ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 21, 2014

හපුතලේ කා කොටා ගැනීමක්...!!!

හපුතලේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික   පාක්‍ෂික  ගැටුමක් ...!!! තුවාලවූ පහක් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්...!!!


අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පස් දෙනෙකු ඊයේ ජනාධිපති අපේක්ෂක, මෛත්රි සිරිසේන සහභාගීවූ හපුතලේ දේශපාලන රැස්වීමක් අතරතුර එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා ඇත.

කොළඹ මිනිස්සු පිපාසයේ........අගමැති දියණිය දිය කෙළියේ ..........ලොන්ත අගමැතිගේ -- ගොබ්බ දියණිය

කොළඹ ජලය කපද්දී මණ්ඩලේ බවුසර් අගමැති දියණියගේ තටාකය පුරවයි

අගමැති දි.මු. ජයරත්න මහතාගේ දියණිය වන දිලිනි ජයරත්න අහිංසක ජනතාවගේ පානීය ජලයෙන්  නිවසේ පිහිටි පිහිණුම් තටාකය පුරවා ගෙන ඇති බව වාර්තා වේ.කෝට්ටේ ඔබහේන ප්‍රදේශයට වෙන්කර තිබු ලීටර් 50,000ක ජල බවුසරයක් මෙලෙස අගැමැති දි.මු. ජයරත්න ගේ දියණිය වන දිලිනි ජයරත්න  කොළඹ පිහිටි නිවසට  ගෙන්වා ගෙන ඇත.ඇය නිවසේ ඉහල මහලේ පිහිටා ඇති පිහිණුම් තටාකය පුරවා ගනිමින් දිය කෙළියේ යෙදෙද්දී එම වතුර ලැබීමට තිබු ප්‍රදේශයේ ජනතාව පානීය ජලය නොමැති නිසා පීඩා විඳ ඇත.
පසුගියදා ජල නල අලූත්වැඩියාවක් නිසා ජලය කැපූ අවස්ථාවේදී කොළඹ ජනතාවට බවුසර මගින් ලබාදුන් පානිය මෙලෙස ඇගේ නිවසට ගෙන ගොස් තිබේ.

චන්ද්‍රසිරි බණ්ඩාර කියූ කථා....!!!



ජනපති මහින්ද දිනනවාමයි...
අනාවැකිය වැරදුණොත්
මං වෙඩිතබාගෙන මැරෙනවා *

- චන්ද්‍රසිරි බණ්ඩාර

එළැඹෙන ජනාධිපතිවරණයේදී ස්ථිර වශයෙන්ම ජනපති මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කරන බවට තමා සහතිකවී අනාවැකියක් පවසන බවත් එම අනාවැකිය වැරදුණොත් තමා වෙඩි තබාගෙන දිවිනසාගන්නා බවත් ජ්‍යොතිෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර  සටන වැඩසටහනට එක්වෙමින් ප‍්‍රකාශ කළා.

නීති විරෝධී කටවුට්‌ 50% ක්‌ තවම ප්‍රදර්ශනයේ...!!!

ජනාධිපතිවරණයට අදාළව රටපුරා ඉදිකර ඇති දැවැන්ත කටවුට්‌ පෝස්‌ටර් බැනර් සැරසිලිවලින් 50% ක පමණ ප්‍රමාණයක්‌ තවමත් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 22


මොරටුව සමන්ට හා සුගත් රණසිංහට හිමි වුයේද බැද්දගානේ සංජිවට හා ධම්මික පෙරේරාට හිමි වූ ඉරණම මය. 2003 දී මොරටුව සමන් ඝාතනය කළ අතර , ඉන් තවත් සති කිහිපයකට පසු සුගත් රණසිංහද වෙඩි තබා  ඝාතනය කරන ලදී.

උද්ඝෝෂණයක් 23-12-2014 දින ප්‍රංශයේ පැරිස් නුවර...!!!

 
 
 
 
 ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව සාදාගත් "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන උද්ඝෝෂණයක් 23-12-2014 දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරුණ තරුණියනි, ඔබ සිටිය යුත්තේ කොයි පැත්තේද..???

අද මා විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නේ ගම්බද, උගත් තරුණ තරුණියන්ටය.

