ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 28, 2015

හොර පාරෙන් ආචාර්ය උපාධිය ගන්න ගිය මන්ත්‍රී නාමල්...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කැර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියක් සඳහන් ‍කළේය.

ස්ටාර් ට්‍රෙක් හී රඟපෑ ලෙනාඩ් නිමෝයී සමුගත් වග...!!!

ඔබට 1980 / 1990 දශකය මතක ඇත්නම් ඵවකට ලංකාවේ රූපවාහිණී සේවා ( ITN) මගින් විකාශයවූ ලොවපුරා අතිශය ජනප්‍රිය අභ්‍යවකාශ කථා
පෙළක්වූ  ස්ටාර් ට්‍රෙක් හී රඟපෑ ලෙනාඩ් නිමෝයී (  Leonard Nimoy )  ඇමෙරිකාවේ බොස්ටන් හීදී මියගොස් තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස  අවුරුදු 83 කී...වීඩියෝව පහතින්.

ඇත්තම තත්වයේ වෙනස....!!! මොහොතකට සිතීමට....!!!

චම්පික ගේ jump එක...!!! දැන් චම්පිකලාට ධර්ම රාජ්‍යය මාකට් කිරීම අපහසු ය....!!!

දැනට වසර 30ක පමණ කාලයක් තිස්සේ දේශපාලනයේ යෙදෙන පාඨලී චම්පික රණවක ගේ මෙතෙක් ආ ගමන් මග, වචන 4-5කින් කෙටි කර දැක්වීම අමාරු නැත.
විප්ලවය-ජාතික චින්තනය-ධර්ම රාජ්‍යය-යහ පාලනය
මුලින් ම චම්පික අවතීර්ණ වන්නේ ජ.වි.පෙ. විප්ලවය වෙනුවෙනි. එය අසාර්ථක වූ පසු, මහාචාර්ය නලීන් ද සිල්වා ගේ ජාතික චින්තනය ය. එතැනින්, හෙළ උරුමය ඔස්සේ ධර්ම රාජ්‍යය ය. දැන් එක්සත් ජාතික පක්ෂයේ යහපාලනය ය.

සාටක සුනඛයා ලෙස සුරතල් නමින් ජනතාව හඳුන්වන බැසිලා නැවත ඵයිද...!!! තවත් මාධ්‍ය සංදර්ශණයක්.....!!!

බැසිල්ගෙන් ප්‍රශ්න කරන්න සූදානම්...!
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කර පැය 24 ක්‌ ගතවීමට පෙර පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණයේ වංචා තුනක්‌ පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

Friday, February 27, 2015

මහින්දගේ ළමයින්ගේ සෙල්ලම් රජවාහිණිය නවතා දමයි....!!!

ඒ අනුව ඊයේ 24 සිට CSN රූපවාහිනියේ සියලූම කාර්ය මණ්ඩලය නිවාඩු යවා ඇති බවත්, කැමැත්තක් දක්වන  ඕනෑම අයකුට ආයතනයෙන් වන්දි මුදලක් සහිතව ඉවත්විය හැකි බවත් දැනුම් දී ඇත. පසුගිය ආණ්ඩු සමයේ CSN රූපවාහිනී සේවය ගොඩ නැගීම සඳහා රාජ්‍ය දේපල යොද ගත් බවට චෝදනා රැුසක් එල්ල වු අතර පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවීමටද කටයුතු කර නොතිබුණ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කූඨ ලේඛණ.. කුසලාන නඩු තීන්දුව එයි.. අනුර, විජිත, අර්ජුනට මන්ත‍්‍රී ධුර අහිමි වෙයි..?

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණවයට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය යටතේ කුසලානය ලකුණින් තරඟ වැද තේරී පත් වුණු මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි වීමට ඉඩ ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

උඩින් යනකොට වැඩියෙන් පෙරෙන ජූූස්....!!! සනත් කියන කතා....!!!

පෙම් කරන්න ගුවන් සේවිකාවන්ම
තෝරන හේතුව සනත් කියයි....!!!
ළමයි නිසා සැන්ද්‍රා ගාවට ආයෙ යන්න ඉඩ තියනවලූ....!!!

පසුගියදා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වූ ප‍්‍රකට ක‍්‍රීඩක සනත් ජයසූරිය සිය පුද්ගලික පෙම් සබඳතා සහ ජීවිතයේ බිඳ වැටීම් ගැන මෑතක නොකී කරුණු රැසක් හෙළිදරව් කළා.

වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් කෝටි 18 ක් වන්දි ලැබෙයි....!!! උසාවි තීරණයට අපගේ ප්‍රණාමය ....!!!

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා භූමියේ පිහිටි වෙළෙඳ ප‍්‍රදර්ශන කුටියක් හිස මතට කඩා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලීට ,බී එම් අයි සී එච් BMICH පාලනාධිකරයෙන් රුපියල් මිලියන 180 ක වන්දියක් ලබාදෙන ලෙස නියම කරමින් අද ඇගේ නඩුව අවසන් වුණා..

දූෂණය ,වංචාව හොයන ඵවුන් අතරිනුත් සැබෑ දූෂිතයෝ මතුවේ...!!!

‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නිළි මන්දාකිණි දුෂණය කලේ යයි සම නිෂ්පාදක බන්ධනාගාරයට...!!!

‘පාර්ලිමන්ට් ජෝක්ස්’ චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලාල් කළුආරච්චි විසින් නවක නිළියක දුෂණය කිම්මේ චෝදනාවක් සම්බන්ධයෙන් ලබන මාර්තු 09 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාරගත කර තිබේ.

ත්‍රස්තවාදී මිනීමරූවා බ්‍රිතාන්‍ය ජාතික මොහොමඩ් එම්වාසි ලෙස හඳුනාගෙන ඇත....!!!

ISIS ඉස්ලාමීය රාජ්‍යයේදී ප්‍රසිද්ධියේ ගෙල සිඳිමින් විදේශිකයන් ඝාතනය කළ ජිහාඩි ජෝන් නැමැත්තා බ්‍රිතාන්‍ය ජාතික මොහොමඩ් එම්වාසි ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම්. වී. ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ඉන්දීය රජය වෙත භාරදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (26දා) පස්වරුවේ කොළඹ නැව් තටාකාංගනයේදී පැවැත්විණි.

Thursday, February 26, 2015

රවීන්ඳ්‍රන් කරුපයියාගේ ඉතිහාස පැටිකිරිය....!!!

 ඇතැම්විට දෛවය මිනිසුනට සරදම් කරයි . සමහරෙකුට ලොව සියළු මිනිසුන් රැවටිය හැකි වුවද දෛවය රැවටිය නොහැකිවෙයි .  


 අපේ මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුපයියා ජනතාවට සහන සලසන අයවැය ගෙනෙනා දිනම ඔහු විසින් ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි කියැවෙන නඩුවේ විභාගය නියමිතව තිබිණ .

රේගුවෙන් රඳවා ගත්තත් රනිල් ගේ අනින් මුදා හරින ලද ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න....!!!

මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක්‌ Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය ..

ලංකාවේ හොරුනට සැඟවී සිටිය හැකි හොඳම නිළ ඇඳුම කහ පැහැති සිවුරය...!!!

බුදුදහමට නිිගා දෙමින් නිකං කකා බිබී සිටීමට හොඳම නිළ ඇඳුම කහ පැහැති සිවුරය.මේ රන්වන් පැහැ සිවුරක වටිනාකම ලක්‍ෂ ගණනකී. පාළි බස සිංහළට හරවමින් අසපු හදන හොරුද සිටිති උන් ගැනද අප  සොයා බලමින් සිටිමු. බුදුහිමියන් නොදෙසූ අමුතු ධර්මයන් මුන් දෙසති.මේ ඵවැනි සොරෙකැයි නොබියවම අපද කියන්නෙමු. 

නිර්මල බුදුදහමේ චිරස්ථතිය  අරභයා ලංකානිව්ස් පෙරමුණේ බව අමතක නොකරන්න....

ඇත්තටම හමුදාවේ විනය කියන්නේ මොකක්ද...? සරත් චන්ද‍්‍රලාල් ෆොන්සේකා...!!!

ජනරාල් සරත් ෆොන්සේකා  සමග ස්වාධීන රූපවාහිනිය පැවැත්වූ ‘සත්‍යාගාරය’  වැඩසටහන. උපුල් ශාන්ත සන්නස්ගල  වැඩසටහන මෙහෙයවීය.
 වීඩියෝ පටය  ඇතුළත්ය....

