ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 30, 2015

කොටි ක්‍රියාකාරීන්ට උතුරු පළාත් සභාවෙන් මිලියන 40.3 ක්‌

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් මිලියන 40.3 ක අති විශාල මුදලක්‌ වෙන්කර ඇත.


රනිල්ට එරෙහිව විශ්වාස භංගය විස්‌සෙන් භංගවෙයි...!!!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විසින් ගෙන ඒමට යන විශ්වාසභංග යෝජනාව 20 වැනි සංශෝධනය නිසා කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ එජනිස නායකයන් පිරිසක්‌ පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමු වූ අවස්‌ථාවේදී ඇතිකර ගනු ලැබූ එකඟතාවක්‌ බව දැනගන්නට තිබේ.

අහිංසක බෞද්ධ ජනතාවගේ මූලික අයිතිය සහ අනුරපුර ....!!!


අනුරපුර පිංබිමේ ඇති අනෙක්‌ මහ වැව වන්නේ වට්‌ට ගාමිණී අභය රජු විසින් ඉදිකරන ලද නුවර වැවයි.අනෙක්‌ වැව් දෙකට එනම් තිස්‌ස රජුගේ තිසා වැවටත්, අභය රජුගේ අභය වැවටත් වඩා ජන හැසිරීම් වලින් මහත් ව්‍යසනයක්‌ සිදුවී අද නුවර වැව එකම ඛේදවාචකයක්‌ වී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සමහර කාර්යාල හා බංගලා, උතුරුමැද ආන්ඩුකාර නිල නිවෙස, උතුරුමැද මහ ඇමැති නිල නිවෙස මේ ආදී රාජ්‍ය ගොඩනැඟිලි රැසක්‌ අද ඉදිවී ඇත්තේ නුවර වැව රක්‍ෂිතයේ හෝ තාවුල්ලේ හෝ නුවර වැවේ දියඹට ලංවන පරිදිය. මේවා ඇහැගැහුණු වෙනත් ධනපතියන්ද, බලපතියන්ද නුවර වැවේ ඉඩ ඇති හැම රක්‍ෂිත බිමක්‌ම අල්ලාගෙන අනවසරයෙන් හෝටල්, ගෙස්‌ට්‌ හවුස්‌, රෙස්‌ට්‌ හවුස්‌ ආදිය ඉදිකරගෙන තිබේ. ජාතියේ උරුමය කොල්ල කා ඇති මේ බලවතුන් හා ධනවතුන් අනුරපුර පිංබිමේ මුල්බැස පැවැති බෞද්ධ සංස්‌කෘතියට කර ඇති හානිය අපමණය.

හරකුන්ට නොගැළපෙන දේවල් කන්න දීලා උන් හොඳටම කුලප්පු වුණා....!!!


බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා හරක් බලාගන්න කෙනාටත් සුදුසුකම් තියෙන්න ඕන කියලා.  ඒ ගොපල්ලා තමන්ගේ හරක්

 පට්ටිය අඳුනගන්න ඕනෑ. හරක්ගේ තුවාල සොයන්න ඕන වගේම ඒවට ප්‍රතිකාර කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම රටක් පාලනය කරද්දී නායකයා රටම හඳුනාගන්න ඕන.

විල්පත්තු මායිම පස්සට ගෙන මායිම් වෙනස් කරන්න පුළුවන්...!!!

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න  ... නැවත පදිංචි කිරීමේදී විල්පත්තු මායිම පස්සට ගෙන මායිම් වෙනස් කරන්න පුළුවන්. මමත් හිටපු ඉඩම් ඇමැතිවරයෙක්. මොන ආණ්ඩුව කළත් මම ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ. විල්පත්තුව හරහා මහාමාර්ගයකුත් ගිහින්...
තියෙන්නේ.

මෛත්‍රී ජනපති යටතේ SLFP ආණ්ඩුවක් හදනවා - දයාසිරි


මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ පාලනය යටතේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ළඟදීම ගොඩනගා සියළු ජාතින් සමග එක්ව රට ඉදිරියට ගෙන ගොස් පරමාදර්ශී රටක් ගොඩ නගමු යැයි වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර  පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මඩිගේ මිදියාල ප්‍රාථමික විදුහලේ පසුගියදා පැවැති උත්සවක් අමතමිනි.

FCID එකට කැඳෙව්වොත් රනිල්ගෙ වංචා හෙළි කරනවා....!!!


තමා කුමන හෝ චෝදනාවක් යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවුවහොත් රනිල් වික්‍රමසිංහ රජය කාලේ ශ්‍රී ලංකා රේගු ආඥා පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් තීරු බදු ගෙවන්නේ නොමැතිව අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ නොර්වීජියානු තානාපති කාර්යාලය හරහා එල්ටීටීඊ සංවිධානයට ලබාදීමේ විශාල මූල්‍ය වංචා ඇතුළු වෙනත් වංචා පිළිබඳ ලිපි ගොනු 100ක් ඊට භාරදීමට කටයුතු කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන  කියයි. මන්ත්‍රිවරයා මේ බව කීවේ පසුගියදා කොළඹදී පැවැති සම්න්ත්‍රණයකදීය. එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය. පාසල් 1,000ක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මාවත් මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් බන්ධනාගාරගත කරන්න පුළුවන්, මේ කොන්ත්‍රාත් දාහේ සුලමුල සේරම සොයන්න ඕන කියලා. මමත් මේක වෙනකම් බලාගෙන ඉන්නේ.