අප රටේ මැතිවරණයක් අවස්ථාවක දේශපාලන ක්ෂේත්‍රයේ පැහැදිළිව පෙනෙන ගොඩවල් තුනක් විය. ලෝකයේ ධනපති කඳවුර හා සම්බන්ධ වූ ගොඩ, මැද මාවතේ ගොඩ සහ සමාජවාදී ගොඩ යනුවෙනි. මේ ගොඩවල් තුනට වෙන වෙනම කැපී පෙනෙන ආර්ථික ප්‍රතිපත්ති තිබිණ. ධනපති කඳවුර ආගම්වාදය කුළ වාදය ප්‍රතික්ෂේප නොකළද, ජාතිවාදී නොවීය. රජෙකු සහ රජ පවුලක් ඇති රටේ සියළුම සම්පත් සූරා කන්නට සහ රටේ භූමිය විදේශ කොම්පැණිවලට අලෙවි කරන්නටත් ඒ මගින් උපයා ගන්නා ධනයෙන් වැඩී කොටසක් තම සාක්කුවලට කිහිප දෙනෙකුට ඉඩ සලසා දෙන පැත්තයි. නැව් නොඑන වරාය, ගුවන් යානා නොඑන ගුවන් තොටුපොල, කෝටි ගණන් පාඩු ලබන ගුවන් සමාගම් වෙනුවෙන් මහජන මුදල් නාස්ති කරමින් ඒවාට තම නම් යොදා ගනිමින් සතුටු වන නායකයාගේ පැත්තයි. කලාකරුවන්ගේ ඉල්ලීම් නිසා චීනයෙන් ලැබුණු රඟහල ඇතුළු පාරවල්, පාසල් හැම තැනකම තම නම යොදා ගෙන සතුටු වන නායකයාගේ පැත්තයි.
යුද්ධය දිනා කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගා දැමුවේ යැයි කියමින් යුද්ධය අවසන් වී වසර පහමාරක් ගත වෙද්දීත් උතුර සිවිල් පාලනයකට ඉඩ නොදී හමුදා පාලනයක් පවත්වාගෙන යමින් සුළු ජනයා තව තවත් කළකිරවන නායකයාගේ පැත්තය. ජාතිවාදය, ආගම්වාදය අවුස්සා අනාදිමත් කාලයක සිට මේ රටේ එකට ජීවත් වූ ජාතින් එකිනෙකා කෙරෙහි සැකය හා වෛරය පතුරුවන අන්තවාදි සංවිධාන ගණනාවක් පසුගිය කාලයෙහි රටේ මතු වී තම හිතුමතේ නිදහසේ ක්‍රියාකල නමුත් ඒ කිසිවකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්නට අසමත් වූ සමහර විටෙක තමාගේත් තම සහෝදරයන්ගේත් අනුග්‍රහය එම විනාශකාරි සංවිධානයන්ට ලබා දුන් පාලකයාගේ පැත්තය. උතුරේ පමණක් නොව දකුණේ විශ්වවිද්‍යාල ඇතුළු සෑම වැදගත් ආයතනයකම හමුදාව යොදවා සිටින රාජ්‍ය බැංකු පවා හමුදා නිළධාරීන්ගේ පාලනයට පත් කර ඇති පාලකයාගේ පැත්තය.

සිංහලයන් ගේ මව් බිමේදී සිංහලයන්ට පන්න පන්නා ගැසූ ආණ්ඩුව....!!!

වෙනත් දේ මහත් ඉහළින් කැමරා ටොන් ගණන් අටවා පුස්සන්ට ප්‍රචාරය දෙන රටේ මේ අහිංසක සුළුතරයක් වූ  නැගෙනහිර සිංහලයන්ගේ අඳෝනාව අභියස ඵය ඡායාරූප ගත කොට තිබුනේ ඵක් අයෙකු විසින් සිය ටෙලිෆෝනයෙනි..මාධ්‍ය වේදීන් යැයි කියා ගනිමින් හොර දේශපාළුවන්ට කඩේ යන අපතයන් ගැන විළි ලජ්ජාවක් ඇති නොවේද  ???මහින්දගේ ආණ්ඩුවේ කටු ලෙවකන පොලිස් බල්ලන්ගේ හැටි බලව්....
ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් මඩකලපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී රැස්වීමක් පවත්වා යන අතරතුර, මහින්ද රාජපක්ෂ ව හමුවීමට අපේක්ෂාවෙන් ඡන්ද අයිතිය ඉල්ලා සිටි අවතැන්වූ අසරණ සිංහල අනාථයින් පිරිසට පොලිසිය අති අමානුෂික ලෙස පහරදෙන ලදී. යුද්ධයෙන් අවතැන්වූ සිංහල අනාථයින්ට ඡන්ද අයිතිය අහිමිවී ඇති එකම මැතිවරණය මෙයයි.  නමුත් සිදු වූයේ වෙනකකි. නිරායුධ අහිංසක මිනිසුන්ව නිරුවත්කර පහරදෙන්නට තරම් පාලකයා කුරිරු වී තිබුණි. ගැබිණි මවුවරුන්ට පවා පොලු පහර කෑමට සිදුවිය. 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඔවුන් මේ යටපත්කරන්නට
උත්සහකරන්නේ කුමක්ද? මෙසේ වියරුවැටී සිටින්නේ ඇයි? ඔබ තීරණයකරන්න.... 
කෙවිලියාමඩුව ගැන විශේෂ ලිපියක්...