රහත්වූ නූතන ඇම්ඩාගේ උපන් දින පාටිය..!!! නූතන දේවදත්ත සමන්ත භද්‍ර ...!!! විශේෂ හෙළිදරව්ව...!!!

බුදුහිමියන් සහ ධර්මය විකුණා බඩ වඩා ගන්නා  බඩජාරී  නූතන දේවදත්තයෙක්,
නමින් පවා රූපාවතරණයවූ සිරිධම්මගේ  , සමන්ත භද්‍ර...!!
Happy birthday Samantha ...!!!
 Mr ; සමන්ත භද්‍ර  පන්සල ඇතුළේ උපන් දිනය සමරලා...!!!
Normal Menu of Birthday Party ...
උෟරු මස්-එළු මස්
කුකුළු මස්-ඉස්සෝ කකුළුවෝ-දැල්ලෝ...!!!
 කකුළුවෝ පණපිටින් හැළිවල තම්බලා....
මාළු ඔළු සමඟ...
උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි
දානය අතරතුර කේක් එකකුත් කපලා....!!!
පිටිදුවේ සිරිධම්ම  හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර  පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. සිරි සමන්තභද්‍රගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී  (24දා) පැවැත්විණි.
 මේ සාදයේ ඡායාරූප පහතින්...

රනිල් මේ රටේ නීත්‍යානුකූල අගමැති නෙවෙයි - මහාචාර්ය නලින්ද සිල්වා...!!!

රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.

Wednesday, February 25, 2015

අගමැතිකම පිට්පොකට් ගැසු රනිල් බිය වී සිංහල මාධ්‍යයට තර්ජන කරනවා.. !!!

ලංකාවේ මාධ්‍ය නිදහසට බියකරු තත්ත්වයක් උදාවෙමින් පවතින බවත්,අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට තර්ජනය කරන බවත් ‘ජාතික බලය’සංවිධානය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.


මේ රටේ ජනතාව ඡන්දය ලබාදුන්නේ රනිල් අගමැතිවරයා බවට පත්කිරීමට නොවන බවත්, අගමැති ධූරය රනිල් විසින් පික් පොකට් ගසා ඇති බවත් මහාචාර්යවරයා කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සමහරු ෆේස්බුක් ඵකේ පළකර තිබූ දේ...!!!

දැන් සති ගානක් තිස්සේ ලම්බෝගිනි හොය හොයා මුළු ලංකාවම පීරුව .. හම්බුනාද ...?
තවත් කාලේ නාස්ති නොකර යනවනම් තැනක් මතක් කරලා දෙන්නම් ගොන්ජට , ගියොත් බඩු ෂුවර්
මර්වින් අන්කල්ගේ ගෙදර මිදුලේ කෝටි 100 කටත් වඩා වටින වාහන තියේලු ...

වෙලේ සුදා කියනුයේ බොරු නම් දුමින්ද සිල්වාගෙන් දවස් ගණන් පැය ගණන් නාස්ති කරමින් පාදා ගන්නට දෙයක් නොතිබිය යුතුය...!!!

ජනාධිපතිවරණයෙන් පසු ජනපති මෛත‍්‍රීපාල සිරිසේනටත් වඩා ජනප‍්‍රිය වූ චරිතය වෙලේ සුදාය. නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැුකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව පෙනේ.

මාතර නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්...!!!

මාතර, ගබඩාවීදිය ඩී.එස්. සේනානායක විදුහලේ දෙමාපියන් හා දරු දැරියන් එක්ව සිදු කළ විරෝධතාවට පහර දීම හේතුවෙන් මාතර නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික්ගේ දේපළ පිළිබඳව තොරතුරු ඕනෑ...!!!

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ගේ මෙරට පවතින දේපළවලට එරෙහිව මුදල් විශ්ද්ධිකරණ පනත යටතේ කටයුතු කිරීම සඳහා ඔහුට අයත් දේපළ, මුදල් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී
.

අපිට බිල ගෙවනකං රෝගියාව පිටත් කරන්න බෑ....!!! ඩර්ඩන්ස් රෝහලේ සත්‍ය කතාවකි....!!!

වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල නිසා පුද්ගලික රෝහලකදී ලක්ෂ දෙකහමාරක ශල්‍යකර්මයක් වැරදුණ පසු පිහිටක් සොයා රෝගියාව රජයේ රෝහලට හදිසියට ගෙනයන්න හදන විට බිල ගෙවනකම් යන්න නොදී රෝගියාගේ දියණිය කාමරයක් තුළ සිර කළ සිද්ධියක් පසුගියදා උසාවියේදී විභාග වුණා.