20වැනි සංශෝධනයද? රනිල්ව ගෙදර යවන්නද ඕනෙ?


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබානොදීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ‍මේ අතර 19, 20 යන ඉලක්කම් දෙක පිළිබඳව දේශපාලන ක්‍ෂේත්‍රයේත් පාර්ලිමේන්තුව තුළත් පසුගිය කාලය තුළ තරම් කතා කළ වෙනත් කාලයක් නොමැති තරම්ය. ඒ තරමටම 19 හා 20 ගැන කතා කරමින් සිටී.

සමාජ දූෂණය ගැන අදහසක් ...!!!

මේ රටේ මාධ්‍ය ආයතන, සතියේ දවස් 7 පුරාම, රටේ සංස්කෘතියයි, සදාචාරයයි, සාරධර්මයි කාබාසිනියා කරන විදියේ වැඩ සටහන් ඉදිරිපත් කරලා, සතියට පැය දෙකක් විතර, සාරධර්ම හදන දේශපාලන සහ සමාජ විද්‍යාත්මක වැඩ සටහනුත් කරනවා.

'හන්තාන කන්ද කියන්නෙ පස් ගොඩක් විතරයි....!!!

'හන්තාන කන්ද කියන්නෙ පස් ගොඩක් විතරයි. 'කන්ද' කියන්නෙ, සංස්කෘතික ගොඩ නැගීමක් විතරයි.' මෙහෙම දැනුම (?) ගොඩ නගන ගොබ්බ ආචාර්යවරු රැළක් මෙරට විශ්වවිද්‍යාලවල සිටින බව අපි දන්නවා.
මේ ඊනියා දැනුම් පද්ධතිය යනු ඊශ්වරවාදය හෙවත් දේවවාදය අවභාවිතයට ගැනීම ය.
රිෂාඩ් බද්උද්දීන් ගේ වන සංහාරයත්, නන්දිමිත්‍රගම වන සංහාරයත්, සිදු වන්නේ අවසානයේදී මෙවැනි එකම චින්තන මූලයකිනි.

Friday, May 29, 2015

සී.එස්.එන් නාලිකාව දහම් සිරිසේනගේ අතට....!!!


 නාලිකාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනට පවරා දීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

වඳ පීදිච්ච නායකයන් රටක් පාලනය කිරීම කරැමයක්..

සියළු මාධ්‍යය වාරණයකර ඇති මොහොතක නිදහසේ අදහස් ඉදිරිපත් කීරීමට ඇති ඒකම මාර්ගය වන සයිබර් අවකාශයද වාරණය ආරම්භකරමින් ජාතිකවාදී නිදහස් මත දරණ තරුණයන් පිටුපස රනිල් වික‍්‍රමසිංහ  රහස් පොළීසිය ඒවීමට කටයුතු කරමින් සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහ ළේකම් පූජ්‍ය ඥාණසාර හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය.

මේ අහිංසක මිනිස්සු එල්ලූම් ගස් යවන්නයිපොලිසිය හැදුවෙ...!!!

ඝාතනයන් ගැන විනිසුරුගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

ඊයේ කහවත්ත කොටකෙතන මවක හා දියණියක ඝාතනය කිරීමේ සිද්ධියෙන් නිදොස් කොට නිදහස්වූ විත්තිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු තීන්දුවෙන් අනතුරුව ප‍්‍රකාශ කර සිටියේ මෙම නඩුව අහිංසක මිනිසුන් තුන්දෙනෙක් එල්ලූම්ගස් යවන්නට පොලිසිය හිතාමතා ගොනු කළ පට්ටපල් බොරු නඩුවක් බවයි.

මේ අන්ත අහිංසක මිනිස්සු....
තුන්දෙනාව එල්ලූම් ගස් යවන්නයි
පොලිසිය හැදුවෙ..
ඞීඑන්ඒ සාක්ෂිත් බොරු..
මිනීමැරුම් 6 ම කළේ වෙන කෙනෙක්..

Thursday, May 28, 2015

මේ කාගේ බූදලයක්ද...?

1815 පවා දෙන්නන් විසින් විසින් සිංහලේ අවසාන රජු පාවා දුන් පසු සිංහලයන් පරගැති සුනඛ ජාතියක් බවට පත්විය. එදා සිට 1948 දක්වා ගෙවීගිය ඉතිහාසයේ සිංහලයාගේ බොහෝ අයිතිවාසිකම් අහිමිවී ගියේය. නිදහස ලැබීෙමන් පසුව 1977 දක්වා පැවති රජයන් යම් පමනකට හෝ උත්සාහදරා  ඇත්තේ එම නැතිවු අයිතිවාසිකම් ලබා දීමටය.

