බව ‍පැවසුවේය.

පවුල් වාදය ගැන කියූ ෆොනියාගේ මුළු පවුලම ඡන්ද බිමේ....!!! අනේ අනිච්චං කිව්වලු...!!!

පවුල් පාලනය ගැන උන්ඩුක පුච්ඡය පහතට නැමෙනතෙක් බෑගිරි ගැසූ ඊනියා බුඩ්ඩිමතුන් කොයිබදෝ....!!!

පිරිත් පොත් සමග මැතිවරණ අත් පත්‍රිකා ....!!!

විහාරස්ථානයක සිල් සමාදන් වී සිටි බැතිමතුන් පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත් පත්‍රිකා බෙදා දුන් බව කියන සය (06) දෙනෙකුව රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාහිර්  31 වැනිදා සවස නියෝග කළේය.
නවගත්තේගම - රඹකනයාම අභිනවාරාම විහාරස්ථානයේ සිල් සමාදම් වී සිටි පිරිසකට පිරිත් පොත්,බුද්ධ වන්දනා පොත් සමග මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාගේ ඡායාරූපය ඇතුළත් අත් පත්‍රියා බෙදා දෙමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත් වී ඇත.ඔවුන් සතුව අපේක්ෂකයාගේ ඡායාරූපය ඇතුළත් පොස්ටර්,ටී ෂර්ට් සහ හිස් වැසුම් තොගයක්ද තිබී පොලිස් බාරයට ගෙන ඇත.

TNA නොතිබුණා නම් මුළු රටේම දමිළයන් සිංහලයන් වෙලා..!!!

මෙරට තුල තම සන්ධානය නොතිබුණේ නම් සියළු දෙමළ ජාතිකයක් සිංහලයන් වීමට ඉඩ තිබූ බව දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් අපේක්‍ෂක ටී. කලෙයරසන්  කල්මුණේදී පැවති ජනහමුවකදී කියා සිටියේය.

පිටකොටුව ගමන් බෑගයක හමුවූ කාන්තා මළ සිරුරේ ලැගුම්හලේ CCTV දර්ශණ.. [Video]


පසුගියදා පිටකොටුව බස් නැවතුමේ ගමන් බෑගයක් තුල තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලීසියට අදාල කාන්තාව සිය අනියම් සැමියා සමඟ නැවතී සිටි කොළඹ ලැගුම්හලේ සීසීටීවී දර්ශණ ලැබී තිබේ.
මේ එම දර්ශණයි.

Bond Scam ....බැඳුම්කර වංචාව.....!!!

ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ මහා, මහබැංකු බැදුම්කර මුදල් වංචාව, ඉතාමත් සරල බසින්........... ඔබ සැමම බැලිය යුතු විඩියෝවකි .........

Thursday, July 30, 2015

සිංහලේ කොඩියට අපහාස කලා යැයි සිරස රූපවාහිනිය වටලා විරෝධතා...!!!

සිරස රූපවාහිණී ජාලයේ ප‍්‍රධාන කර්යාලය ඉදිරිපිට  විරෝධතාවයක් දියත් වුණා.
සිංහලේකොඩිය ත‍්‍රස්තවාදී කොඩියක් යයි සිරස රූපවාහිනිය විකාශණය කල බව පවසන එම විරෝධතාකරුවන් සිංහලේ කොඩියට එසේ අගෞරව කරන්නට ඔවුනට අයිතියක් නැතැයිද කියා සිටිති.
විරෝධතාකරුවන් අත සිංහලේ කොඩිද වෙති.

කෝ උත්තර ....!!! යු. ඵන්. පිය පච වූ මොහොතක්....!!!

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ  සහ හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ  සහභාගී වූ ‘රතුඉර’ දේශපාලන සංවාදාත්මක වැඩසටහන ස්වර්ණවාහිනියේදී පැවැත්වින. එහිදී අලූත්ගමගේ හිටපු ඇමතිවරයා විසින් නිශ්චික පිළිතුරු ලබා දෙන ලෙස නිශ්චිත කෙටි ප‍්‍රශ්න 11ක් ...

සෝමරත්න රූපවාහිනියෙන් ඉල්ලා අස්වෙයි....!!!


සෝමරත්න රූපවාහිනියෙන් ඉල්ලා අස්වෙයි
ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක ජාතික රූපවාහිනියෙන් අද උදෑසන ඉල්ලා අස්වී ඇත.
ඉදිරියේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවීමට මේ තීරණය ගෙන ඇති බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය සිසුවිය නිරුවත් කර ඡායාරූප ගත් සිසුවා රිමාන්ඩ්....!!!