රනිල් සහ කොටි...!!! ඔබම තීරණය කරන්න....ඇත්ත සහ නැත්ත...සියළු තොරතුරු .....!!!

වාහනයේ ඇති ගුවන් විදුලියෙන් පැරණි ගීතයක් වාදනය වේ. ඒ මා ළමා කාලයේ දී බෙහෙවින් ඇළුම් කළ නන්දා මාලනීගේ සුකිරි බටිල්ලන්ගේ ගීතයයි. එහි අපූරු පද වැලක් ඇත. ඒ කන්න දෙතොත් බොන්න දෙතොත් රට උකසට තියල්ලා යන්නයි. එකී ගීතය ගායනා කලේ 2015 දී බිහි වන ආණ්ඩුවේ දින සීයේ වැඩපිලිවෙල පිළිබඳ අවබෝධයකින් දැයි විටක මට සිතේ. මතුපිටින් නම් දින සීයේ වැඩපිලිවෙල සුන්දරය. ඉන්ධන මිළ අඩු වේ. වැටුප් වැඩි වේ. කොත්තමල්ලි සහ උඳු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ද අඩු වේ. මෙකී ප්‍රවෘත්ති මාධ්‍ය සංදර්ශන වලින් මතු කර පෙන්වන අතරේ හොර රහසේම බෙදුම්වාදි දින සීයේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ. අවාසනාවට ඒ පිළිබද මාධ්‍ය ආවරණයක් හෝ සමාජ සංවාදයක් නැත. එබැවින් අපි එකී වැඩපිලිවෙල මතු කර ගනිමු.

ගොං කරත්තයකින් ගොස් ගොං පාට් දැමූ ගවයෙක්...!!

තමාගේ පුද්ගලික වාහනය (කැබ් රථය ) පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර (රත්තරං)  (24දා) පෙරවරුවේදී දකුණු පළාත් සභාවට කරත්තෙන් පැමිණියේය..

පසුගිය කාලේ අපේ රටේ තිබුණ ඉතිහාස කතා රැල්ලෙන් බොහෝමයක්ම ඉතිහාසය විකෘති කරපු චිත්‍රපට. ...!!!

ඩිජිටල් මාධ්‍ය ලෝකයක අපි තවමත් ‘ඇනලොග්’- බර්ට්‍රම් නිහාල්

අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

Monday, February 23, 2015

පාරේ ඇදගෙන ගිය මාලදිවයිනේ හිටපු ජනපතිඳාණෝ....!!! ඒහේ නම් රජකම් කළත් කළකම් පළදේ.....ළු...!!!

අත්අඩංගුවට පත් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂිඞ් අද පස්වරුවේ නඩු විභාගය සදහා එරට අපරාධ අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ එරට උද්ඝෝෂකයින්ගේ බාධා කිරීම් මැදය. එම අවස්ථාවේ මිලිටරි පොලිස් නිලධාරීන්ට ඔහුව පාරේ ඇදගෙන යාමට සිදුවිය.ඔහු ඊයේ අත්අඩංගුවට ගත්තේ අපරාධ අධිකරණයේ වරෙන්තුවක් මත ත‍්‍රස්ත චෝදනා යටතේදීය. 

හිටපු ජනපති මහින්ද නීතිය හමුවට ගෙන ආ යුතුයි...!!! නායක ජෙප්පාගේ අදහස්...!!!

සොරකම් කළ අය ආරක්‌ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ  නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවැසීය.

දැන දැන අල්වා නොගන්නා ඵකෙකුගේ පැටිකිරිය....!!!

සමාජ පිළිකාවක් තවමත් වැඦඹේ...!!!කෝ ජෙප්පෝ ,හොර අලියෝ ,
මුලින්ම කුෂ්මී ෆුඩ්ස්  නමින් රාත්‍රී කෑම කඩයක් පැලවත්තේ ආරම්භ කර තිබුණී.සිය පවුලේ අය සමග  දුමින්ද සිල්වාණන් ඵහි සේවය කළෝය.ඵතැනින් විතැන්ව  මෙසේ කෝටි ගණන් වටිනා මාධ්‍ය ජාලයන් ලැබෙන්නේ කෙසේද...,???
මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකු සිය වත්කම් ලැබෙන ආකාරය පිළිබඳව නිසි තොරතුරු  නොපෙන්වා සිටිය හොත්  ඊට නැළවීමක්  ,  හෝ  ගැලවීමක් නැති රටේ මුන් ගැන සෙවීමට අයෙකු  නොමැත .අදටද ඵය ඵසේම වලංගුය .මේ ගැන රටේ ජනතාව පියවි ඇසින් බලා සිටින්නාහුය.

