ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 30, 2015

තැටිය හොඳට රත් කළත් රොටිය හොඳට පුච්චගන්න බැරිවුණේ ඇයි....!!!

මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉකුත් 29 වෙනි දින පැවැත්විණ. එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සකස් කළ දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පිළිගැන්වීමයි. එයද, වත්මන් දේශපාලන පසුබිමද මුල්කර ගනිමින් මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

රනිල් එලවා එජාප නායකත්වය කරු ජයසූරියට දීමට සූදානමක්...!!!

නොසිතු ලෙස මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  ඉතා සුක්ෂම ලෙස මැතිවරණ වයාපාරය මෙහෙය විමත්, රටේ ජනතාවගෙන් සියයට 60කටත් වඩා මහින්ද රාජපක්ෂව රටේ ජනතාව පිළිගන්නා බව තමන්ගේම බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග 2010 වසරේදී ඇනගත් ආකාරයටම යලිත් එක්සත් ජාතික පක්ෂ හොම්බෙන් යන්නට ඇනගෙන ඇති බව දැන ගත් එජාප ප්‍රභලයන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින අතර සුපුරුදු පක්ෂ නායකත්වය වෙනස් කිරිමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේ.

කොටියා හදන්න අමාරුයි. කොටියා කවදා හරි අකීකරු වෙනවා

“රාජාට මාස 5ක් විතර වෙන කොට ආරංචියක් ආවා. රාජගේ  අම්මට වෙඩි තියලා මරලා  කියලා.  රාජාට මාස 5-6 ක් වෙද්දි මම පූසෙකුත් ගෙනාව මගේ කෑම්ප් එකට. පූසත් එක්ක කිසිම අඩ දබරයක්  නැතිව  රාජා අපූරුවට සෙල්ලම් කළා.”
“මගේ කෑම්ප් එක ළඟ උස බුරුත ගස් තුනක් තිබුණා.  මේ බුරුත ගස් දිගේ රාජා උඩට නගිනවා.
පූසා කිටී..... කිටී ගහ මුලට වෙලා නටනවා. ටික දවසක් යන විට ගස් තුනේම  ‍පොතු හැලිලා ගියා රාජාගේ  නිය‍පොතුවලට.”

රිලා මස් කන්නටත්, එළකිරි බොන්නටත්  රුචි කළ රාජා නමැති දිවියා එළවළු සමග බත්   කෑමටද  කිසිම අකමැත්තක් නොදැක්වූ බව හෙතෙම පවසයි.
“දවසක් අපි මයියොක්කා හදලා  දුන්නා. හැබැයි මයියොක්කා රාජාට දිරෙව්වෙ නෑ” බන්දු කියයි.


මහ කුඩ්ඩා ද සිල් අරන්.....!!! තීරණය සහ විනිශ්චය ඔබටම භාරයි....!!! රටට තෙරුවන් සරණයි...!!!

ශ්‍රී ලංකාවේ කුඩු ගෝඩ් ෆාදර් ලෙසින් විරුදාවලිය ලත් යහපාලනයද අත් අඩංගුවට නොගත් දුමින්ද සිල්වාණන්ද පසුගියදා පැපිලියාන විහාරස්ථානයේදී මහින්ද වෙනුවෙන් පැවති ජයපිරිත් දේශණ  උත්සවයට සහභාගී වී සිටියා.මෙයින් පෙනෙනුයේ තවමත් රටේ මිනීමරු,මත්ද්‍රව්‍ය කප්පිත්තන් ,හොර දේශපාළුවන් මහින්ද වටා රොක්වී සිටින අයුරුයි.
තීරණය සහ විනිශ්චය ඔබටම භාරයි....!!! රටට තෙරුවන් සරණයි...!!!මහ කුඩ්ඩා ද සිල් අරන්.....!!!

KFC කේඑෆ්සී බැදපු මීයා චිකන් කියයි ....!!! ඞීඑන්ඒ පරීක්ෂණය සූදානම්...!!!

පසුගියදා අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කළ ඇමරිකාවේ කැලිෆෝනියාවේ තරුණයෙකු එරට කේ.එෆ්.සී අවන්හලකදී බැදපු මීයෙකුගේ ආහාරයක් ලබාගැනීමේ සිද්ධියේ අලූත්ම තත්වය වන්නේ කේ.එෆ්.සී සමාගම එම වරදින් ගැලවීමට ඞීඑන්.ඒ පරීක්ෂණයක් ඉල්ලා තිබීමයි. ඔවුන් පවසන්නේ ඒ මීයෙකුගේ හැඩයට බැද්ද චිකන් කැබැල්ලක් බවයි.

KFC කුකුළු මස් අඬුවල මිනිස් සිරුරට අහිතකර ඊකොල් නම් බැක්ටීරියා...!!!

මැගී නූඞ්ල්ස් සම්බන්ධ ඉන්දියාවේ තහනමක් පැනවුණ පසුව එරට ආහාර සම්බන්ධයෙන් දැඩි තත්ව පරීක්ෂණ සිදුවූ අතර ලෝක ව්‍යාප්ත ක්ෂණික ආහාර අලෙවි ජාලයක් වන කේ.එෆ්.සී හි ඉන්දියානු නිෂ්පාදනවල ගුණාත්මක තත්වය ගැනද දැන්ප‍්‍රශ්ණ මතුවී ඇත.

උපායමාර්ගික කුඩු ජාවාරම කරන අපතයෝ....!!!

උපාය මාර්ගික මත්ද්‍රව්‍ය ජාවාරම

'සෙමා' ආයතනය ගැන රටේ බොහෝ දෙනෙක්‌ දන්නා වග සැක නැත. එහෙත් කාගෙත් දැන ගැනීම පිණිස නැවත එය සිහිපත් කරමු. 'සෙමා' (SEMA) යනු උපායමාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනයයි. ((STRATEGIC ENTERPRISE MANAGEMENT AGENCY)) ශුද්ධ සිංහලෙන් "උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනය"යි. එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය. මෙම 'සෙමා' ආයතනය ගැන ඊයේ පුවත්පත්වල ප්‍රවෘත්තියක්‌ පළවී තිබිණි.