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක බලහත්කාරයෙන් නිරුවත් කර ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම හා ඒ හරහා ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්, එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයකු අගෝස්තු 07 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය   (29දා) නියෝග කළේය.
ලිංගික අතවරයට පත් වෛද්‍ය ශිෂ්‍යාව රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව, සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

Wednesday, July 29, 2015

මේකද හොර දේශපාළු අපතයනට දෙන දඬුවම....!!! ජනතාවෙනී මුන්ව නැවත පත් නොකර ගන්න...!!!


මහරගම කොඩිකාර යුවලට ඇප ...!!!  
මහරගම නව සතිපොල බලහත්කාරයෙන් විවෘත කළ බවට චෝදනා එල්ලවූ මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර  සහ ඇයගේ සැමියා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න  ඊයේ (29) නියෝග කළේය.

විලි ලජ්ජයි...!!! කුජීතයි...!!! නාමල් ආයෙම ඡන්දේ ඉල්ලන්නෙ ඇඳුම් ඇඳගෙනද.....!!!

'රාජපක්ෂලා ශ්‍රී ලංකන් සමාගමට කෝටි 12ක පොල්ලක් තිබ්බා' - නලීන් ,


 හැබැයි මූණුත් තැනින් තැන කවි කොළ කිියවනවා විතරයි එකෙක් අල්ලලා ඇතුළට දැම්මෙ නැහැ.අද සේරම එළියේ සේරම හොරු ඡන්ද පෝළිමේ...!!! වීඩියෝව පහතින් නරඹන්න.





අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා....!!!- බුද්ධි අංශ කියයි

අයි එස්‌ ත්‍රස්‌ත සංවිධානය සමඟ සබඳකම් පවත්වන පාර්ශ්ව නැගෙනහිර පළාතේ සිටින බවට බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වයි.
ගත වූ කාලය තුළ පාකිස්‌තානයේ සිට සංචාරකයන් ලෙස පැමිණි අය කොළඹ සිට නැගෙනහිරට ගොස්‌ තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පැවසීය.

ඡන්ද මඩුවකට පුංචි ප්‍රහාරයක් ....!!!!

පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සදහා තර කරන අශෝක ප්‍රියන්තට විසින් පවත්වා ගෙන යන  මාරවිල - කොස්වාඩියේ පිහිටි කාර්යාලයකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
28 වැනිදා රාත්‍රීයේ මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

බෑගය තුළ තිබී හමුවූ කාන්තා මළසිරුර හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතයි ...!!!

පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පොලේ දී ගමන් මල්ලක තිබි අද පෙරවරුවේ සොයාගත් කාන්තාවගේ මෘත ශරිරය හඳුනාගැනීමට පොලිසිය සහය පතයි.

දයා රාජපක්ෂට ජනපතිගෙන් අවසන් ගෞරව...!!!

අප රටේ වියපත් වියතුන්,විද්වතුුන්,කලාකරුවන්  කෙසේ ජීවත්වන්නේද වත් වගේ වගක් නොමැතිව සිට අවසානයේ මියයගිය පසුව හරසර දැක්වීමට දේශපාළු රිළා මොටුන් පැමිණීම සාමාන්‍ය දෙයකීී ,නමුත් අදටත් ජීවතුන්ව සිටින ස්ටැන්ලි මාස්ටර්,දයානන්ද රොඩ්‍රිගෝ
,ෆ්‍රැන්සිස් වන්නිආරච්චි,බර්ටි ගුණතිලක වැනි ශ්‍රේෂ්ඨ කලා කරුවන් ගැන වගේ වගක් නැත.සමහර දේශපාළුවනට කඩේ යන නළාකරුවන් මියගිය පසුව රටේ දේශපාළුවන් යයි.එහෙත් අඳෝමැයි...!!! ඵන ඵන රජයන්ට නිරුවතින් කඩේ ගිය රටම ප්‍රසිද්ධ මඩ ගසන්නෙකුවූ මහින්ද අබේසුන්දර මිය ගියදා එකදු දේශපාලණ බලු ගැත්තරයෙකු සිටියේ නැත.මේ බව
කලාකරුවන් අතර සිටින නලාකරුවන් දැන ගැනීම වටී.දේශ පාළුවන් බොහෝමයකු සතුව මනුස්සකම් නැත.මාගේ මාධ්‍ය දිවියේ බොහෝ අත්දැකීම් මා හටද ඇත.කලාකරුවන් යනු රටක සම්පත්‍ ය .ඔවුන්ව ඉංජිනේරුවන්,දොස්තර වරුන් ,නීතිඥ්‍යන් හෝ වෙනත් වෘත්තිකයන් මෙන් තැනිය නොහේ.ඉඳහිට පුවත්පතක තීරුවක කෙටි සඳහනක් හෝ ඉලෙක්ට්‍රොණික මාධ්‍යයයක පුංචි පහේ පිළිසඳරක් හැරෙන්නට  ඔවුන් වෙනුවෙන් යම්කිසි පුරවැසි සමාජ සත්කාරයක් කිසිදු රජයකින් ඉටුකොට නැත.ඔවුන්ගේ ආර්ථික පසුබිම සොයාබලා උපකාර කිරීමේ ක්‍රමවත් සැලැස්මක් නොමැත.එසේ නොමැතිව මියගිය පසුව දක්වන බොරු හරසර ගැන අපට ඇත්තේ විකට රසයකී...
පුවත් පසුබිම ලංකානිව්ස් ප්‍රධාන සංස්කාරක
සුමිත් ජයන්ත ඩයස් ගෙනී