තවමත් බාරහාර වෙමින් බලයට ඒමට තටමන මහින්දයෝ අද කතරගම දෙවොලේ....!!!

මහින්ද දේශපාලනයට ...?
රන් ත‍්‍රිශුලයක් රිදී පඩුරක් ඔප්පු කරයි...!!!

මහින්ද රාජපක්

ෂ හිටපු ජනපති අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අගල් හයක් උසැති ත‍්‍රිශුලයක රිදී පඩුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළේය.

අප පැවසූ සත්‍යයම පවසන දිවයින කතුවැකිය....!!!

පරිහානිගත තානාපති සේවය සහ වෙනත් කතා
පසුගිය වසර 25 කට වැඩි කාලයක්‌ තුළ පිටරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල අනාථ නිවාස මෙන් විය. කොල්ලා තරහ වූ කෙල්ල යවන ලද්දේද තානාපති කාර්යාලයකටය. ඇමැතිතුමාගේ දුව යවන ලද්දේද තානාපති කාර්යාල රැකියාවටය. ආණ්‌ඩුවේ ඉහළ තැනකට පත්ව බලය අනිසි ලෙස පාවිච්චි කළ හෝ දුරාචාරයේ යෙදුණු හැකරැල්ලකු කැත නැතිව වහ බොන්නට ගිය විටද යවන ලද්දේ තානාපති සේවයටය. පිටරට ගොස්‌ ඔවුහු සොමි ජීවිත ගත කළහ. එහෙත් රටට ඉන් තඹයක වැඩක්‌ නොවීය.

Sunday, February 22, 2015

හොර අටපට්ටමා සහ මහාචාර්‍ය ඡේ. බී. දිසානායකයන් අතර මතකය....!!!

මෙම ලිපිය පළකිරීමට සූදානම් වද්දී ඈත මෑත දෝළනයවූ මතකයක ඉමක් සඳහන් කිරීම කාගේත් දැන ගැනීමට පළ කිරීම සුදුසු යැයි සිතුවෙමු
අද රටම බොරුවෙන් අන්දවා මහා පොරක් ලෙසට පෙනී සිටිනා , ඵමෙන්ම වටේම සිටින විද්වතුන් වැඩසටහනට  ගෙන්වා ජේ.ආර්.සූරියප්පෙරුමද අන්දවා උගෙන් පරණ මහාරජාගේ නාඩි අල්ලා ස්වාධීන රූපවාහිනියේ ඉහළ පුටුවකට පැනගත් හසන්ත ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි නම් කපටියාගේ සැබෑ ආගමනය ගැන ඇති ස්වාධීන රූපවාහිනියේ පැරණි අය දන්නා මතකයකී
මේ....
අටපට්ටමාගේ මුල්ම රූපවාහිණී කළඵලි දැක්ම....

හොරාට කළින් වැට පැනීම හෙවත් පොලිස් අප්පුගේ ධන ප්‍රදානයේ සැබෑ අරුත...!!!

අනුර සේනානායක යනු දඩ බල්ලෙකු මෙන් හැසිරෙමින් කප්පම් ඇතුළු අයතා ක්‍රියා කරමින් කොළඹ ව්‍යාපාරිකයින්ගෙන් අනීතිකව මුදල් ඉපයූ බවට කුප්‍රකට පුද්ගලයෙක් බව මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි.

මෙම සීඩී තැටිය පොලිස් පොඩ්ඩන්ට බලහත්කාරයෙන් ලබාදී, ඔවුන්ගේ සොච්චම් බටා මුදලින් එම මුදල් කපා ගත් බවද දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි.

රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්....!!!