Monday, June 29, 2015

යහපාලන වට්ටි අම්මා රට පනි...!!!

මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය අත්පත් කර ගැනිමට අවස්ථාව ලබාදි පෙන්දෙකු ලෙස මෛත්‍රී කටයුතු කිරිමත් හේතුවෙන් කලකිරීමකට ලක්වු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග රටින් පිටවීමට උපායක් ක්‍රියාත්මක කර තිබේන බව වාර්තා වේ.

පසුගිය දින සියය ඇතුළත සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන්ට එරෙහිව ලේක් හවුසියේ මාරාන්තික උපවාසයක් ........?

ලේක් ආයතනය තුළ පසුගිය දින සියය ඇතුළත සිදුවී ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එජාප නායක රනිල් වික‍්‍රමසිංහ එජාප සභාපති සහ එජාප ලේකම් ලිඛිතවම දැනුවත් කොට ඊට අදාල පුද්ගලයන්ට සහ කි‍්‍රයාවන්ට එරෙහිව විධිමත් කි‍්‍රයාමාර්ග මහමැතිවරණයට පෙර ගන්නා ලෙසත් නැතහොත් ඊට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ලේක්හවුස් ආයතනයේ සංවිධාන කීපයක් සූදානමින් සිටින බව වාර්ථා වේ.
මීට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දින සියය ඇතුළත සිදුවී යැයි කියන දූෂිත ගනුදෙණු ගණනාවක් බව එම සංවිධාන මේ වන විටත් වගකිව යුතු බලධාරින්ට දන්වා ඇත.

ලංකාවේ ආර්ථිකය චකබ්ලාස් ද ?

රුපියල් කෝටි 5,000ක මුදල් නොට්ටු මුද්‍රණය කිරිමට මහාභාණ්ඩාගාරය සුදානමින් සිටින බවට රාවයක් පැතිර තිබේ.එසේ මුදල් අච්චු ගැසීමට සූදානම්වනන්නේ රජයේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් නොමැති වීම නිසා බවද පැවසේ.රටක මුදල නිකුත් කරණු ලබන්නේ ජාතික ආදායම් ඉපයීමට සමාන්තරව වන අතර, රජයන් මුහුණ දෙන මූල්‍ය අර්බුදවලට තාවකාලික පිළියම් වශයෙන් ජාතික නිෂ්පාදිතයක් නොමැතිව අතිරික්ත මුදල් අච්චු ගසා රජයේ වියදම් දැරීමට යොදා ගැනීම ඉක්තු ආණ්ඩු සමයේද බහුලව සිදුවිය.

ශ්‍රිලනිපයේ මාර දූ පුත්තු ලවා පහරදීම අලුත්ම උපක්‍රමය ....!!!

මිස්ටර් බීන් එක් පැත්තකය. චෞර රැජිනි තව පැත්තකය. ජෙප්පෝ ඉන්නේ අත්තක් උඩය. තරු හැලිච්ච ජෙනරාල්ට තරු ගොඩක්ය. කන්න දුන්න අත හපලා හකීම් දැන් අවුලකය. ඇමරිකානු ඩොලර්වලට එන්.ජී.ඕ. මැතිරිල්ලක්ය. අනේ අනිච්චංය. මෙහෙම ගියොත් කන්න වෙන්නේ රටට බජරිය.

හෙදියන් දහස් ගණනක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ අනතුරුදායක තත්වයක්!


  බ්‍රිතාන්‍යයේ සිට දහස් ගණනක් ඊළාම් හෙදියන් රටින් පිටුවහල් කළ හැකි බව සඳහන් වේ.

බ්‍රිතාන්‍යයේ නව ආගමන පනත යටතේ වසර 06 ක් රැදී සිට වාර්ෂිකව පවු
ම් 35,000 ක් ඉපයීමට නොහැකි යුරෝපියානූවන් නොවන විදේශිකයින් රටින් පිටුවහල් කළ යුතුය.

විනාශ කිරීම කිරීමෙන් පසු සාමය ඇති කිරීමට ශ්‍රී ලංකාවට මුදල් ලබාදෙන ඇමරිකාව

  ලෝකය තම ආධිපත්‍යයට ගැනීමේ අරමුණින් ඇමරිකානු රජය හමුදා ආක්‍රමණ සිදුකරන අතරම, ස්වේච්ඡා සංවිධාන මාර්ගයෙන් රජයන් පාලනය කරයි. දකුණු අප්‍රිකාවේ ප්‍රථම ස්වේච්ඡා සංවිධානය වන ‘කලම්බෝ ප්ලෑන්’ යන සංවිධානය කොළඹදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම් ඇතිවීමේ ‘අනතුරක්’ දැකගැනීමට ඇති බව ප්‍රකාශ කර අධිරාජ්‍යවාදී රටවල් විසින් ස්වේච්ඡා සංවිධාන පිහිටුවන ලදි. පසු කාලයන් වලදී විප්ලවීය සංවිධාන වක්‍රාකාර මැදිහත්වීම් තුලින් ගොඩනගා එය ප්‍රගතිශීලි දේශපාලන බලවේග වලට භාරදී විනාශයන් ඇති කරයි. ජාති ද්වේශයත්, ජාතිවාදයත් සැලසුම් සහගතව ඇති කරන ලදි.

සරත් ආබෘගේ පිස්සුව නැවත තදවෙයි....!! !

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සරත් ආබෘගේ නිවසේ සේවය කළ සේවිකාවක අදාල විනිසුරුවරයාගේ පහරකෑම හේතුවෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. නිලූෂා දමයන්ති නැමැති 37 හැවිරිදි මෙම සේවිකාව පසුගිය 15 වැනි දින සරත් ආබෘ විනිසුරුවරයාගේ නිවසේ සේවයට
පැමිණ ඇති අතර ඇය මේ වනවිට කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. 