මහින්ද අගමැති වුණොත් එක් උණ්ඩයකින් ජනාධිපති වෙනවා… කීයටවත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ – ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එළැඹෙන මැතිවරණයේදී කිසිසේත්ම අගමැති අපේක්‍ෂක ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  විසින් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ සන්ධාන පක්‍ෂ නායකයින් හමු වූ අවස්ථාවේදීය.

සුදු ඇතා සිරිපතුල වඳින්නේ මේ කාලයේ...!!! අවාරේ සිරිපා සමය තුළ අදෘෂ්‍යමාන බලවේග රැසක්...!!!

ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය ගෙවී ගිය වෙසක් පුන් ‍පොහෝ දිනයත් සමග නිමාවට පත්විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යෙදුණු උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සමනළ අඩවිය දිගු කලකට හුදකලා වේ. එම මාස හයක කාලය හැඳින්වෙන්නේ අවාරය යනුවෙනි.

ඝාතන සැකකරුවන් නිදහස්....!!! කොටකෙතන ජනතාව තීන්දුවට එරෙහිව වීදි බසී...!!!

කහවත්ත කොටකෙතන මවක් සහ දියණියක් දූෂණය කර ගිනි තබා ඝාතනය කිරීමේ නඩු තීන්දුව ඊයේ (28) ප්‍රකාශයට පත්වීමත් සමග ඊට එරෙහිව කොටකෙතන ජනතාව රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවිය.කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද තෙන්නකෝන්  ඊයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසන්නේ සැකකරුවන්ට එරෙහිව ඇති සාක්ෂි පරස්පර බැවින් චෝදනා එල්ල වූ තිදෙනාම නිදොස් කොට නිදහස් කරන බවය.

නිළියකට මැරෙන්න තියෙන හොඳම තැන වේදිකාව...!!!

ඇ හඳුන්වා දීමට අටුවා, ටීකා ටිප්පණි අවශ්‍යද.... නැත. එදා "මල්දෙණියේ සිමියොන්" ට නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී රණ මයුර සම්මානය ලබා දුන් ඈ ලොව හොඳම නිළිය ලෙස අභිෂේක ලද මෙරට ප්‍රථම රංගන වේදිනීය වේ.
එහෙත් අද ඕ සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය තුළ පෙනී සිටින්නේ නැත. වසර ගණනාවකට පසු සුළු චරිතයක්‌ රඟමින් පසුගියදා "තණ්‌හා රතී රඟා" චිත්‍රපටයේ රඟ පෑ අප මේ කතානායිකාව අනූ නවයේ පටන් අද දක්‌වා රඟන එක්‌ නාට්‍යයක්‌ පමණක්‌ වේදිකාවේ ඇත. ඒ ට්‍රොaජන් කාන්තාවෝය.

මින්පසු තානාපති සේවයට පත්වීම් ලබන්නේ සුදුසුකම් ඇති අය පමණයි..!!!

තානාපති සේවයට මින් ඉදිරියට පත්වීම් සිදුකරන්නේ තානාපති සේවය සම්බන්ධ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සුදුසුකම් සහිත පුද්ගලයන් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මහිෂිනී කොලොන්නේ  පැවසුවාය.

මේ තවත් අවස්ථාවක්....

ලංකාවේ අපගේ ජනතාව  විවිධ රටවලදී තමුන්ගේ ඇදහීම් සහ විශ්වාසයන් මත පදනම්වූ සුවිශේෂ අවස්ථාවන් පවත්වනු ලබනවා.කිසිදු පාට පක්‍ෂ ආගම් භේදයකින් තොරව අප ඵම අවස්ථාවනටද අවස්ථාවක් දීමට සූදානම් ඒ අනුව ප්‍රංශයේ විලිජීෆ් නම් පැරිසියේ ස්ථානයකදී පවත්වන්නට යෙදුනු විශේෂ දේව මෙහෙයක් ,ඔවුනගේ ඉල්ලීම පරිදි අප රූපගත කළා.එය එසැටි හැටියෙන්ම අප ඉදිරිපත් කරනවා .

දෙහිවල 'බීච් පාටිය' වටලයි...!!!

උත්තේජ ජනක සංගීතයන්ගෙන් සමන්විතව රාත්‍රී එළිවනතුරුම ඉකුත් 23 හා 24 දිනවල දෙහිවල මුහුදු වෙරළ තීරයේ පැවැති මෙම බීච් පාටිය සුරාබදු විමර්ශන මෙහෙයුම් කණ්‌ඩායමක්‌ මගින් වැටලූ අවස්‌ථාවේ එම ස්‌ථානයේ විනෝදකාමීන් දෙදහසකට අධික පිරිසක්‌ රැස්‌ව සිටිබව බත්තරමුල්ල සුරාබදු ඒකකය පවසයි.