කැකිල්ලේ නඩු තීන්දු අහිංසකයනට පමණයි....!!!

නීතිය කාටත් සාධාරණ සේ ඇතැයි සිතුවද මානුෂික සහ සදාචාරාත්මක ලෙසින් ගත් විට ඵය ඵසේ සිදු නොවේ. කෝටි ගණන් ජනතා මුදල් සොරා කෑ තක්කඩි දේශපාළුවනට,කන්ටේනර් පිටින් ඵතනෝල් ගෙනා දේශපාළුවනට , මෙරට කුඩු ව්‍යාපාරයෙන් ඉහළට නැග ඇති මිනීමරු දේශපාළුවනට නීතියෙන් ලැබෙනුයේ ඉතා සුළු දඬුවම්‍ ය .නීතියද බල්ලන්ට ගොසිනී.ඵසේ වී ඇත්තේ බල්ලන් අත නීතිය ඇති නිසාවෙනියි ඵක්තරා යහපාලන බූරුවෙකු මොරදිදී තප්පුළනු ඇසිණ.බුද්ධිමත් සහෘදයනී කියවනු මැන පහත ප්‍රවෘත්තිය... රු.20ක් සොරකම් කළ අයෙක් කුරුඳුවත්ත පොලිසියෙන් අල්ලා උසාවි දාලා.....

Tuesday, July 28, 2015

ෆෙඩරල් සංකල්පයට උඩගෙඩි දෙන සිංහල ෆෙඩරල් අප්පුලා ....!!!

ෆෙඩරල් ඉල්ලන පරඬැල් නායකයෝ....!!!

දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලන්නේය යන පුවතක්‌ දැනගන්නට තිබේ. කොහාටද ඔවුන් මෙය ඉල්ලන්නේ...? සුපුරුදු පරිදි, ප්‍රභාකරන් ඉල්ලූ පරිදි උතුරට සහ නැගෙනහිරට ය.

කොටියා, කොටියා බවට පත්වීමට කලින්, එනම් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සහ ඔවුන් සමඟ සිටි සෙසු දෙමළ අන්තවාදී කණ්‌ඩායම් එල්. ටී. ටී. ඊ. වීමට කලින් සිටියේ ෆෙඩරල් ස්‌ථාවරයේ ය. අන්තවාදී දෙමළ කණ්‌ඩායම් එල්. ටී. ටී. ඊ. ලෙස රූපාන්තරණය වූ පසුව ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයකි.

දේශපාලන ගණිකාව සමග කුඩු ලංසාත් මෙවර මහින්ද සමග...!!!

දේශපාලණයේ අ යන්න පවා නොදත් උපේක්‍ෂාගේ සිට ජනතාවට කිසිදු මෙහෙයක් නොකළ විශාල පිරිසක් මහින්ද සමග ඵක්වී ඇත එම අයට ජනතා ඡන්දය නොලැබෙනු ඇත.
ඇයට මෙවර නාමයෝජනා ලබානොදෙන බවට කට කතා පැතිර ගිය ද ඇයට සන්ධානයේ නාම යෝජනා හිමි වී තිබේ.

පරිසරය සහ ඡන්ද නීති උල්ලංඝණය කරන දේශපාලු අපතයන්ගේ කටවුට් බැනර් ඉවත් කෙරේ....!!! මන්නාරමේ රිශාඩ්ගේ පෝස්ටර් පුත්තලමේදී අත්අඩංගුවට


මැතිවණයට ඉදිරිපත් වී සිටින දේශපාලකයින්ගේ ඡායාරූප ඇතුළත්ව හලාවත නගර සීමාව තුළ සවි කර ඇති සියළුම සංවර්ධන පුවරු ගලවා ඉවත් කිරීමට හලාවත නගර සභාව පියවර ගෙන ඇත.ඒ අනුව නගර සීමාවේ ඇති සංවර්ධන පුවරු ගලවා ඉවත් කිරීම හලාවත නරග සභාවේ සේවකයින් විසින් සිදු කරන අතර එම ‍කටයුත්ත සදහා හලාවත පොලීසියේ නිලධාරීන් ආරක්ෂාවද සපයා ඇත.