ලොව ප්‍රථම දෙමළ ජාතික අග්‍රාමාත්‍යවරයා...!!!

ලොවපුරා ජීවත්වන දෙමළ ජාතිකයින් ඒ ඒ රටවල සාර්ථකත්වයට පත්ව ලොව දෙමළ ප්‍රජාවට අභිමානයක් ගෙනදෙමින් සිටියි. විද්වතුන් ලෙස, විද්‍යාඥයින් ලෙස, ක්‍රීඩකයින් ලෙස, කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් ලෙස සාර්ථකත්වයට පත්වෙමින් සිටින පසුබිමකදී, දැන් දෙමළ ජාතිකයෙකු ඔහු ජීවත්වන රටෙහි අග්‍රාමාත්‍ය ධූරයට පත්වී ඇත.දකුණු ඇමරිකානු රටක් වන ගයානා හි අග්‍රාමාත්‍ය සහ ජනරජයේ නායකයා තෝරාගැනීමේ මැතිවරණය පවත්වා ඇත. ඉන් විපක්‍ෂය ජයග්‍රහණය කර ඇත. එහි අග්‍රාමාත්‍ය අපේක්‍ෂක ‍මෝසස් නාගමුත්තු ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙකි.

Sunday, June 28, 2015

නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලා හකීම් හඩ නගයි....!!!

නැගෙනහිර පළාතෙහි වෙනම පරිපාලන ඒකකයක් ලබාගැනීමේ සටන ඉදිරියට ගෙනයාමට තම පක්‍ෂය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත. වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුවනු ඇති බවත් දැනගැනීමට ලැබී ඇත. පරිපාලනය පුළුල් කිරීමේදී භාෂාමය වශයෙන් ජනතාව තම එදිනෙදා කටයුතු සිදුකරගන්නා අන්දමින් සිමා නිර්ණය කිරීම කළ යුතුය.

“රටගිය ඇත්තෝ”


විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ වරප්‍රසාද සහ සුබසාධන කටයුතු පුළුල් කරන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සංවිධානයක් වන “රටගිය ඇත්තෝ”  සංවිධානයට ලෝක ව්‍යාප්ත ප්‍රචාරයක් ලබාදීමේ අරමුණෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාත විදේශ ගත ශ්‍රී ලංකා සංසදය විසින් සිකුරාදා මාධ්‍ය හමුවක් දමාම් නගරයේදී පැවැත්විණි.

වගකිව යුතු එවුන් නිහඬ ඇයි......??? මේ අසරණියන් හට වහා පිහිට වව්...!!!

ද්‍රවිඩ ඩයස් පෝරා සමග සැණකෙළි තැබීමට වෙර දරණ කාළකන්ණීන්ටත්.විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශය නමින් අටමගලයක් අටවා රට රැකියා සඳහා යන අයට ආරක්‍ෂාව  සපයනවා කියන උන් මෙන්ම අපේ රට වෙනුවෙන් සහ රටේ මුදලෙන් පිංපඩි ගන්නා ඩුබායිහී තානාපති කාර්‍යාලයේ සේවය කරන උන්ටත් මේ අසරණියන්ගේ දුක නොදැනීම ප්‍රශ්ණයකී  ...!!! විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශය ට මුදල් නොගවන්නේ නම් කටුනායකින් යාම බොරුය.
අප මේ බව මීට කළින්ද කිහිප විටක් පෙන්වා දුනී...ඒ ලබා ගන්නා මුදල් කන්දරාවෙන් උන් මෙතෙක් කර ඇති සේවය කුමක්ද...??? මේ අසරණියන් රට ගියේ දේශපාලුවන් මෙන් හෝ ඇතිහැකි අපතයන් අපතියන් මෙන් ඩුබායි ෂොපින් නොවේ .අද මෙසේ අසරණව ඇත්තේ සිය දරුපවුල වෙනුවෙන් දහඩිය හෙළා යමක් භරිහම්බ කර ගැනීමට ගිය සහෝදරියන්  ය.....
කරුණාකර මේ අයට  පිළිසරණ වන්න....මේ සම්බන්ධව ලංකානිව්ස් අවදියෙනී

ඩිනාර් සමග සැපත් වන ඒඩ්ස්....!!!


ඒඩ්ස්‌ ආසාධිත විවාහක කාන්තාවන් ද යළි සිය රටට පැමිණ තම සැමියා සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන විට ඉතා පහසුවෙන් සැමියාට රෝගය බෝවිය හැකිය. දිගු කලක්‌ බිරිඳ තමාගෙන් බැහැරට සිටි විට එවැනි ස්‌වාමිපුරුෂයන් බිරිඳ සමඟ ලිංගිකව එක්‌වීමේදී උපත් පාලන කොපු ආදිය භාවිතා කරන්නේ නැත. බිරිඳ ද සැමියාට එවැනි දෙයකට ඉල්ලීමක්‌ කරන්නේ නැත. ඒ අතර එවැනි ඉල්ලීමක්‌ කළහොත් ඉන් සැකයක්‌ ද මතුවිය හැකිය. එනිසා මෙය ඉතා සංකීර්ණ ගැටලුවක්‌ බවට වර්තමානයේ පත්ව තිබේ....
 වීඩියෝ දර්ශණ ඇතුළත්වේ....

නිදි යහනේ නෑ සහනේ ....!!!

අද කාලේ ඕන මළදානයකට සයිබරේ වගේ, ඒ කාළේ තිබුනේ පත්තරය. අදටත් පත්තර බිසිනොස් එක නැගලා යන බිසිනොස් එකක්ය. පත්තරේ එලියට එන කාළය අනුව එක කැටගොරියක් යනවාය.  දිනපතා පත්තර, සතිපතා පත්තර, සති අන්ත පත්තර කියලාය. මාස් පතා එන පත්තරවලට වඩා තියෙන්නේ සඟරාය. ඉස්සර මාසෙකට සැරයක් යන පොරෝගැරෑන් එකක් රූපවාහිනියේ ගියේය. ඒකට කිව්වේ "නන්දන වින්දන" කියලාය. අන්තීමටන උනේ කාන්තාවන්ට මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ "නන්දන වින්දන මාසික විවිධ ප්‍රසංගය" වීමය.

