ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 26, 2014

අපෙන් කිතුබැතිමත් ලංකානිව්ස් ග්‍රාහක ඔබට නත්තලක් සහ සුභ නව වසරකට සුභ පැතුම්...!!!

නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන කරත්තය, ඇදගෙන යන්නේ  පිනිමුවන් නව දෙනෙකුගේ රංචුවක් විසිනි.

එම පිනිමුවන්ගේ නම් සියල්ලම පාහේ පිරිමි ශබ්ද සහිත නම්ය. ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්සන්, කොමට්, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්සන් සහ රුඩොල්ෆ් යනු නත්තල් සීයාගේ පිනිමුවන් රංචුවයි. නමුත් මොවුන් අතරින් වැඩිදෙනෙක් ගැහැනු සතුන්ය.

වරෙන්තුවක් තිබියදී මුතුහෙට්ටි රට යයි ....

නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.


ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම එතෙර යාමට සිටින බවට  තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.

අහිංසක වැසියෙක් නම් රට යනවා තබා සිය නිවසින් ඵළියට බැසීමටත් පෙර ඔහු අල්වා සිරුරේ ඇටකටුද පොලීසිය ලවා කුඩු කරවා ගත හැකිය ඵහෙත් මහරජ තොපට කඩේ යන්නෙකු නම් ...??? ටොන් ගණනක කුඩු කන්ටේනර්, ඵතනෝල් කන්ටේනර් අසුරු සැණින් මුදවා ගත හැකිය...කුඩු රජෙක් අල්වා ගත් විට හෙලිකොප්ටරයෙන් තකහනියක් ඌ සොයා යන තරමට තොපගේ තුච්ඡ කම මතුවේ..
මිනී මැරූ ,නීතිය කෙළෙසූ කුඩු දුමින්ද, මාලක වැනි අපතයන් අද නිදහසේ සිටිති...වරෙන්තු පිට වරෙන්තු ලැබූ සුධර්මන් වැන්නවුන් අද නිදහසේය...නීතිය අද බළු නොවටී.කේ.පී කරුණා අම්මාන් ,පිල්ලෙයාන් අද කොහිද...? ඒ ටිකකී පොත් දහස් ගණනක් ලිවීමට තරම්වූ කරුණු ඇත..මහරජ තොප තරම්වූ මේ අපේ කුඩා රට විනාශ කෙරූ අවලම් රජෙකු නොමැත..ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනීම පමණෙකි ඔබ කළ මහඟු මෙහෙය ...ඔබට රට ලැබී මෙතරම් වසරක් යනතුරු ඉනික්බිති ඔබ කළේ කුමක්ද ..??? ඔබගේ පවුල වර්ධනය කිරීමය...තෙවදැරුම් ලෙසටම එය එසේය...ඵහෙයින් තොපගේ හොරු රැළ සමග නික්ම යාමට මේ  කාළයයි...


ඩාන්සින් ස්ටාර්ස්ලා සහ නිත්තවෙල ගුණයාලා ..!!!

‘සිරස’ ඩාන්සින් ස්ටාර්ස්’ තරගය තුළින් ’සිරසට’ වුවමනා කරලා තිබුණේ මයිකල් ජැක්සන් වගේ හෝ ෂාරුක් ඛාන් වගේ හෝ නටන්න පුළුවන් අනුකාරක පරපුරක් අපේ රටේ බිහි කිරීම බව පෙනෙන්ට තිබෙනවා. එහෙම නැතිව නිත්තවෙල ගුණයාලා වගේ, තිත්තපජ්ජල සුරඹා වගේ, අල්ගම කිරිගණිතයා වගේ පරපුරක් බිහිකිරීම කෙසේ වෙතත් පණිභාරතලා වගේ, චන්ද්‍රලේඛලා වගේ චිත‍්‍රසේනලා වගෙ පරපුරක් බිහිකිරීම නොවන බව ඉතාම පැහැදිලියි.

පණිභාරත කියන්නේ ගායක අනිල් භාරතීගේ අයියා වෙන්න ඇති, චන්ද්‍රලේඛා කියන්නේ ගායක රූකාන්ත ගුණතිලකගේ වයිෆ් වෙන්න ඇති, චිත‍්‍රසේන කියන්නේ එක්කෝ පණ්ඩුකාභය රජකාලේ හිටපු චිත‍්‍රරාජ හෝ කාලවේල වගෙ යක්ෂයෙක් නැත්නම් චිත‍්‍ර මාස්ටර් කෙනෙක් වෙන්න ඇති කියලා හිතන අඥාන ජනමාධ්‍ය පරපුරක් ඉන්න සමාජයක අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් වන්නේ මේ වගේ අඳබාල වැඩසටහන් තමයි.

ප‍්‍රථම සිංහල නාඩගම වන්නේ ‘රජතුන් කට්ටුවේ නාඩගම’යි...!!!