TNA හැදුවේ ප්‍රභාකරන් ඊළාම් දිනාගන්න-ප්‍රභාකරන් මැරුනේ සම්බන්ධන් ඉතුරු කරලා


යම් හෙයකින් ත්‍රස්තවාදයෙන් ඊළාම් රාජ්‍ය බිහිකිරීමට නොහැකි වුවහොත් දූරදර්ෂි අරමුණකින් ශ්‍රේෂ්ඨ නායක ප්‍රභාකරන් විසින් දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ඇති බව පාර්ලිමේන්තු අපේක්‍ෂක එස්.ශ්‍රීධරන් අනවරණය කර තිබේ.දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවැති වැඩසටහනකදී එස්.ශ්‍රීධරන් මෙම් අනවරණය කළා.

කුඩු ඒජන්ත මහතාට ඉන්ටර්පෝල් වරෙන්තු.....!!!


මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සැරසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  පවසයි.

ගිය ආණ්‌ඩුවේ සිටි මන්ත්‍රීන් 192 ක්‌ම උ/පෙළ අසමත් ....!!!

රාජපක්‍ෂ පාලන සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාගෙන් එකසිය අනූදෙදෙනකුම (192) අපොස උසස්‌ පෙළ අසමත් වූවන් යෑයි ඇමැති පාඨලී චම්පික රණවක  පවසයි.
මේ අයගෙන්ද මන්ත්‍රීවරුන් අනූහතරක්‌ම (94) අපොස සාමාන්‍ය පෙළ අසමත් වූවන් යෑයි ඒ මහතා කොළඹ පදනම් ආයතනයේ පැවැති ජන හමුවකදී පැවැසීය.
උපේක්‍ෂා ,සජීන්වාස් ,ජොන්ස්ටන් ,මහින්දානන්ද ,ජීවන් , දුමින්ද සිල්වා ,මර්වින් ආදීහූද ඊට ඇතුළත් වෙති.

ජෙප්පෝ රනිල්ට පමණක් කඩේ යති...!!!

මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වීමට නොහැකි හේතු දෙකක් ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ ඒ.ඩී.ලාල් කාන්ත  පැවසීය‍.
මාරවිල - කොස්වාඩියේ පැවති ප්‍රචාරක රැළියකදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත  මෙසේද පැවසීය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ.ඒ නිසා කුමන පක්ෂයකට වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගැනීමට නම් සුළු පක්ෂ වල සහායද ලබා ගත යුතු වනවා.
කවුරුන් කුමන ආකාරයට ජයග්‍රහණය කළත් ඊළග පාර්ලිමේන්තුවේ අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ  බව ස්ථීරයි.

මිනීමරුවන් කෝ....!!!

මීට වසර දෙකකට පෙර කුලීගමනක් යන මුවාවෙන් කැදවාගෙන ගොස් ඝාතනය කරන ලද ත්‍රී රෝද රථ රියදුරෙකුගේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළේ යැයි චෝදනා කරමින් හලාවත නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
27 වැනිදා දහවල් හලාවත නගරයේ පැවති මෙම විරෝධතාවයට හලාවත නගරය තුළ කුලී රථ සේවයේ යෙදෙන ත්‍රී රෝද රථ රියදුරන් විශාල පිරිසක් එක්වී සිටියේය.

Monday, July 27, 2015

හම්බන්තොට තවම මුදානොගත් ප්‍රදේශයක් වගේ - ෆොන්සේකා


අපිට අවුරුදු තුනකින් මේ රටේ ජන ජීවිත ගොඩගන්න පුළුවන්. තිස් අවුරුද්දක් පැවැති යුද්ධය අවුරුදු දෙකයි මාස නවයෙන් ඉවර කළා වගේ මේ රටේ නීතිය

යුක්තිය සාධාරණත්වය ඇති කරලා ජනතාවගේ ආර්ථිකය හදන්න අපිට අවශය අවුරුදු තුනයි. හම්බන්තොට තවමත් මුදා නොගත් ප්‍රදේශයක් වගේ.

සජින්ගේ බි‍ලේ Sex බලන්න 5000යි ටිප් එක 60,000යි....!!! මෙන්න පාහරයෙකුගේ බිල්....!!! අහිංසක දුගී දුප්පතුන් රැවටූ කාළකණ්නියා...!!!