සිංහල විකුණන ඵකෙක්.දැන් පොරක් වීමට තටමන අයුරු රාජ්‍ය නාලිකා වලින් දැකිය හැකිය...රජයන් මාරුවන විට මෙවැනි තිත්තයන් , මඩකරි රංචු පිටින් නලියති.යහ පාලනය මේ යන්නේ "මිලේනියම් සිටි" අංක දෙක වෙතටද....? සිදුවන සියල්ල ඉදිරියේ අපට තවමත් වටහාගත නොහැකිව ඇත්තේ ඒ ටිකය. නමුත් යළි එවැන්නක්‌ සිදු වුවහොත් අතීත මතකයන් සමඟ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ශාපයෙන් මිදෙන්නට යහ පාලනයේ කිසිවකුටත් නොහැකි වනු ඇත.
'ජුදාස්‌" පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන් කළ පාවා දීම් අනන්තවත් සිදු විය.

ශෂී වීරවංශ අත් අඩංගුවේ...!!! හැබැයි දුමින්ද ඵළියේ....!!!

 
ජාතික නිදහස් පෙරමුණේ නායක  හිටපු අමාත්‍ය විමල් විරවංශගේ බිරිඳ ශෂී විරවංශ අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අවිධිමත් ලෙස රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත් බව ය.

මුං සේරම කම්බ හොරු.......!!! ජෙයරත්නම් ශ්‍රී රංගා ....!!!

අරලියගහ මන්දිරයේදී රංගාට පහරදුන් රිෂාඩ් බදුර්දීන් පහර දෙමින් කියා ඇත්තේ  ‘අපි මින්නාල් ප්‍රෝග්‍රෑම් එකට ආපුවහම උඹ අපිව දෙකේ කොලේට දාලා උඹ වීරයා වෙනවා. අපි දුෂ්ඨයො. පගා කාරයො. දූෂිතයො. එතකොට මිනිස්සු හිතන්නෙ ශ්‍රී රංගා නම් දෙවි කෙනෙක් වගේ හොරයක් බොරුවක් වංචාවක් නැති නියම කොල්ලෙක් කියල. එහෙම අපිව කිච කරලා රෑට රෑට ඩීල් දාගන්ඩ උඹ අරලියගහ මන්දිරේට රිංගනවා.  උඹල වගේ එවුංව නැති කරල දාන්ඩ ඕනෙ' කියාය.

Saturday, February 21, 2015

පාථිවිය කැරකෙන්නේ නෑ – සවුදි පූජකයකුගෙන් අපූරු හෙළිදරව්වක්...!!!

පෘථිවිය භ‍්‍රමණය වීම හා සූර්යයා වටා පරිභ‍්‍රමණය වීම සිදු නොවන බව සවුදි අරාබියානු පූජකයකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.


ෂික් බන්ඩාර් අල් ඛායිබාරි මේ බව පවසා ඇත්තේ ශිෂ්‍යයකු විසින් විමසූ ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.  පෘථිවිය නිශ්චලද චලනය වේද යන්නට පිළිතුරු ලෙස පූජකවරයා පවසා ඇත්තේ පෘථිවිය නිශ්චල වස්තුවක් වන අතර එය චලනය නොවන බවයි.

රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් වහා පැමිණිල්ලක් ...!!!

අගමැති රනිල් වික‍්‍රමසිංහ  සම්බන්ධයෙන් වහා විමර්ශණයක් ආරම්භ කරන ලෙස ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID - Terrorism Investigation Division) පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිංහලයේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසිනි.

තිත්ත ඇත්තේ දෝංකාරය...!!!

ඉකුත් ජනවාරි 8 වැනිදා මැතිවරණය පැවැත් වූයේ විධායක  ජනාධිපතිවරයකු පත් කිරීම සඳහාය. එය අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් පත් කරන මහා මැතිවරණයක් නොවේ. එහෙත් සිදුවූයේ  විකාරරූපී  අන්දමින් අගමැති සහ ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමය. කවුරු කෙසේ කීවද කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කළද මෙය බලෙන් උදුරාගෙන පිහිටුවූ ආණ්ඩුවකි.


 එළිවෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කීවා සේ දේශපාලනයේත් සිදුවන්නේ අරුම පුදුම දේය. සමහරු කොටඋඩය. ඇතමෙක් වැට උඩය. තවත් සමහරෙක් එළිපත්තේ උඩ ඉන්න බළලූන් වාගේය. එමෙන්ම තවත් කිහිප දෙනෙක් උඩ තිබ්බත් බෑ වගේය, බිම තිබ්බත් බෑ වගේ හෙවත් කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව ඒවාට උඩ ගෙඩි දෙති, අකුල් හෙළති.