 අද වන විට ලංකාවේ කිසි ම කතෝලික ප‍්‍රදේශයක රජතුන් කට්ටුවේ නාඩගම රඟ දැක්වෙන බවක් අසන්ට දකින්ට නොලැබේ. එසේ ම බොරලැස්ස,

මීගමු දූව වැනි පාරම්පරික කතෝලික ගම්මානවල පවා අවම වශයෙන් පාස්කු නාට්‍යවත් රඟ දක්වනු නොපෙනේ. මෙබඳු ඉපැරැණි ජන කලාංග මෙසේ අභාවයට යෑම සංස්කෘතික විෂයයෙහි අතිශය ඛේදනීය කරුණක් බව අවසන් වශයෙන් පෙන්නා දිය යුතු ය.

එය කාලය විසින් නිශ්චල ඡායාරූපයක් බවට පත්කොට තිබූ මතකයකි...!!!කෙටි කථාවක්...!!!

ය කාලය විසින් නිශ්චල ඡායාරූපයක් බවට පත්කොට තිබූ මතකයකි. වසර ගණනාවක් පුරා යටි සිතේ තිබුණා යැයි අනුමාන කළ හැකි වූ එය හදිසියේ යළිත් මතු කළේ ද කාලය විසිනි.

ලස්සනට පිපිණු වනමලට මං අදත් ආදරෙයි....!!!

පනස් වසරකට පෙර (1963) මාර්තු 31 දිනය ගැන අද සිහි කරද්දී ඇතිවෙන හැඟීම් මොනවාද?ඒ දිනය වර්තමානයේ රැඳීගෙන සිහිපත් කරද්දී සතුටක් වගේම විස්මයකුත් ඇති වෙනවා. මගේ මුල්ම ගීතය වන 'ලස්සනට පිපුන වනමල්' ගීතය 1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට කරු අයියා (අග්‍රගණ්‍ය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන්) ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙම හඳුන්වා දීමක් කරමින්.


පනස් වසරකට පෙර (1963) මාර්තු 31 දිනය ගැන අද සිහි කරද්දී ඇතිවෙන හැඟීම් මොනවාද?
ඒ දිනය වර්තමානයේ රැඳීගෙන සිහිපත් කරද්දී සතුටක් වගේම විස්මයකුත් ඇති වෙනවා. මගේ මුල්ම ගීතය වන 'ලස්සනට පිපුන වනමල්' ගීතය 1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට කරු අයියා (අග්‍රගණ්‍ය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන්) ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙම හඳුන්වා දීමක් කරමින්.

'අද මම මල්වෙඩිල්ලක් පත්තු කරනවා. මේ මල් වෙඩිල්ලේ ආලෝකය සදාකාලික වෙයි කියල මට විශ්වාසයි. මේ ගායකයා නිහාල් නෙල්සන්....'

සුනාමි රළ ගෙඩි මගේ හැම දෙනාම අරන් ගියත් මං කොහොම හරි යළි ගොඩ ආවා...!!!

2004 අප රටේ සිදුවූ ඒ මහා විපත මෙනෙහි කරමින් .අප පළ කරන විශේෂ ලිපිය...
- සුනාමියෙන් බැට කෑ අයෙක් කියන කතාවක්...
දස වසරක් යනු සුළුපටු කාලයක් නොව. එකල වැවු ගසක් නම් මේ වන විට මල් ඵල හටගන්නේය. එහෙත් සබ්බ සේසතම පමණක් නොව ඇකයේ හුන් දරුවන් ද රැගෙන ගිය ඒ දරුණ රළගෙඩි පහර තවමත් රට අවට මුහුදු තීරයේ (විශේෂයෙන් ම උතුර දකුණ නැ‍ඟෙනහිර) වෙසෙන්නන්ට පමණක් නොව මුළු රටටම අදත් කඳුළක් ඉතිරිකර ඇත. දෙදහස් හතර වසරේ දෙසැම්බර් 26 වැනිදා උදෑසන සිදුවූ සුනාමි ඛේදවාචකයේ නොමැකුණ මතකයන් සොයා ගිය ගමනකදි පැරැලියේදි අපට හමුවූයේ හතළිස් අට හැවිරිදි එස්.එම්. කුමුදු ප්‍රියන්තය. පරැලිය සුනාමි ස්මාරකය ඉදිරියෙන් ඇති පදුමගබ්බ විහාර මාවතේ පිහිටි ප්‍රියන්තගේ නිවෙස සොයා අපි ගියෙමු. ලද ආරංචියට අනුව ගිය ගමනේදි මඟ තොටින් ඇසූ තොරතුරු අපේ නෙතට කඳුළක් එක් කළේය.
“ආ ප්‍රියන්ත අයියද? එයාගේ බිරියයි දරුවෝ හතර දෙනාම සුනාමියට ගියානේ.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.