සජීන් සමග අවළ කෙළි කල ඵළදෙන ක්‍ෂෙණුකා
රංගොජා සමග....!!!

 ජනපතිවරුන් රාජ්‍ය නායකයන් වැනි සුවිශේෂ ප්‍රභූවරු පමණක් නවාතැන් ගන්නා "වෝල්ඩොෆ් ඇස්ටෝරියා" හෝටලයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන විසින් සිදුකරන ලද "රජ කෑමක්" සම්බන්ධව මේවනවිට මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ. 2014 වස‍රේ සැප්තැම්බර් 20 සිට 28 වැනිදා දක්වා ඔහු එම හෝටලයේ නවාතැන් ගෙන තිබේ. Remy Martin Louis X111 නම් මිල 
අධික බ්‍රැන්ඩි වීදුරුවක් පානය කිරීම සඳහා ඔහු රුපියල් 27,000 (US $ 195) ක් වැය කොට තිබේ. අවරුදු 100 කට වඩා පැරණි ප්‍රංශයේ නිෂ්පාදිත බ්‍රැන්ඩි වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව රුපියල් 27,000 ක් වැයකොට තවත් බ්‍රැන්ඩි වීදුරුවක් ඔහු විසින් ඇනවුම්කොට තිබේ. එමෙන්ම රුපියල් 60,000 ක් වටිනා Didier Dagueneau ප්‍රංශයේ නිෂ්පාදිත වයින් බෝතල් දෙකක්ද,....

ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගත බෝට්ටු ආපසු හරවා යැවීමේ තීරණය සම්මතයි. ...!!!

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවලින් නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් එම බෝට්ටු මගින්ම නැවත හරවා යැවීමේ රජය ගෙන ඇති තීරණය එළෙසින් ද තම රජයක් යටතේ ද ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු විපක්ෂයේ සමුළුවේ දී (27) සම්මත විය. දැනට පාලක පක්ෂයේ අගමැති ටෝනි ඇබට් විසින් ගන්නා ලද එම තීරණයට විපක්ෂයේ ද සහාය ලැබී තිබුනි. ළග එන මැතිවරණයේ දී තම කම්කරු පක්ෂය බලයට පැමිණියහොත් වත්මන් රජය ගෙන ඇති එම තීරණය එළෙසින්ම ඉදිරියට ගෙන යාමේ විපක්ෂ නායක බිල් ෂෝර්ටන් ගෙන ආ යෝජනාව එසේ සම්මත විය.

උසාවියට අපහාස කල‍‍ රන්ජන්ට එ‍රෙහිව නීතිමය පියවර....!!!


කුඩු සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  කර ඇති ප්‍රකාශයක් නිසා නීතීඥවරුන්ට හා විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අගවිනිසුරුවරයාට ලිපියක් මාර්ගයෙන් අද දින (27) පැමිණිල්ලක් යොමු කළ බව කියූ කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති, නීතිඥ මධුර විතානගේ  පවසයි.

අපේ සංස්කෘතික හරයනට පහර දෙන දේශපාළු පාහරයෝ...!!!


කොළඹ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මරික්කාර් විසින් එජාප අපේක්ෂක මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා වෙසක් කූඩු භාවිතා කර තිබීමට එරෙහිව අද දින වැල්ලම්පිටිය පොලීසි ‍වෙත ගිය බොදු බල සේනාවේ. ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් විසින් ඔවුන්ට විරුද්ධව පැමිණිලි කරන ලදී.

සරසවි සිසුවිය නිරුවත් කර ෆෝන්වලින් ෆොටෝ අරන්...!!!


කළුගමුව පිග​න් සංස්ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට ආ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසිය වෙත භාරදී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක මේ ස්ථානයට පැමිණ තිබේ. අරක්කු බෝතල් 2ක්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇත. ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. අනතුරුව පොලිසිය පැමිණෙන තුරු මොවුන් පැමිණි යතුරුපැදිවල හුළං ඇර ඔවුන්ට පලා යෑමට නොදී සියලු...