මම පවුල් වාදයට විරුද්ධයි කී ෆොන්සෙකා සිය පවුල රණවිරු සේවා අධිකාරියට පත් කළ වගයි...!!!


ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිනි ලෙස අනෝමා ෆොන්සේකා පත්කර තිබේ. තව ෆොනී ජනාධිපති වුවා නම් කොහොම තියේවිද...???

ඉතා කෙටි කලකින් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් -සුසිල් ප්‍රේමජයන්ත කියයි ...!!! අලියන්ට නළියන්න පොර ටෝක් ඵකක් ...!!!

ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තම පක්ෂය සංවිධානය කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.


 මුහුණු පොතෙන් උපුටා ගත්තකී...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා හා නව භාණ්ඩාගාරිකවරයා වැඩ භාරගැනීමේ උත්සවය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  (19) පැවැත්විණි.ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.

Friday, February 20, 2015

නීතියේ සාධාරණත්වය කියා පෑ අවස්ථාවක්...!!!

නීතිඥ සහයක්‌ නැතිව හරස්‌ ප්‍රශ්න අසයි..
පොලිසිය අසරණ කරමින් අඳ යාචකයා නඩුව දිනයි


මෙහි විත්තිකරු වූයේ මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින කාත් කවුරුවත් නොමැති අඳ යාචකයෙකි. මහජනයාට හිරිහැර වන අන්දමින් අප්‍රසන්නතාවයෙන් යුතුව සිඟමන් යෑදීම සම්බන්ධයෙන් යාචකයන් රැසක්‌ මීගමුව පොලිසියේ පරිසර ඒකක මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

හෙර නැළිය මාට්ටු...!!!

ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අලූත් වැඩියාව සඳහා යයි රැගෙන ගොස් එයට ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් අයෙකුට විකිණීම සම්බන්ධයෙන් ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොලිස් අත්අඩංගුවට පත්ව ඊයේ උසාවියේදී ඇප මත මුදාහැරියා ...

ලක්ෂ ගණනාවක වටිනාකමින් යුත් බව කියන මෙම මෝටර් රථය හිමි ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පැවති කාලයේ
ඇය මෙම වාහනය රැගෙන ගොස් ඇති අතර එම තැනැත්තා මින් ටික කලකට පෙර මියගොස් ඇත. ඉන් පසු ටෙලි නිළිය එම වාහනය නැවත අදාළ පුද්ගලයාගේ ඥාතීන්ට ලබාදී නැති අතර ව්‍යාජ ලියකියවිලි එයට සකස් කර මහරගම පිළියන්දල පාරේ ගුරුවරයෙකුට එය විකුණා දමා ඇත.

දින සියයක ‍පොරොන්දු ඉටු නොකර මහ මැතිවරණයකට යාමට අයිතියක් නෑ - මාදුළුවාවේ සෝභිත හිමි

දින 100 ‍පොරොන්දු ඉටු නොකොට මහ මැතිවරණයකට යාමට නව රජයට කිසිදු අයිතියක් නැතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.


නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක්  (18) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දී පැවැත්විණි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි මෙසේ ද සඳහන් කළහ.

සන්ඬේ ලීඩර් ප‍්‍රධාන කර්තෘවරිය ඉල්ලා අස්වේ...!!!

සන්ඬේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ශකුන්තලා පෙරේරා ඉල්ලා අස්වී ඇත. එයට හේතුවී ඇත්තේ ඇය විසින් පළකරන්නට යෙදුණ එයාර් ලංකා සමාගමේ දූෂණ සම්බන්ධ හෙළිදරව්වකින් පසු සන්ඬේ ලීඩර් ආයතනයට එම සමාගමෙන් බලපෑම් එල්ලවීමත් ඉන්පසු ඇයට පුවත්පත් ආයතනයේ එවැනි ලිපි ලිවීමට නිදහස අහිමිවීමත්ය.

මකියාවෙලීගේ තියරියට තවමත් ජනතාව දක්කන දේශපාළුවෝ...

දක්කන්නෝ සහ දැක්කෙන්නෝ... 



