ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 7, 2016

ටෙලියනට නිගාදුන් ජරා ටෙලි ..., ජරාව දී බලෙන් පෙන්නලා....!!!

ස්වාධීන රූපවාහිනියෙන් කිහිප වතාවක්ම බලෙන් විකාශය කෙරූ අතීශය පහත් බොළඳ ටෙලිනාට්‍යයක්වූ ( චරිතයකට පාට දෙන්න ) යන අවර ගණයේ ටෙළියද බස්නාහිර පළාතේ මහඇමති ප්‍රසන්න රණතුංගගේ බලපෑමෙන් සහ ඵසේ මුදල් සහ මාංශ පිදේනි දීමෙන් ප්‍රචාරය කර ඇති අතර මේ ගැන සොයා බලන මෙන් සරණ ගුණවර්ධන ඉල්ලා ඇතැයි වාර්තාවේ...එසේ ලිංගික සහ මුදල් සහ දේශපාලන බලපෑම් මත ඵවැනි ජරාවල් රාජ්‍ය නාලිකා තුළින් දෙතුන් වතාවල් බලෙන් පෙන්වද්දී...පසුගිය කාලයේ මහත් අසීරුතා මැද නිර්මාණය කළ ටෙලි නාට්‍යයක්‌ ජාතික රූපවාහිනියේ හෝ ස්‌වාධීන රූපවාහිනියේ විකාශනය කර ගැනීමට ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂකවරුන් මෙන්ම නිෂ්පාදකවරු බලවත් ප්‍රයත්නයක්‌ දැරුවෝය.


අහවලාට ගාණක්‌ දුන්නොත් ටෙලි නාට්‍ය රූපවාහිනියේ විකාශනය කරගන්න පුළුවන් යෑයි අහවල් දේශපාලනඥයාට සම්බන්ධ යෑයි කියනු ලබන ඔහුගේ හිතවතුන්ගෙන් එසේ පිළිතුරු ලැබේ.

කොන්දේසිය අනුව එක ටෙලිනාට්‍ය කොටසකින් (විකාශනය කරන දිනට) රුපියල් පනස්‌දාහක මුදලක්‌ ගෙවිය යුතුය. පසුගිය කාලයේ රූපවාහිනියේ විකාශනය වූ ටෙලි නාට්‍ය රැසක අධ්‍යක්‍ෂකවරු මේ අනුව මෙම කල්ලියට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවා තම ටෙලි නාට්‍ය විකාශනය කර ගත්හ.

මෙම දොල පිදේනි ක්‍රමය ටෙලි නාට්‍ය කලාවේ ප්‍රසිද්ධ රහසකි.

කිසිදු බියක්‌ සැකයක්‌ නොමැතිව මෙම ගැහිල්ල දිගටම කරගෙන ගොස්‌ ඇති බව කියති.

ටෙලිනාට්‍යවලින් ජරාව කන කල්ලිය නිසා ජරාව නොදී තම ටෙලි නාට්‍ය විකාශනය නොකර තාමත් අවස්‌ථාව එනතුරු බලා සිටින මගේ මිත්‍රයකුගේ ටෙලි නාට්‍යයක්‌ පිළිබඳව මම හො¹කාර දනිමි.

ටෙලි නාට්‍යවලට දොල පිදේනි දීම පිළිබඳව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ගෙන් මම ප්‍රශ්න කළෙමි.

ප්‍රශ්නය -  ටෙලි නාට්‍යවලින් පසුගිය කාලයේ මුදල් ගසා කෑ අයට විරුද්ධව පියවර ගන්නවාද?

පිළිතුර - සිද්ධීන් විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒවා නීතියෙන් සනාථ කර ගන්න එකයි ප්‍රශ්නය.

ප්‍රශ්නය - ඇයි මේවට පැමිණිලි නැද්ද?

පිළිතුර - පැමිණිලි ඉදිරිපත් කළා කියලා ඒවා සනාථ කර ගන්න ඕනෑ, සනාථ කළ හැකි දෙයක්‌ තිබුණොත් පරීක්‍ෂණ ආරම්භ කරන්න පුළුවන්. අහිංසක ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්‌ තමන්ගේ ටෙලි නාට්‍යය විකාශනය කර ගන්න කොච්චර දුක්‌ වින්ද ද ඇයි මෙහෙම අපරාධ කරන්නේ. අන්තිමේදි ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු කීපදෙනෙක්‌ නිෂ්පාදකවරුන්ට ජරාව දීලා හරි තමන්ගේ ටෙලි නාට්‍යය විකාශනය කරගත්තා.