"මලයණ්ඩි බිය නොවන්න, නෝන්ඩි වෙන සැටි මං පෙන්වන්නං"

මිස්ටර් බීන් එක් පැත්තකය. චෞර රැජිනි තව පැත්තකය. ජෙප්පෝ ඉන්නේ අත්තක් උඩය. තරු හැලිච්ච ජෙනරාල්ට තරු ගොඩක්ය. කන්න දුන්න අත හපලා හකීම් දැන් අවුලකය. ඇමරිකානු ඩොලර්වලට එන්.ජී.ඕ. මැතිරිල්ලක්ය. අනේ අනිච්චංය. මෙහෙම ගියොත් කන්න වෙන්නේ රටට බජරිය. ඒ අස්සේ මහා මුග්ධ හඩකි. ‍එම්බා මහින්ද, බෙලිඅත්තෙන් මා සමඟ එනු සටනට....! දූෂිතයින්ට නොමිනේෂන් දුන්හොත් එජාප සිරිකොත හබක්ය. ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිපට ගේමක්ය. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ ලොකු පුතාට පිස්සුවේ හොඳ එකය. මෝඩකමට සීමා නැත. "මලයණ්ඩි බිය නොවන්න, නෝන්ඩි වෙන සැටි මං පෙන්වන්නං" කියා ලොකු පුතා චතුර සේනාරත්න ඔහුගේ මලයා වන එක්සත් සේනාරත්න සමඟ ඔට්ටුවක් ඇල්ලුවාද දන්නේ නැත.

සිංහල සිනමාවේ ‘උසම නළුවාද‘ අභාවප්‍රාප්ත වූ වගයි....!!!

සිංහල සිනමාවේ ‘උසම නළුවා‘ ලෙස සැලකෙන බැසිල් ද සේරම් මහතා වඩාත් ජනප්‍රියතාවයට පත් වූයේ ‘වන රජා‘ චිත්‍රපටයෙනි.

දින 100 ටාගට් ඵකෙන් ජගත් කරුපයියාගේ මහ බැංකුවේ මහ හොරකමේ තතු...!!!

යහපාලනය ඇති කරනවා යැයි බලයට පැමිණි රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ දින 50ක් යන්නට මත්තෙන් සිදු කල මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් මේ දක්වා ලක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6,000 ඉක්මවමින් තිබේ.ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද...?
මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය 'පහසුකම්' සැපයුවේ කවුද....?
එමගින් ඔවුන් ලැබූ ප්‍රතිලාහය කොතෙක්ද....?

එක් පසෙක මහ බැංකු පේ‍්‍රතයෝය. අනෙක් පසින් බෙදුම්වාදී කුම්භාණ්ඩයෝය.....!!!

මැතිවරණ පවත්වන කාලයේ විවිධ දේශපාලන වේදිකාවල පොරොන්දු රැසකි. එනකොට සහ කරනකොට කෙසේ වූවද කියනකොට සහ යනකොට ඒවාට සීමා මායිම් නැත. රූපවාහිනී දේශපාලන වැඩසටහන් වලින් බොහෝ විට සිදුවනුයේ පොර කොටා ගැනීමකි. ඒ අනුව ගම්වල සිටින අහිංසක මිනිසුන්ද ඇණ කොටා ගනිති.
දේශපාලන පොරොන්දු ගලේ කොටපු අකුරක් මෙන් ස්ථීර දෙයක් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලිය. බොහෝ දේශපාලනඥයන් කොට කජු ගස් හතෙන්ම පැනපු අය වේ.

සුර්යයා අසළ විශාල පිටසක්වල යානයක් VIDEO ....!!!

සූර්යයා දැක්වෙන නාසා ආයතනයේ ඡායාරූපයක අතිවිශාල පිටසක්වළ යානයක් දක්නට ලැබෙන බව පිටසක්වළ යානා ගවේෂකයින් පවසයි.
නාසා ආයතනයේ සෝහෝ නිරීක්‍ෂණාගාරය විසින් ජුලි 15 වනදා නිකුත් කරනු ලැබූ ඡායාරූපයක මෙය දක්නට ලැබෙන බව පැවසේ.
UFO Sightings Daily වෙබ් අඩවිය පවසා ඇත්තේ නාසා ආයතනයෙන් මේ පිළිබඳ විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි.

Sunday, July 26, 2015

තෙලිතුඩ ගිලිහේ...


කාටුන් හා චිත්‍ර කතා කලාවේ පුරෝගාමියකු වූ දයා රාජපක්‍ෂ මහතා ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

එජාපය හා දේශප්‍රේමය...!!!

එජාපය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය නම් එහි පළමු පෙළ නායකත්වය තුළ දේශප්‍රේමය (patriotism) දක්නට නොමැති වීමයි. දේශප්‍රේමය නැමැති අනිවාර්ය සාධකය නොමැති ව රටක් පාලනය කරනු තබා

තමාවත් පාලනය කළ නොහැකි ය. යමෙකුට තමා පාලනය කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය විසින් පළමුව කළ යුත්තේ තමාට ආදරය කිරීම ය. එය ආත්මාර්ථකාමී වීමක් ලෙස කිසි ලෙසකින් හෝ නොසිතිය යුතු ය.
වත්මනෙහි ‍අප රට තුළ දේශප්‍රේමය ජාතිවාදය සමග පටලා ගෙන තිබීම ‍ඛේදවාචකයකි.