සෝමවංශගේ ජනතා සේවක පක්ෂයේ පළමු සමුළුව ...!!!

ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් පිහිටුවන ලද නව පක්ෂයේ පළමු සමුළුව 27 කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී පක්ෂයේ නම ජනතා සේවක පක්ෂය වශයෙන් ප්‍රසිද්ධියට පත්කෙරිණි. එහෙත් තවම එම පක්ෂය මැතිවරණ දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කොට නොමැති බැවින් මෙවර මැතිවරණයට ඉදිරපත් වීමට නොහැකි වනු ඇතැයි වාර්තා වේ.

බොදු ජන පෙරමුණ නමින් බොදු බලයත් මැතිවරණයට....!!!

බොදු බල සේනා සංවිධානයේ දේශපාලන පෙරමුණ බොදු ජන පෙරමුණ නමින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මේ වනවිට ගම් මට්ටමින් ඒ සදහා අපේක්ෂකයන් තෝරාගැනීමට අයදුම්පත් කැදවා ඇත. සමාජ බෙදුම්වාදයන්, අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය පරදවා සිංහලේ ජාතිය එක්සත් කොට සෑම ජන වර්ගයකටම රැකවරණය සලසමින් අභිමානවත් ජාතියක් ගොඩනැගීම තම අභිලාෂය බව එම පෙරමුණ අවධාරණය කරයි.

Saturday, June 27, 2015

හුඟක් ගණිකාවො පික් පොකට් වැඬේට සුපිරි දක්‍ෂය...!!! ‘උඹ බැඳලද’ ‘ඇයි, උඹ මාව බදින්නද’ වචනෙට උත්තරේ එහෙමයි... ...!!!


පිටකොටුවේ විකිණෙන නා නා විධ දේවල් ඒවා නිපදවන චීනයටත් වඩා ගාණ අඩු ය. එහෙම බැලූ විට ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩුම ගාණට කොටුවෙන් බඩු ගත හැකිය. ඇපල්, දොඩම් ගෙඩියේ සිට, මුද්දරම්පලම්, රටඉඳි ටිකේ සිට, සෙල්ලම් බඩු, රෙදි පිළි සිට ඔරලෝසු විදුලි උපකරණ දක්වා මේ න්‍යාය පොදුය.

වීදි ගණිකාවෝ බොහෝ විට අඳුරු අහුමුළු, ගාල් කළ නාටමි කරත්ත, අස්සට පිරිමි කැඳවාගෙන එති. තුන් වේලම කුඩු ගහගෙන, බේබද්දන් වී සිටීම ඔවුන්ගේ සිරිතය. දවාලට මේ ගෑණු කාමර අස්සේ හොඳ නින්දේය. රෑට මතින් මත් වී පාරට බසිති.

අපි කතා කළාම හුඟක් පිරිමි එනවා. බේබදු මිනිස්සු පැනලම එනවා. රෑ 11-12 වෙනකොට බස් ස්ටෑන්ඞ් එකට හරි ස්ටේෂමට හරි වෙලා බංකුවට බර වෙලා නින්දක් දානවට වඩා පාළු මකන්න කැමති පිරිමි, ගෑණු එක්ක කළුවර වීදිවලට රිංගනවා. අතුල කතාව අරඹයි.

හොර පාලකයන්ට සහ හොර දානපතියන්ට නොපෙනෙන මනුස්සයෙක් ගැන සංවේදී සටහනක්....!!!

ආබාධිත වඩුවාගෙන් ආදර්ශයක්

අත් පා ආබාධිත ගලේවල මැදබැද්ද පදිංචි සුසන්ත හේරත් (42)මහතා පියාගේ අඩිපාරේ යමින් අද දක්ෂ වඩුවෙකි .සුසන්ත අප හැමෝටම ආදර්ශයක් නොවේද සුසන්තට කතා කරන්න.....!!!  උදව් කරන්න... ඔහුට අඩු තරමේ රෝද පුටුවක් හෝ පරිත්‍යාග කරන්න...එයාගේ දු ක අ 0729810258

 (කාංචන කුමාර ආරියදාස0773416157 )

ඇතැම් මුස්ලිම් තිරිසනුන් වෙත නොයන්න...!!!

මේ කාන්තාවට අවුරුදු 23 යි... පිලිපින් ජාතික කාන්තාවක් උණුවෙන් නටන වතුර වක් කරලා මේ කාන්තාවට වැඩ කල ගෙදරින් කෝපි හදන්න පරක්කු වුනා කියලා ඒ ගෙදර මුස්ලිම් කාන්තාව . පැය 6ක් වෛද්‍ය ප්‍රතිකාර නැතුව මේ කාන්තාව තියාගෙන ඉදලා ඉස්පිරිතාලේදී මේ කෙල්ල වෛද්‍යවරයාට කොලකැබැල්ලකින් ලියල දීල උන සිද්දිය , ඊට පසු ඇගේ ඥාතීවරුන්ට එය දන්වනු ලැබුවා ,

යුද්ධය හා ත්‍රස්‌තවාදය නොහඳුනන අලුත් පරපුර...!!!

ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, "යුද්ධය" පිළිබඳව අප දෙදෙනාගේ අදහස්‌ පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක්‌ ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා "අලුත් පරපුර" නම් පිරිසක්‌ පැවැත්වූ රැස්‌වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි "යුද්ධය" සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ නිසාය. තවද මේ දිනවල එම "අලුත් පරපුරේ" තරුණයෝ දෙදෙනෙක්‌ කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක්‌ කියනුයේ "මද්දුම බණ්‌ඩාර? ඌ මොකෙක්‌ද? ඌ හූ.. ජ කොල්ලෙක්‌. අවුරුදු 06 ක කොල්ලෙක්‌ දන්නවද මරණය කියන්නේ මොකක්‌ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්‌සේ රිංගන කොට මූ ටොපියක්‌ දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක්‌ ආදී වශයෙනි. අනෙකා පවසන්නේ "ආමි එකේ ඉන්නේ අට පාස්‌ එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ" යනුවෙනි.