නොගැලපෙන ඵකියකගේ මාධ්‍ය අවිචාරය...!!! පික්පොකට් යූ එන් පී යහපාලන කෙරුම් ...!!!


විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය ලෙස පත් කරනු ලැබ සිටින මහීෂිනී කොලොන්නේ නම් තැනැත්තිය  සිය ප්‍රථම මාධ්‍ය හමුව එම අමාත්‍යංශයේ දී අද පැවැත්වූ අතර ඒ සඳහා සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත එවා තිබූ ආරාධනා පත්‍රය මගින් මාධ්‍යවේදීන්ට කොන්දේසි ගණනාවක් පනවා තිබිණි.
සජීවී වාර්තාකරණ කැමරා රැගෙන ආ නොහැකි බවත්, රූපවාහිනී ආයතනවල හා එසැණින් ප්‍රවෘත්ති පළ කරන වෙබ්අඩවිවල වාර්තාකරුවන්ට හා ප්‍රවෘත්ති කර්තෘවරුන්ට ඊට සහභාගී විය හැකි වුවත් කැමරාකරුවන්ට සහභාගී විය නොහැකි බව එහි දක්වා තිබිණි.

මරණයත් සමග සිරුර හැර යන මනෝකාය

වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව යළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්‍ෂණයකම ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය.

Tuesday, May 26, 2015

යන්තම් ඇති......

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ "පොර්කලත්ති ඔරුපු" නම් චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.

Saturday, May 23, 2015

ආනමඩුවේ පිඹුරු දඩයම ජයටම කෙරුණු යුගය...!!!

ආනමඩුවේ පිඹුරු දඩයම ජයටම කෙරුණු යුගයකි.  මැනීමේ ශාස්ත්‍රය අනුව අඩි 12ක් දිගැති පිඹුරකුගෙන් තෙල් බෝතල් බාගයක් වෑහේ. පිඹුරු තෙල් ගැන කතා කරන විට එය කොතෙක් බල සම්පන්නද යන්න පෙන්වීමට ඇතැමුන් පවසන්නේ අත පය කැපී වෙන්වී ගිය විටක පිඹුරු තෙල් දැමුවහොත්  වෙන් වී ගිය කොටස් නැවත හාවෙන බවය...ඒ1958 වසරය.

රසවත් වීඩියෝ කිහිපයක්...


රසවත් වීඩියෝ කිහිපයක්...මේ සති අන්තයේදී රසවිඳීමට වීඩියෝ කිහිපයක්ම ඇතුළත් කරන්නේ මුළු සතිය පුරාම දේශපාළුවන්ගේ වැදි බණ මෙන්ම ප්‍රලාප අස්සේ රටේ සිදුවී යන විශාල සමාජ පරිහානිය මොහොතකට හෝ අමතක කරවා ඔබට යම් සතුටක් ලබා දීමේ අරමුණින්.

මිතුරෙකුගෙන් මතක ....!!!

ජීවිතයේ බොහෝ දේ සිදුවන්නේ ආකස්මිකවය. අප හැම හඬවා නොසිතූ විරූ පරිදි අප අතැර ගිය දයා අල්විස් මිතුරා මට හමු වූයේද එසේ ආකස්මිකවය. විශ්වවිද්‍යාලයෙන් පිටවූ අලුතම මා උගන්වමින් සිටියේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේය. හරියටම කිවහොත් ඒ නවසිය හැටපහේය. කොළඹ නුවර පාරේ වරකා‍පොළ පසුකර මඳක් නුවර දෙසට යන විට වම් අත පැත්තේ උස් ගොඩැල්ලක සිත් පැහැර ගන්නා පරිසරයක පිහිටි එම විද්‍යාස්ථානය යමෙකුගේ නෙත් ඇද ගන්නේ නිතැතිනි.

තම මානසික පීඩනය පාර්ළිමේන්තුවේදී පිට කළ වාසූ...!!!

පාර්ලිමේන්තුවේ උණුසුම් වාදවිවාද සාමාන්‍ය දෙයක් වුවත් ඉන් ඔබ්බට යන රණ්ඩු සරුවල්ද ඉදහිට ඇති වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර  අතර  උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස  මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව පිළිබද විවාදයේදීයි. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එහිදි අසභ්‍ය වචනයෙන් අග්‍රාමාත්‍යවරයාට බැන වැදුණා.

පේරාදෙණිය සරසවියේ පුදුම 7...!!!

සුන්දරත්වය කියන වචනයට අපි බොහෝ දෙනා කැමතියි තමන්ගේ ඇහට සුන්දර දසුන් දකින්න ලැබෙනවනම් එයට සියලු දෙනා කැමතියි.ඉතින් එවන් සුන්දර දසුන් පෙළක් සජීවීව නොවුනත් ඔබට ළගා කිරීමටයි මම අද මේ උත්සහ ගන්නේ. පේරාදෙණිය සරසවිය කියන්නේ ලංකාවේ සරසවි වලින් සුන්දරත්වයෙන් ප්‍රමුඛ සරසවියක්.  ඒ වගේම බක් මාසය උදා වෙනවා කියන්නේ සැම තැනම් සුන්දරත්වයෙන් පිරෙන කාලයක්.  එය පේරාදෙණිය සරසවියටත් අදාළ දෙයක්.  මේ කාලයට සරසවියේ සුන්දරත්වය වෙනත් කාල වලට වඩා සුන්දරත්වයෙන් පිරී පවතිනවා.