තිස්‌ වසරකට පසු තිම්පු සම්මුතිය යළි මතුවිම....!!!

ලන්ඩන් නුවර ද්‍රවිඩ සංස්‌කෘතික උළෙලක්‌ ඇමතූ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සිය සැබෑ ස්‌වරූපය අනාවරණය කළේය.
ඒ 1985 භූතානයේ තිම්පුහිදී ඉදිරිපත් වූ තිම්පු සම්මුතිය හෙවත් තිම්පු ප්‍රකාශනය මත දෙමළ ජනතාවට ස්‌ථීර විසඳුමක්‌ දිය යුතු යෑයි ඉල්ලීමක්‌ කරනු ලැබීයමයි.

ජනක බණ්ඩාර මහින්දගේ දෙපා මුල වැඳ වැටේ....ලජ්ජා නැතිි දේශපාළුවෝ....!!!

නාවුල පොදු ක්‍රීඩාංගනයේ රැස්වීමකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සිටි වේදිකාවට ගොඩ වූ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්  ඔහුගේ දෙපා අල්ලාගෙන ඔහුට වැඳ වැටුණේය.

'හෙට දවස අද දකින' තිලංග සුමතිපාල

පසුගිය ජනාධිපතිවරණ සමයෙදි, කැසිනෝ ජාවාරම ගැන ලොකු සද්දයක් ආවා.
ඒ එක්කම, රේස්බුකි ගැනත් කතාවක් ඇහුණා. ඒ ගැන කිව්වේ, 'කැසිනෝ කියන්නේ සල්ලිකාරයන් ගේ වැඩක්, රේස්බුකි නිසා, ගමේ මිනිහ ගේ ආර්ථිකයට කෙළවෙනවා' කියලා.

අපේ ටයිටැනික් සින්දුව ....

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනේ...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකි ය ගොඩබිමකට

රුවල් ඉරී ගිය නෞකාවේ...

"එව බලව....! මෙන්න බටලන්ද....!"


භීෂණය සහ ඝාතනය රට පුරාම වෙලා ගත්තේය. ඝාතන සංස්කෘතියේ පුරෝගාමීන් නිරුපද්‍රිතව සිටියදී ඔවුන්ගේ මනදොල සපුරාලමින් සැණකෙලිද, බලි බිලිද අඩු නොවීය. ආරක්ෂක අංශ, ගෝනි බිල්ලෝ සමඟින් දඩයම් සොයා ඉගිල ගියහ. රටපුරා තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි. වධකාගාර තැන තැන ඇරඹිණි. ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය.

වාචාලකමින් දේශපාලනය කරන එජාප දෙවැනි පෙළ නායකයන්...!!!

ශිරාල් ලක්තිලක ගේ දේශපාලනයත් එක්ක මගේ එකගතාවක් නෑ. නමුත් ශිරාල්, එජාපේ ඉන්න කාලේ, මෛත්‍රී එක්ක ඇතුළේ කැරැල්ලක් ගැහුවා, රනිල්ට විරුද්ධ ව. එතකොට සිරසත් චූන් වෙලා, දිගින් දිගටම ඇඩ් ගැහුවා, රනිල් පන්නන්න. සජිත් උඩ පැන්නා, ශිරාල් ගේ සටනට ජය වේවා! ජය වේවා! කියලා. දැන් තනතුරු ගත්තට පස්සේ, සජිත්ට අතීතය අමතකයි.
මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදියට නමක් හදා ගන්න දගලපු රනිල් ගේ ඇත්ත ආයෙක් පාරක් එළිවුණේ ඒ සිදුවීම් මාලාවෙන් පස්සෙයි.

රාජිත,චතුර ධීවර වරායෙන් ගහපු ගැහිල්ල...!!!

මජර  ධීවර අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ  යහපාලන ආණ්ඩුවේ කුස්සි කටා යනුවෙන් විරුදාවලී ලත් “ප්‍රා” නායක රාජිත සේනාරත්නගේ පුත් යනැනමං නැති තින්ත ගා ගත් හිවලා වන  චතුර සේනාරත්න එක්ව ධීවර ජනතාවගේ මුදල් මිලියන ගණනින් ගිල දැමු ජාවාරමක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු අනාවරණය වි තිබේ.
රටපුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදිකිරිම සදහා මහින්ද චින්තනය හරහාගත් තින්දුවකට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබි ඇති අතර ඒ සදහා  නියමිත සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇති අතර සාමාන්‍යයෙන් මෙම අකාරයේ සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරිම සදහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වන අතර වෙනවා.