හොර කරුපයියාගේ තවත් වැඩක් ...!!! බිරිඳට සැප දෙන්න ලිට්‍රෝ ගෑස් සමාගමටත් වැඩක් දෙයි ...!!!

රවී කරුපයියා කියන්නේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා කියලා අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නැහැනේ. යහපාලන ආණ්ඩුව පත් වෙච්ච ගමන්ම කරුපයියාට එරෙහිව අධිකරණයේ තිබුණු නඩු කිහිපයක්ම කරුපයියා වැරදිකාරයා කරන්නේ නැතුවම ඉවර වුණා. හොර කරුපයියා හැමදාම මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. ඒ වගේම යහපාලන ආණ්ඩුව ගේන්න එයාගෙන් වියදම් වුන ගාණට වඩා වැඩි ගාණක් දින සීය ඉවර වෙනකොටම  තමන්ගේ එකවුන්ට් වලට බැර කර ගත්තා.

එ.ජා ප ය ආණ්ඩුවක් පිහිටපු හැම වතාවෙම හොර කරුපයියා ගන්නේ හොඳට ගරන්න පුළුවන් අමාත්‍යාංශ. කාටවත් ඒකට මුකුත් කියන්න බැරි හොර කරුපයියාගේ සල්ලි නැත්තම් එජාපයට දුවන්න බැහැ කියලා  දන්න නිසා. 2001 එජාපෙ ආණ්ඩුව පිහිටපු වෙලාවේ හොර කරුපයියා ගත්තේ කර්මාන්ත ඇමතිකම ඒ අවුරුද්ද ඇතුළත හොදට හම්බ කරගත්තා. ඊට පස්සේ යහපාලන ආණ්ඩුවේ අර ගත්තේ මුදල් ඇමතිකම. අවුරුදු ගාණක ඇරියස් එක දින සීයෙන් හම්බ කර ගත්තා. 

හොර කරුපයියාගේ තවත් මූල්‍යමය වංචාවක් මාට්ටු....!!!

බංගලාදේශය ඇතුලු රටවල් කිහිපයකම සිට ජයටම කෙරිගෙන යන කලූ සල්ලි ශ‍්‍රී ලංකාවේ සුදු කිරිමේ කුමන්ත්‍රණය පසුපස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ මුදල් අමාත්‍ය රවි කරුපයියාගේ සම්බධයක් පවතින බවට බංගලාදේශය වෙබ් මාධ්‍ය අනාවරණය කර තිබෙන අප බංගලාදේශ විශේෂ වාර්තාකරු සදහන් කළා.

බැඳුම්කර නිකුතුවට උපදෙස් දුන්නේ රනිල්.. – අර්ජුන් කෝප් හමුවේ කියයි..

මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බධන්යෙන් මහ බැංක අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්  කෝප් කමිටුව ඉදිරියේ පවසා ඇත්තේ තමන් එසේ බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ ගේ දැනුම්දීම මත බවයි.

ගයේෂා පෙරේරාට චන්ද දීමට තීරණය කර සිටිමි....!!!

-ඔබට කියන්න පුලුවන්ද ඇයි කියලා ඔබ මේ පක්ෂයෙන් ම චන්දේ ඉල්ලන්න හිතුවේ කියලා

- ඒක හරිම අනුවේදනීය කථාවක් චතුර , ඉහි ඉහි මට ඇඬෙනවා මතක් වෙනකොටත්  ඉහි ඉහි

- හරි හරි නාඬා කියන්නකෝ ඉතින්

-ඉහි ඉහි මෙහෙමයි චතුර, අපි පොඩි කාලෙ හරි දුප්පත්. ඩැඩීට තිබුනේ එක කාර්  එකයි. ඉහි ඉහි, ඉති ඩැඩී ඒක අරං ගමන් ගියාම අපිට ෂොපින් යන්න්න වෙන්නේ බස් එකේ. ඉහි ඉහි ඉහි

- හරි හරි අපිට තේරෙනවා කියන්නකෝ ඉතින්....

පාර්ලිමේන්තුව විසුරුවා ඇති මොහොතේදී....!!!

අවසානයේ දී  මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කරතා තිබිණි. මෛත්‍රිපාලට, ප්රාජිතට හා චම්පකට ලබන අප්‍රේල් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් තිබූ නමුත් ඒ කරගත නො හැකි විය. 

  (ජූනි 25) මෛත්‍රිපාල හා මහින්ද අතර සාකච්ඡා තිබුණු බව පළමුව ජනමාධ්‍යයෙහි වාර්තා විය. එහෙත් දැන් දෙපාර්ශ්වය ම කියන්නේ සාකච්ඡා නොතිබූ බව ය. රටේ ඇත්තක් කියන්නේ කවුදැයි දැනගැනීමට ක්‍රමයක් නැත. අප ද කරන්නේ අනුමාන කිරීම පමණකි. මෙවැනි කාලයක අනුමාන ඉදිරිපත් කිරීම තරමක අසීරු කරුණකි. දේශපාලනයෙහි ස්ථිර ගමන් මගක් පෙනෙන්නට නැතිවා පමණක් නොව, පෞද්ගලික ගනුදෙනු (ඩීල්) මගින්ද දේශපාලනය තීරණය වෙයි.  කෙසේ හෝ කථානායක නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අතර හදිසි හමුවක් පැවැත්වී තිබේ.

