ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 14, 2014

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලංකාවේ සුප‍්‍රසිද්ද කැසිනෝ සූදුකරු ඩඞ්ලි සිරිසේන බෙලිස් කැසිනෝවේදී රුපියල් මිලියන 4.5ක් මුදලක් පරාජයට පත් වී තිබේ...!!!!

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලංකාවේ සුප‍්‍රසිද්ද කැසිනෝ සූදුකරු ඩඞ්ලි සිරිසේන මීට දින දෙක තුනකට කලින් බම්බලපිටියේ බෙලිස් කැසිනෝවේදී රුපියල් මිලියන 4.5ක් පමණ මුදලක් පරාජයට පත් වී තිබේ.

චන්ද්‍රිකා, රනිල් දණ ගස්වයි.. එජාපය අර්බුදයේ..!!!

 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ තනි කැමැත්ත යටතේ අර්ජුන රණතුංග, පී. දිගම්බරන් වැනි අය සංවිධායකවරුන් ලෙස පත් කිරීම ඊට උදාහරණ ලෙසත් ඔවුහු පෙන්වාදෙති.


එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින සංවිධායකයන්ට පිටින් ‍පොදු අපේක්ෂකයා දිනවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සංවිධායකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෝ කණස්සල්ලට පත්ව සිටිති.

පත්තරේ පරණ නිවුස්...!!!

පත්තරේ පරණ නිවුස්...!!!

මාව ගන්න ලේසි නෑ, ...!!! මුදල් වලට ප්‍රතිපත්ති පාවා දුන් මැඩියන් අතර එකෙක්....!!!

දෙසැම්බර් මස 11 වන දින එසේ පවසා ඊට පසුදින  කෝටි 200 පිදේනි තටුවක් සමග ඇමති  තනතුරක්  ලබා ගත්තේ  නිරුවතින්ද...???
එසේම  කිසිදු  රාජ්‍ය  පත්වීමක්  දීමට  හෝ  වෙනස් කිරීමක්  කිරීමට  නෛතිකව නොහැකි  මෙම දිනවල  රජාට  පමණක් එසේ  කළ  හැක්කේ  කෙසේද  යන්න ජනතාව ප්‍රශ්ණ කරති...

අනුරාධපුරේ රැළියට සෙනග ඇද්ද හැටි...!!!

අනුරාධපුරේ රැළියට සෙනග ඇද්ද හැටි...
බස් කීයක් ගණන් කර ගත්තද....?

කට වහගෙන ඉඳපල්ලා. නැත්නම් රෙදි ගැලවෙන්න දෙනවා....!!!

 අද රාජපක්ෂ පවුල් ගසට උඩින් කුරුල්ලකුටවත් පියාඹා යෑම තහනම් ය. බලයේ කේන්ද්‍රය දූෂණයේ ද කේන්ද්‍රය බවට පත්ව තිබේ.
රාජපක්ෂ ආණ්ඩුව සහ පාලනය යනු තනිකරම ජාවාරමකි. හම්බු කර ගැනීම රාජපක්ෂ පාලනයේ සෑම කටයුත්තකම මූලික අරමුණයි.


 ‘මං ගෙනාවේ ගෝඨාභය විතරයි, චමල් සහ බැසිල් ගෙනාවේ බණ්ඩාරනායකලා’යැයි ජනාධිපති රාජපක්ෂ පවුලේ පාලනය ගැන කියන්නේත් ආරක්ෂාකාරී පසු පාදයේ ක‍්‍රීඩා කරන විලාසයෙනි. එනමුත් නාමල් බේබි ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. ශෂින්ද්‍ර රාජපක්ෂ මහ ඇමැතිකමටත් කතරගම බස්නායක නිලමේකමටත් ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. රාජපක්ෂ මහරජාණෙනියැයි සිය දියණිය ලවා ගීයක් ගැයවූ ඒ.එස්.පී ලියනගේට තානාපතිකමක් දුන්නේ ඇයිදැයි ඔහු කියා නැත. කෝටි ගණනින් මහජන මුදල් ගිලින එයාර් ලංකා ගුවන් සේවයේ ප‍්‍රධානියා ලෙස සිය ආර්යාවගේ මළණ්ඩි පත්කළේ තමා බව ඔහු කියා නැත.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 15

ජනාධිපතිනියගේ කොළඹ - කටුනායක අධිවේග මාර්ග ව්‍යාපෘතිය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයා වුයේ රොනී පිරිස්ය.එම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රට ඒ දෙපළට ගෙවා තිබෙන කප්පම ඇති විශාල බව ද කිව යුතුය.
අධිවේගී මාර්ග විෂය ගැන හොඳින් දන්නා පුද්ගලයෙකුට අනුව ධාවන පථ හතරක් සහිත අධිවේගී මාර්ග කිලෝමීටරයක් සඳහා පිළිගත් ජාත්‍යන්තර මිල ඩොලර් ලක්ෂ 20 කි. (රුපියල් කිටි 14 ක් පමණ) එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව ගෙවා තිබෙන මිල මාර්ග කිලෝමීටරයක් සඳහා ඩොලර් ලක්ෂ 96කි. රුපියල් කෝටි 67 ක් පමණ) ධාවන පථ හතරක් සහිත දකුණු අධිවේගී මාර්ගයේ මාර්ග කිලෝමීටරයක් සඳහා ගෙවා තිබෙන මිල ලක්ෂ 17 කි. (රුපියල් කෝටි 16 ක් පමණ.
ඊට ඉඩම් අත්පත් කර ගැනීමේ වියදම්,ව්‍යාපෘති කළමනාකරණ වියදම්, උපදේශක සේවා වියදම් හා අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වියදම් ද ඇතුළත්ය.එහෙත් කටුනායක අධිවේගී මාර්ග මාර්ග ව්‍යාපෘතියේ දී ඒ සියලු වියදම් දැරිය යුත්තේ කොන්ත්‍රාත්කරු නොව ආණ්ඩුවයි. 