ඒ එදා මේ අද....කුමක්ද වෙනස....!!!


විශ්වාස භංගයකින් පැරදුනු රනිල් පළමු අගමැති වෙන්න යයි..

විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අත්සන් සහිතව අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාවට එක් දිනක් තුලදී අත්සන් 60කට වඩා ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම සඳහන් කරයි.

Friday, May 22, 2015

අපි දෙන්නට දෙන්නා ළංවුණාට පස්සේ දෙන්නගෙම ජීවිත අලුත් වුණා ...!!!

ගයාන් සහ චතුරිකා කියයි
පහුගිය කා‍ලේ මාධ්‍ය ඉදිරියට ආවේ නැත්තේ ඇයි?
“අපි මාධ්‍ය ඉදිරියට ආවා. අපේ ප්‍රශ්න ඒ තුළින් කතා කළා. ඒත් ඒ ගැන දිගින් දිගටම කතා නොකර සිටීමට නීති උපදෙස්  ලැබුණූ හිංදයි පසුගිය කාලය තුළ මාධ්‍යය ඉදිරියට ගියේ නැත්තේ.”
ගයාන් ඒ විදියට පිළිතුරු දුන්නා. සියලු හැල හැප්පීම් අවසානයේ  දැන් චතුරිකා හා ගයාන් අලුත් දිවියක් අරඹලා. මේ දෙදෙනාගේ  විවාහය ගැන විමසූ විට චතුරිකා හා ගයාන්  දෙදෙනාගෙන්ම ලැබුණේ එක සමාන පිළිතුරක්.
“දින වකවානු නම් හරියටම කියන්න බැහැ. හැබැයි නුදුරු දිනයකදීම අපේ විවාහ උත්සවය සිදුවනවා.”
ගයාන් දෙදරු  පියෙක් බව වගේම චතුරිකා හා රොෂාන් පිලපිටිය යුවළ ගැනත් මේ රටේ හැමෝම දන්නවා. අද වන විට ඒ අතීතය ගැන මේ දෙදෙනා දරන අදහස්  අපි මේ දෙදෙනාගෙන්ම විමසුවා.

උතුරේ නිතිඥ්යෝ උසාවි නොඑති....!!!

කිනියා ප්‍රදේශයේදි පාසල් ශිෂ්‍යාවක් දුෂණය කර මරාදැමීමේ සිද්ධියට විරුද්ධව කළහකාරින් පිරිසක් පසුගියදා යාපනය අධිකරණ සංකිර්ණයට පහරදීමට විරුද්ධවඋතුරු පළාතේ නිතීඥ්යයින් අද අධිකරණ කටයුතු වලින් වැළකී සිටියි.

රවීන්ඳ්‍රන් කරුපයියාගේ අරුම පුදුම නිදහස්වීම....!!!

රවී කරුණානායක ( රවීන්ඳ්‍රන් කරුපයියා ) මිලියන 390ක විනිමය වංචාවෙන් නිදොස් කොට නිදහස් කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් හෝ යළි ඒ අපරාධය සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීමෙන් හෝ එම අරුමපුදුම තීන්දුව පිළිබඳව සමාජය තුළ මතුව ඇති බලවත් සැකය ඉවත් කර සාධාරණය ඉටු කර දෙන්නැයි ජාතික නිදහස් පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලයි.

ජනවාරි 08 ජනවරම මා සමඟයි.. ඊට අත තිවුවොත් කරන දේ මා දන්නවා.. – අගමැති

ජනතාව විසින් පසුගිය ජනවාරි අටවැනිදා ලබාදුන් ජනවරම සමග සෙල්ලම් කිරීමට කිසිවෙකු හෝ උත්සාහ කළොත් කළ යුතු දේ තමන් දන්නා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ  පවසයි.
මාතරදී ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හොරුන් වෙනුවෙන් හොරුන් ආරක්ෂා කරන කිසිදු බලවේගයකට ජනබලය සමග සිටින තමන් ඇතුළු පාර්ශවයන් යට වන්නේ නැති බවයි.

යාපනයෙන් ඉවත් වන්නැයි සිංහලයන්ට බලපෑම්…!!!

යාපනයේ ජිවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙසට බලපෑම් කරමින් ඇති බවත් මෙම සිද්ධියට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම් හිස එසවීමට උත්සාහ දරන බවක්ද පෙනී යන බවත් ජාතික හෙළ උරුමය පවසයි.
මෙසේ සඳහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පාසල් දැරිවියගේ ඝතානයට මුවා වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීමට ඉඩ නොදෙනු නීතිය කි‍්‍රයාත්මක කරනු...!!!