යහපාලනේ හත් පොලේ ගා ගැනීම - Playing with Yaha Paalanaya


යහ පාලනය පටන් ගත්තේම බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කළයට ගොම තල්ලියක්ම එක කර ගනිමිනි. ඒ සෝමරත්න දිසානායක නම් අවස්ථාවාදි නරුමයා රූපවාහිනියට පත් කර ගනිමිනි. මාතලන් එදාම කිව්වේ අයියෝ සිරිසේන කියලාය. ජග්‍රහනයෙන් මුලා වී උන් යහපාලන ටොයියෝ කිව්වේ ගනන් ගන්න එපා මචෝ. එයා එතනට දැම්මට ගේම ගෙන යන්නේ රතන හාන්දුරුවෝ කියලාය. සම හරක් කිව්වේ අලියෙක් ඊට ඉහළින් ඉන්නවා කියලාය. 


ඉන් පසු කළයට එකතු වූයේ ගොම බින්දු නොව අශූචි කඳුය. තමාගේ ලේකම් ලෙස මෙන්ම, ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් ලෙසද පත් කොට ගත්තේ, මහින්දගේ වහල් බයි රාජ්‍ය සේවකයන්ය. අඩු ගානේ ආරක්ෂාව සඳහා වත් තමන්ගේ එකෙකු උන්නේ නැති අතර, ඒ සඳහා පත් කර ගත්තේද මහින්දගේ චරපුරුෂයෝය. උන් රාජ්‍ය රහස් පමණක් නොව, පුච බෝලෙන් දාන කක්කා බෙට්ටේ සයිස් එකත් මහින්දට වාර්තා කළේය. බුලට් පිරවූ පිස්තෝල අරගෙන පැමිණි එකා, කිසි අවුලක් නැතිව ගෙදර යන්නේ උන්ගේ අනුහසින්මය.

යනවද නිවන් නැත්නං තෝ යවන්නද ....!!! සාදු කියන්න පිංවතුනි....!!!

අපේ ගං පළාත්වල සත්තු හැදිල්ලක් කියල වැඩිපුරම කෙරුනෙ හරක් හැදිල්ලයි කුකුල් කොටුයි,එළුවො කීප දෙනෙකුත් තැන තැන නොහිටිය නෙවෙයි හැබැයි ඌරු කොටු නං අපේ ගම පැත්ත පළාතෙ තිබ්බෙ නෑ. මොකද ඌරො ඇතිකිරිල්ල හරක් හැදිල්ල වගේ නම්බුකාර රස්සාවක් හැටියට අපේ ගංවල අය සැලකුවේ නැති නිසාවෙන් එහෙම වුනා මිසක අපේ ගමට එහා ගමේ නං ඌරු කොටුවක් තිබුණා,ඒකෙ අයිතිකාරයට අපේ තාත්තල කිව්වෙ ඌරු පීතර කියලයි,මනුස්සය පස්සෙ කාලෙක මැරුණත් පවුලෙ අයට ඒ නම දිගටම භාවිතයෙ තිබුණා...

යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ

අම්මට සිරි ලංකාවේ හැම මළදානෙට වගේම, මළ මගුලටත් තාමත් තියෙන්නේ ගෝත්‍රික ලක්සොනමය. "අනේ අපිවත් අරගෙන පලෝ...." කියා, පෙට්ටියට නැගලා, එරොප්පෙ යන්න පු... ඉරාගෙන කෑ ගැහුව්වාට, වලට පස් ටික දාන්නෙත් ඒකට වැටෙයිදෝ කියලා බයේය. මැරිච්ච එකාට ගිනි තියලා හෝ පස් දාලා ගෙදර ඇවිත්, එක්කෝ මාරි බිස්කට් ආතල් එකක් ගන්නවාය. එහෙම නැතිනම් කරවල වට්ටක්කා ඩාන්ස් එක දානවාය. මේ ඔක්කෝම සෙල්ලම් දාන්නේ මැරිච්ච එකා ආයෙත් එයි කියලාය.

Friday, June 26, 2015

පාර්ළිමේන්තුව විසිරුවයි....!!!


මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය.
2015 ජුනි මස 26 වැනි සිකුරාදා අංක 1920/20 ගැසට් නිවේදනය අනුව ලබන අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන නියම කර ඇත.
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර පළමු වැනි දා රැස්වීමට නියමිතය.
මහ මැතිවරණ සඳහා නාමයෝජනා බාර ගැනීම ජුලි හය වැනිදායින් ආරම්භ වී ජුලි 13 වැනි දා දහවල් 12න් අවසන් වේ.

බුද්ධි අංශ වාර්තාවේන් ආණ්ඩුව හාන්සියි -මෛත්‍රී 3ට වැටේ-රනිල් 4ට වැටේ

රජයේ බුද්ධි අංශ යොදාගනිමින් පසුගිය සති 2ක් කාලයක් තුල සිදුකල සමික්ෂණය හේතුවෙන් චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී-රාජිත-චම්පික අතර අර්බුද රැසක්  හටගෙන තිබෙන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අදාළ බුද්ධි අංශ වාර්තාවට අනුව ඊළග ඔනෑම මැතිවරණයකදි එය ජයග්‍රහණය කිරිමේ කණ්ඩායම තින්දු කරන ඓතිහාසික පුද්ගලයා මහින්ද රාජපක්ෂ බවත් තොරාගත් ඔනෑම නියැදියක ඡන්ද දායකයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු මහින්ද රාජපක්ෂට සිය කැමැත්ත පලකර තිබෙන බවද එම වාර්තා අනාවරණය කර තිබේ. 

අප වෙබ් අඩවියෙන් ගෙනගිය අදහස් එකතුවෙන්ද මහින්ද සිටියේ ඉදිරියෙනී.
නමුත්  මනූෂ,සුසාර,උපේක්‍ෂා ,නාමල් ,වැනි ළපටි කබ්බන් සහ බැසිල් ,දුමින්ද සිල්වා,සජීන් වාස්,සරණ ,ලන්සා ,ජොන්ස්ටන්,මහින්දානන්ද වැනි නරුමයන්ද ඉවත් කළ යුතුය.

