ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 15, 2014

රටේ නායකත්වය වෙනස් කිරීමට රායප්පු ජෝශප් චන්ද්‍රිකා හමුවක්...!!! ඵකැස් චෞරියගේ දේශ ද්‍රෝහී වැඩ සටහන...!!!

රටේ නායකත්වය වෙනස් කොට වෙනත් පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා කළ බව මන්නාරම රදගුරු රායප්පු ජෝශප්  මන්නාරම අරිප්පු මරියා කතෝලික දේවස්ථානයේ පෙරේදා (14) පැවැති දේව මෙහෙයෙන් අනතුරුව විශේෂ රැස්වීමක් කැඳවා ප්‍රකාශ කර තිබේ.සතියේ දේව මෙහෙය පැවැත්වීමෙන් පසු අරිප්පු මරියා කතෝලික දේවස්ථානයේ දේවගැතිවරයා විශේෂ කතාවක් සඳහා එදින රදගුරු රායප්පු ජෝශප්  පැමිණෙන බව බැතිමතුන්ට දන්වා තිබේ.ඒ අනුව කතෝලික දෙමළ වැසියෝ 350-400 අතර පිරිසක් දේවස්ථානයේ රැදී සිටියහ. අනතුරුව එම ස්ථානයට පැමිණි රායප්පු ජෝශප් රදගුරුවරයා මෙසේ සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවුණා. අප සියලු දෙනාම එක්ව රටේ නායකත්වය වෙනස් කළ යුතුයි. මිනී මරපු මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. කරුණා වගේ අයත් ඒ අතර ඉන්නවා. නමුත් අසරණ ළමයි පුනරුත්ථාපන කඳවුරුවල දුක් විඳිනවා. ඒ නිසා වෙනත් පාලනයකට යන්න ඕන. රදගුරු රායප්පු ජෝශප් පැමිණ සිටි පිරිස අමතා ප්‍රකාශ කළේය.

සිඞ්නි ප‍්‍රාණ ඇපකරුවන් අතරේ ලාංකිකයන් නෑ ...!!!

සිඞ්නිහි මාර්ටින් ප්ලේස්හි අවන්හලක් සිය ග‍්‍රහණයට නතු කරගෙන සිටින අයි.එස්. (මුස්ලිම්)(also known as Islamic State) ත‍්‍රස්තවාදීන් කළු කොඩි ප‍්‍රදර්ශනය කරමින් එ් තුළ සිටින සේවකයන් හා සාමාන්‍ය සිවිල් වැසියන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටිති.එය වටලමින් සිඞ්නි ආරක්ෂක අංශ මුරකාවල් යොදවා ප‍්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට මෙහෙයුම් කරමින් සිටියි.


මේ අතර 5 දෙනෙක් අවන්හල තුළ සිට දිවිගලවාගෙන එළියට ඒමට හැකිවූ බව එරට වාර්තා පවසයි.
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි අවන්හලක් තුළ අයි.එස්. ත‍්‍රස්තවාදියකුගේ ප‍්‍රාණ ඇපයේ සිටින්නන් අතර කිසිදු ශ‍්‍රී ලාංකිකයකු නොමැති බව තහවුරු වී ඇතැයි එරට ශ‍්‍රී ලංකා මහකොමසාරිස් බන්දුල ජයසේකර  පවසයි.
 සිඞ්නිහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා එහි තත්ත්වය පිළිබඳ තොරතුරු අධීකෂණයේ යෙදෙන බව හෙතෙම අවධාරණය කළේ ය.
සිඞ්නිහි පිහිටි ශ‍්‍රී ලංකා කොන්සල් කාර්යාලය මේ වනවිට වසා දමා එහි කාර්ය  මණ්ඩලය සුරක්ෂිත ස්ථාන කරා යවා ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. එහි සිටින ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බව ද ජයසේකර පැවැසී ය.

චන්ද්‍රිකාට පිස්සු වැටිලා.. මැතිවරණයෙන් වඩා පැරදවිය යුත්තේ මැයයි..

මෙවර ජනාධිපතිවරණයේදී පැරදවිය යුත්තේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනටත් වඩා චන්ද්‍රිකා කුමාරතුංග යයි ඇමති වාසුදේව නානායක්කාර පවසයි.