ප්‍රශ්නය - මෙම පුද්ගලයන්ගේ ඥතියෝ පවා තුට්‌ටු දෙකක්‌ වටින්නේ නැති ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරලා රූපවාහිනියේ විකාශනය කරගෙන තිබෙනවාලු.

පිළිතුර - වෙන්න පුළුවන්. මම සියලුම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් මෙන් නිෂ්පාදකරුවන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ ජරාව කන කල්ලිය රූපවාහිනියේ තව දුරටත් කරගෙන යනවා නම් ඉක්‌මනට මට පැමිණිලි කරන්න කියලා. අහිංසක කලාකරුවන්ව ගසා කන්න දෙන්න බැහැ.

ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායකගෙන් ද මම මේ පිළිබඳව කරුණු විමසුවෙමි. ටෙලි නාට්‍යවලින් ගසා කෑම වසර ගණනක්‌ තිස්‌සේ සිද්ධ වුණා. මේ ජාවාරමට එකෙක්‌ දෙන්නෙක්‌ නෙමේ කීපදෙනෙක්‌ම ඉන්නවා. ටෙලි නාට්‍යකරුවෝ එදා තමන්ගේ ටෙලි නාට්‍යය විකාශනය කර ගන්න හොර රහසේ ජරාව දුන්නේ මේ ආකාරයට රුපියල් කෝටි ගණන් මුදල් ගසා කන්නට ඇති. කාට කියන්නද? මගේ මතකයේ හැටියට ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු දෙතුන් දෙනෙක්‌ මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පැමිණිලි කළා ඒත් පලක්‌ වුණේ නැහැ. මීට පස්‌සේ අතීතයේ සිදුවූ දේවල් කරන්න කාටත් ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. නිර්මාණය හොඳ නම් රූපවාහිනිය කාටත් ඉඩ දෙනවා.

ප්‍රවීණ සිනමා නළු පශු සම්පත් ඇමැති රන්ජන් රාමනායකට ද අපි කතා කළෙමු.

ප්‍රශ්නය - පසුගිය කාලයේ රූපවාහිනියේ පෙන්වූ ටෙලි නාට්‍යවලින් පනස්‌දාහ බැගින් සමහරුන්ට දොල පිදේනි දුන්න කියන කතාව ගැන මොකද කියන්නේ?

පිළිතුර - කියන්න වචන නැහැ. ඔය මාෆියාව ගැන මුලින්ම හඬක්‌ නැගුවේ මමයි. ඒක කලාවට සම්බන්ධ හුඟක්‌ ප්‍රවීණයෝ පවා දන්නවා. අහිංසක ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ගේ එක ටෙලි නාට්‍යයක්‌ සඳහා කොටසකට රුපියල් පනස්‌දාහ බැගින් කප්පම් ගත්තා. කොටස්‌ තිහකින් අවසන් වෙන ටෙලි නාට්‍යයකින් සතියකට පනස්‌දහ බැගින් මාසයකට රුපියල් ලක්‍ෂ දෙකක්‌ වෙනවා කොහොමද ගැහිල්ල. එක ටෙලි නාට්‍යයක්‌ නෙවේනේ විකාශනය කරන්නේ. එතකොට කොහොමද ගාන. ඕවා එදා දෙතුන් දෙනකුට බෙදිලා යනවා. ලොකුම කොටස එක්‌කෙනෙක්‌ ගන්නවා. මේ ජාවාරම දැන් සිදුවෙන්නේ නැහැ. මේ කල්ලිය ගැන ටෙලි නාට්‍ය කලාවේ නියෑලී සිටින ඕනෑම කෙනෙක්‌ දන්නවා. ඇතැම් නිළියන්ගෙන් පවා ඔවුන් ලිංගික අල්ලස්‌ ඉල්ලා තිබෙනවා. ඕනෑ නම් නම් පිටින් කියන්නම්.

පැමිණිලි කළ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂකවරුන් දෙන්නෙක්‌ කපලා දැම්මා කියලා ආරංචියි. ඉතින් මේ ගැහිල්ල පිළිබඳව පැමිණිලි කිරීමත් භයානක තත්ත්වයක තිබුණා. මම බය නැතිව කියනවා දේශපාලනඥයා විතරක්‌ නෙමේ මේ කල්ලියට තවත් අය සම්බන්ධයි. හැබැයි ලොකු කොටස ගන්න කෙනා එදා ඇමැතිවරයෙක්‌. ඔහු තමයි වැඩකාරයා. එයාගේ මුදල්වලින් එයාගේ පවුලේ සාමාජිකයෙක්‌ තැන් තැන්වල අවන්හල් දාලා තියනවා.




නෝමන් පලිහවඩන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.