ලංකානිව්ස් කතුවැකිය
රටේ ඡන්දය ලබා හෝ නොලබා ( දැන් යූ. ඇන්. පී ) කරන්නාක් මෙන් ,උන්ට ඕනෑ ..ඕනෑ ලෙසින් බදු වැඩි කරති අඩු කරති ,ඵකතු කරති ,ඇමතිකම්  දෙන්නේද උන්ට ඕනෑ පරිදිය...ජනතාවට ඡන්දය දීමෙන් පසුව බලා සිටිනවා හැරෙන්නට කළහැකි කෙං ගෙඩියක් නැත.ඇත්ත ඵයය.දේශපාළුවන් පෙර හොරා කෑ විට උන්ට ඊළඟ පාර ජනතා ඡන්දය නැත.නමුත් හොරා කෑමේ පහසුව සහ රසය දන්නා උන් නැවත බලය ලබා ගැනීමට ඉව අල්ලති.හරියටම" හයිනා "නැමති බල්ලන් මෙනී. ජනතාව අභිමුඛයට උන් නැවත ඵන්නේ මඳක් වෙස් මාරු කොටය. බොහෝ කපටියන් ජාතික ඇඳුමට බසී.( රවීන්ඳ්‍රන්  කරුපයියා නම් ඇඳුම පමණක් නොව සිය නමද රවී ලෙසින් වෙනස් කර ගෙන ඇත) මේ සියල්ල මැද කපටි දේශපාළුවන් ගවරැළ දක්කති.නැවත නැවත රැවටෙති..නමුත් දැන් අන්තර්ජාලය ඔස්සේ සමාජ වෙබ් අඩවි හරහා විවිධ අය සිය අදහස් නිර්භයව සහ නිර්මාණාත්මකව ඵළිදක්වති.
මේ අප අහඹු ලෙසින් තෝරා ගත් ඵවන් රසබර නිර්මාණ රැසක්...

වික්ටර් හෙවත් ජයග්‍රාහකයා ...

වික්ටර් රත්නායක නම් වූ අග්‍රේසරයා ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදා ය. පෙබරවාරි 18 වැනිදා යනු ඓතිහාසික වශයෙන් ද වැදගත් දිනයකි. සිංහලයේ අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ සුද්දන් ගේ අත් අඩංගුවට පත් වූයේ ද පෙබරවාරි 18 වැනිදාක ය.

පොලිස් පෙත්තා උන්නැහේ නැතිලු...!!!



පසුගිය දින කිහිපයේම අපට හිතවත් මාධ‍්‍ය ආයතන ගණනාවකම හිතවතුන් පැවසුවේ ඉඳ හිට පොලිස් කූඩුවෙන් එළියට පැන දෙන පොර  (TALK)කථාවක් හැරුණ විට පොලිස් පෙත්තා උන්නැහේ වන පොලිස් අධිකාරී අජිත් රෝහණ හට කථා කිරීම ඉතා අසීරු 
 කරුණක් බවයි.

Thursday, February 19, 2015

ජාතික ප්‍රතිපත්තියක්‌ නැති අපේ නන්නත්තාර සිනමාව ...!!!

චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ප්‍රවීණ නළු සනත් ගුණතිලක... දැන් සිය දෙවැනි සිනමා නිර්මාණය තිරය හමුවේ දිගහැරීමට සූදානම්ව සිටී. සනත් කලක සිට පාදයක අස්‌ථි ආබාධායකින් පෙළේ. ඒ විජය කුමාරතුංගයන් සමග චිත්‍රපටයක කළ සටන් ජවනිකාවකදී ඇති වූ ආබාධයක්‌ පසු කාලයේදී යළිත් මතුවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බව ඔහු කියයි. මෙතෙක්‌ ඔහුට පූර්ණ නිරෝගී සුවය ලැබීනැත. අප මේ සාකච්ඡා කරන්නේද සනත්... මෙම ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ආසිරි රෝහලට පැමිණ සිටි අවස්‌ථාවකය.

ජාතිවාදී රාවුෆ් හකීම් ...!!!

සිංහලයින්ට නැගෙනහිර මහ ඇමති කම දෙන්නේ නෑ කියලා රාවුෆ් හකීම් ජාතිවාදී පදනමෙන් පවසනවා...
 දැන් නැගෙනහිර හකීම්ට සින්න වෙලා ඉවරයි වගෙයි පෙනෙන්නේ. මීට පස්සේ සිංහලයන්ට නැගෙනහිරින් මහ ඇමති කෙනෙක් බිහි වෙන්නේ නෑ.!!!




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.