‘මැතිවරණයෙන් මෛත‍්‍රී පරාජය කළ යුතුයි. ඊට වඩා යූ.ඇන්.පී එක පරාජය කළ යුතුයි. ඊටත් වඩා චන්ද්‍රිකා පරාජය කළ යුතුයි. ඒ මොකද අපේ ජනාධිපති පරාජය කළ යුතුයි කියලා වියරු වැටුණු මනසක් එතුමියට තියෙන්නේ.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 16


ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය තෝරා ගත සුළු පිරිසක් සමඟ එකතු වී රාජ්‍ය බලය යොදා ගෙන  මේ රටේ වස්තුව සොරාගෙන තිබෙන ආකාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නම් අපුරු තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවනු නොවනුමානය. ඇය සහ ඇගේ සමීපතම  කල්ලිය විසින් පමණක් මෙරටින් කොල්ලකා මෙරටින් පිට කර ඇති ධනයේ වටිනාකම කෝටි දහස් ගණනක් විය හැකිය.ඇයට හා ඇගෙන් පැවත එන්නන්ට නැවත සිය සියා ගත කළ මහේශාක්‍ය ජීවිතය තරම් වියදම් අධික   මහේශාක්‍ය ජීවිතයක් පරම්පරා ගණනක් වුවත් ගත කිරීමට ඒ ධනය ප්‍රමාණවත් ඇති බවට සැක නැත.

රට යන අත මඩ වැඩ සටහන ඔබ අසා තිබේද......???

අද දින පෙරවරුවේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියළු සේවයන් ඔස්සේ විකාශයවූ 'රට යන අත ' සජීවී වැඩසටහන අප ඔබට ඇසීමට සලස්වන්නේ ...ඒ තුළද යම් මතවාදයක් ඇතුළත් වන බැවිනී...අප වෙබ් අඩවිය පාටක් පක්‍ෂයක් නොමැතිව මේවා ඉදිරිපත් කරනුයේ තීරණය සහ විනිශ්චය නිරවුල් මනසින් යුතුව ඔබට තෝරා ගැනීමටය... අපට ලැබී ඇති විශාල ගණනක ලිපි මගින් ලියා ඇත්තේ හොරු රැළ පන්නා දැමීමට අවශ්‍ය වුවද මෛත්‍රී පසුපස සිටින හොර ටී.ඵන්.ඒ නඩය ,චෞර රැජිණ වන චන්ඳ්‍රිකා ,නිසා රටේ ජනතාවට තෝරා ගැනීමට ප්‍රධාන පැහැදිළි විකල්පයක් නොමැතිවීම විශාල ජාතික ප්‍රශ්ණයක් බවයි....මේ අවස්ථාවේදී වගකීමක් ඇති පරිණත දේශපාලන විශ්ලේශකයන් පවා නිහඬව සිටිති...සියල්ල එසේ වුවද ඔබගේ පක්‍ෂ,පාට, මනස මොහොතකට අමතක කොට මනාවූ නිරවුල් ලෙසින් ඔබගේ අවසාන තීරණය ගන්නා ලෙසයි...එමෙන්ම මේ දිනවල විදේශ රටවල සිටින ඇතැම්වූ සුළු පිරිස් විවිධ සුළු සංවිධාන පිහිටුවමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට උත්සාහ දරණ බව අපට දැන ගැනීමට ලැබේ..නමුත් ඡන්දය දැමීම සඳහා විශේෂයෙන් ලංකාවට යාමට ගුවන් ටිකට් පතක් ගන්නේ ගන්නේ කවරෙකු නම්ද...??? එම නිසා ඵවැනි හාස්‍ය පුවත් වැදගත් නොවේ...!!!

කඩවත කෙරවලපිටිය දිග කිමී 9.3 වියදම රුපියල් කෝටි 6670යි, කිලෝ මීටරයක් සෑදීමට යන වියදම රුපියල් කෝටි 717....!!!


තාර පාරක් හදන්න කිලෝමීටරයට කොටි 717 ක් වැයකළ හැකි රටක්ද මේක..
තෙල් සංස්ථාවේ, හෙජින් ගිවිසුම නිසා රටට සිදුවුන සම්පුර්ණ පාඩුව කොටි 2500 ට වඩා වැඩියි. මුළු අවුරුද්දටම සමුර්ධියට වෙන්කරන්නේ කොටි 900 යි, සෞක්‍යට කොටි 1100 යි, CTB එකට කොටි 250යි.

මේ රටේ කවර හෝ පාරක් කිලෝ මීටරයකට කොටි 717 ක් වැයකර සෑදිය යුතුද ? අඩි තුනකට ලක්ෂ 75 ක්, රත්තරන් plate ඇල්ලුවත් මෙච්චර යන්නෑ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.