ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 23, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 24


දෙවියන්ට ස්තුති වේවා! අපි තාමත් ජිවත් වෙනවා. - රූකාන්ත ගුණතිලක 
ඇයි අපිට මෙහෙම කළේ? අපි කරපු වැරැද්ද මොකක්ද?- චන්ද්‍රලේඛා
චන්ද්‍රිකාගේ මාර සේනාව නිවාස ආක්‍රමණය කර ඇත්තේ එම අතරතුර කාලයේදීය.තමන්ට දුරකථනයෙන්  කථා කළ උසස් පොලිස් නිලධාරියා  තමාගේ ඥාතියෙකු බවත් එම පොලිස් නිලධාරියාට එම පණිවිඩය දුරකථනයෙන් කියා ඇත්තේ චන්ද්‍රකාගේ පීඑස්ඩියේ වැඩ කරන පුද්ගලයෙකු අරලිය ගහ මන්දිරයේ වැසිකිළියක සිට බවත් කියා සිටි රූකාන්ත, එය රහසක් ලෙස තබා ගන්නා ලෙස ද මගෙන් ඉල්ලා සිටියේය.
Rookantha after the attack

"ලොව දිනන මග"

 

අප හට මේවන විට මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඵළි දැක්වීමේ උත්සවයේ ඡායාරූප ලැබී තිබේ... 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘‘මහින්ද චින්තන  ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විය.
තම මීළඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ  අද (23) පැවසීය.
තමා විවිධ පාර්ශව සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කර නැතැයි කී ජනාධිපති තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් යැයිද පැවසුවේය.

සියළු ඡායාරූප  පහතින් ...

මහින්දගේ 'ලොව දිනන මග' එළිදකියි

මහින්ද චින්තන ලොව දිනන මග' ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23දා) පෙ.ව. 9.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීය.


ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙන මෙම මැතිවරණ ප්‍රකාශනය 'මහින්ද චින්තන' හා 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' යන ප්‍රතිපත්ති ප්‍රකාශනවල මීළඟ අදියරයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ , රටට එරෙහි කිසිදු ගිවිසුමක් තමාගේ  අත්දෙකින් අත්සන් කර නොමැති බව අවධාරණය කර සිටියේය.

අද ඉතා දියුණු පිරිසිදු නගර නිර්මාණය වෙමින් ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් කරා ගමන්කරමින් සිටින බව ජනාධිපතිවරයා  කියා සිටියේය.

ලංකාවෙ 6ක් මැලේසියාවේ ගණිකා වෘත්තියේ යෙදිලා ...!!!

මැලේසියාවේ ගණිකා වෘත්තියේ යෙදී සිටි ශ්‍රී ලංකා කාත්තාවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මැලේසියාවේ ජොහෝර් පොලීසිය ජනවාරි මස සිට දෙසැම්බර් 20 වැනිදා වැටලීම් 10300 ක් සිදුකර තිබෙන අතර එයින් මැලේසියාවේ ගණිකා වෘත්තේ යෙදුණ දේශීය හා විදේශීය කාන්තාවන් 2986ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් හය දෙනෙක් ශ්‍රී ලාංකික කාන්තාවන් බවද හෙළිව තිබේ.

ලෝක වෙළඳ‍පොළේ බොර තෙල් හා රත්‍රං මිල පහළට...!!!

ලෝක වෙළඳ‍පොළේ බොර තෙල් මිල අමෙරිකානු ඩොලර් 60 සීමාව දක්වා පහළ වැටී ඇති අතර එය පසුගිය පස්වසරක දී වාර්තා වූ අඩුම මිල ලෙස විදෙස් වාර්තා පවසයි.


 පසුගිය ජුනි ‍මාසයේදී ලෝක වෙළඳපොළේ අමෙරිකානු ඩොලර් 110ක් ව පැවති බොර තෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 60 දක්වා පහළ වැටී ඇති අතර රුසියාවට පනවන ලද ආර්ථික සම්බාධක නිසා රුසියානු තෙල් සැපයුම් නතරවීමත් චීන තෙල් සැපයුම්වල අඩුවීමත් මේ තත්ත්වයට බලපා තිබේ. ගල්ෆ් කලාපයට පසු ව වැඩි ම තෙල් අපනයනය කරන රට වන්නේ රුසියාව බව පැවසේ.

වැඩිම ආපදාව මැදිරිගිරියට හා ලංකාපුරට...!!!

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ 21 වැනි දින වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේම ජනතාව විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර පවසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂතුමා මෙසේද කීය.


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය 20 වැනි දින සවස 18.00 පැය වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවුල් දෙදහස් තුන්සිය දහසයක් ආපදාවට පත්ව තියෙනවා. ඒ අනුව එම පවුල් ඒකක 2,316 තුළ පුද්ගලයන් නවදහස් අටසිය පනස් හතරදෙනකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.