උතුරේ උසාවිවලට පහරදීම භායානකයි..!!!

කොටි සංවිධානය එදා ආරම්භ වුයේද උතුරේ උසාවිවලට පහරදීමෙන් බවත් අදද ඒවා සිදුවීම භයානක තත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  පවසයි.
ඒසේ කියා සිටියේ අද මහියංගනයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී   මෙසේද කියා සිටියේය.

Thursday, May 21, 2015

යාපනය සන්සුන්-වවුනියාවේ හර්තාල්

යාපනය අධිකරණයට සහ පොලිසියටප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 129 දෙනා ලබන 03 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනය මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (21 වැනිදා) නියෝග කළේය.

Wednesday, May 20, 2015

ලෝකයේ අවම මාධ්‍ය නිදහස ඇති රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

ලෝකයේ අවම මාධ්‍ය නිදහසක්‌ ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව ද සිටින බව "දේශසීමා රහිත වාර්තාකරුවෝ" නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස්‌ කළ ලෝක මාධ්‍යයේ නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි.

10 දෙනකුට යුද අපරාධ චෝදනා

මෙරට හිටපු රාජ්‍ය නායකයන් දෙදෙනකු, හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් හයදෙනකුට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය  (19 දා) ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට සංදේශයක්‌ යවා ඇත.

30 වසරක යුද්ධය

ඒ සාපලත් යුද්ධයේ කඩඉම් නැවත කරළියට ඒමේ විවිධාකාර උත්සවයන් පසුගිය 18 වන දින ද්‍රවිිඩ ඩයස් පෝරාවේ සිටින කොටි අනුගාමිකයන් විසින් පවත්වන්නට යෙදුණා.
ඒ හා සමගාමී ලෙසින් උතුරේදී ටී.ඵන්.ඒ සංවිධානයේ හිපාටුවන්ද උත්සව සංවිධානය කොට තිබුණා ....

පොළේ විකිණෙන වකුගඩු...!!!

මඩකලපුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් මෙහෙම පණිවිඩයක්‌ ලැබුණා.

"ඇක්‌සිඩන්ට්‌ වුණ ලෙඩෙක්‌ අයි. සී. යූ. ඉන්නවා. එයාගෙ බ්‍රේන් එක ඩෙත් වෙලා. ලෙඩාගේ භාරකාරයා වකුගඩු දෙන්න කැමැතියි."

මේ පණිවුඩය ලැබී තිබෙන්නේ මහනුවර වකුගඩු ඒකකයේ වකුගඩු බද්ධ කිරීමේ අංශයට. මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබුණේ තිරුක්‌කෝවිල් ප්‍රදේශයේදී සිදුවූ ත්‍රිරෝද රිය අනතුරෙන් දැඩි ලෙස අනතුරට පත් කාන්තාවක්‌. ඇය ගෝවින්දසාමී විග්නේෂ්වරී. පදිංචිය මොනරාගල සිරිගල පහළ කොටසේ. බාල පුතත් අසල්වැසි කිහිපදෙනෙකුත් සමග පොතුවිල් දේවාලයේ පූජාවකට ගොස්‌ රාත්‍රියේ නවාතැන් ගැනීමට තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ අ`දුනන නිවසකට යද්දී ත්‍රිරෝද රථය ඉදිරියට මී හරකෙක්‌ පැනලා. ත්‍රිරෝද රථය පාරේ පෙරැළී සෙසු පිරිස ඉවතට විසිවෙලා. විග්නේෂ්වරී ත්‍රිවිල් රථයේ හිරවෙලා.

Monday, May 18, 2015

අවසානයේදී වෙලේ සුදාණෝ ට නඩුවැටුණේ කුඩු ග්‍රෑම් 7.9 ක් සඳහාය....!!! සියල්ල සිල්වාණෝ ගේ ප්ලෑන්ලූ...!!!



අවසානයේදී වෙලේ සුදාණෝ ට නඩුවැටුණේ  කුඩු ග්‍රෑම් 7.9 ක් සන්තකයේ තබාගෙන අලෙවි කළැයි කියාය.ඵම සාක්කියද ලස්සණට වාෂ්ප කොට ඇත්තේ පොලිස් සුණඛයෙකී.වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර 2002.05.27 වැනිදා හෙරොයින් කුඩු ග්‍රෑම් 6.7 ක් ළඟ තබාගෙන අලෙවි කළැයි කියන සිද්ධියේ පොලිස් තොරතුරු පොත අතුරුදන් වීමට හිටපු පොලිස් ස්ථානාධිපති ඊ.ඇම්.සේනානායක වගකිව යුතු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්.එල්.රණවීර මහතා ලලිත් ජයසූරිය මහාධිකරණ විනිසුරුට අද වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.

අල්ජසීරා ආයතනයෙන් මාධ්‍යවේදියෙක් ඩොලර් මිලියන 100ක් වන්දි ඉල්ලයි....!!!