මහින්දගේ රජ පවුල් සංකල්පය නිසා රටට කළ අගතිය නිසාම ඔහුගේ පාලනය ජනතාවට වහකදුරු මෙන් තිත්තවී තිබුණී...සිය රජ පවුල සහ හෙචංයියන් ගසා කෑ මහජන මුදල්  කෝටි ගණනකී...නමුත් යූ ඇන් පී නපුංසකයනට ඒවාට  දඬුවම් දී ගත නොහැකිවුණී.
කරුපයියා ,රාජිත වැනි චේතීය හොරුන් නැවත රට සූරා කන්නට විය.

මංගල ඩයස්පෝරාවට ද්විත්ව පුරවැසිකම දීලා....!!!

විදේශ ඇමතිව සිටි මංගල සමරවීර විසින් ඩයස්පෝරාවේ පුද්ගලයන්ට ද්විත්ව පුරවැසිභාවට ලබා දී ඇති සිංහල රාවය සංවිධානය පවසයි.
සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ දෙහිවලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

ඇත්තටම අළුත්ගමදී මොකද උනේ....? පොලිස්පතිගෙන්ම දැනගමු.....!!!


රට ගිය අත....!!!

නන්දා මාලිනී ග්‍රැමෆෝන් සින්දු කිව්වට පස්සේ සමිතා ඒ සින්දු කිව්වා. ඊට පස්සේ තව එවුන් කිව්වා. අන්තිමට ඒ සින්දු කිව්වෙ පොන්නයෝ.
77න් පස්සෙ රටට වුණෙත් ඒක. එක එකා රට කළා. අන්තිමට රට, පොන්නයන්ට ගියා.
- කුමාර ලියනගේ

මෙහෙමයි සංවාදෙ හිටං......!!! දෙපිටකාට්ටුවෙකුගේ කැරැක්ටුව....!!!

රාජිත සේනාරත්න, මහින්ද රාජපක්ෂ හමු වී කතාබහ කරන්න‍ට ඇතැයි අනුමාන කළ හැකි දේ ...(සාරංශගත කර ඇත)
රාජිත- කොහොම ද සර්!
මුන්ට තේරෙන්නෙ නෑ සර්...සර්ට තමයි අගමැති අපේක්ෂකකම දෙන්න ඕන. ඊට පස්සේ ජනාධිපති වෙන්න මාත් උදව් කරන්නං. මේ යකාට මුකුත් කරන්න බෑ. වැනෙනවා.
අපොයි අපේ රටට වෙච්ච දෙයක්....
මහින්ද - දුක ද?
රාජිත - නැතුව සර් ....අපි කර ගත්ත ගොන්කමක්, සර්....

යහපාලනයට කුඩ්ඩන්ද මැරයන්ද ඇතුලත් වේ - Good Governance with drug dealers and thugs ...!!!


කරුණු සිඳුවෙමින් තිබෙනා ආකාරයට, යහපාලනය තුලද සිඳුවන්නේ කලින් සිඳුවූ සිද්දි දාමයන්ම බවත්, එකම වෙනස තනතුරු කීපයක පුද්ගලයන් වෙනස් වීමක් බවත් කනගාටුවෙන් උනත් කිව යුතුමය. නායකත්වයට පත්වූ දිනයේ පටන් ඇදගෙන නානා රනිල් විකුම්සිංහ 2004 දී ඉල්ලගෙන කෑවේ කොටි එක්ක ආතල් එකක් ගන්න ගොසින්ය. කොහේදෝ යන පොට්ට චෑන්ස් එකකින් 2015 පින් අගමැතිකමක් ලද්දේ වුවද, දින කීපයක් යන්නට මත්තෙන් ඉල්ලගෙන කෑවේ සිංගප්පුරූවේ නයෙක් රෙද්ද අස්සේ දාගෙනය.

තව මුන් ඡන්දෙන් ආවනම් කොහොම භිටීද ....!!!


.මහරාජාගේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය භාවිතාව යෙදවෙන්නේ ප්‍රාග්ධනය ප්‍රසාරණය කිරීම සදහායි....!!!

සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය සුසංවාදයක් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීමය. ලංකාව තුළ මෙම මාධ්‍ය භූමිකාව රග දැක්වූයේ ‘ඇත්ත’ පුවත්පතයි. ‘ඇත්ත’ පුවත්පත යනු යථාර්ථවාදී මාධ්‍ය කලාවක නිරත වූ පුවත්පතකි. වාර්ථාකරණයේ දී ඔවුන් පාඨකයා වෙත දැනුම් දෙන්නේ පුවතක් යනු සිදුවූ දෙයක සැබෑම අර්ථය නොව එහි පැතිකඩයන් කිහිපයක් නියෝජනය කරන (මූලාශ්‍ර කිහිපයක් උපුටා දැක්වීම) දෙයක් බවයි.

නාමල් කුමාරයා කිව්වේ බාප්පා නම් කිව්වේ සුදු වෑන් එකේ රවුමක් එක්ක යනවැයි කිව්වා....!!!.

මහින්ද සමඟ නැගිටිමු වැඩ සටහනේ සාමාජිකයකු සමඟ නිදාගෙන නැගිට්ට මහින්ද මහත්තයා, දනි පනි ගා ලෑස්ති උනේ අභයාරාමේ පැත්තේ රවුමක් ගසා එන්නටය. අද එහේ ගිහින් හරියන්නේ නෑ, මාතර යන්න තියෙනවා නේද කියා ඇසු සිරිලිය මැතිනියට, අම්මට හුඩු ඇත්ත නේන්නම් යකෝ කියා උත්තර දීපූ මහින්ද මහත්තයා, හාමිනාගෙන ඇහුවේ කෝ මාව කාපු ලොකු එකා කියලාය.

දැන්නං මාධ්‍යවේදීන් නොවැ නමුත් ඒ කාලෙ පුවත්පත් කලාවේදීන්....!!!