ලෝකයේ දුප්පත්ම ජනාධිපති. ( President Jose Mujica ) ..කොහොමද උන්නැහෙගෙයි අපේ එකාගෙයි වෙනස...!!!


කොහොමද උන්නැහෙගෙයි අපේ  එකාගෙයි වෙනස...???


ඒ ...රටේ මිනිසුන්ගේ  පිනට  පහළවූ මනුෂ්‍ය රත්නයක්...!!!
 පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්. අක‍්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්.
මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. ( President Jose Mujica  )රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියලා. ඔන්න  ඒකට අපේ පවට පහළවූ පානී රජා.....
 

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...!!!

අද දවසේ නැගෙනහිර සිංහල ජනතාවට අත්වෙමින් තිබෙන දුක්‌ත ඉරණමත්, එසේ වෙද්දී අපේ දේශපාලන උතුමන් බලයට ලෝබීව රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වෙමින් කා කොටා ගන්නා අන්දම හා මුස්‌ලිම් රටවල අනුග්‍රහයෙන් මූලධර්මවාදයේ ව්‍යාප්තිය සිදුවන ආකාරය. 

මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.

එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි.

එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.


 දිවයිනේ හෙළිදරව්ව  තුළින් පෙනෙන සත්‍යය....

ප්‍රශ්ණ සහ අසාමාන්‍ය අපහැදිළි පිළිතුරු රාජිත ගෙන්....

ප්‍රශ්ණය - "මතවාදය එකඟ නම්" කියලා වියතිරේකයකුත් දාලා තියනවානේ. රතන හිමි කියනවා විධායක බලතල අඩු කිරීම ගැන. චන්ද්‍රිකා  කියනවා වැඩපිළිවෙළ අවසන් වනතුරු මෛත්‍රීපාල ඉන්න ඕන කියලා. සෝභිත හිමි කියනවා මෛත්‍රීපාල මැතිතුමනි යන්න නම් එපා කියලා. රනිල් කියනවා විධායක බලය අගමැතිට ගන්නවා කියලා. මෙතනදි මතවාද විවිධයිනේ. එකඟ නැහැනේ.

පිළිතුර - ජනාධිපති ධුරයේ මෛත්‍රීපාල මැතිතුමා ඉන්නවා. එයාට බලය තියනවා. පළාත් සභා සම්බන්ධයෙන් බලය තියෙන්නේ එයාට. ආණ්‌ඩුකාරවරු ඉන්නේ එතුමා යටතේ. රටේ ජාතික ආරක්‍ෂාව තියෙන්නේ ඔහුට හා අගමැතිට තුලනය වෙන පරිදි. රටේ ජාතික සමගිය ගොඩනගන්නේ ඔහු. ඒවා තමයි චම්පිකලා රතන හිමිලා ඉල්ලන්නේ. ඒවට අපි එකඟයි. මෙතන වෙන්නේ තනි මතයට වැඩ කරන අත්තනෝමතික ඒකාධිපති විධායක ජනාධිපති කෙනෙක්‌ නැති වෙන එකයි. ඒක හොඳයිනේ...

අරාබි වසන්තයට පින්සිදුවන්නට සිරියානු වැසියන් ලක්‍ෂ දෙකක්‌ ඝාතනය වී අවසානය......

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් එදා පුරා පැය තුනක්‌ බණ දේශනා පවත්වත්දී යහපාලනය ගැන කතා කළ බවක්‌ අපට නම් මතක නැත. සෝම හිමියන් අපවත්වී වසර 11 ක්‌ ගෙවුණේ ඉකුත් සිකුරාදාය. එදා උන්වහන්සේගේ අභාවයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා මන්ත්‍රීකම් දිනා ගත් භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද සෝම හිමි පැතූ බෞද්ධ රාජ්‍ය අමතක කර පිවිතුරු හෙටක්‌ ගැන කතා කරති. මෙය සැබැවින්ම බරපතළ වංචාවකි. එදා 2003 දෙසැම්බර් 24 වැනිදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ආදාහන උත්සවය පැවැත්විණි. ඒ ආදාහන උත්සවයට පෙර දින රූපවාහිනිය ඔස්‌සේ හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර සිටියේ සෝම හිමියන්ගේ ආදාහන උත්සවයෙන් පසු කවරකු හෝ අන්‍යාගමිකයන්ට පහර දුනහොත් දැඩි දඬුවම් දෙන බවය. එසේම සෝම හිමියන්ගේ ආදාහනය සිදුවී අවසානයේ නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ටද කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය. එවක පොලිසිය භාර සිටියේ අන්කවරකුවත් නොව හිටපු ජනාධිපතිනියයි. ඒ කාලයේ එක්‌සත් ජාතික පක්‍ෂය බලයේ සිටියද ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිනිය යටතට ගෙන තිබිණි. එදා බෞද්ධයන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළ පිරිස්‌ සමඟ පිවිතුරු හෙටක්‌ සාදන්නේ කෙසේද යන්නත් අපට නම් ප්‍රශ්නයකි. "


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.