අල්ජසීරා මාධ්‍ය ආයතනයට සම්බන්ධව සේවය කළ කාලයක් අත්අඩංගුවේ පසුවූ දැනට නිදහස ලබාසිටින මාධ්‍යවේදී මොහොමඩ් ෆාමි තම සේවාදායකයාට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බව පවසා ඇත.
ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ ඔහුගේ නීතිඥවරිය හා එක්ව පවත්වා ඇති මාධ්‍ය සාකච්ඡාවකදී බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මම දේශපාලනයට ඇවිල්ලා හුඟක් කල්....!!!සන්නස්ගල

පසුගිය 06 වැනිදා පස්වරු 2.30ට කොළඹ-07, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී එළි දැක්විණි. සංවාද සංයෝජනා 1-10, කතාව, ගෙම්බා, සත්‍යාගාරය, පත්තර ප්‍රශ්න සහ ඇත්ත උත්තර, අකුරු අතර කතා ඒ අතර වේ. "ඇත්තටම සන්නස්ගල මොකක්ද මේ කරන්න හදන්නේ?" මේ ඒ ගැනය.

 ඇත්තටම කතා කළොත් පොත් ගැන කතාවක් නැති මේ වගේ කාලෙක ඔබ මේ තියන්න හදන්නෙ දේශපාලනයට එන එකේ මූලික පියවර නේද...?
මම දේශපාලනයට එනවා කියන එක අනාගත කාලයයි. මම හිතන්නෙ මේක සන්නස්ගල දේශපාලනයට ඇවිල්ලා කියලා කිව්වනම් ලස්සනයි. මම දේශපාලනයට ඇවිල්ලා හුඟක් කල්.

වකුගඩු මාරයා ග්ලයිපොසේට්‌...!!! තහනම් වල්නාශක කන්ටේනර් 15ක් මුදා හරී

කූප්‍රකට  පොහොර සමාගම් දෙකක්‌ මගින් ඉන්දුනීසියාවේ සිට ග්ලයිපොසේට්‌ නමැති උග්‍ර විෂ සහිත කෘෂි රසායනය අඩංගු කන්ටේනර් විස්‌සක්‌ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක්‌ හේතුවෙන් මේ වන විට යළිත් කෘෂි රසායන මාරයා පිළිබඳ සමාජ කතිකාවතක්‌ ඇරඹී තිබේ. ග්ලයිපොසේට්‌ යනු මෙරට තුළ තහනම් කෙරුණු කෘෂි රසායනයකි.

ටයි මහත්තයා නමට පිදෙන හඬ කැවීම් මැදුරේ විත්තිය...!!!

ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියට ගිය ටයි මහතා සුපුරුදු රාජකාරි කටයුතු සඳහා යළි රූපවාහිනියට පැමිණ සිටියේය. ඔහුගේ සෙවණෙහි වැඩකිරීමට මසිත තිබූ භීතිය මේ වන විට ද පහව නොතිබිණ. හඬකැවීම් අංශයේ ඇති වැදගත්කම එවකට ජාතික රූපවාහිනියේ සිටි බලධාරීන්ට කියාපෑමෙන් පසුව ටයි මහතා විසින් ලබා ගත් අලුත් අංශයට මා අනුයුක්ත කළ විට එහි රාජකාරි කටයුතු භාර ගැනීම සඳහා මා ගියේ මරන්නට දක්කගෙන යන වස්සෙකු පරිද්දෙනි. “ඔය කේන්තියට කෑ ගැහුවට ඕක නිකං සෝඩ බෝතලේ ඇරියා වගේ. ඉන් පස්සෙ හිතේ මොකවත් නෑ” ටයි මහත්තයා ළඟට ඔහුගේ සහායක වශයෙන් සේවයට යන්නට මා මැළිවන විට එවකට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පුටුවේ සිටි හෙන්රි ජයසේන මහතා විසින් මා දිරි ගන්වන ලද්දේ ඒ අයුරිනි.

කුඩු චෝදනාවට නිවැරදිකරු බව වෙලේ සුදා කියයි...!!!


පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවමින් සිටියදී පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර 2008.12.04 වැනිදා ගල්කිස්සේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 7.9 ක් සන්තකයේ තබාගෙන අලෙවි කළැයි වෙලේ සුදාට (18) චෝදනා පත්‍ර බාරදුන්නේය.

අධිකරණ නියෝගය නොතකා නන්දිකඩාල් සැමරේ....!!!


අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ.අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.

කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්....!!!


රවීන්ද්‍රන්  කරුපයියා විනිමය වංචා නඩුවෙන් නිදොස් කර නිදහස් කරයි..!!!

මුල්‍ය විශුද්ධිකරණ පනත උල්ලංඝණය කරමින් රුපියල් තිස් කෝටියක් මෙරටට විදේශයක සිට ගෙන්වූ බවට පවරා තිබූ නඩුවෙන් මුදල් ඇමැති රවීන්ද්‍රන්  කරුපයියා  හා තවත් දෙදෙනෙක් කොළඹ මහාධිකරණ විසින් නිදොස් කර නිදහස් කර තිබේ.