ජනතාව වෙනුවෙන් "තරු" වෙන්නට දඟලන හොර දේශපාලුවන්ටය...

විශේෂ ලිපියක්...


 මේ ලිපිය ලියා ඇත්තේ දයාසිරි ජයසේකර  ,ජොන්ස්ටන් වැනි දේශපාලණ අපතයනට වුවද පොදුවේ ඵය අපේ රටේ අහිංසකයන් ගේ වර්තමාන කථාව යථාවාදීව පිළිබිඹු වේ..
එහෙත්........ මතක්‌ කරමු අහිංසක ජනතාවගේ සිතුම් පැතුම් මල්ල තමන් අතට ගෙන ඒ අහිංසකයන් ගොනාට අන්දවා මනාප ඩැහැගෙන කවුන්සලයට රිංගාගන්නට වෙර දරන උන් කෙදිනක හෝ ජනතා පරමාධිපත්‍යයට ප්‍රංශයේ ලූවී රජතුමාලාගේ වංශයේ ඇත්තන් ගොදුරු වූවාසේම ගොදුරු වනු ඇත.

මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද කඩන එකැස් චෞරී අජූත චන්ද්‍රිකා...

 චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේ යුද්ධයෙන් 65% ක්‌ තමා විසින් අවසන් කළ බව ය. මෙය කිසිදු චාරයක්‌ නැති හිඟන කතන්දරයකි. චන්ද්‍රිකා යුද්ධය දිනූ ආකාරය මෛත්‍රිපාල සිරිසේනද ඉතා හොඳින් දන්නා බව අපගේ වැටහීමය. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීමට නම් ප්‍රභාකරන් වළෙන් නැගිටුවා ගැනීම මැනවි. චන්ද්‍රිකා රට පාලනය කළ කාලයේ දී යුද හමුදාවේ සෙබළුන් සහ නිලධාරින් 11500 ක්‌ ත්‍රස්‌තයන් විසින් මරා දමන ලද්දේ ය. ටෙලිකොම් බෝම්බය, කොළඹ මධ්‍යම බස්‌ නැවතුම්පළේ බෝම්බය, මරදානේ ගුවන් පාලම අසල බෝම්බය, ගලධාරි හෝටලය අසල බෝම්බය යනාදිය පුපුරා විශාල පිරිසක්‌ මිය යන්නේ චන්ද්‍රිකාගේ පාලන සමයේදී ය. චන්ද්‍රිකා 1995 න් පසු සිය පාලනය පටන් ගන්නේ ම කොටින් සමඟ සාකච්ඡාවකට යමිනි. මේ සාම කතන්දරය වෙනුවෙන් මංගල සමරවීරයන් තුළ තිබුණේ පුදුම උනන්දුවකි කුලප්පුවකි දැඟලිල්ලකි උතුර වසර 10 ක කාලයක්‌ සඳහා ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම (ගිවිසුමකින්ම) පවරා දීමට චන්ද්‍රිකා සූදානම් වන්නේ මේ කාලයේදී ය. එහෙත් චන්ද්‍රිකාට වඩා කොන්ද පණ තිබූ බැවින් ප්‍රභාකරන් එයට එකඟ වන්නේ නැත.
 
මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට ජය ගැනීමට ඉතිරිව තිබුණේ 35% ක්‌ යෑයි පැවසීමෙන් චන්ද්‍රිකා, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාවම හෑල්ලුවට ලක්‌ කරයි. එහි නරක ආදීනව විඳින්නට සිදුවන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීට ය. චන්ද්‍රිකාගේ කතාව ඔහුගේ ඡන්ද කඩන ප්‍රකාශයකි. ඒ බැවින් ඔහු ඇගෙන් පරෙස්‌සම් විය යුතු ය. ඇය මේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව ගන්නට ඇත්තේ කාගෙන් ද?. දේශපාලන ක්‍රමෝපාය ශිල්පයේ කෙළ පැමිණි කවර හෝ කෙනෙක්‌ මෙ තැන සිටිනවා විය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.