රතු අලි පැටව්ගේ රෙද්ද පල්ලෙ ගිය යහපාලනය....!!!

දයාබර රනිල් අයියා වෙත...,
දයාබර රනිල් අයියේ...,ඔබේ ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ මාධ්‍ය නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ විශේෂ මහා සමුළුව සජීවීව විකාශය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබද අපගේ හද පත්ලෙන් නැගෙන ස්තුතිය ප්‍රථමයෙන් පුද කොට සිටිමු... එමෙන්ම එම විකාශය සදහා අපි විසින් ස්වාධීන රූපවාහිනිය සදහා ගෙවිය යුතු සම්පුර්ණ මුදල වන....

Saturday, July 25, 2015

මහින්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියනවා -නැත්නම් විකල්පය ක්‍රියාත්මක කරනවා...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාම සඳහා තමන් මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.
මහින්ද රාජපක්‍ෂ විසින් තමාහට මුදල් ලබාදුන් බවට ඇතැම් කණ්ඩායම් කරන ප්‍රකාශයන් අමුලික බොරුවක් බවත් ඔහු උත්සහ කරනුයේ දේශපාලන වශයෙන් වෙනත් වාසී ලබාගැනිමට බවද එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.

මහල්වරාවෙන් ගණිකා නිවසක් මාට්ටු...!!!


පන්නිපිටිය, මහල්වරාව අසල සමාජ ශාලාවක ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කතුන් 10 දෙනකු පමණද කළමනාකරු ඇතුළු පිරිසක්ද සැකපිට අත්අඩංගුවට ගත් බවත් බලපත් රහිතව එහි අරක්කු විකුණා ඇති බවත් පොලිසිය කියයි.

ඇත්ත කථාව මේකයි...!!!

මහින්ද මහත්තයාට
මං ආදරෙයි..
මට සමාවෙන්න..
වැරැුද්ද මගේ..
අකුරැස්සේ චමින්ද මාධ්‍ය
හමුවක.. වීඩියෝ



අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසුතාවකට පත් කළ බව කියන එච්.එස්.ජී. චමින්ද නමැත්තා 24* මාතර දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු, එහිදී අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු, එහිදී සිදුකළ ප‍්‍රකාශයයි මේ.

මෙරට සිසුවියන්ගේ නිල් චිත‍්‍රපට රැසක් අන්තර්ජාලයේ..!!!

මෙරට විශ්වවිද්‍යාලවලල ජාත්‍යන්තර පාසල්වල හා ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැසක් සිය කැමැත්තෙන් නිල් චිත්‍රපට  සඳහා පෙනී සිටීමේ වැඩි ප්‍රවණතාවයක්  ඇති වී ඇතැයි ශ‍‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍‍්‍රකාශ කලේ එවැනි සිදුවීම් සම්බන්ධව පැමිණිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත් එම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය.

පුත්තලම් පුවත්....!!!


 එක්සත් ජතික පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂක අශෝක ප්‍රියන්තට අයත් බව කියන නාත්තන්ඩිය - තුම්මෝදර පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරුවකට සහ සැරසලි වලට කිසියම් පිරිසක් විසින් හානි සිදු කර ඇත.
24 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බව අශෝක ප්‍රියන්ත කියයි.
කාර්යාලය ඉදිරිපිට සවි කර  තිබූ අශෝක ප්‍රියන්තගේ ඡායාරූපයක් සහිත පුවරුවකටද හානි සිදු කර ඇත.කාර්යාලය ඉදිරිපිට සරසා තිබූ කොඩි වැල් කීපයක් කඩා දමා ඇති බවක්ද දක්නට ඇත.

හිටපු ඇමැතීන් දෙදෙනකු නිල වාහන 5 ක්‌ තාමත් භාරදී නෑ....!!!

හිටපු සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක සහ හිටපු ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය  නිල වාහන වශයෙන් පාවිච්චි කළ ප්‍රාඩෝ රථ දෙකක්‌ සහ ඩබල් කැබ් රථ තුනක්‌ මෙතෙක්‌ සංස්‌කෘතික රාජ්‍ය අමාත්‍යාංශයට භාරදී නැත. (6721,  - 1916,  - 8877,  - 6504, - 0771 යන අංකයන්ට අයත් මෙම වාහන වහාම භාර දෙන ලෙස හිටපු ඇමැතිවරුන්ට ලිතව දැනුම් දී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.