රටට නොඋසුලන මහජන නියෝජිත සමූහය

ශ්‍රී ලංකාව තුළ පවත්නා මහජන නියෝජිත ආයතන මගින් රටේ ජනතාවට අවශ්‍ය කෙරෙන විවිධ සේවා රාශියක් කිරීමට එම ආයතන බැඳී සිටී. මූලික වශයෙන් කෘෂිකර්මය නගාසිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, මාර්ග ආදී ප්‍රධාන කටයුතු සංවර්ධනය හා සමාජ සේවා ආදිය පොදුවේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා මගින් ඉටුකිරීමට ව්‍යවස්ථානුකූලව බැඳී ඇත.

Sunday, May 17, 2015

රවීන්ද්‍රන් කරුපයියාගේ කරුංකා පුවක් ජාවාරම හෙළිවේ....!!!

ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ ජාවාරමක් සඳහා මුදල් ඇමති රවීන්ද්‍රන්  කරුපයියාගේ සහාය ලැබී ඇතැයි වාර්තා වේ. ගෝල්ඩන් ෆුඩ්, වයඹ ට්‍රේඩර්ස්, AR,4S යන සමාගම් හතරක් මගින් මෙම කරුංකා පුවක් ජාවාරම සිදු කරමින් අධික ලාභයක් ලබා ගන්නා බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කරුංකා පුවක් ගෙන්වා ප්‍රති අපනයනය කිරීමත් රේගු ආඥා පනතේ තාවාකාලිකව ආනයනය කරවා අපනයනය කිරීම යන ක්‍රමවේදයට (TEEP) පටහැනි ආකාරයෙන් සිදු වී ඇත. එමෙන්ම කරුංකා පුවක් වැනි ශාඛ ආශ්‍රිත භාණ්ඩ ලංකාවට ආනයනය කිරීමේදී පැළෑටි ශාඛ නිරෝධායන සහතිකය අදාළ සමාගම් විසින් ලබා ගත යුතු අතර ඉහත සමාගම් එවැනි සහතිකයක් ලබා නොගෙන නීති විරෝධීව මේවා අපනයනය කර ඇත.

Saturday, May 16, 2015

විල්පත්තු-මඩු වන විනාශයේ ඇත්ත...!!!

අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත්
* ගිය ආණ්‌ඩුව නියෝග කළා... අපි දුන්නා - වන සංරක්‍ෂක ජනරාල්
* කැපූ දැවවලට වුණු දේ මම දන්නේ නෑ - මන්නාරම දිසා ලේකම්

යුද්ධය ත්‍රාසජනකය. බිහිසුණුය. පාපතරය. ජාති ජාතිත් ප්‍රාර්ථනා කළ යුත්තක්‌ නොවේ. එහෙත් තිස්‌ වසරක්‌ පුරා මෙරට මුල්බැසගෙන තිබූ ඒ යුද්ධයෙන් රටට ලැබුණු මහානර්ඝ ප්‍රතිලාභ කිසි විටෙකත් සාමයෙන් නොලැබේ. අනාගතයේ යළි කවරදාකත් බලාපොරොත්තු විය ද නොහැක. මෙය අපබ්‍රංස කතාවක්‌ නොවේ. සැබැවින්ම යුද්ධය නිසා මහත් සුවිසල් ප්‍රතිලාභ දෙකක්‌ රටට ලැබුණු බව ලියුම්කරු කල්පනා කරයි.

සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇයි...?

මෙය නම් ඉවසිය නොහැකි විහිළු සිදුවන සමයකි. යහපාලනය විසින් විටෙක කබරගොයාව තලගොයකු කර අපට ගිල්වයි. තවත් විටෙක තලගොයාව කබරගොයෙකු කර අපව බයකරයි. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරන්න යෑයි කියා අප කව්රුත් යහපාලනයට කතිර ගැහුවේ නැත. නමුත් කතිරයේ බලය ලැබූ සැනින් කොළඹ අධි ආරක්‍ෂිත කලාප රැසක්‌ ඉවත් කර ඒවා නිදහස්‌ කලාප බවට පත් විය. ඒ සමගින් වෙනදා වැසුණු පාරවල් ඇරුණි. අපිට දැනුණේ පහසුවකි. ඉතින් අපි චූන් වීමු. ලබ්බට තැබූ අත පුහුලටද තබන්නේ යෑයි

ජාතියට මුවා වී "යක්‍ෂයා" සැමරීම ...!!!

අනේ..! අහේතු කාලයකි
මරුවෝත් විරුවෝය
විරුවෝත් මැරුවෝය....!!!


 මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොa වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු දෝෂ බංගවී ගියේ ආශ්චර්යයක්‌ පරිදිය. එවන් තැන්හිදී රටේ ජනතාව කියන්නට වූ එක්‌ කතාවක්‌ද විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.