අනුන්නෙ ගෑණු පස්සෙ ගිහිං ඔලුවෙ කොච්චි අතුල්ලෝ ගත්තට අමරය කියන්නෙ සුන්දර මිනිහෙක්,හිතුනු දේ කිව්වා හිතුනු වෙලාවට වැඩ කළා, හැබැයි තරමක ආඩම්බර කමකුත් තිබුණා එහෙම කියන්නෙ දවසක් මම අමරයට  ලෑලියි ඇඩ්වාන්ස් එක හැටියට සල්ලි රුපියල් සීයකුයි දීල පොත් රාක්කයක් හදල දෙන්න කිව්වා,මගේ ළඟ තිබ්බ පොත් ටික දාන්න ඒ කාලෙ එච්චර පොත් තිබ්බෙත් නෑ ටිකයි,සතියක් දෙකක් ගියාට මු හදල දෙන පාටක් නෑ දවසක් අමරයව පාරෙදි හම්බවෙලා මම දොස් කිව්වා,මොකුත් නොකිය යන්න ගියපු අමරය ටිකකින් ලෑලි ටිකත් කරගහගෙන අපේ ගෙදර ඇවිත් ලෑලි ටික මිදුලෙ අත ඇරල රුපියල් සීයත් මට ආපහු දීල,

වෙන කාටහරි කියල හදෝගන්න මහත්තයො...

කියල යන්න ගියා අමරයගෙ හැටි....

සාටක සුණඛයාගේ හොර ලෙඩේ සනීපයි...රෝහලෙන් යයි....!!!

රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් පසු අසනීප තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ (25) එම රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ  අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයටද සහභාගීවීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මහින්දට මෛත්‍රීගේ නිවස - මෛත්‍රී ඩී.බී විජේතුංගගේ නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  දැනට භාවිත කරන නිවස ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න  පවසයි.
ඔහු මේ බව පැවසූවේ  (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. 

20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ - කැබිනට් ප්‍රකාශක

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
(24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බොහෝ දෙනා තුළ තිබු උනන්දුව 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොමැති බවයි.

Thursday, June 25, 2015

මුසාම්මිල් කැසිනෝ ගහලා මාට්ටු...? මෙන්න ඡායාරූප

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්  කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව සඳහන් කරමින් කිසියම් පිරිසක් විසින් ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට එක් කර තිබේ.
එම ඡායාරූපවල කැසිනෝ ශාලාවක නගරාධිපතිවරයා ඡායාරූපයේ සිටින අතර ඒ ඔහු ද යන්න ස්ථිරව සඳහන් වී නොමැත.

මෙන්න ගරුකීරීම....


මේ සටහන් පොඩ්ඩ කිසිම වෙළද ආයතනයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලියන ලද්දක් නොවෙයි. හොරණ ඇම්.ඩී.කේ ඉස්පිරිතාලෙ ඔසු සැලට ගොඩ වුනේ මිත්‍රයෙකුගෙ බෙහෙත් වට්ටෝරුවක් මිලදී ගන්ට. ඩිංගිත්තක් ඉන්දැද්දී භික්ෂූණීන් වහන්සේල දෙනමක් වැඩිය බෙහත් මිලදී ගන්ටම. අපි දන්නව නෙව ඉස්පිරිතාල වල තාල. නමුත් කියන්ට සන්තෝසයි මේ ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයෙ මහත්තයෙක් ඇවිත් මේ භික්ෂුණීන් වහන්සේලා දෙපල දැනුම්වත් කළා පෝළිමේ නොඉද ඖෂධවේදීන්ට තමන්ගේ වට්ටෝරු ලබා දෙන්න කියල. එහෙම දීල විනාඩියක් ගතවෙද්දී තවත් කාමරේක ඉදල ආපි හෙදියක් ඉස්පිරිතාලෙ පුටු දෙකකට සුදු ඇතිරිල්ලක් එලල වැඩ සිටින ලෙස උන් වහන්සේලගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිය.

සන්නස්ගලගේ අම්මා.....!!!

අපේ රටේ සියල්ලන්ම පාහේ සංස්කෘතියට අඩු වැඩි වශයෙන් අනුගතව සිටිති.සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් උපසංස්කෘති වල සිටියද ආසියාතිකයින් ලෙස වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය ,වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු.. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස යොදා සිටිමු..

රංගෙ බණ්ඩාර කප්පම ඉහල දමයි.. කර්මාන්ත ශාලාව පොලීසි යයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි..

හලාවත, මාදම්පෙ ප‍්‍රදේශයේ පිහිටි බුවන්කා නම් යකඩ කර්මාන්ත ශාලාවකින් මාසිකව රුපියල් ලක්‍ෂ දෙකහමාරක් බැගින් ලබා ගත් මුදලක් තවත් වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ බළධාරීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

Wednesday, June 24, 2015

අනුරයාපා-සුසිල් දොට්ට…!!!

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ එම පක්‍ෂ ජාතික සවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මහින්ද-මෛත‍්‍රී සමගි කමිටුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  හමුවූ දිනව එම හමුවෙන් පසුව මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ නිවසේදීය.

ඊළමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙයයි.. – ඉතාලි මහවිරු සමරුව...!!!

දෙමළ ඊළාම් භූමියෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙය විය හැකි යයි ඉතාලියේදී පැවති එල්.ටී.ටී.ඊ. මහවිරු අනුස්මරණ ක්‍රීඩා උත්සවය අමතමින් එහි ප්‍රධාන ආරාධිතයා වූ දෙමළ ඩයස්පොරාවේ ප්‍රබලයෙකු වන වෛද්‍ය සෙන්දූරන් ශ්‍රීධරන් කියා සිටියේය.

ග්ලෝබල් ටැමිල් ෆෝරම් (GTF) ප‍්‍රධාන කාර්යාලය කොළඹට...!!!.

කොටි විදෙස් ජාලයට සමීප සබදකම් ඇති ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ නගරයේ පවත්වාගෙන යාමට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට එම සංවිධානය සූදානම් වන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.